නමක් නැති කතාවක්



උදේ හයට නාගහ හන්දියට එන බස්ඒක අල්ලා ගැනීම එතරම් අපහසු නැත, නුමුත් ගස් අතරින් ඉහිරෙන නැවුම් හිරු කිරණින් නැහැවී බැබලෙන පිණිබරණිිිින් සැරසුණු දෙවැටපාර මේ වේලාවට කලාගාරයක් වැනිය. එය නොසලකා ගමන් කිරීම තරමක් අසීරු වැඩකි. මේ වෙලාවට මේ පාරෙන් ගමන් කරන වෙන කිසිවෙක් නැති නිසා කලාගාරය වින්දනය කිරීමේ උපරිම නිදහස මා සතුවීම සතුටට කරුණකි. පාසල් ගමන ආරම්භ කර මාස කීපයක් වුවද තාමත් මේ සුන්දරත්වය කෙරෙහි අලස වීමක් සිදුු නොවීමත් පුදුම සහගතය. සාරි වාටියේ පැටලෙන කොළ රොඩුත් තණබිස්සේ දැවටුණු පිනි ගෑවීම නිසා තෙමුණුපාවහන් දෙකෙන් දැනෙන අපහසුවත් හැරුණු විට මේ වෙලාවට දෙවැටපාර සෑම අතින්ම සුන්දර විය. නොසිතූ වෙලාවක පසුපසින් නැගුණු පියවර හඬ නිසා කනස්සල්ලට පත් වූයේ දැන් ඒ එන කා සමග හෝ කතාකරමින් යෑමට වීම ගැනය. නුමුත් ඒ සැහැල්ලුවට දුවගෙන එන හඬක් විය.

"ගුඩ් මෝනිං මිස්""

"සරලා... ගුඩ්මෝනිං! අද කලින්ම යන්න හිතුනේ මොකද? වෙනදට පරක්කු වෙලා නේ එන්නේ"

"දැන් කලින් යනවා මිස්"යැයි කීවේ මුහුණේ මොඩ සිනාවක් ඇඳගනිමින්ය. මා නැවතී සිට කාමරයේ ජනේලයට ඉදිරියෙන් ඇති නිවසේ වසන ඇය මගේ ශිෂයාවකි. අමුතු ප්‍රියමනාප කමකින් යුතු වූ තරුණියක් වූ ඇය, ඇතැම් විට එ නිසාම අභූත ප්‍රේමඡෝදනාවලට නිමිත්තකි විය. ඒත් ඒ ඇය කියන හැටිය, ඇතැම් විට ඉන් ඒකක් අභුත නොවන්නටද ඉඩ ඇත. ඇරත් උ.පෙළ පන්තියේ දරුවෙකුට ප්‍රේම සම්බන්ධයක් තිබීම ඒ තරම් අරුමයකැයි මට සිතෙන්නේ නැත.

"මිස්, පොඩි ප්‍රශ්නයක් තියෙනවා අහන්නද?"

"හම්..."

"ඇත්තටම මිනෝවන් ශිෂ්ටාචාරය විනාස වෙන්න ඇත්තේ ඇයි?"

මෙය බලාපොරොත්තු නොවූ ප්‍රශ්නයක් විය. කුඩා පාසලක් වූ නිසා මට සිටි ඉතිහාසය ශිෂයයන් දෙදෙනාගෙන් කෙනෙකි සරලා, ඇත්තටම නම් අනිත් කොලුවා පන්තියේ සිටියත් නොසිටියා ගාණට සිටිය නිදිමත කොලුවෙකි. සරලා ඊට වඩා තරමක් හොඳ ශිෂයාවක් වුවත් මේ වැනි වෙලාවක මේ වැනි ප්‍රශ්නයක් බලාපොරොු නොවීමි. කෙසේ වෙතත් එතැන් පටන් පාසලට යන තුරුම කතාව ගලා ගියේ එ ගැනය.

“ඒක පුදුම ශිෂ්ටාචාරයක්නේ මිස්, ආව තැනකුත් නැහැ, ඉවර වුණ විදහකුත් නැහැ, මුලක් අගක් නැහැ නේ”

“හීනයක් වගේ නේ?”

“ඇයි ඒ?”

“හීනවලටත් මුලක් අගක් නැහැනේ.”

“අගක් කියෙන්නේ නැගිට්ටුනම”

“ඒත් හීනේ අග ඒක නෙමේනේ”

“ඔව් නේ මට එහෙම හිතිලා තිබ්බේ නැහැ, මං යන්නම් මිස් පන්තියට එහෙනම්”

“හරි පුතා, පීරියඩ් එකේදී හම්බෙමු”

මේ කතාව මේ තරම් ඇදෙනු ඇතැයි මට නොසිතුනත්, ඇය එවවැන්ක් විමසීමෙන් ඇති වූ සතුටත්, පැහැදිලි කිරීම අතරේ ඇගේ දිදුලන දෑසත් මගේ පැහැදිලි කිරීම තවත් වැඩි කළා යැයි කීමේ වරදක් නැත.

සරලා නිසා ලැබුණු සතුට පවත්වා ගැනිමට තරම් හැකියාවක් ඇගේ පන්ති සගයා මට ලබා දුන්නේ නැත. සුපුන්ට ලෝකයුද්ධ දෙකේ කාලයවත් මත නැත. විභාගයට තවත් ඇත්තේ අවුරුද්දකට අඩු කාලයකි. මට පන්තිය ලැබී ගත වී ඇතතේ මාස කීපයක් පමණක් වුවත් ශිෂයයන්ගේ වගකීම මට පැවරී ඇත. මේ කොල්ලාට මෙච්චර පොඩි කරුණකුත් මතක නැත. සුපුන් යනු මූණ දුටු විට බනින්න හිතෙන ජාතිය කොල්ලෙක් නො වීය, අපමණ දඩ්බ්බරයන් අතර පාඩුවේ සිටින අහිංසකයෙක් විය. කොහොම වුණත්, පාඩම් කළ යුතු විදිහත් කරුණු මතක් කළ යුතු විදිහත්, නැවතත් සිහි කරමින් අද උදෑසන සිදු වූ සිදුවීමද සිහිකර, “අන්න එහෙම ප්‍රශ්නයක් තියේ නම් අහන්න, ප්‍රශ්න ඇහැහව්වට මුකුත් කියන්නේ නැහැනේ, මං නම් කැමති එහෙම ප්‍රශ්න අහන ළමයින්ට.”යැ යි කීවෙමි.

