වෛදික ඡන්දස් Vedic Prosody



පූ.ව්‍ය.ව 2500 දී පමණ භාරතයට ආවා වූ වෛදික ආර්යයන් විසින් වන්දනාවට ලක් කළා වූ ඉන්ද්‍ර වරුණ අග්ණි ඈ දෙවියන් ට ස්තූති කිරීම සේ මැ යාඥා කිරීම විෂයෙහි බැඳ පද්‍ය ඡන්දසානුගත වැ බැඳී. මෙහි ලා ඡන්දස් යනු කුමක් දැ යි පැහැදිලි කරගත යුතු යැ. සාමාන්‍ය වහරෙහි ලා ඡන්දස් යනු එක් පාදයකැ එක්තරා නිශ්චිත අක්ෂර සංඛ්‍යාවක් සහිත වැ එවන් පාද සතරකින් යුතු මිණුමකැ. එම අක්ෂර සංඛ්‍යාව ලඝු ගුරු සේ වුව දු ඒ යෙදීමේ විශ්චිත ක්‍රමයක් නැත්තේ, හුදු නියමිත අක්ෂර සංඛ්‍යාව එක් පාදයකැ තිබීම ප්‍රමාණවත් යැ. වෘත්ත යනු කිසියම් ඡන්දසක් තුළැ නිශ්චිත පිලිවෙලකට පිහිටන ලහු ගුරු පිහිටීමක් අනුව සෑදූ මිණුමකැ. මේ අනුව ඡන්දස මතැ වෘත්ත සාදාගැනීම කළ හැති බව නාට්‍යශාස්ත්‍රය දක්වා යි.
            කෙසේ වුවත් වෛදික සූක්ත රදනයේ දී ඡන්දස් භෘවිත කර ඇති ක්‍රමයේ සුලු වෙනස් කමක් දු දැක්ක හැකැ. එනම් එහි ලා පාදයෙන් පාදය ගැණැ ඡන්දස මිණීම ට වඩා සමස්ත පද්‍යෙය් මැ අක්ෂර ගණන ගැනැ ඡන්දස තීරණය කිරීම කරන්නේ යැ. තව ද මෙහි ලා නැවත වරක් දැක්විය යුතු වනුයේ මේ ඡන්දස් හි ගණිනු බලන්නේ මාත්‍රා ගණන නො ව අක්ෂර ගණන වන බව යැ. තව ද මෙහි දී මවිසින් ප්‍රස්තාර කිරීම සඳහා භාවිත කරනුයේ ජාත්‍යන්තර වැ දු භාරතයේ දු භාවිත වන ප්‍රස්තාර ක්‍රමය වන සංයුක්තාක්ෂරයක ට පූර්වයෙන් පිහිටි ලඝු අක්ෂරය සහ එය ගැණැ ගුරක් ලෙස සැලකීමේ ක්‍රමය වන බව යැ. තව ද ගුරක් දැක්වීම පිණිස කෙලින් ඉරක් ද ලඝුව සඳහා වක් ඉරක් ද මෙහි ලා ප්‍රයෝගිත යැ. (විද්‍යතෙ _U_  කශ්චිද්ධිත්වා _ _ _ _)
            වෛදික සාහිත්‍ය තුළැ බහුල වැ භාවිත වූ ඡන්දස් වර්ගය දිව්‍ය ඡන්දස් නමින් හඳුන්වන්නේ ඡන්දස් හතක් දක්නව ලැබේනේ යැ. පෙර කී ලෙස මේ ඡන්දසයන් ගේ එක් පාදයකට එන අක්ෂර ගණන අනුව පිළිවෙල කිරීම ඵෘසු ව නුමුත් සමස්ථයක් ලෙස සැලකූ විට පාද හතරෙහි මැ එකතුව සලකා ඡන්දස මණීනු ලැබේ. පහත වරහණින් ගුණ කරමින් දක්වා ඇත්තේ පාදයක සාමාන්‍ය යෙන් තිබිය යුතු වන අක්ෂර ගණන වන අතර පිටින් දක්වා ඇත්තේ සම්පූර්ණ පද්‍යයේ විය යුතු අක්ෂර ගණන යැ.
  1. ගායත්‍රී (6*4) 24
  2. උෂ්ණික් (7*4) 28
  3. අනුෂ්ටුප් (8*4) 32
  4. බෘහතී (9*4) 36
  5. පඞ්ක්තී (10*4) 40
  6. ත්‍රිෂ්ටුප් (11*4) 44
  7. ජගතී (12*4) 48
~ ගායත්‍රී,
            ඍග්වේදයේ ආදි මැ පද්‍ය ආරම්භ වන්නේ ද ගායත්‍රී ඡන්දසිනි. නුමුත් මෙහි ලා දැක්විය යුතු කරුණක් ඇතැ. එනම් අප විසින් පෙර දැක්වූ ආකාරයේ හයේ පාද හතරක් වෙනුවට අටේ පාදත්‍රයකින් ගායත්‍රී විරිත දැක්වීම යැ. එය බොහේ විට එසේ මැ වන්නේ, පෙර කී ලෙස පාදයක අක්ෂර ගණන ට වඩා සම්පූර්ණ පද්‍යයේ අක්ෂර ගණන ගැණීම වන බවට දු එය උදාහරණ වන්නේ යැ.
අග්නිමීළේ පුරෝහිතම් _U_ _ U_U_ (8)
යඥස්‍ය දේවමෘත්විජම් _ _U_U_U_ (8)
හෝතාරං රත්නධෘතමම් _ _ _ _ U_U_ (8)
මෙහි දී දැක්විය යුතු තවත් වෙසෙස් කරුණ නම් උක්ත පද්‍යයේ කෙසේ වුව දු සෑම විට ම පාදාරම්භයේ පිහිටි ලඝු ගුරු පිහිටීම සමාන වීමක් නො වන බව යැ. එයට පහද පද්‍ය උදාහරණ කළ හැකැ.
"යං යඥ නයථා නර
ආදිත්‍යා ඍජුනා පථා
ප්‍ර ව: ස ධීතයේ නශත්"
 _  _ U U U _ U _
_ _ _ U U _ U _
U _ U _ U _ U _

