රාවණ සංකල්පය සහ එය ව්‍යාප්ත වීමට හේතු. Rawana



ජනප්‍රවාද සහ පුරාවෘත්ත යනු ලොක්යේ සෑම තැනක ම වෙසෙන ජනයා අතර ජාතීන් අතර විවිධාකාරයෙන් පවත්නා වූ දේ ය. එම ජනප්‍රවාදයන් සාහිත්‍යාගත තොරතුරු සේ ම ජනකථා ආදියෙහි ද ඇතුළත් වී තිබෙන්නේ ය. බොහෝ විට එහි වන සත්‍යාසත්‍ය තාව කුමක් ද යන්න පිළිබඳ තර්කානුකූල ස්තිර නිගමනයක් ඉදිරිපත් කිරීමට නො හැකි වන්නේ සාක්ෂ්‍ය සහිත වැ ඔප්පු කිරීමේ ඇති නො හැකියාව නිසාවෙන් යැ. කෙසේ වුවත් ලංකාව තුළ දු මෙවැනි ජනප්‍රවාද ව්‍යෘප්ත වැ ඇතැ. ඒ අතර අද්‍යතනයේ බොහෝ ජනප්‍රිය සහ ප්‍රචලිත ජනප්‍රවාදයක්වන්නෙ රාවණ පිළිබද ඇති ජනප්‍රවාදය යැ. මෙහි දැක්ක හැකි විශේෂත්වයක් දු වන්නෙ යැ. එනම් මෙම මතය අද්‍යතනය වන විට විවිධාකාරයෙන් සමාජගත වී විවිධාකාරයෙන් පැතිරීම යැ. එනම් මුල් ජනප්‍රවාදාගත කථාවට සිද්ධියට වෙනස් වෙමින් වෙනස් වෙනස් මුහුණුවර කීපයකින් මෙය සමාජයේ ගලා යෑම යැ. කිසිදු ආකාරයක ජනප්‍රවාද හෝ සාහිත්‍යාගත තොරතුරු නොමැති නුමුත් ගොඩනැගී ගිය කථා සිද්ධී සමූහයක් මේ තුළ අද්‍යතනය වන විට දක්නට ලැබෙයි. මෙම පරීක්ෂණය අරමුණු කරනුයේ රාවන සංකල්පයේ අද්‍යතන ස්වරූපය ස්වරූප මොනවා ද එම සංකල්ප එසේ ඇති වීමට පැවතීමට බලපා ඇති කරුණු මොනවා ද යන්න සොයා බැලීම යැ.
            ඒ සඳහා පළමුවෙන් අද්‍යතනයේ පවතින් රාවණ සංකල්පය කුමන ආකාරයේ දැ යි සැකවින් හඳුනාගත යුතු ය. මෙම හදුනාගැනීම සදහා ක්‍රම විධි කීපයක භාවිත කළ අතර ප්‍රධාන ම ක්‍රමය නම් විවිධ පුද්ගලයන්ට ලබාදුන් ප්‍රශ්න කීපයකට ලැබුණු පිළිතුරු මගින් කරුණු එක් කර ගැනීම ය. අනේක නම් මේ විෂය පිළිබඳ වැ ලියවී ඇති පරීක්ෂණ කෘති පුවත්පත් සඟරා ලිපි මෙන් ම පරීක්ෂණ කෘති ලෙස පෙනී යන ආකාරයෙන් හෝ හුදු කථා ස්වරූපයෙන් හො මෙම සංකල්පය ජනගත කිරීමට ලියැවුණු නවකථා සහ පද්‍ය කෘති ආදිය ය.
අද්‍යතනයේ දක්නට ලැබෙන රාවණ සංකල්පය උක්ත බඳ වුව දු අපට දක්නට ලැබෙන පැරණි ම මූලාශ්‍රයන් ගේ රාවණ සංකල්පය දක්නට ලැබෙන ආකාරයේ වෙනසක් දක්නට ඇත. එම පැරණී සාහිත්‍යාගත කෘතීන් වන රාමායණය, මහාභාරතය, ජානකීහරණය, ලඞ්කාවතාර සූත්‍රය ශීවතාණ්ඩවස්තෝත්‍රය,  උඩ්ඪිස තන්ත්‍ර සහ කුමාරතන්ත්‍ර වැනි කෘතීන් කෙරෙන් නිස්සරණය කරගත හැකි.
            අවසනට දැක්වූ සංකල්පයන් ගෙන් පළමුව දැක්වූ සංකල්පයන් ඇති වීම විය යුතු බව පැහැදිලි ය.මක්නිසාද යත් පළමු සංකල්පයන්ට වඩා දෙවන සංකල්පයන් පැරණි වන නිසායෙන් යැ. එසේ වුවත් ඒ ආකාරයේ වෙනස් වීමකින් මෙම සංකල්පය චරිතය අද්‍යතනය වන විට වැඩීයාමට හේතු වූ කාරණා මොනවා ද යන්න සෙවිය යුතු ය. ඒ සඳහා අද්‍යතන මතය තව දුරටත් විමසිය යුතු ය. ඒ සඳහා අද්‍යතනයේ වන මත සියල්ල ස්වරූප අනුව කොටස් දෙකකට බෙදා වෙන් කර ගත හැකැ.