සරලා ලැජ්ජාකාර කෙල්ලක් නොවූවත්, මා එසෙ පවසන විට ආඩම්මර මූනක් සාදාගෙන සුපුන්ට විරිත්තනු වෙනුවට මුහුන රතුකරගෙන භාගෙට බිම බලාගෙන සිටි ආකාරය සංකීර්ණ සිතුමක් සේ විය.

දැන් පාසල් යෑමත් ඒමත් සිදු වූයේ සරලා සමගය. ඉන් පෙරදීත් ඇය නිවසේදීත් කතා බහ කළද දැන් ඇය වෙනදාට වඩා සමීප වී ඇත. කුමක් හෝ හේතුවකට, අමතක කර දැමීමට තරයේ සිතට ගත් පරණ මතකයක් විසින් උත්තේජනය වී බඩු මල්ලෙන් එළියට නොගත් මට අයිති නැති මගේ අයිතියේ දමා ගිය දිනපොත කියවන අතර, බෝල බෝල ලස්සන අකුරු අතර ඒ රවුම් මුහුණ සිතින් ඉවත් වූයේ නැත. “දැන් මේවා මගෙ ළඟ තියා ගන්න බැහැනේ, පුච්චන්න හැදුවත් මට ලෝබයි, ඔයා තියාගන්න හරි කැමති දෙයක් කරන්න” කියා ඉවතට ඇදී යි, තවමත් කුමක් කිවයුතුදැයි සිතාගත  නොහැකිව බලා සිට දිනපොත් දෙස බැලූ විට ඒ අතර එක් කුඩා කොල කෑල්ලක “මට සමාවෙන්න - ජාන්වී” යැයි ලියා තිබිණි. යන්තම් බොඳ වූ දෙනෙතින් ජනේලයෙන් එළිය බලන විට පෙනෙන්නේ සරලා මොනවා හෝ භාජනයක දමාගෙන මේ දෙසට එමින් සිටින බව පමණි. ළානිල්පාට ගවුමත්, ගණ කෙස්කළඹත් තවත් අතීතාවර්ජනයක ආරම්භයක් වුවද. “මිස් ඇඹරැලලා අච්චාරු ගෙනාවා ඇතුළට එන්නම්ද?’ කියා ඇසීමෙන් අතරමග නැවතිණි. “නැහැ පුතා මං එන්නම් අපි යං වෙළ පැත්තේ”

“නියමයි, නියමයි, මිස් නිදාගෙන හිටියද, ඇස් නිදිමත පාටයි” ඇය කීවේ ඇනුම්පදයක්ද යන්න තේරුම් ගැනීම අපහසු විය.

හවස වෙලේ හුළඟ නිසා එහි කාලය ගත කිරීම සැපදායක විය. මහනියර අයිනේ පොල් කොටයකින් සාදා තිබූ බංකුවට වී වෙල දෙසත් ඇළේ හඳයින් දෙසත් බලා සිටීම ටික කලක සිට අපි දෙදෙනාට පුරුද්දක් වී ඇති සේය.

“මිස් ගොයම් පැහිල නිසා වෙළ සුවඳයි නේද?”

“ඇත්තම කියනවා නම් මට එන්නේ කෙල්ලක ළඟින් එන සබන් සුවඳ පමණයි”

“ආහ්… ඉතින් ඔයා ළඟත් සුවඳයිනේ, බේබි සබන් සුවඇඳයි, බබා…!” ඇය මගේ ගෙල දෙසට සමීප වී සුවඳ බලමින් කියයි. ටිකෙන් ටික සරලා ශිෂ්‍යාවකගේ ස්වභාවයෙන් නිදහස් වෙමින් සිටී, එහි ඇති වරදක් නැත, එයින් ඇයට සමීප වී ඇය වඩා හොඳින් විභාගයට සූදානම් කිරීමටත්, ඇයට වරදක් විය හැකි යමක් වැඩි හිටියන්ගෙන් සඟවයි නම් එයින් ඇය බේරාගන්නටත් මට හැකිය. ඇරත් වසර තුනකින් පමණ මට ලැබුණු මිතුරියත්, පවුලත් ඇයයි, එය දොසක් විය හැක්කේ කෙසේද?

“මිස් අත දෙන්න සාත්තරයක් කියන්න”

“බොරු සාත්තර”

“බොරු නෙමේ ඇත්ත අනේ දෙන්නකෝ” බලෙන්ම අත රැගෙන අත්ල දෙස බලා හිඳී

“කොහොමද අනේ මෙච්චර ලස්සනට අත් තියාගන්නේ, ඔයා රෙදි හෝදන්නෑ නේද?”

“ඇයි ම‌ගේ රෙදි හෝදන්නේ උඹද?”

“හාං මං හෝදලා දෙනවා ඉතින් මට දුන්නොත්.”

“අම්මේ ඔව් හෝදයි හෝදයි, මං දකිනවා අම්මා රෙදි වනනවා යට ඇඇඳුමුත් එක්ක.”

“අපෝ ඒවා බලන්න එපා අනේ, ඒ ඉතින් විභාගෙ නිසානේ මං වැඩනේ”

“මං නොදන්න විභාගේ”

“ඉන්නකෝ ඉන්නකෝ සාත්තරයක් කියන්න” ඇය අත ඒ අත මේ අත හරවමින් කියවයි, සිනාසෙයි. ටිකෙන් ටික ලං වී එක් අතක් උකුලේ තබාගෙන අනිත් තඅට සම්පූර්ණයෙන් හේත්තු වී බොරු සාත්තරයක් කියයි.

ඇය රෑට පාඩම් කරන්නේ මගෙ කාමරේය. ඒ නිසා ඇය පාන්දර දෙක තුන වන තුරු පාඩම් කරයි. නැති නම් දොළහටත් කලින් කාමරේ ලයිට් නිමී යයි.