~උෂ්ණික්,
            එතරම් සංප්‍රයෝගිත නො වන නුමුත් ඇතැම් තැනැ දක්නට ලැබෙන මෙය බොහෝ විට හමුවනුයේ 16 හා 12 අක්ෂර ගණනි යුතු පාද දෙකක් වශයෙන් ගෙන අක්ෂර විසිඅට පූර්ණය කර ඇති ආකාරයෙන් යැ.
"ය ඒක ඉද් විදයතේ වසු මතෝථ දාශුෂේ
ඊශානෝ අප්‍රතිශ්කෘත ඉන්ද්‍රෝ අංග"
 U _ U _ U U U _ U U U _ U _ U _ (16)
_ _ _ _ U _ U U _ _ _ _ (12)

~අනුෂ්ටුප්,
            ජනප්‍රිය සේ ම බහුල වැ යෙදී ඇති මෙම මාත්‍රා තිස්දෙකක් ඇති ඡන්දස උක්ත සේ මැ අක්ෂර අටේ පාද සතරකින් සකස් වී ඇතැ.
''අම්බිතමේ නදීතමේ
දේවිතමේ සරස්වති
අප්‍රශස්තා ඉවස්මසි
අප්‍රස්තිමම්බ නස්කෘධි''
 _ U U _ U _ U _
_ U U _ U _ U _
_ U _ _ U _ U _
_ _ U _ U _ U _

~බෘහතී,
            අක්ෂර තිස්හයක් ඇති මේ ඡන්දස වනාහී අක්ෂර 16 සහ 20 ලෙස බෙදී ගිය පාද දෙකකින් යුතු වැ හමුවේ. තව ද මෙහි ලා පැහැදිලි කළ යුතු දෙයක් නම් මේ සෑම ඡන්දසක මැ අවසන එන්නා වූ ලඝු ස්වරය ගුරක් ලෙස සැලකීම යැ.
"ඉමා බ්‍රහ්ම සරස්වතී ජුෂස්ව වාජිනාවති
යා තේ මන්ම ගෘත්සමදා ඍතාවරි ප්‍රියා දේවේෂු ජුහ්වති"
U _ _ U U _ U U U _ U _ U _ U _ (16)
_ _ _ U _ U U _ U _ U _ U _ _ _ U _ U _ (20)

~පඞ්ක්තී,
            මෙහි එක් පාදයකැ දහයක් ලෙස තබා හතලිහක් වූ අක්ෂර යොදා ඡන්දස කැරැ ඇති බැව් දැක්ක හැකැ.
"ආ විශ්වත: ප්‍රත්‍යඤ්චං ජිඝර්ම්‍ය
රක්ෂසා මනසා තජ්ජුෂේත
මර්යශ්‍රී: ස්පෘහයද්වර්ණෝ අග්නිර්
නාභිමෘශේ තත්වා ජර්භුරාණ:"
_ _ U _ _ _ _ U _ _ (10)
_ U _ U U _ _ U _ _ (10)
_ _ _ U U _ _ _ _ _ (10)
_ U U _ _ _ _ U _ _ (10)
            නුමුත් ඇතැම් විට අක්ෂර දාසයේ පේළි දෙකකින් ද අටේ පේළි එකකින් ද යෙදී ඇති බව දැක්ක හැකැ.
"ආ යාහි කෘණවාම ත ඉන්ද්‍ර බ්‍රහ්මාණි වර්ධනා
යේභි: ශවිෂ්ඨ චාකනෝ භද්‍රමිහ ශ්‍රවස්‍යතේ
භද්‍රා ඉන්දුස්‍ය රාතය:"
_ _ U U U _ U _ _ U _ _ U _ U _ (16)
_ _ U _ U _ U _ _ U U _ U _ U _ (16)
_ _ _ _ U _ U _ (8)