     එනම් විකල්ප ඉතිහාස ස්වරූපී මත සහ ආගමික ස්වරූපී සංකල්ප ලෙස  යැ. විකල්ප ස්වරූප යනු මෙරට ශිෂ්ටාචාරවත් වූ තාක්ෂණික් දියුණුවක් ඇත්තා වූ ඉතිහාසය ආරම්භ වන්නෙ විජයගෙන් හෝ මහේන්ද්‍රාගමණයෙන් නො වැ බුදුන් වහන්සේටත් පූර්වයෙන් සිටි යක්ෂ ගෝත්‍රික වූ රාවණා ගෙන් සහ ඊටත් පූර්වයෙන් සිටි පිරිසක ගෙන් බව යැ. මෙම මතය ගොඩනගනවුන් පූර්වයෙන් දැක්වූ ලෙස ගුවන්යානා තැනීම රොකට් පරමාණු තාක්ෂණය ඈ කරුණු දක්වනනේ යැ. එම කරුණු දැක්වීම තුළැ දැකිය හැකි වන්නා වූ ප්‍රධාන මැ ලක්ෂණය වන්නේ යුරෝපය සහ භාරතය මෙරට ඉතිහාසය අභියස තාක්ෂණය සහ ශක්තිය අතින් ළදරුවන් සේ වන බව යැ.
            මෙම සංකල්පය ගොඩනැගීමට හේතුවන මූල බීජය ඇති වන්නෙ සිංහලයා ගේ ආරම්භය පිළිබද වන ජනප්‍රවාදය නොහොත් බොහෝ දෙනා පිළීගන්නා විජයාගමනය නිසාවෙන් යැ. එහි දී කියැවෙනනෙ සිංහලයා සිංහයන්ට දාව ඇති වූ බව යැ. මෙය සිංහයෙකු වැනි මිනිසෙක් හෝ වනචාරී මිනිසෙක් හෝ වෙන යම් ආකාරයකින් හෝ අර්ථකථනය කිරීමට ද කටයුතු කරන්නේ ඉතිහාසය ලියැවීමේ දී අවශ්‍යයෙන් මැ සිදුවන සාහිත්‍ය කරණය නිසා එවන් දෙයක් සිදුකිරමේ හැකියාව ඇතැ. එම සකුරණ කෙසෙ වුවත් දෙවන කරුණ එසේ සාහිත්‍ය කරණය කිරීමට නො හැකි වන්නේ යැ. එය නම් විජය භාරතීයයකු වීමත් භාරතයෙන් මෙරට ජනාවාස වීමත් යැ. එමෙන් ම විජය යනු රටින් නෙරපූ කෙනෙක් වීම ද ගැලුවන් වන්නෙ යැ. මෙරට ඉතිහාසයත් වර්තමානත් යන දෙකේ දී මැ විශෞෂ තැනක් ගන්නා රටක් වනනේ නම් ඒ භාරතය යැ. අප ගේ සංස්කෘතිය ආගම ජාතිය යන සියල්ල හිමි වූයේ භාරතයෙන් යැ. එම කරුණ දේශමාමත පිරිස් සමහරක ගේ සිත කනස්සලු කිරීමට හේතු වී ඇත. ඔවුන් විසින් කියා සිටිනුයේ විජයාගමනය සිදු වුවදු ආගම හැරුණු විට අන් කිසි මැ දෙයක් භාරතයෙන් හිමි නො වුණු බව යැ. තවත් පිරිසක් පවසන්නේ ආගම දු භාරතයෙන් නො ලැබුණු බව යැ. එම මතය මගින් මෙම ජාත්‍යාලය සහ දේශමාමකත්වය යම් පිරිසක් කෙරෙහි ක්‍රියාත්මක වන ආකාරය ගැනැ අදහසක් ගත හැකැ.
පළමුවෙන් මැ ඔවුහු රාවණ ගේ යුගය බොහෝ අතීතයට ගෙන යයි. එය බොහෝ විට වෛදික යුගයට ආසන්න කාලයක් වන්නෙ යැ. එම යුගය සාමාන්‍යයෙන් භාරතීය ඉතිහාසයේ ආරම්භය සටහන් කරන්නා සේ ම යුරෝපීය ඉතිහාසයේ ආරම්භත අවස්ථාව ද වන්නෙ යැ. එම නිසා රාවණ ගැනැ එම යුගයේ කරුණු දැක්වීම  මගින් රාවණ උසස් තැනැකැ තැබිය හැකැ.
පසු වැ යුධ තාක්ෂණය පිළිබද වැ කරුණු දක්වන්නෙ යැ. එහි දී උපකාර කරගනුයේ රාමායණ වීරකාව්‍යයේ එන්නා වූ කාව්‍යාත්මක විස්තරයන් යැ. එතැනින් පිට ඇත්තා වු එකදු සාක්ෂ්‍යයක් හෝ රාවණ ගේ ආයුධ ගැන එවන් විස්තරයක් කිරීමට සුලුවේන හෝ උපකාර නො වනනෙ යැ. මෙමගින් ඔවුහු උත්සාහ කරනුයේ යුරෝපිකයාට පළමුවෙන් ; යුරෝපිකයා පිහි උදලු සෑදීමටත් පළමුවෙන් සිංහලයෝ නොහොත් හෙළයෝ රොකට් බෝම්බ වැනි දියුණු ආයුධ සෑදු බව ය රාමායණයේ දැක්වූ වර්ණනාවන් ගෙන් මෙවන් සංකල්පයක් ගොඩනගා ගැනීමේ අවශයතාව හෝ හෙතුව කුමක් වන්නේ ද? මෙරට වසර තිහකට ආසන්න ප්‍රමාණයක් යුද්ධයක් කරමින් සිටි ජාතියක් වුණු අතර දේශීය ආරක්ෂාව උදෙසා යුධ වැදීම පිණිස විවිදෘකාරයේ ආයුධයන් ගේ අවශ්‍යතාව මතුවිය. එම අවශයතාව මත යුරෝපීය සහ ආසියානු දේශයන් ගෙන් ආයුධ ලබා ගැනීම සිදුවිය. මෙම තත්ත්වය මත දේශමාමක චින්තනය මෙම අවස්ථා කියවනු ලබනුයේ අප වෙනස් රටක් හෝ ජාතියක් ඉදිරියේ අවතක්සෙරු වීමක් ලෙසට යැ. අපට අප ගේ ආරක්ෂාව තනිව මැ සාදාගැනීමට නො හැකි වීමක් ලෙසින් යැ. එම මානසික ඍක්තය පිරවීම පිණිස යමක් අවශ්‍ය වන්නෙ යැ. එම අවශ්‍යතාවය වෙනුවෙන් ඓතිහාසික චරිතයක් ගෙන පුරාණයේ හෙළයා ගේ තත්ත්වය ඒ මත නිරූපණය කරන අතර එහි දී ඔහු විසින් දියුණු ආයුධ නිර්මාණය කිරීමටත් යුද්ධ කිරීමටත් ඉතා දක්ෂ ජාතියක් වූ බව පෙන්වා දේනනේ යැ.