මට “ග්‍රීක ශිෂ්ටාචාරය” පපුව උඩ තබාගෙන නින්න්ද යෑම නිසා අවදි වී බලන විට, සරලා මා දෙස බලා සිට එක් වර දෑස් ඉවතට ගත්තාය. “ආහ් මිස් නැගිට්ටද, මිස්ව නැට්ටවන්න ලෝබ කමට මං තව ටිකක් වෙලා පාඩම් කරා”

“අපරාදේ දන්නවා නම් එළි වෙනකම්ම නිදා ගන්නවා, කීයද වෙලාව?”

“තුනට කාලයි.”

“නිදිමතයි නේ, එනවා එනවා ලයිට් ඔ්ෆ් කරලා” ඇය ලයිට් නිවා දමා අතපත ගාමින් විත් ඇඳට ගොඩවෙයි. එක් අයෙකුට යන්තම් සෑහෙන ඇඳ අපි දෙන්නා පිරිමහ ගන්නේ මං තරමක් සිහින් නිසාය, සරලා වැනි පිරිපුන් විසේ ඇති කෙල්ලෝ දෙන්නෙකුට නම් වරකට එකා බැගින් මිස මේ ඇ‌ෙඳ් නිදියන්න වන්නේ නැත.

රස්නයක් නැතත් දාඩියෙන් යන්තම් තෙමී අවදිවන විට සරලා බෝනික්කියක් සේ තුරුළු වීගෙන සිටීඇයට බාධා නොකර නැගිටින්න හැදුවත් ඇය අවධි විය. නැවතත් ඇයගේ මුහුණ නිදිමත ගතිය සමගම සංකීර්ණ සිතුවමක් බට පත්වී ඇත. වාඩින්චිගේ හිස නොපීරු තරුණියගේ මුහුණ සේ ලාලිතයයත්, තවත් බොහෝ දේත් එක් වූවා සේය.

විභායෙන් පසු ඉංග්‍රීසි ඉගෙනගන්නටත්, බොහෝ විට චිත්‍රපටි නරඹන්නටත් ඇය පැමිණෙයි, නුමුත් ඉන් පෙර සේ බොහෝ වෙලාවක් වෙල් එළියේ ගත කරන්නට හෝ කිටි කිටියේ ඇඳ බෙදාගන්නට හෝ අවස්ථාවක් නොලැබෙන්නේ අම්මා ඇය‌ට පවරන රාජකාරි ඊට වඩා වැඩි නිසාය.

ඒත් සරලාගේ අම්මා දැන් මා සමග වැඩිය නැතැයි මට සිතේ. මා නැවතී සිටින නිවසේ අක්කා නම් කියන්නේ කාගේ හෝ මොකක් හරි වැරැද්දක් හොයා ගැනීම ඇගේ හැටි නිසා ඒවා ගණන් නොගත යුතුයි කියාය.

ගෙදර අක්කාගේ මහන මැෂිම ඇති නිසා මා දුටු ගවුම් මෝස්තරයක් සරලාගේ තරමට මැහැව්වේ, ගවුම්වලට ආසා වුණත් දැන් ගවුම් ඇන්දම පොඩියට පේනවා යැයි සිතන නිසාය. අනික අද දවල් වන විට ප්‍රතිඵල නික්තු වනු ඇත, ඒ වෙනුවෙන් පොඩි තෑග්ගක් දීමට තරම් සරලා වටිනවා යැය මට සිතේ. ඇඟ දෙපසින් පපුවට පහළ සිට උකුළ දක්වා පමණ ගවුමට උඩින් බීක්කු අල්ලා ලේස් කර ඇති, හීන් රැලි තැබූ රෝසමල් වැටුණු ළා නිල් පැහැ ගවුමට ඇය තවත් සුන්දරය. “සරලා අඵ්රොඩිටේ වගේ දැන්නම්” “මොකක් වගේ?” “වීනස් වගේ කියලා කිව්වේ, වීනස්ගේ ග්‍රීක දේවතාවිය තමා අඵ්රෝඩිටේ, ආදරයට සහ සුන්දරත්වයට අධිපති දෙවඟන”සරලාව නැවතත් රතු වෙයි, කියවා ගැනීමට අපහසු සිතුවමක් බවට පත් වෙයි.

සරලා කෙදිනක හෝ අත්නොහරින්නට සේ මා වැළඳනෙ සිටී, කම්මුල් හරහා ගලා විත් මගේ උරහිස දිගෙ උණුසුම්ව ගලා යන කඳුළුවලටත් වැඩිය ඇගේ වැළඳගැනීම උණුසුම් ය. බලාපොරොත්තු වූ සේම ඇය සරසවි වරම් ලබාගෙන ඇත. “මිස් නිසා තමයි නැත්තං මටත් හේන් කොටන්න තමා වෙන්නේ” ඇය ඉකිගැසීම අතරින් කියයි. “මිස් ගේ කඳුළු රස්නෙයි” ඇයි කඳුළු පිසගනිමින් කීවේ මගේ දෑස දෙස බලාගෙනමය. “මං අම්මට කියලා එන්නම් මිස්” යැයි කියා ඇය කිසිත් කියන්නට පෙර දිවයන දෙස අහේතුක නුමුත් සුපුරුදු හුදකලාවෙන් බලා සිටිනු හැර කළ හැකි දෙයක් නොවීය. ඇගේ අවපැහැ ගැන්වුණු දැළි ගෑවුණු කලක් කහපාටට තිබුණු පැරණි ගවුම මගේ ගමන් මල්ල උඩ සිට නිසොල්මනේ මා දෙස බලා සිටී.

පසුදා උදෑසන කාමරයට දිව ආ සරලා තාමත් ඇඳ මත සිටි මා වෙතට සුබපැතුම් පතක් වැන්නක් දී දිවගියාය. ඒහි ඇතුළත ස්තුතියෙන් පිරි කවිපන්තියක් විය. ඊට අමතරව ඒ තුළ හතරට නැමූ ෆුල්ස්කේප් කොලයක් විය. දවස් කීපයක්ම ඇය, “මිස් අරක බැලුවදැ”යි අසන සෑම විටම මා කීවේ “ඒක ලස්සන කවියක් දරුවෝ, මං අරක පස්සේ බලන්නම්කො තාම වැඩවල හිරවෙලා නේ මං” කියා පමණි.