~ ත්‍රිෂ්ටුප්,
            ඉතා මැ ජනප්‍රිය ලෙස ඍග්වේදයේ භාවිත මෙම ඡන්දස උක්ත සේ මැ පාදයකැ අක්ෂර එකොළොස බැගින් යෙදී ඇති අක්ෂර 44කින් යුතු ඡන්දසකැ.
"යෝ ජාත ඒව ප්‍රථමෝ මනස්වාන්
දේවෝ දේවාන් ක්‍රතුනා පර්යභූෂත්
යස්‍ය ශුෂ්මාද් රෝදසී අභ්‍යසේතාං
නෘම්නස්‍ය මහ්නා ස ජනාස ඉන්ද්‍ර:"
_ _ U _ _ U U _ U _ _ (11)
_ _ _ _ U U _ _ U _ _ (11)
_ U _ _ _ U _ _ U _ _ (11)
_ _ U _ _ U U _ U _ _ (11)

~ ජගතී,
            එක්පාදයක අක්ෂර දොළොස බැකින් ඇති මෙම ඡන්දස දු ප්‍රසිද්ධ ඡන්දසක් ලෙස දැක්විය හැකැ.
"රථේ තිෂ්ඨන්නයති වාජින: පුරෝ
යත්‍ර යත්‍ර කාමයතේ සුෂාරථි:
අභීශුනාං මහිමානං පනායත
මන: පශ්චාදනු යච්ඡන්ති රශ්මය:"
U _ _ _ U U U _ U _ U _ (12)
_ U _ U _ U U _ U _ U _ (12)
U U _ _ U U _ _ U _ U _ (12)
U _ _ _ U U _ _ U _ U _ (12)
            මෙසේ දැක්වූ ඡන්දසයන්ට අමතර වැ බහුල වැ භාවිත වූ අක්‍රමවත් ඡන්දස් දු හතරක් දක්නට ඇත්තේ යැ. එනම්,
  1. නිචෘත්
  2. භුරික්
  3. ස්වරාට්
  4. විරාට් යන්න යැ.
            පාද සතරින් එකක ට පමණක් අක්ෂරයක් අඩු නම් එය නිචෘත් නම් වේ. එක් පාදයකැ අක්ෂරයක් වැඩි නම් එය භුරික් නම් වේ. පාද දෙකක යැ අක්ෂර වැඩි නම් එය ස්වරාට් නම් වේ. පාද දෙකක මැ අක්ෂරය බැගින් අඩු නම් එය විරාට් නම් වේ. මෙම ඡන්දස් දු උක්ත ඡන්දස්වලින් මැ ගොඩනැගෙන්නේ යැ. මේ පැහැදිලි කරනු වස් ඉන් ඡන්දස හතරක් ගෙන උක්ත අකුමවත් ඡන්සද් උදාහරණ කරන්නේ යැ.

~නිචෘත් -නිචෘද්ගයත්‍රී-
"අග්නි: පූර්වේශිර් ඍෂිභිර්
ඊඩ්‍යෝ නූතනේනරුත
ස දේවාන් ඒහි වක්ෂති"
_ _ _ _ _ U U _ (8)
_ _ _ U _ U _ (7)
U _ _ _ U _ U _ (8)
            මෙහි දෙවන පාදයේ අක්ෂරයක් අඩු වන්නේ අක්ෂර හතක් පමණක් ඇතැ. එනිසා එය නිචෘත් ඡන්දසක් වේ යැ.

~භුරික් - භුරිගුෂ්ණික්
"අග්නීෂෝමා යෝ අද්‍ය චාමිදං වච: ස්පර්යති
තස්මෛ ධත්තං සුවීර්යං ගාවාං පෝෂං ෂ්වශ්ව්‍යම්"
_ _ _ _ _ _ _ _ U _ U _ _ U _ (15)
_ _ _ _ U _ _ U _ _ _ U _ _ (14)
            සමස්ත අක්ෂර ගණන සැලකූ විට මෙහි එක් අක්ෂරයකැ වැඩියක් ඇතැ. ඒ නයින් මෙය භුරික් ඡන්දසක් වේ යැ.

~ ස්වරාට් - ස්වරාඩනුෂ්ටුප්
"ජඥානෝ හරිතෝ වෘෂා විශ්වමා භාති රෝචනම්
හර්යශ්වෝ හරිතං ධත්ත ආයුධමා වජ්‍රං බාහ්වෝර් හරිම්"
_ _ _ U U _ U _ _ U _ _ U _ U _ (16)
_ _ _ U U _ _ U _ U U _ _ _ _ _ U _ (18)
            මෙහි සම්ස්ථය ලෙස ගත් විට පාද දෙකකට අක්ෂරය බැගින් වැඩි වී ඇතැ. එමනිසා මෙය ස්වරාට් ඡන්දසක් වේ යැ.