     රාවණ ගේ නිර්මාණයක් ලෙස සීගිරිය දැක්වීම මගින් බලාපොරොත්තු වනුයේ රාවණ ඓතිහාසික සාධකයක් බවත් ඒ බව ඔප්පු කිරීම සදහා එය සාධකයක් වන බව දැක්වීමත් යැ. එමෙන් ම මේ තරම් නිර්මාණයක් කාශ්‍යප රජුට කිරීමට හැකි වූයේත් රාවණ රජු ගේ මූලික නිර්මාණය තිබූ නිසා යැ යි ද පසුකාලීන වැ ඒ මත කළ නිර්මාණය මෙතරම් අගනේ නම් පුදුම එලවන සුලු නම් මුල් රාවණ රජුගේ නිර්මාණය මීටත් වඩා පුදුම එලවන සුලු නිර්මාණයක් වන බව දක්වන්නෙ යැ. එමෙන් මැ තවත් පිරිසක් පවසනුයේ සීගිරිය රාවණ ගේ වැඩිමහල් සොයුරු කුබේර නොහොත් වෛශ්‍රවණ ගේ නිර්මාණයක් වන බව යැ. මේ සියල්ලගෙන් මැ අදහස් කරනුයේ රාවණ ඓතිහාසික චරිතයක් බව පෙන්වීමට සාධක දැක්වීම යැ. මේ හා සමාන වන්නා වූ වෙනත් සාධක දැක්වීමක් ද වන්නෙ යැ. එනම් උමං මාර්ග සහ ජල උමං මාර්ග යැ. ඔවුන් පවසන ආකාරයට රාවණ ගමන් මාර්ග වෙනුවට උමං භාවිත කර ඇති අතර භුගත උමං මාර්ග සේ ම භුගත රහස් මාලිගා ද රාවණ සතු වැ තිබී අතැ. මෙම මතය දු අද්‍යතනයේ දැක්ක ඇති උමං සහ භුගත ජලමාර්ග කීපයක් රාවණ පිළිබඳ ඇති සාධක ලෙස දැක්වීමකැ.
            පෙර දැක්වූ කරුණු දෙක අරබයා වැඩි වර්ධනය කරගත් රාවණ සංකල්පය පවත්වා ගැනීමට සාධක අවැසි නිසා සේ ම එම චරිතය තවදුරටත් උච්ඡ ස්ථානයේ තැබීම සඳහා ඇති අවශ්‍යතාව නිසා මතු වූ සාධක ලෙස මෙම කරුණු දැක්විය හැක. තමන් විසින් නිපදවන ලද නො වුණ ද තමන් විසින් වැඩිවර්ධනය කරන ලද්දා වූ චරිතය පවත්වා ගැනීම සහ උසස් කිරීම නිසා තමා ගේ ප්‍රාසය ඉටු වීම හොදින් සිදුවන නිසා මෙවන් කරුණු මගින් රාවණ සංකල්පය පෝෂණය කරන බව දැක්ක හැකැ.
            ඒ සදහා ඔවුහු යොදාගන්නා තවත් බොහෝ දේ ඇත. පැරණි මැ මූලාශ්‍රය වන රාමායණය නො දක්වන චරිතයක් වන දේවයාණි නම් රැජනක් සේම  හිංදූ පුරාණයන් ගේ එන අසුර චරිත සියල්ල ම දු මෙරට සිටි බවට උපකල්පනය කර ඒ මත විවිධෘකාරයේ කාල නිර්ණයන් සහ කථෘ නිර්මාණය කරනනෙ යැ. උදාහරණයක් ලෙස වසර 7500 කට පෙර දේවයාණි නම් රැජනක් සිටි බවත් ඊටත් බෙර බලි නම් රඩෙක් මෙරට වුණු බවත් දක්වන කථෘන්දර දැක්විය හැකැ. එමෙන් ම ශීව යනු මෙරට සිටි රජකෙනෙක් වන බවත් මහාසම්මත මතය නම් මෙරට තිබුණු මතය කඩ කිරීම නිසා මෙරටින් පිටුවහල් කළ බවත් පසුව භාරතයට ගොස් රාජ්‍යයක් පිහිටවූ බවත් ඔවුහූ බවසත්. නුමුත් මේ සදහා යොදාගත් කිසිදු මූලාශ්‍රයක් නැතැ.
            මේ සියල්ල ගොඩනගා ඇත්තේ විවිධ හේතු නිසා ගොඩනගා ගත් වර්ධනය කරගත් රාවණ චරිතය තව දුරටත් පවත්වා ගැනීමට යැ. එම චරිතය අවැසි වන්නෙ අප දැනට වඩා උසස් ජාතියක් වූ බව දැක්වීමට යැ. ඒ බව මෙම විස්තර දැක්වීමේ දී නිරන්තර දක්වන “හෙළයෝ අන් සියලු ජාතීන්ට වඩා උසස් යැ“ යන කියමන ම සාක්ෂ්‍ය කළ හැකැ.