ඇය සරසවියට ඇතුළත් වන්නට යන දිනයේ කාමරයට පැමිණ වැඳ, සීතල වැළඳගැනීමකින් පසු ඇගේ නලලත මගෙන් උදුරාගත් සීතල සිප ගැනීමක් ගෙන පිටව ගියාය. 

ක්‍රිස්තියානි සංකේත christian Symbols


ක්‍රිස්තියානි සංකේත වර්ග දෙකකි එකක් අක්ෂරලේඛ්‍ය ය, අනෙක චිත්‍ර ය. අක්ෂරලේඛ්‍ය යනු අක්ෂර එක් කර
සාදාගන්න සංකේත ය. ඒවා පහත පරිදි දැකිය හැක.
.
  1. ඇල්ෆා සහ ඔමේගා Α Ω

සිව්වැනි සියවසට අයත් ගුහා සොහ‌ොන් සිතුවමක ඇල්ෆා ඔමේගා

මෙය බයිබලයේ එළිදරව්. 1.8 දී "ආරම්භය ද අවසානය ද මම වෙමි" යන අදහසින් එහි ම 21.6 ආදි තැන්වල
“Ἐγώ εἰμι τὸ Ἄλφα καὶ τὸ Ὦ,” ( "මම ඇල්පා සහ ඔමේගා ය") යන ජේසුස්වහන්සේ ගේ වචනයැ යි
දක්වන කොටස් මගින් ගෙන ඇත. මෙහි ඓතිහාඓක සහ ප්‍රාමාණික හෝ මුලින් ම ලියවිල්ලට ඇතුළත් වූ කාලය පිළිබඳ
ගැටලුවක් ඇතත්, මෙයි අදහස් කෙරෙනේ ආරම්බහය පෙරත් අවසානයට පසු වත් ජේසුස්වහන්සේ පාතින බවය
ඒ දෙකෙහිම කාරණය උන්වහන්සේ බව ය. මෙහි දී ලෝකයේ හෝ මනුෂ්‍යයා ගේ ආරම්භය සහ අවසානය
අදහස් කර ඇති බැව් පැහැදිලි වේ. මුල් කාලීන ක්‍රිස්තියානි ලියවිලිවලත් ගුහාසොහොන්වලත් මෙම සංකේතය
දක්නට ලැබෙන්නේ ය.
මා ගේ පෞද්ගලික අදහසක් (මෙය කිසිම දේවධාර්මිකය්ව්ක් ඉදිරිපත් කර ඇති බවක් දන්නේ නැහැ,
මේකට ගන්න හේබ්‍රෙව් සම්ප්‍රදාය පිළිගත් එකක්.) ජේසුස්වහන්සේ ඇරමැයික් හෝ හේබ්‍රෙව් භාවිත කළ කෙනෙක්
විය යුතු නිසා උන්වහන්සේ මෙවැන්නක් පැවතුවා නම් පවසන්නට ඇත්තේ මා א  'ආලෙෆ්' සහ ת 'ථව්'
(හෙබ්‍රෙව් ඇරමැයික් හෝඩිවල මුල සහ අවසාන අක්ෂර දෙක) වෙමි ලෙස ය. එය එසෙ නම්
(ඒ හැර ඇල්ෆා ඔමේගා කීව ද කියන්න හේබ්‍රෙව් ඇරමැයික් සංස්කෘතියට අදාළ නිසා) මෙය තේරුම් ගත යුත්තේ
හේබ්‍රෙව් සම්ප්‍රදාය අනුව ය. උප්පත්ති පොතේ දී අහසත් පොළවත් ලෙස දැක්වී අර්ථයෙන් ම ය.
එහිදී අහස සහ පොළවත් ඒ අතර ඇති සියල්ලත් ලෙස අර්ථ ගත යුතු ය. මුල සහ අග හෝ අන්ත දෙකක් දැක්වූවිට
එය සියල්ල ලෙස ගනීම හේබ්‍රෙව් සම්ප්‍රදාය යි. එස්වෙ නම් ඇල්ෆා ඔමේගා හෝ ආල්ෆා ථාව් හෝ
තේරුම් ගතයුතු වන්නේ මා සියල්ල ම වන්නේ ය ලෙස ය. එය යම් සර්වේශ්වරවාදී ස්වරූපයකට යන්නේ නුමුත්
ශූන්‍යයකින් ලෝකය මැවූ දෙවියන් සියල්ල ම ලෙස සැලකීමට ඇතැම් විට යොමුවූවා විය හැක.
.
  1. ස්ටෞරෝලේඛ්‍ය  σταυρός

ඊශ්‍රායලයෙන හමු වූ ස්ටෞරෝස් සහිත තෙල් පහනක්

මෙයත් මුල් ක්‍රිඅතියානි සභාද භාවිතයට ගත් සංකේතයකි. මෙය සහ-අක්ෂර ලේඛ්‍ය (monogrammatic)
සංකේතයක් වේ. උරුසය සඳහා වන ග්‍රීක ශබ්දය වන  σταυρός (ස්ටෞරොස්) ශබ්දයේ වන ට් Τ සහ ර් Ρ ක්ෂර
සංයෝගයෙන් සාදාගත් සංකේතයකි. මෙයට කුරුසයේ උපකාරය හෙවත් කුරුස පත් වීමෙන් මනුෂ්‍යයාට
දෙවියන්වහන්සේ කළ උපකාරය සංකේතවත් වන බවට ද මතයක් ඉදිරිපත් වී ඇත. මෙය ශුද්ධ ලියවිල්ලේ සහ
සැරසිලිවල සලකුණු කර ඇත.