~ විරාට් - විරාඩ්බෘහතී
"අති තෘෂ්ටං වචක්ෂිථෘථෛව සුමනා අසි
ප්‍රපාන්‍යෙ යන්ති පර්යන්‍ය ආසතේ යේෂාං සඛ්‍යෙ අති ශ්‍රිත:"
U U _ _ U _ U _ _ U U U _ U _ (15)
U _ _ _ U _ _ U _ U _ _ _ _ _ U _ U _ (19)
            මෙහි ලා පාද දෙකකැ අක්ෂරය බැගින් අඩු වී ඇතැ එනිසා මෙය විරාට් ඡන්දසක් වේ යැ.
            මෙහි දී ඉතා සැකවින් දක්වා ඇති ඡන්දස් විස්තරය වනාහී වෙසෙසින් ඍග්වේදයේ ඇසුරින් සකසා ඇති අතර අන්‍ය වේදයන් ගේ ද මීට සමාන භාවිතාවක් බහුල වන නුමුත් ඇතැම් විට මීට වෙනස් වූ ඡන්දස් භාවිත යැ. ඍග්වේදයේ ම වුව මීට අන්‍ය වූ ඇතැම් දිව්‍යෙතර ඡන්දස් ඈ කීපයක් භාවිත යැ.

සූර්යකාන්ත් ත්‍රිපාටි නිරාලා ගේ (suryakant Tripati Nirala) තෝඩ්තී පත්තර් (tordti pattar) නිසඳැසේ පරිවර්තනය

suryakant Tripati Nirala
ඈ ගල් කඩන්නී ය.
දුටිමි ඇයි ඉලාහාබාත් මාවත අස
ඈ ගල් කඩන්නී ය.
කිසිදු හෙවනක් නොමැති
ඇය ව පිළිගත් ගසක් යට හිඳ,
යෞවනයෙන් පිරී බැඳුණු කාලවන් සිරුර
පහළට හෙලූ ඇස් වැඩ ට ම යොමු කර
අත ට ගෙන මිටිය
වැරින් පහර දෙන්නී ය ---
ගස් පෙළින් වට මන්දිරය ඉදිරියේ
හිරු රැස් සැඩ වෙයි
ග්‍රීෂ්ම කාලයේ දී
ඇස් ගිණිකන වැටෙන දහවලේ.
නැගිට එයි කැරකි කැරකී උණූසුම් වැලි කුණෘටු
පුලුන් සේ දවයි මහපොළව
පතුරා ධූලි ගිණී පුපුරු.
සෑම දා දිවා කල
ගල් කඩන ඈ
බැලුවා ට බැලුවා මගේ දෙස එක් වරක්.

භූමිතෙල් ගඳ - අමෘත් ප්‍රීතම් (Amrit pritam) ගේ The Stench of Kerosene කෙටිකථාවේ සිංහල පරිවර්තනය යි.