            මීට අමතර රාවණ රජු පිළිබඳ ආයුර්වේද සාහිත්‍යයේ සහ ඒ ආශ්‍රිත ජනප්‍රවාදයන් ගේ එන කරුණු ද මෙම පිරිස මෙම කථා ගොඩනැගීමේ ලා යොදා ගන්නෙ යැ. ජනප්‍රවාද ලෙස පවතින හෝ සාහිත්‍යමය ලෙස බවතින එම කතා දු රාමායණාගත කරුණු සේ මැ වෙනස් කරමින් භාවිත බව දැක්ක හැකැ. එනම් රසවිද්‍යාව පිළිබද රාවණ ගේ දස්කම දියුණු කරන ඔවුහු රාවණ රසවිද්‍යාවෙන් රත්රන් නිපදවා ලංකා පුරය මැ රනින් නිමකළ බවත් රවසිද්‍යා බලයෙන් රසායනික අවි නිපදවූ බවත් ගුවන් යානා නිපදවූ බවත් දක්වනනෙ යැ. නුමුත් ඒ සඳහා කිසි දු සාධකයක් දක්නට නැතැ.
     මෙම පිරිස විසින් ඉදිරිපත් කරනුබලන්නා වූ තවත් එක කරුණක් වනනෙ රාවණ හෝ ඒ පරපුරෝ පිරිස විසින් ලෝකය ජනාවාස කළ බව යැ. ඉන්දුනිම්නය මිසරිය සේ මැ ඇමරිකා මහද්වීප වාසිත වූ මායාවරු සහ ඉන්කාවරු ද පැවත එන්නේ මෙම පරපුරෙන් බව යැ. මෙය දු සනාත කිරීම විෂයෙහි සැලකිය හැකි කිසි දු සාධක එලවීමක් දක්නට නැතැ.
            මෙම සංකල්පය ඇති වීම සඳහා හේතු කීපයක් ඇති බව දැක්ක හැකැ. එකක් නම් ඉතිහාසය පුරාවට මැ මෙරටට ආක්‍රමණ සිදු වුණෘ මිස මෙරටින් කළ ආක්‍රමණ ඇතොත් ඒ එකක් හෝ දෙකක් පමණක් වීමත් ඒයින් ද රටක් පාලනය කිරීම හෝ ජනාවාස කිරීම සිදු නොවීමත් ය. නුමුත් මෙරටට සිදු වූආක්‍රමණ නිසාවෙන් මෙරට ජනාවාස වීමත් ආක්‍රමණිකයන් මෙරට පාලනය කිරීමත් එනිසා සංස්කෘතික වෙනස් වීම් ඇති වීමත් සිදු වීම යැ. මේ කරුණු නිසා දේශභක්තිය මුල් කොට ගත් පිරිසකට උක්ත කරුණු සමග සටන් කිරීමට කරුණු අවශ්‍ය වන්නේ නො පෙනෙන නො දන්නා ඉතිහාසයක සිටි චරිතයකට හෝ චරිත කීපයකට එම තත්ත්වයන් ආරෝපණය කරන්නෙ යැ.
            මෙම සංකල්පයන් ගේ දෙවන ස්වරූපය වන ආගමික ස්වරූපය ඇති වීමට මෙම පළමු ස්වරූපය බොහෝ සේ බලපා ඇති බව පෙනේ. එනම් පළමු ස්වරූපය නිසාවෙන් ආගමික ස්වරුපය ඇති වන බවක් දැකිය හැකි යැ.
            පළමුවෙන් ම රාවණ යනු විශාල බුද්ධීයකින් යුතු පුද්ගලයෙක් ලෙස හුවාදක්වන අතර පසුව එය බලයක් ශක්තියකි බවට වර්ධනය කර ඇත. ඍග්වේදයේ පටන් වේදය ලියනු ලැබූවේ රාවණ විසිනැයි කීමත්, බ්‍රහ්ම ගෙන් ලබාගත් අමරණීය වීමේ වරය ගැන සංකල්පයත් ප්‍රධාන කරුණු වන්නේ යැ. ඉන් පසු වැ රාවණ නො මැරුණු බවත් රාවණ නැවත නැගිටින බවත් ඔහු ගේ දේහය කන්දකැ නිදන් කර ඇති බවටත් සංකල්පයන් ගොඩනගන්නේ යැ. මෙය පැහැදිලි වැ මැ ආගමක් නො වූව දු ගුප්ත වූ ආගමික ස්වරූපයක් මෙයින් දැකිය හැකැ.
            මෙය ඇති විමට හේතුව ලෙස දැකිය හැකි වන්නේ සාමාන්‍යයෙන් දේවවාදී ආගම් ඇකි වීමේ හේතුව මැ වන ගුප්ත ස්වභාවය කෙරෙහි වන බිය යැ. යම් ගුප්ත දෙයක් බලවත් යැ යි සංජානනය වන්නේ නම් ඒ දෙය කෙරෙහි බියක් ඇතිවන්නේ යැ. මුල් යුග යේ ආගමක් ඇති වීමේ දී මෙම මානව ස්වභාවය මුල් වී ඇතැ. එමෙන් ම පසුව එම ගුප්ත දේ වන්දනා කිරීමෙන් ඒ කෙරෙහි පූජා පැවැත්වීමෙන් එයින් යම් දෙයක් ලබාගැනීමේ හැකියාවක් ඇතැයි යන විශෟවාසය ඇති වන්නේ යැ. ඍග් වෛදික යුගයේ පටන් බ්‍රාහ්මණ යුගය දක්වා වෛදික ආගම මේ සදහා සාක්ෂ්‍ය වන්නෙ යැ.