3. ඛීරෝ ලේඛ්‍ය ΧΡ
රෝමයේ ගුහා සොහොනකින් හමුවන ඛීරෝ ලේඛ්‍යයක්

මෙය ස්ටෞරෝලේඛ්‍යයේ දිගුවක් ලෙස සැලකිය හැක. මෙහි ආරම්භය කොන්ස්තන්තියන් අධිරාජ්‍යයා සමග
සම්බන්ධ වන අතර යුද්ධයකට යාමට පෙර සිහිනයෙන් පෙනුනෙක් සොල්දාදුවන් ගේ පලිහවල ශුද්ධ වූ දේව සලකුණ
සලකුණු කරන ලෙස පැවසූ අතර පසුදින රජු ස්ටෞරෝලේඛ්‍යය පලිහවල සටහන් කිරීමට අන කළේ ය.
එදින සටන ජයගත් අතර සේනාවට සහ රජුට එක්වර ප්‍රාතිහාරයක් පවසා ඇත්තෙ (පෙනුණු බව ආදි විවිධ දෑ පැවසේ)
"මෙයින් ඔබ යටත් කර ගනිති." යන්න යි. එයින් පසු χριστοσ ඛ්‍රිස්ටොස් යන ග්‍රීක ශබ්දයේ ඛ් X සහ ර් P අක්ෂර
එක් කර මෙම ලේඛ්‍යය සාදා ඇත. පසුව මෙය කතෝලිකයන් අතර සුලබ ව භාවිතවන සංකේතයක් බවට පත් විය.
මෙයින් කුරුසයත් කුරුස පත් වීමත් දැක්වෙන අතර X අක්ෂරයෙන් ස්වර්ගය දැක්වෙන බවට ද මතයක් වේ.
කෙසේ වුවත් ම්ව්‍යින් කුරුසයෙන් ගැලවීම හෙවත් ජේසුස්වහන්සේ තුළ ගැලවීම ලැබීම සංකේතවත් කෙරෙන බ්ව
පිළිගැනේ. විවිධාකාරයෙන් සැරසිලි සහ නිර්මාණ සඳහා මෙය භාවිත වේ.
.
  1. යේ ලේඛ්‍ය ΙΗ

රෝමයේ ගුහා සොහොනකින් හමුවන යේ ලේඛ්‍යයක්

මෙය ද Ιησους (ඉඒසොඋස්) පදයේ ඉ I සහ ඒ H අක්ෂර දෙක එක කර සෑදූවකි. මෙමගින් ග්‍රීක 18 ද
සංකේතවත් වන අතර එමගින් ගැලවීම දේව අනුග්‍රහය විශ්වාසය ගිවිසුම සංකේතවත් වන බව පිළිගැනේ.



5. ඉඛ් ලේඛ්‍ය ΙΧ


Ιησους Χριστοσ (ඉඒසොඋස් ඛ්‍රිස්ටොස්) හෙවත් ජේසුස් ක්‍රිස්තුස් යන පද දෙක් මුල් අක්ෂර දෙක ගෙන IX ලෙස
මෙම ලේඛ්‍යය සාදා ඇත මෙයින් ද කිඅතුස් වහන්සේ ඉදිරිපත් වන අතර මෙහි සංඛ්‍යා අගය ද අක්ෂර අගය ද සමාන වන
බව ද මුල් සභා පියවරුන් ඉදිරිපත් කර ඇත. මෙහි X අක්ෂරය පසුකාලීන ව කුරුසය ජේසුස්වහන්සේ සහ ගැලදීම සේ ම
ස්වර්ගය ද නිරූපණයට යොදාගෙන ඇත. එක්ස්මස් යන්න මේ අනුව සකසා ගත්තක් බව පැවසේ.
.
ක්‍රිස්තියානි සංකල්ප ඉදිරිපත් කිරීමට රූප සිතුවම් ද යොදාගැනීම දැකිය හැකි ය මේ එවැනි රූප කීපයකි.




  1. කුරුසපත්වීම

සිව්වවැනි සියවසට අයත් කුරුසපත් වීම් නිරූපණයක්

මුල් ක්‍රිස්තියානි සභාව තුළ ව්‍ය.ව දෙවැනි සියවසේ දී කුරුසය සංකේතවත් කිරීමට ග්‍රීක හෝඩියේ T අක්ෂරය
භාවිත කර ඇත. ඇලෙක්සැන්ඩෙඉයාවේ ක්ලමෙන්ට් තුමා කුරුසය Το κυριακον σημειον
(ටො කුරිඅකොන් සේමෙඊඔන්) (දෙවියන් වහන්සේ ගේ සලකුණ) ලෙස දක්වා ඇත. එසේම එතුමා උත්පත්ති 14.14 දී
එන ආබ්‍රහම් තම ඥතිවර බෑනා සිරබාරයට ගෙන ගිය විට සිය කඳදුරේ සිටි යුධ පුහුණුව ලැබූ 318 දෙනෙකු රැගෙන
සතුරන් ලුහු බැඳිබව දැක්වෙන තැන 318 ග්‍රීක ඉලක්කම අනුව සලකා කුරුසපත්වීම නිරූපණය කරන බව දක්වා ඇත
ග්‍රික ඉලක්කමින් 318 ලියනුයේ 300 T + 10 I + 8 H > TIH ලෙස ය. මෙහි T සහ I අක්ෂර කුරුසය ලෙසත් H අක්ෂරය
ΙΗΣΟΥΣ ලිවීමේ දී එන H අකුරෙන් ජේසුස්වහන්සේ සංකේතවත් කරන බවත් දක්වා ඇත. නුමුත් පසුකාලීන
බයිබල් විචාරකයන් මේ මතය අදාළ කොටස සම්බන්ධයෙන් සැලකූ බවක් දකින්නට නැත.
මුල් යුගයේ මෙසේ භාවිත වුව ද පීඩන සමයෙන් පසුව ක්‍රිස්තියානීන් විසින් ග්‍රීක සහ ලතින් කුරුස භාවිතය
ආරම්භ කර ඇති අතර කලා කෘතීන් හෝ යොදා ගැනීම ආරම්භ කර ඇත. නුමුත් පැහැදිලි ලෙස භාවිත වීම
ආරම්භ වන්නේ පස්වැනි සියවසේ දී ය.
.
  1. මාළුවා