අමෘත් ප්‍රීතම් (Amrit pritam)
             එළියේ, වෙළඹක ගේ හේශාරවයක්. ගුලරී ඒ හඬත් වෙළඹත් හඳුනාගත්තී ය. වෙළඹ පැමිණ ඇත්තේ ඇය ගේ පියා ගේ ගමෙනි. ඈ වෙළඹ ගේ ගෙල ට හිස තබාගත්තේ ඒ ඇය ගේ පියා ගේ නිවසේ දොර වූ සේ ය. චම්බා නම් ඇය ගේ පියා ගේ ගම පිහිටියේ උස් කඳු ප්‍රෙද්ශයක වූ ඇය ගේ සැමියා ගේ නිවසේ සිට මයිල කීපයක් දුරිනි. කඳු මුදුනේ සිටි ගුලරී ට සිතුනේ වංගු තද බෑවුම් සහිත ව පහළ ට ඇදී ගිය මාර්ගය ඇය ගේ පා මුල සිට බොහෝ දුරක පිහිටා ඇතැයි කියා ය. තම නිවසින් දුරස් වීම ගැනැ සිහි වූ ඇතැම් දවසක ඇය තම ස්වාමියා වූ මානක් සමග මෙතැනට විත් චම්බාවෙහි සද එළීයට දිලිසෙන ගෙවල් දෙස බලා හිඳ මහත් සතුටින් සහ ගර්වයෙන් පිරුණු සිතින් යුතු ව නැවත් නිවස බලා යන්නී ය.
               සෑම වසරක මැ අස්වනු ගෙට ගැනීමෙන් පසුව චම්බාවේ පවත්වන උත්සවය සමයේ දෙමවුපියන් සමග දින කීපයක් ගත කිරීමට ගුලරී ට අවසර ලැබෙන්නේ ය. ඇය සහ චම්බාවෙන් පිට ට විවාහ වී එම කාලයේ දීම තම නිවස බලා යන ඇය ගේ තවත් යෙහෙළියන් දෙනෙකු ද චම්බාව ට ගෙ ඒම පිණිස ඇ ගේ දෙමවුපියෝ ලකර්මණ්ඩී වෙත සේවකයෙකු පිටත් කරති. මෙම වාර්ෂීක උත්සවයේ දී තරුණියෝ උද්යෝගීමත් වී සිටිති. ඔවුහු සෑම දිනක ම පාහේ මිතුරියන් සමග මාවත් දිග ඇවිදිමින් තමන් ගේ වසර ගත වූ ආකාරයත් එහි වූ දුක් මුසු තැන් සේ ම සතුට ගැනත් කථා බහ කරන්නෝ ය. ඉන්පසු එන අස්වනු නෙලීමේ උත්සවයේ දී ඔවුන් ට ඒ සඳහා ම අලුත් ඇඳුම් පමණක් නො ව කැඳ දමා මයිකා ඉසින ලද දුපට්ටා යුගලක් ද ලැබෙන අතර බොහෝ විට ඔවුහු වීදුරුවලින් සෑදූ පාසළඹ සහ රිදී පැහැ කරාබු ද මිලදී ගන්නෝ ය.        ගුලරී හැම විටක දී ම අස්වනු නෙලීමේ උත්සවය පැමිණෙන තුරු ඇඟිලි ගණිමින් සිටියා ය. සරත් කාලයේ මද සුළඟින් මොසම් වළාකුලු ඉවත් කර පැහැදිලි අහස නිරාවරණය වූ විට ඇයට නැවතත් චම්බාවේ තම නිවස ගැන මතකය අලුත් විය. ඈ ගේ-දොර වැඩ සඳහා නික්ම ගිය අතර එළදෙනුන්ට ආහාර දී තම ස්වාමියා ටත් ඔහු ගේ දෙමවුපියන් ටත් ආහාර පිසීම කරන ඇය ඉන් පසු පසෙක හිද සිතනුයේ දෙමවුපියන් ගේ ගමෙහි සිට ඇය ගෙන යාම ට කෙනෙක් පැමිණීම ට කොයිතරම් කාලයක් ගත වේ ද කියා ය. ඉදින් දැන් නැවත වතාවක් වාර්ෂීක ව දෙමවුපියන් හමු වීමට යන ඒ කාලය පැමිණ ඇත. ඈ ඉතා සතුටින් වෙළඹ වැළඳ සුරතල් කළා ය. පසුව ඇය ගේ පියා ගේ සෙවකයා වූ නාතු ට ආචාර කොට පසුදින ම පිටත්වීම සදහා සූදානම් විය.
       ගුලරී ට තම සතුට වචන කිරීමේ අවශ්‍යතාවක් නො වුනත් ඇ ගේ මුහුණින් එය ඕන ම කෙනෙකුට වටහාගත හැකි විය. ඇය ගේ සැමියා මානක්, ගඩුගුඩාව ඉවත ට තල්ලු කර දෑස් පියාගත්තේ ඔහු ට ඒ දුම්කොළ වර්ගය රුස්සන්නේ නැති නිසා හෝ තම බිරිඳ ට මුහුණ දීමට හැකියාවක් නොමැති නිසා ය.
“ඔයා චම්බාවල තියෙන උත්සවේට එනවා නේ ද?“
“එදාට විතරක් හරි වත් එන්න“ ඈ අයදින ස්වරූපයෙන් කී ය.
මානක් ගඩුගුඩාව පසෙක තැබුව නුමුත් පිළිතුරක් දුන්නේ නැත.
“ඇයි ඔයා මුකුත් කියන්නේ නැත්තේ?“ ඇය සුලු අමනාප ගතියකින් විමසුවා ය. “මං දෙයක් කියන්න ද?“
“මං දන්නවා, ඔයා මොනා ද කියන්න යන්නේ කියලා. ‘මං අවුරුද්දට ම තාත්තලා ගේ ගෙදර යන්නේ අවුරුද්ද ට ම එක පාර යි‘ කියලා නේ. ඉතින් මං මීට කලින් කවදාවත් ඔයා ව නවත්තලා නැහැ නේ.“
“ඉතින් මොකට ද මාව මේ පාර නවත්ත ගන්න යන්නේ?“ ඇය එක්වර ම විමසුවා ය.