දෙවියන්වහන්සේ අල්ලාහ් සහ බ්‍රහ්මන් - God Allah & Brahman



              දර්ශනවාදයක් මූලික වශයෙන් කොටස් දෙකකට බෙදී යන්නේ යැ. එනම් විඥානවාදය සහ භෞතික වාදය යැ. එයින් භෞතිකවාදය වනාහී සාංදෘශ්‍ය සාධක සහ විධියක් මගින් සනාත කළා වූ යමක් වේ ද එය පිළිගන්නා වූ පරීක්ෂණාත්මක දර්ශනයක් වන අතර නෙක් විඥානවාදී කොටස බොහේ විට ආගම් විෂයෙහි මැ වැටෙන්නේ වේ. එයට හේතුව නම් විඥානවාදය භෞතිකවාදය සේ සාංදෘශ්‍ය වැ පරීක්ෂණාත්මක වැ පෙන්වා දිය නො හැකි නිසාවෙන් යැ. ලොක්යේ පවතින ආගම් විඥානවාදී වන අතර ඒ අතරින් බහුතරයක් ආගම් දේව විශ්වාසය මත පදනම් වැ සිටී. ඉදින් දෙවියන් යනු සාංදෘශ්‍ය නො වන්නේ විඥානවාදය හුදු විශෟවාසය මත පවතින්නක් ලෙස දැක්විය හැකැ.
            කෙසේ වුවත් විඥානවාදය තුළ පවතින ආගමික මතවාද ද දේවවාදී සහ අදේවවාදී ලෙස කොටස් කළ හැකැ. එයින් දේවවාදයට අයත් වන්නේ කතෝලික ඉස්ලාම් බ්‍රාහ්මණ වැනි ආගම් වන අතර අදේවවාදී කොටසට වැටෙනුයේ බෞද්ධ ජෛන ආදි ආගමික දර්ශනයන් යැ. මේ දෙක අතර පැහැදිලි වෙනසක් දකින්නට ඇති නුමුත් මෙසේ පැහැදිලි ලෙස වර්ග කළ නො හැකි ස්වභාවයකින් යුතු දර්ශනවාදයක් දු ඇතැ. එය උච්චත ම අවස්ථාවකට පත්වී අද්වෛත වාදය ලෙස හඳුනාගත හැකි වුවත් අද්වෛත වාදය වර්ධනය වනුයේ උපනිෂද් දර්ශනය අලලා වන නිසා මෙහි දී එය උපනිෂද් දර්ශනය ලෙස සලකන්නේ යැ. මෙම දර්ශනවාදය පැහැදිලි ලෙස දේවවාදී හේ අදේවවාදී ලෙස වර්ග කිරීමේ හැකියාවක් දක්නට නැතැ. එනම් මෙහි අන්නා වූ බ්‍රහ්මන් යනු සාමාන්‍යයෙන් අනෙක් දේවාවදී අගාම්වලැ දක්නට ලැබෙන්නා වූ දෙවියන් වහන්සේ ගේ තවත් එක් ආකාරයක් නො වන බව යැ.
දෙවියන් වහන්සේ
            මේ පිළිබඳ පැහැදිලි කරගනු සඳහා පළමුකොට කතෝලික සහ ඉස්ලාම් ආගම්වලැ දක්නට ලැබෙන දේවසංකල්පය පිළිබඳ කරුණු දැනගැනීම ඵාසු වන්නේ ඒ මෙසේ යැ. බයිබලය තුළ දැක්වෙන්නා වූ දෙවියන් වහන්සේ (හෝ ත්‍රිත්වය මගින් දැක්වෙන දෙවියන් වහන්සේ) ගැනැ මුලින් මැ සටහන් වනුයේ උත්පත්ති පොතේ යැ.
“ආරම්භයේ දී දෙවියන් අහසත් පොළවත් මැවූ සේක“
            මෙසේ අරම්භ වෙමින් ගලායන ශු. බයිබලය ආරම්භයේ දී මැ සනිටුවයහ් කරන දෙයක් නම් එහි දැක්වෙයන දෙවියන් යනු පුද්ගල ස්වරූප වන බව යැ. එය උත්පත්ති 1.26 දී වඩාත් හොඳින් තහවුරු වන්නේ යැ.
“ඉන් පසු දෙවියන් වහන්සේ අප ගේ ස්වරූප අනුව, අප ගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහීෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා! යි අන කළ සේක.“
            දෙවියන් වහන්සේ ගේ ස්වරූපය මෙසේ වන අතර මැ උන්වහන්සේ ගේ ක්‍රියාවන් දු පුද්ගල ස්වරූපයක් ගන්නා බව පෙනී යා. උත්පත්ති හි ජාකොබ්ට ආශීර්වාද කිරීම යටතේ 1.35. දී දෙවියන් වහන්සේ ජාකොබ්ට ආමන්ත්‍රණය කරමින්, “නැගිට බෙතෙල් කරා ගොස්, එහි පදිංචි වන්න....“ ආදි ලෙස පවසයි. මේ හුදු එක් අවස්ථාවක් පමණි නුමුත් බොහෝ අවස්ථාවන්හි දී පැරණී ගිවිසුම තුළ දෙවියන් විවිධ පුද්ගලයන් මේ ආකාරයෙන් ඍජුව ඇමතූ බව සටහන්වේ.
            නුමුත් නව ගිවිසුම දක්වා එන විට දෙවියන් ගේ ස්වභාවය පැරණී ගිවිසුමට වඩා සියුම් භාවයට පත් වී ඇති ආකාරය දැක්ක හැකැ. එහි ලා සෑම තැනක මැ පාහේ දෙවියන් වහන්සේ දැක්වෙනුයේ මනුෂ්‍යපුත්‍රයා ගේ මාර්ගයෙනි එනම් ජේසුස් වහන්සේ ගේ මාර්ගයෙනි. එමෙන් මැ දෙවියන් වහන්සේ නොහොත් මනුෂ්‍යපුත්‍රයා ගේ පියාණන් වහන්සේ ජේසුස් වහන්සේ අවබෝධයේ පවතින බවත් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ම බවත් දැක්වෙන්නේ යැ.