හතරවැනි සියවසට අත් මාළු සංකේතයක්

මෙය මුල් ම ක්‍රිස්තියානි සභාවේ පීඩන සමයේ දෙවැනි සියවසේ ජනප්‍රිය වූ රහස් සංකේතයකි. ග්‍රීක බසින්
Ιχθυς (ඉඛ්ථුස්) හෙවත් මත්ස්‍යයා ලෙස මෙය හඳුන්වා ඇති අතර එය ඉංගිලිිසියට ගෙන ඇත්තේ Ichthys ලෙස ය.
මෙමගින් ද සංකේතවත් කෙරෙන්නේ ජේසුස්වහන්සේව ම ය. එය ඉඛ්ථුස් පදයෙ එක් එක් අක්ෂර වෙන ම
පද සංකේතවත් කරන ලෙස ගෙන ඇත.
Ι - ιησους ඉ - ඉඒසොඋස් = ජේසුස්
Χ - χριστος ඛ් - ඛ්‍රිස්ටොස් = ක්‍රිස්තු
Θ - θεου ථ් - ථිඔ.උ = දෙවියන් ගේ
Υ - Υιος උ - හුඉඔස් = පුත්‍රයා
Σ - σωτηρ ස් - සෝටේර් = ගැලවුම්කරු
එනම් ඉඛ්ථුස් පදයේ අර්ථය වන්නේ ජේසුස් ක්‍රිස්තුස් දෙවියන් ගේ පුත්‍ර ගැලවුම් කරුවා යන්න යි.
මෙම අදහස හිප්පො හි ඔගස්ටින් තුමා විසින් ඉදිරිපත් කර ඇත. අකුරු විසිහතක් ඇති බවත් එයින් දිව්‍යමය බලය
දැක්වෙන බවත් එතුමා දැක්වුව ද මෙහි අකුරු ඇත්තේ විසිහයක් පමණි.

  1. යහපත් එඬේරා

තෙවැනි සියවසට අයත් ගුහා සොහොන් සිතුවමක්


මෙය නව ගිවිසුමේ, ග්‍රීක භාෂාවෙන් Ποιμην ο καλος
(පොඉමේන් ඕ කලොස්) ලෙස දක්වා ඇත්තෙ යහපත් එඬේරා යන්න යි.
එය ජෝහන් 10.11 දී "යහ්පත් එඬේරා මම වෙමි.
යහපත් එඬේරා තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය."
ආදි ලෙස දක්වා ඇත. යින් අදහස් කෙරෙන්නෙ ජේසුස්වහන්සේ
මනුෂ්යයා වෙනුවෙන් කුරුසයේ දුක්විඳීමෙන් තම මාංශයෙන් සහ
රුධිරයෙන් කළ යාගය යි. මෙම රූපයේ දැක්වෙන්නේ බැටළුවෙකු කරේ
තබාගෙන සිටින එඬේරෙකු ය. අතරමං වු බැටළුවා තම කරපිටින්
ගෙන යෑම එයින් නිරූපිත ය. මෙය මුල් කාලීන ගුහාසොහොන්වල
නිරූපණය කර ඇත. දැනට හමුවන පැරණිම ක්‍රිස්තියානි කලා කෘති
අතරට මෙම රූප අයත් වේ.
.



9. පරවියා
ඔලිව්හා අත්ත ගත් පරෙවියා ගුහා සොහොන් සිතුමක්

මතෙව් 3.16 පදයේ දී "ජේසුස් වහන්සේ බෞතිස්ම ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක.
එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේ ගේ ආත්මයාණන් පරවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු
උන්වහන්සේ දුටු සේක." මෙනිසා පරෙවියා මගින් ශුද්ධාත්මයාණන් වහන්සේ සංකේතවත් කෙරෙන බව පැහැදිලි වේ.
එසේ ම නෝවා ගේ කතාවේ දී ජලය බැස ගිය පසු පරවියා ඔලිව් අත්තක් රැගෙන පැමිණීම මගින් මුල් සභා පියවරු
පරවියා සහ ඔලිව් අත්තෙන් ජේසුස්වහන්සේ කුරුසයෙන් ගැලවීම රැගෙන පැමිණි බව ඉදිරිපත් වේ යැ යි සැලකූහ.
.
  1. මොණරා

අටවැනි සියවසේ ඉතාලි පල්ලියක මොණර රූප

පුරාණ ග්‍රීකයන් ගේ අදහස වූයේ මරණයෙන් පසු මොණරා අමරණීයත්වයට පත් වන බව යි.
එනිසා මොණරා අමරණීයත්වයේ සංකේතයක් ලෙස යොදා ගැණින. මුල් ක්‍රිස්තියානි සභාව තුළ ස්වර්ගීය අමරණීයත්වය
උත්තානය දැක්වීමට මොණරා යොද ගැණිනි. එනම් ගැලවීම සංකේත්වත් කෙරිණි. එසේ ම පෙඳයේ ඇස්
බොහෝමයක් ඇති නිසා සියල්ල දකිනා දෙවින් වහන්සේ ද මෙයින් අදහස් කර ඇත. එසෙ ම එකම තැනකින් ඇති වන
ඇස් බොහෝමය නිසා මැවීම ද මොණරා ගෙන් සංකේතවත් වන බව පැවසේ. ජීවනයේ වෘක්ෂය දැක්වීමේ දී
මොනරා නිරූපණය කිරීම සිදු වේ.
.
මෙවන් සංකේත තවත් ඇති අතර ම්ව්‍යින් දක්වා ඇත්තේ කීපයක් පමණි. මෙම සංකේත භාවිතාවේ ඒකාකාරී ස්වභාවයක්
දැකිය හැකිය. සියලු ම සංකේත පාහේ ක්‍රිස්තුස්වහන්සේ සහ ගැලවීම නිරූපණය කිරීමට යොදාගෙන ඇති අතර,
එයට ප්‍රධාන හේතුව මුල් යුගයේ පැවති පීඩන සමය තුළ තම විශ්වාසය ප්‍රකාශ කිරීම යැ යි සිතිය හැක. මෙම සංකේත
නිපදවා ගැනීමේ දී භාෂාවේ අක්ෂර රූපයන් ගේ සමාන කම් සහ අර්ථවාද නිර්මාණය ගැන අවධානයක් දී ඇති අතර
චිත්‍ර රූප නිර්මාණයේ දී ඒ වනවිට භාවිත වූ රූප ම වෙනස් ආගමික අර්ථයකින් ස්වරූපයකින් භාදිත කිරීමට පෙලඹී ඇති
බව දැකිය හැක. එසේ ම මෙම සංකේත විවිධ දේවවේදීන් විසින් විවිධ කාලවල දී විවිධාකාරයෙන් අර්ථ දැක්වීමට
කටයුතු කර ඇති අතර ග්‍රීක සංඛ්‍යා ක්‍රමයේ සහය ඇතිව සංඛ්‍යාමය සංකේත ලෙස ද අර්ථ විවරණය කිරීමට උත්සාහ කර
ඇත. විශේෂයෙන් 2වැනි සියවසේ සිට 5වැනි සියවස දක්වා කාලයේ මෙසේ අර්ථ විවරණ සැපයීම වැඩි වශයෙන්
සිදුවී ඇති බව දැකිය හැක.
එසේ ම මෙම සංකේත අතර අතීතයේ ලෝලයේ එක් කොණක සිටි මිනිසුන් ගේ විශ්වාසය සහ භක්තියත්,
සිතුම් පැතුම් සේ ම ආගම වෙනුවෙන් රහසිගතව ජීවත්වූ මිනිසුන් ගේ ජීවන සුවඳ ද පවතින්නේ ය. එසේ ම ආගමේ
නාමයෙන් සිදුවුණු සංහාරයන්වල අඳුරු පැල්ලම් ද තවමත් නො මැකී ඇත. ඒ සියල්ල එකතු කරගනිමින් ආගම නැමැති
ඕඝය තුළ අතීතයේ සිට අනාගතයට ගලා යමින් ඇත.