“මේ පාර විතරක්“ මානක් අයදින් ස්වරූපයෙන් කීවේ ය.
“ඔයා ගේ අම්මා මුකුත් කිව්වේ නැහැ නේ, ඉතින් ඇයි මේ ඔයා ගමනට වල කපන්නේ?“ ඇය පොඩි එකෙකු සේ හිතුවක්කාර විය.
“අපේ අම්මා...“ මානක් පටන් ගත් දේ අවසන් කළේ නැත.
‍        බොහෝ කලක සිට බලා සිටි මේ දිනයේ දී ඇය කපුටා කරව් කරන්නටත් පෙර ගමනට සූදානම් ව සිටියා ය. ඇයට දරුවන් නො සිටි නිසා ඔවුන් සැමයා සහ ඔවුන් ගේ දෙමවුපියන් සමග දමා යෑම ගැන හෝ ඇය සමග ගෙන යාම ගැන වද වීමට අවශ්‍ය නො වූවා ය. නාතු සැඳලය සූදානම් කරද්දී ඇය මානක් ගේ දෙමවුපියන් ගෙන් ගමනට අවසර ගත් අතර ඔවුහු ඇය ගේ හිස අතගා ආශිර්වාද කළහ.
“මං ඔයත් එක්ක මගක් එන්නම්“ මානක් කී ය.
          ඒ ගැන සතුටු වූ ගුලරී මානක් ගේ බටනලාව තම සලුව යට සඟවාගත්තා ය.
කජිආර් ගමට පසු චම්බා වන තුරු ම මාවත අධීක බෑවුම් සහිත විය. ගුලරී තම සලුව යටින් බටනලාව ගෙන මානක් ට දුන්නා ය. ඇය ඔහු ගේ අත ගෙන “දැන් ඉතින් ඕක පිඹින්න“ කීවා ය. නුමුත් මානක් එය ගාණකට නො ගත්තේ ය. “ඇයි අනේ ඔයා බටනලාව පිඹීන්නේ නැත්තේ?“ ගුලරී හුරතල් ලෙසින් විමසී ය. මානක් ඇය වෙත දුක්මුසු බැල්මක් හෙලා ඔහු ගේ බටනලා ව දෙතොල් මත රඳවා ගෙන වැලපීමක් සේ වූ විරහ ව පිරි වාදනයක් වැයී ය.
“යන්න එපා ගුලරී..!!!“ ඔහු අයදින ස්වරයෙන් කී ය. “මං ආයිත් කියන්නේ මේ පාර ට විතරක් යන්න එපා කියල යි ගුලරී.“ ඔහුට තවත දුරටත් වාදනය කරන්න ට නො හැකි වී බටනලාව ඇයට දුන්නේ ය.
“ඒත ඇයි?“ ඈ විමසී ය. “ඔයා උත්සවේ දවස ට එන්න, අපි දෙන්නා ම එකට ආයි ම එමු. මං ඔයාට පොරොන්දු වෙනවා එක දවසක් වත් වැඩිපුර ඉන්නේ නැහැ කියලා“
මානක් නැවත කිසිවක් කීවේ නැත.
        ඔවුන් දෙනො පාර අයිනේ නැවතුණු අතර නාතු වෙළඹ ද රැගෙන අඩි කීපයක් ඉදිරියට ගියේ ඔවුන් දෙනොට තනි වීමට අවස්ථාව සලසා දීම සඳහා ය. එය මානක් ගේ මනස මීට අවුරුදු හතකට පෙර මේ කාලයට ගෙන ගියේ ය. එදාත් මේ මාර්ගයේ ම මානක් තම මිතුරන් සමග චම්බාවේ පැවති වාර්ෂීක අස්වනු නෙලීමේ උත්සවයට ගිය අතර ඔහු ගුලරී ව දැක තම හදවත් එකිනෙකාට දුන් පළමු අවස්ථාව එය වී ය. පසුව තනිව ම හමුවීමට සැලසුම් කරගත් අතර ඒ අවස්ථාවේ ඇය ගේ අත ගෙන ඔහු කී දේ තවමත් මානක් ගේ මතකයේ ඇත. “ඔයා කිරිවැදුණු ඉරිඟු කරලක් වගේ.“
“එළදෙන්නු තමයි කිරිවැදුණු ඉරිඟු හොයන්නේ“ යැ යි කී ගුලරී අත ගස්සා ඉවතට ගත්තා ය. “මිනිස්සු නම් කැමති හොද ට පුච්චපු ඉරිඟුවලට යි, කොහොම උනත් ඔයාට මාව ඕනේ නම් අපේ තාත්ත ගෙන් තමයි මාව ඉල්ලගන්න වෙන්නේ“
            මානක් ගේ පරම්පරා වේ කුල සිරිත් අනුව විවාහයට පෙර මනමාලිය වෙනුවෙන් මනාලයා ගෙවිය යුතු මුදල තීරණය කෙරෙන අතර මානක් මේ පිළිබද කලබල වී සිටියේ ගුලරී ගේ පියා ඔහු ගෙන් කොතරම් මුදලක් බලාපොරෙත්තු වේ දැයි සිතාගත නො හැකි වූ නිසා ය. ගුලරී ගේ පියා පොහොසත් මෙන් ම නගරයේ ජීවත් වූ කෙනෙක් වූ අතර ඔහු පොරොන්දු වී සිටියේ ඔහු කෙදිනක හෝ තමා ගේ දුව වෙනුවෙන් මුදලක් නියම නො කරන අතර යමක් කමක් ඇති හොඳ තරුණයෙකුට සහ පවුලකට ඇයව විවාහ කර දෙන බව ය. මානක් මේ වෙනුවෙන් සූදානම් ව සිටි නිසාවෙන් නොබෝ කාලයකින් ම ගුලරී ගේ සහ මානක් ගේ විවාහය සිදු විය. මතකයේ ගැඹුරු තැනක සිටි මානක් අවධි වූයේ ගුලරී ඔහු ගේ පිට ට අත තැබූ විට ය.
“මොනා ගැන ද අනේ ඔයා ඔය හීන දකින්නේ?“ ඈ ඔච්චම් හඬින් විමසී ය.
   