“එහෙත් මා විනිශ්චය කළත්, මා ගේ විනිශ්දය සැබෑ ය. මන්ද, මා විනිශ්චය කරන්නේ තනිය ම නොව, මාඑවා වදාල පියාණන් වහන්සේත් සමග ය.“ (ශුද්ධවර ජොහන් 8.12)
“ඔබ මා හදුනන්නහු නම් මා ගේ පියාණන් වහන්සේත් හඳුනනවා ඇතැ යි වදාළ සේක“
(ශුද්ධවර ජොහන් 8.19)
“ඔබ මනුෂ්‍ය පුත්‍රයන් ඔසවා ලූ කල මා උන්වහන්සේ ම බවත්, පියාණන් වහන්සේ මට මට ඉගැන්වූ ලෙස මෙසේ කථා කරනවා මිස, මා ගේ මඅධිකාරීත්වයෙන් මා....“
(ශුද්ධවර ජොහන් 8.28)
            මෙයින් පෙනීන දේ නම් උක්ත සේ මැ මුලින් පැවති දේවසංකල්පය මේ වන විට යම් සියුම් භාවයකට පත් වැ මූලික පුද්ගල ස්වරූපය වෙනුවට ඊට සියුම් රක් නිශ්චිත පුද්ගලයෙකු මතැ පවති ස්වභාවයට වර්ධනය වී අතැ. නුමුත් මෙහි ලා අමතක නො කළ යුතු දේ නම් මුලින් මැ උත්පත්ති පොතෙහි දැක්වූ කිසිවක් කිසි තැනැ ප්‍රතික්ශේප නො වී තිබීම යැ. තව ද ශුද්ධවර ජොහන් හිදී ම 8.57 දී ජේසුස් වහන්සේ පවසනුයේ “ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි“ කියා යැ. එයින් ද පෙනී යනුයේ පැරණි ගිවිසුමෙහි එන දේවසංකල්පය සමග මෙම නව ගුවිසුමෙහි සංකල්පය එක් කර දැක්වීමට ඇති නැඹුරුව යි. එමනිසා කතෝලිකයන් විසින් පිළිගන්නා වූ දෙවියන් වහන්සේ යනු අර්ධ වශයෙන් පුද්ගල ස්වභාවයක් ඇති දෙවි කෙනෙක් ලෙස දැක්විය හැකැ.
            අල්
කුර්ආනය තුළ දක්නට ලැබෙන්නා වූ දේව සංකල්පය දුමින් වෙනස් නො වෙනා තරම් යැ. එහි දු මැවීම පිළිබඳ පැහැදිලි දැක්වීමක් කර ඇතැ.
“මනුෂ්‍යයිනි, ඔබත් ඔබට පෙරතුව සිටියවුනුත් මැවූ ඒ ස්වාමියා (අල්ලාහ්) ට අවනත වන්න.“ (අල් බක්රාහ් 21 -22)
            මේ ආකාරයෙන් මැවිම සිදු කිරීමෙන් පසු වැ කුර් ආනයේ දැක්වෙන පරිදි කීප විටක් අල්ලාහ් යටත් පිරිසෙන් දේවදූකයන්ට (මළක්වරුන් ට) අමතා ඇති බව දැක්ක හැකැ.
“ඔබ ගේ ස්වාමියා මළක්වරුන් අමතා ‘‘මම මහා පෘථිවියෙහි නියොජිතයකු පත්කරන්න ට යමි.“ (අල් බක්රාහ් 30-33)
            මේ අනුව පැහැදිලි වන දේ නම් කුර් ආනයේ දේව සංකල්පය දු පැරණී ගිවිසුමේතරම් නො වූව දු පුද්ගල ස්වරූපයක් ගන්නා බව යැ. ඉස්ලාම් යන නාමය පිරිණැමීම අල්ලාහ් විසින් මැ සිදුකරන ලද්දේ යැ යි යන කුර්ආන වාක්‍යය මිගන් එය වඩාත් හොඳින් සනාත වේ.
“අද දින ඔබ වෙනුවෙන් ඔබ ගේ ආගම සම්පූර්ණ කර ඇත්තෙමි. තව ද මා ගේ ප්‍රසාදයන් ද සම්පූර්ණ කර ඇත්තෙමි. එමෙන් ම ඔබ වෙනුවෙන් වූ ආගම ලෙස ඉස්ලාමය තොරාගෙන ඇත්තෙමි“ (5.3 -- සත්‍ය ආගම කෘතියෙන් උල්ලේඛිත යැ)
            කෙසේ වුවත් ඉස්ලාමය තුළ දක්නට ලැබෙන දේව සංකල්පය කලෙක දේවසංකල්පයට වඩා තරම් වර්ධිත ස්වරූපයක් පෙනවයි. එනම් එහි ලා පැහැදිලි ව දක්වන පරිදි දෙවියන් යනු සියල්ලට පෙර පැවති උපතක් නැති කෙනෙකැ. අල් කුර් ආනයේ 112 වෙනි පරිච්ඡෙදයේ දී දක්වන්නා වූ පහත කියමනින් මේ බව පැහැදිලි වේ.