සැඟවුණු සිතුවම


නිවාඩු දිනයේ වැඩි වේලාවක් නිදා ගැනීමට සිතා සිටිය ද කෙටිපනිවිඩයක් නිසා අවදි වී කේන්තියෙන් දූරකථනය අතට ගත්ත ද කේන්තිය තරමක් පහව ගියේ ඒ චතුමි බව දුටු විට ය. එයට හේතුව නම් ඕ කෙටිපනිවිඩයක් එවන්නේ කුමක් හෝ වැදගත් දෙයක්; විෂය කරුණක් ආදිය විමසීමට නිසා ය. ඇය ගේ කෙටිපනිවිඩය "ගුඩ්මෝනිං" පමණක් විය. "G.m chatu" යැ යි එයට ප්‍රතිචාර දක්වා නැවත කොට්ටයේ හිස ඔබා ගත්තේ තවමත් නිදා ගැනීමට ඇති ආශාව නිසා ය. නුමුත් නිදාගැනීමට අවස්ථාවක් ලැබුනෙ නැත. දූරකතනය හඬ නො නැගුව ද පනිවිඩයක් ආ විගස ම්ම්ම් ම්ම් හඬින් වෛට්බ්‍රේට් වීමත් නිවි නිවි දැල්වෙන කුඩා ආලෝක බින්දුවත් ඒ පනිවිඩය කියවීමට බල කළේ ය.  පෙර දින සේ ම ඈ සමග කතාවට වැටී ඉතිහාසය කලාව ගැන විවිධ දෑ ගැන කතා කරමින් ඇඳට වී සිටියෙමි. ඇය සමග ඇරඹෙන එවැනි කතාබස් ජීවිතය හෝ සමාජය ගැන සංවාදයන් ගෙන් අවසන් වෙයි. එය ඒකා කාරී යැ යි මට සිතිණි. නුමුත් ඇය සුන්දර යුවතියකි. සුන්දර යුවතියක සමග කතාබහ ඒකාකාරී යැයි නවතන පිරිමින් සිටී ද.
 බදාදා දවසේ පන්ති නො පැවැත්වෙන නිසා ලැබුණු සම්පූර්ණ නිදහස් දවසේ අලුත් සිතුවම ගැන සිතිය යුතු යැ යි සිතුව ද ඒ සඳහා කිසිදු නිරවුල් හෝ සතුටු දායක අදහසක් ආවේ නැත. "ආදරය" එක පුදගල රූපයකින් නිරූපණය කරන්නේ කෙසේ ද. මේ තේමාව මා වැනි ආධුනිකයෙකුට බර වැඩි විය හැක. මා එතෙක් නිර්මාණය කර තිබුණේ අඳුරත් ආලෝකයත් එක් වී ස්වභාවධර්මයේ වන සුසංයෝගයන් ය. අඳුර කියා දෙයක් නැත. ආලෝකය පමණි ඇත්තේ. එය නැති තැනක ඇති හිස්බව අඳුර ය. අඳුර අඳුර ම ලෙස පවතී නම් එහි නරකක් නැත. ආලෝකය ආලෝකය ලෙස පවතී නම් අවුලක් නැත. නුමුත් ආලෝකයත් අඳුරත්; පවතින ආලෝකයත් මායාවී අඳුරත් එක් වී සියල්ල අවුල් කර දමයි. ඒ අවුල ම වුවත් සුන්දර ලෙස විඳගත හැකි ය. අඳුරු හිස් මාවතක, යන්තම් සඳ පායා ඇති වනාන්තරයක හෝ තරු එළියේ නිදා වැටෙන මුහුදු වෙරළක ඒ අවුලේ සුන්දරත්වය රූපණය කළ හැක. කැන්වසය මත ඔහේ ගලා යන තීන්ත ධාරාවන්වලට ඒ මා සුන්දර ලෙස දකින අවුල නිරූපණය කළ හැක. නුමුත් තවමත් "ආදරය" මානව රූපයක් තුළ නිරූපණය කළ හැකි ආකාරය සිතා ගත නො හැකි විය. ඒ සඳහා මොඩලයක් සොයාගත යුතු ය. නිරූපිකාවක් සොයාගත යුතු ය. ඇයව ඊට උචිත ලෙස නිරූපණය කළ යුතු ය. නුමුත් ඒ කෙසේ ද.
මට චතුමි ගෙන් ඒ ගැන විමසිය හැකිව තිබිණි. ප්‍රදර්ශනයට තබා එයින් පසු මා ළඟ ම තබාගන්න පොරොන්දුව පිට ඇය ඊට එකඟ වනු ඇත. ඇය ගේ මුහුනේ එක් එක් අවස්තාවල පිහිටන රේකා යම් රිද්මයක් සහිත ය. ඇගේ ඇස් තුළ ඊට ආවේනික අලෝකයක් ඇත. නුමුත් ඒ රේඛා හෝ ඒ ආලෝකය කෙදිනක වත් මාගේ කැන්වසය මත පිටපත් කරන්නට මට හැකියාවක් ඇතැයි මට නො සිතිණ.  එයින් මා ගේ සම්පූර්ණ අදහස ඉදිරිපත් නො වනු ඇත. 