“ඔව්“
“ඔයත් හරියට ඒක මැද්දෙන් ගිහිල්ලා වගේ. මං කියපු කිසි දෙයක් ඇහුනේ නැහැ“

ඔවුන් දෙනො ම එකිනෙකා ගේ අදහස් ගැන නො සිතා එකිනෙකා දෙස බලාගත්හ.
“මං දැන් යන්නම්, ඔයත් දැන් ආයි ගියා නම් හරි, ඔයා දැනටත් ගොඩක් දුර ඇවිල්ලා ඉන්නේ“ ගුලරී ආදරයෙන් කීවා ය.
“ඔයා මේ වෙනකම්ම පයින් ආව නේ, දැන් අස්සයා පිටින් යන්න“ මානක් කී ය.
“මෙන්න ඔයා ගේ බටනලාව“
“ඒක ඔයා අරන් යන්න“
       “ඔයා එනවා නේ ද උත්සවේ දවසට මේක පිඹින්න?“ ගුලරී තරු සේ දිදුලන ඇස් දෙකකින් සහ සිනාවකින් මුව සරසා ගෙන් විමසී ය. මානක් ඉවත බලාගත්තේ ය. ගුලරී කුමකින් කුමක් වනවා දැ යි සිතාගත නො හැකි තත්ත්වයකට පත් වී චම්බා බලා පිටත් වූ අතර මානක් නිවස බලා පැමිණීයේ ය.
නිවසට පැමිණි ඔහු බූරු ඇද මතට වැටිණ.
“ගිහිල්ලා ගොඩ වෙලාවක් උණා නේ“ ඔහු ගේ අම්මා උස් හඬින් කී ය. “උඹ චම්බාව ට ම ගියා ද?“
“චම්බාවට ම ගියේ නැහැ කන්ද මුදුණ ට විතරයි“
“මොකෝ උඹ නාකි ගෑණියෙක් වගේ බක බක ගාන්නේ? මව සැරෙන් කීවා ය, “මිනිහෙක් වෙයං‘
  “ඔයා ඉතින් ගෑණියෙක් නේ ඇයි ඔයා ඉතින් වෙනසකටත එක්ක අඬන්නේ නැත්තේ?“ යැ යි මානක් ට කීමට අවැසි වුවත් ඔහු නිහඬ විය.
            මානක් සහ ගුලරී විවාහ වී වසර හතක් ගත වී ඇති නුමුත් ඇයට දරුවෙකු ලැබුණේ නැත. මානක් ගේ මව මේ සඳහා පිලියමක් සූදානම් කර තිබූ අතර ඈ කීවේ “මේ විදිහට ම අට වෙනි අවුරුද්දත් ගෙවෙන්න දෙන්නේ නැහැ“ කියා ය.
        ඇය ගේ පිළියම සඵල කර ගැනීමට ඇය රුපියල් පන්සීයක් ගෙවා මානක් ට දෙවන මනාලියක් සූදානම් කර තිබූ අතර මානක් දැන සිටි ලෙසට ම අම්මා අලුත් මනාලිය ගෙන ඒමට බලා සිටියේ ගුලරී දෙමවුපියන් ගේ නිවසට පිටත් ව යන තුරු ය.
      මව ටත් සම්ප්‍රදාය ටත් අවනත ව මානස් ගේ සිරුර අලුත් මනාලියට ප්‍රතිචාර දැක්වුව ද ඔහු ගේ හදවත ඔහු තුළ ම මියගොස් තිබිණ.
      එක් දිනක් උදෑසන ම මානක් ගඩුගුඩාව උරමින් සිටින විට ඔහු ගේ පැරණි මිතුරෙක් ඒ අසලින් යන්නට විය. “ආ භවානි කොහෙ ද මේ කුකලත් අතින් අරගෙන?“
භවානි නැවතින. ඔහු ගේ පිටේ කුඩා බඩු පොදියක් විය. “එහෙමෙයි කියලා කොහෙවත් යනවා නෙමෙයි.“ ඔහු ගාණකට නො ගෙන කීවේ ය.
“උඹ නම් මේ කොහේ හරි යන ගමන තමයි නැතුව මොක ද“ මානක් තරමක් තදින් කීවේ ය. “ගඩුගුඩාව ටිකක් උරනව ද? “ භවානි බිම හිඳගෙන මානක් ගේ අතින් ගඩුගුඩාව ගත්තේ ය. “මං මේ චම්බාවේ තියෙන උත්සවේට යන ගමන්“ ඔහු අන්තිමට පිළිතුරු දුන්නේ ය.
භවානි ගේ වදන් මානක්ට ඉඳිකටුවික් හදවත විදින්නා සේ විය.
“අද ද උත්සවේ?“
        “කොයි අවුරුද්දෙත් එක ම දවසේ තමයි තිබුනේ“ භවානි රලු ලෙස කී ය. උඹට මතක නැති ද අපි කට්ටිය අවුරුදු හතකට කලින් මේ උත්සවේ ට ම ගියා. භවානි අන් කිසිවක් නො කී අතර එ වදන්වලින් මානක් කැළඹී අපහසු තාවයට පත් විය. භවානි ගඩුගුඩාව පසෙක තබා තමා ගෙනා බඩු පොදිය ඔසවා ගත්තේ ය. ඔහ් ගේ බටනලාව බඩුපොදියෙන් බිමට වැටිණ. මානක් ට සමුදුන් භවාන් පිටත් විය. භවානි නො පෙනී යන තුරු ම මානක් ගේ ඇස් රැදි තිබුණේ බටනලාවේ ය.