“එක ම අල්ලාහ් ය, සදාකාලික ආරක්ෂකයා ය, ඔහුට උපතක් නැත, ඔහු උපදවන්නේ නැත, ඔහුට සම වූ කිසිවෙක් නැත“
            මීට අමතර වැ කුර්ආනයේ හි 59. 22-14 හී දැක්වෙන විස්තර වාක්‍යයෙන් ද අල්ලාහ් ගේ ස්වභාවය පැහැරදිලි වේ. එහි දී උක්ත සේ සියල්ලලට පෙර පැවති යන අදහස දැක්ක හැකි වුව දු විෂ්පාදකයා මැවුම්කරුවා වැනි අදහස් ඇති නිසාවෙන් පුද්ගල ස්වරූපයෙන් යුතු දෙවියෙකු බව පැහැදිලි නුමුත් මෙහි ලා දැක්විය යුතු වෙසෙස් දේ නම් ඉස්ලාමය තුළ අල්ලාහ් හර රූපයක් නොමැති බවත් සියල්ල ඔහු ගේ නිර්මාණ නිසාවෙන් ඒ නිර්මාණ මගින් නිර්මාණ කරුවා දැක්විය නො හැකි බවත් පවසන්නේ යැ. එනම් ඉස්ලාමයේ දේව සංකල්පය නිර්ගුණ ස්වභාවී වෙයි. නුමුත් පුද්ගල රූපයෙන් බැහැර යන්නේ නො වෙයි.
අල්ලාහ්
            ඉදින් කතෝලික ධර්මය සේ ම ඉස්ලාමය තුළ පවතින් දේව සංකල්පය දු අර්ධ වශයෙන් පුද්ගල රූපී ස්වරූපයක් ගන්නා බව දැක්ක හැකැ. එනම් මේ ආගම් දෙක තුළ මැ වෙන් වැ දැක්විය හැකි සියල්ල ට පෙර සියල්ල මැවීමෙන් පසු පැවතියා සේ මැ පවතින්නා වූ සිතිය හැකි නිර්මාණය කළ හැකි පුද්ගල ස්වභාව වූ දෙවි කෙනෙක් ඊශ්වරත්වයෙහි ලා සැලකේ. ඔහු නිර්මාණයෙන් නොහොත් විශ්වයෙන් අන්‍ය වන්නේ විනිශ්චය දිනයේ දී සත්ත්වයා හට නියමිත විනිශ්චය දී ස්වරගයෙහි පිහිටුවනනේ යැ.
            එසම ආගම් දෙක තුළ මැ දකැක්ක හැකි දේව සංකල්පය එසේ වන නුමුත් උපනිෂද් තුළ දක්න ට ඇත්තේ (බ්‍රහ්ම සංකල්පය) එවන් දේව සංකල්පයක් නො වන බව නොවේ නම් උපනිෂද් යනු ඊශෟවර නිර්මාණ වාදී ස්වභාවයේ වැටෙනා ආගමක් නො වන බව මෙසේ පැහැදිල කළ හැකැ.
            බ්‍රහ්මන් යනු සියල්ලට පෙර පැවති සියල්ලේ ම ආරම්භ ය බව සෑම උපනිෂදයක මැ පාහේ දැක්වෙන අතර ඡාන්දොග්‍ය උපනිෂදයෙහි ලා දැක්වෙන කාරණයෙන් පැහැදිලි වන දේ නම් බ්‍රහ්ම යනු විශ්වය නිර්මාණය කළ විශ්වයෙන් පිට පිහිටි පුද්ගල ස්වභාවයක් නො වන බව යැ.
“දරුව කෙනෙක් ආරම්භයෙහි අසත් වී යැ යි, (කිසිවක් නො තිබිණැ යි) කියත් නුමුත් අසත් කෙරෙන් සත් (ඇති බව) ඇති වන්නේ කෙසේ ද?
දර්ව ආරම්භයේ දී අද්වෛත වූ (කිසිවක ට දෙවැනි නො වූ) සත් ම වී ය. ඔහු ට මං බොහේ වේ නම් මැනවැ යි සිත් වී ය. බොහෝ වී මහත් වී ය. ඉන් පසු එයට තවත් වැඩී යා නම් යෙහෙකැ යි සිත් විය එවිට තාපය බවට පත් වී යැ. තාපය දු තවත් වැඩී යා නම් යෙහෙකැ යි සිත් වී. තාපය වැඩී ගොස් තෙත් බව නොහෙත් ජලය වී....“ (ඡාන්දොග්‍ය VI, 2, 1-4)
ආත්මයේ පටන් බ්‍රහ්මන් තෙක්
            මෙයින් පෙනෙන දේ නම් බ්‍රහ්මන් යනු මැවම් කාරයෙක් නො වන බව යැ. එය සියල්ලේ ආරම්භ වූ සත් නොහොත් කිසිවකට දෙවනි නො වූ සියල්ලේ ආරම්භය ලෙස දක්වා ඇති බව යැ. තව ද උපනිෂද් දර්ශනය තුළ දැක්වෙන මූලික මැ අදහස්වන දෙයක් නම් බ්‍රහමන් යනු සර්වව්‍යාපී සර්වත්‍ර ශක්තියක් බව යැ. එනම් සියල්ල තුළ පවතින සියල්ලේ සත්‍ය ස්වභාවය වන බව යැ. මුල් සත් භාවය වූ බ්‍රහ්ම කෙරෙන් ඇති වූ යමක් වේ ද එය අවසාන වශයෙන් බ්‍රහ්ම කෙරෙහි මැ නිලීන වන බව උපනිෂද් ඉගැන්වීම වේ යැ. තව ද බුහම්න් යනු සමස්ත විශවය පිළිබඳ සත්‍ය සේ දත්වන උපනිෂද් දර්ශනය සත්ත්වයා පිළිබද සත්තාව ලෙස ආතමන් දක්වනනේ යැ. නුමුත් මේ දෙක මැ එකක් මිස කිසි විටෙක සත්‍ය වශයෙන් දෙකක්  නො වන බව පවසන උපනිෂද් සියල්ල ඇරඹී බ්‍රම්හන් තුළ පවතින් සමස්ථ විශ්වය මැ ඒකත්වයක් තුළ පවතින බව දක්වන්නේ යැ.