       පසුදින සැඳෑවේ මානක් වත්තේ සිටින විට භවානි ආපසු ගමට පැමිණෙමින් සිටිනු දැක ඔහු ඉවත බලාගතතේ ය. ඔශුට භෆවින සමග කථා කිරීමට හෝ චම්බාවේ උත්සවය පිළිබඳ කිසිත් දැනගැනීමට උවමනාවක් නො වී ය. නුමුත් භවානි වටෙන් පැමිණ මානක් ඉදිරියෙන් වාඩි විය. ඔහු ගේ මුහුන දුකින් පිරී තිබුණු අතර නිවී ගිය අඟුරු කැබැල්ලක් සේ විය.
“ගුලරී මැරුණා“ භවානි අජීවී හඬකින් කී ය.
“මොකක්?“
“උඹේ දෙවනි කසාදේ ගැන දැනගත්තාම එයා ඇඳුම්වලට භූමිතෙල් දාගෙන ගිණිතියාගත්තා“
මානක් වේදනා වෙන් ගොලු විය. පුදුමයට පත් ව බලා සිටි ඔහුට දැණුනේ ඔහු ගේ ආත්මය දා අළු වී යන සේ ය.
        කලකට පසු මානක් තමන් ගේ ඉඩමේ වැඩ කටයුතු කරගෙන ගිය අතර ඔවුන් දුන් වෙලාවක කෑම ගත්තේ ය. නුමුත් ඔහු මැරුණු මිනිසෙක් විය. “ඔහු ගේ මුහුණ සහ දෑස් හිස් බවින් පිරී තිබිණ“
“මං එයා ගේ ගෑණි නෙමෙයි“ ඔහු ගේ දෙවන බිරිඳ දොස් කියන්න ට විය. “මං මේ නිකං එයාට නො බැඳ බැරි වුණ කෙනෙක් විතර යි“
          කෙසේ වුවත් ඉතා ඉක්මනින් ම ඇයට දරුවෙක් පිළිසිඳගත්තේ ය. මානක් ගේ මව ඇය ගේ අලුත් ලේලිය ගැන බොහෝ සේ සතුට ට පත් විය. ඇය මානක්ට බිරිඳ ගැන ඇති වගකීම ගැන පැහැදිලි කළ ද ඔහු තේරුම් ගත් බවක් පෙණූනේ නැත. තවමත් ඔහු ගේ දෑස් හිස් බවින් පිරී තිබිණ.
ඔහු ගේ මව තම ලේලිය තවත් ටික දිනක් මෙය ඉවසීම ට දරිමත් කළේ අස්වැසුවේ, දරුවා ඉපදුණූ මොහොතේ ම ඔහු පියා ගේ උකුළ මත තැබූ පසු ඔහු වෙනස් වන බව කියමින් ය.
           අවැසි වූ ලෙසට ම මානක් ගේ බිරිද ට පුතෙකු ඉපදිණ. මානක් ගේ මව ඒ පිළිබද ඉතා තුට ට පත් ව දරුවා හොඳන් නහවා හොඳ ම ඇඳුම් අන්දවා මානක් ගේ උකුලෙන් තැබුවා ය. මානක් සුපුරුදු පරිදි බලාගත් වන ම දරුවා දෙස ද දිගු වේලාවක් බලා සිටියා මිස කිසිවක් වැටහුණු බවක් හේ කිසි දු ආකාරයක හැඟීමක් හෝ පළ කළේ නැත. හිටි හැටියේ ම ඒ හිස් බවින් පිරුණු ඇස් භයෙන් පිරී යන්නට විය. මානක් මහ හඬින් කෑ ගසා “අහක ට ගනින් අහකට ගනින්“ යැයි මොර දෙන්න ට විය. “අහකට ගනින් භූමිතෙල් ගඳ යි, භූමිතෙල් ගඳ යි“
    මානක් කිසිවක් කීවේ නැත. වෙළඹ හදිසියේ ම හේශාරවය කළෙන් ගුලරී ඉදිරි ගමන ගැන සිතන්නට විය. යන්නට සැරසී, “ඔයා දන්නවා ද මෙතන ඉඳං මයිල කීපයක් එහායින් තියෙන හායසිංථ් කැලේ ගැන අර ඒ හරහා තවුරු හරි ගියොත් බීරි වෙනවා කියන්නේ?“
“ඔයා හරි ගුලරී මට ඔයා කියන මුකුත් අහන්න විදිහක් නැහැ“ මානක් දිගු සුසමක් පට කරමින් කීවා ය.

___ඉසුරුඋපනාද20160324----

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...