            ඒ මැ සරල ව දක්වා නම්, එක මැ බ්‍රහ්මන් විකාශනය වීමේ දී වැඩීමේ පැතිරීමේ ආශාව ආත්මාරථය නිසාවෙන් සත්‍ය ස්වභාවය අමතක වැ ගොස් ආත්ම වශයෙන් සිතා සිටින විවිධ බාහර රූපයන් ගෙන් යුතු වූ සත්තවයෝ ජීවීහු වෙත් ද විවිධ වස්තූන් වෙත් ද සමස්ත විශ්වය ම වේ ද ඒ සියල්ල පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් සියල්ලේ මුල වූ බ්‍රහ්මන් ගෙන් බිද ගිය බ්‍රහ්මන් මැ වන්නේ යැ. විවිධත්වයෙන් දැන හඳුනාගත්ත ද සියල්ල එකක් මැ වන්නේ බ්‍රහ්මන් මැ වන්නේ යැ.
“යම් සේ චක්‍රයක ආර සියල්ල චක්‍ර නාභියේ හා චක්‍ර නේමියේ සමංගිත වැ තිබේ ද එසේ ම සියලු සත්ත්වයෝ ද සියලු දෙවියෝ ද සියලු ලෝක ද සියලු ඉන්ද්‍රියෝ ද එහි සමංගිත වැ ඇත“ (බෘහදාරාණ්‍යක උපනිෂදය 2.5.15)
බ්‍රහ්මන් ආත්මන් ය. (තෛත්තරීය 1.5)
මිනිසා තුළ වූ මේ බ්‍රහ්මන් ද සූර්යා තුළ ඇති අතර බ්‍රහ්මන් ද එකෙක් ම ය. (ඡාන්දෝග්‍ය 3.13.7)
“සත්තකින් ම මම මේ සමස්ත විශ්වය ම වෙමි“  (බෘහදාරණයකය 4.3.23)
            මෙහි ලා අවසන දැක්වූ වැකියෙන් පෙනෙනුයේ එක් ආත්මයක් එක් පුද්ගලයෙක් සත්‍ය වශයෙන් සමස්ත විශ්වය ම වන බව යැ. එනම් ඔහු සත්‍ය වශයෙන් සම්ස්ත විශ්වය හා ඒකාත්මීය වන බව යැ. විශ්වයත් ඔහ් පුද්ගල ආත්මයත් යන සියල්ල බ්‍රහ්මන් මැ වන බව යැ. මෙම සර්වත්‍ර (සියලු තැනැ ඇති) සර්වව්‍යාපී (සියලු තැනැ පැතිරුණු) බ්‍රහ්මන් වඩාත් හොදින් පැහැදිලි කරගනු වස් උපනිෂද් දර්ශනය තුළ බොහෝ ප්‍රචලිත වූ වැකි කීපයක් දක්වමු.
“අහං බ්‍රහ්මස්මි. - මම බ්‍රහ්ම වෙමි.“ (බෘහදාරණ්‍යක උපනිෂදය 1.4.10)
අයම් ආත්මා බ්‍රහ්ම - ආත්මය බ්‍රහ්ම වේ (බෘහදාරණ්‍යක උපනිෂදය 4.4.5)
සර්වංකල්විදං බ්‍රහ්ම - සයල්ල මැ බ්‍රහ්මන් යැ (ඡාන්දෝග්‍ය උපනිෂදය 3.14.1)
තත්ත්වමසි - ඔබ බ්‍රහ්මන් ම යි. (ඡාන්දොග්‍ය 6.8)
            මෙයින් පැහැදිලි වන දේ නම් උපනිෂද් යනු දේවවාදී ආගමකට එහා ගිය විශ්වයේ පරිනාමය පිළිබඳ වූ දාර්ශනික සංකල්පනාවක් වන බව යැ. උපනිෂද් හි එන්නා වභූ බ්‍රහ්ම විශ්වය මවා පාලනය කරන්නා නො වේ ය. සියල්ල ආරම්භ වන්නේත් නිලීන වන්නේත් බ්‍රහ්මන් මත යැ. නුමුත් එය පුද්ගල රූපී වන්නේ හෝ පාලනය කරන්නේ හෝ නැතැ. එනිසා යැ බුහ්මන් සියල්ල ට සාධෘරණ ප්‍රතිෂ්ටාව ලෙස ගෞඩපාද කාරිකාවේ හි ලා දක්වා ඇත්තේ. තව ද කඨ උපනිෂදයෙහි ලා සියල්ල ඒ තුළ පවතින්නේ යැ කිසිවක් එයින් ඔබ නො ය යි. කියා දක්වනුයේ සමස්ථ විශෟවය බ්‍රහ්මන් තුල පවතින් බවත් බ්‍රහ්මන් යනු සමස්ත විශ්වය ම වන බවත් යැ. එම නිසා යැ බ්‍රහ්මන් ඊශ්වරයෙක් නො වන්නේ. බ්‍රහ්මන් යනු විශ්වයේ මූල ශක්තිය පමණක් වන .අතර එය එකිනෙක්ට අමතා අන දෙන්නේ හෝ පෙනී සිටින්නේ හෝ පාලනය කරන්නේ හෝ නැතැ.
            ඉදින් මෙහා ලා දක්වනු රිසි වූයේ මේ වෙනස යැ. එනම් වෙදියන් වහන්සේ හෝ අල්ලාහ් වැනි පුද්ගල ස්වභාවයෙන් යුතු වූ මැවුම්කාර දේව සංකල්පයට වඩා අතිශය දියුණු පරිණාමය වූ ශක්ති ස්වභාවයක් බ්‍රහ්මන් නමින් උපනිෂද් දර්ශයේ දී හඳුන්වන බව යැ.

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...