තේ එකකට වැඩි යමක් සාදා ගැනීමට නො සිතුණු නිසාත්, කළ යුත්තේ කුමක් ද කියා තීරණය කළ ද එය කළ නො හැකි නිසාත් අයාලේ යන්නට සිතිණි. මා අයාලේ යන සෑම ගමන ම නවතින්නේ පොත් හලක ය. එදින ද මා ගේ ගමනාන්තය වූයේ සරසවි පොත් හල ය. පෙර සිතා ගත් පොතක් නොමැති නිසා විවිධ පොත් බලමින් කාලය ගත කරන අතරේ එක්වර ම, "එස්ක්‍යුස් මී" යැ යි මට කතා කළේ ය. ඒ මීට මසකට පමණ පෙර කොළඹ පොත් ප්‍රදර්ශනයේ දී හඳුනා ගත් තරුණයෙකි. ප්‍රදර්ශන පරිශ්‍රයේ සේකර පිළිබඳ පැවති සංවාදයක දී ඔහු හමු විය. ඔහුව මට මතකයේ තිබුණේ කවියෙක් සහ නැට්ටුවෙක් ලෙස ය. ඒ ඔහු මට එදින ඔහු ගේ පළමු කවිපොත නොමිලයේ ම ලබා දුන් නිසා ය. නුමුත් ඔහු පරිගණක ඉන්ජිනේරුවෙක් විය. එදින අපගේ පළමු හමු වීම වුව ද සැබෑ ලෙස චලන හඳුනා ගැනුනේ සරසවි පොත් හලේ දී ය. "ආහ් චලන නේ ද?" "ඕහ් කළිඳුට නමත් මතකයි නේ" "නැතුව එහෙන අමතක වෙනව ද" ආදි සාමාන්‍ය ආරම්භයකට පසු තවත් පැයක් පමණ පොත් සාප්පුවේ ඒ මේ අත යමින් සාහිත්‍යය ගැන කතා කරමින් කාලය කා දැමුවෙමු. පෙර දා දැනගත නොහැකි වුව ද එදා දැනගත් පරිදි ඔහු නිවස මගේ නිවසේ සිට පැය භාගයක පමණ බස් ගමනක දුරින් පිහිටා ඇත. ඔහු සමග නිදහසේ වෙන ම ලෝකයක සේ විවිධ විෂයන් ඔස්සේ කතාබහ කරන්නට ලැබීම සතුටට කාරණයකැයි කිව යුතු නැත.
එයින් පසු උදෑසනටත් දහවලටත් දෙකට ම එකවර ආහාර ගැනීමට ටවුමේ තිබූ කුඩා කඩයකට ගොඩ වී බලෙන් ම වාගේ ඔහු සමග ආහාර ගතිමි. ඒ අතර අපි එකිනෙකා ගේ වැඩ ගැන කතා කරන විට මා ඔහුට මා ගේ සිතුවමේ අදහස පැවසීය. එය ඉතා ම අපැහැදිලි ගැටලු කාරී පැහැදිලි කිරීමක් බව මට එවලේ ද වැටහුණි. නුමුත් ඔහු උවමනාවෙන් එය අසා සිටියේ ය. ඔහු ගේ මුහුනේ දවසකින් දෙකකින් නො කැපූ රැවුළ නිසා එහි සිදුවන සියුම් වෙනස් කම් ද පැහැදිලි ව දැකිය හැකි විය. පැහැදිලි රිද්මයානුකුල සහ තද ස්වභාවයකින් යුතු රේකාවන් ගේ සියුම් අනවරත චලනයන් සහ සෙමින් ඒ මේ අත බලන දෑස ද ඇපලෝ ගේ රූපයේ ඇති පූර්ණත්වය සිහි ගැන්වී ය.
ඒ පළමු දීර්ඝ හමු වීමට පසු ඔහු සමග දීර්ඝ දුරකතන සංවාද ඇති විය. කවි ගැනත් සිතුවම් ගැනත් මිනිස් ඉතිහාසය ගැනත් නොනිම් තොරතුරු අප අතර හුවමාරු විය.
මේ අතර මට බොහෝ අවස්තාවල දී චතුමි සමග කතා බහ කරන්නට වෙලාවක් හිමි වූයේ නැති තරම් ය.  සංවාදයක් ඇරඹුන ද එය බොහෝ විට අතරමග අඩාල විය. දිනක් හවස හතරට පහට පමණ ගේට්ටුවට තට්ටු කරන හඬ ඇසී නිවසින් පිටතට ගොස් බැලුවෙමි. ඒ චතුමි ය, ඇගේ නැගණිය සමග පැමිණ ඇත්තේ. ඇය අත භාජනයක් තිබිණි. "ආ මෙන්න හැලප හැදුව අම්ම. මං ඉතින් අරං ආවා අම්ම කිව්වා නංගි එක්ක ගිහින් දීල එන්න කියලා." යැ යි ඕ කියාගෙන කියාගෙන ගියා ය. ඇයට ස්තුති කර එය ලබාගෙන ඔවුන් නිවසට කැඳවා මා ළඟ තිබූ චොකලට් ඔවුන් දෙදෙනාට ලබා දිණි. පසු ව නංගී සුපුරුදු පරිදි චිත්‍රකාමරයට ගොස් එහි කාලය ගත කරන්නට විය. එය පැයක පමණ කතාවක ආරම්භය විණි. චිත්‍රප්‍රදර්ශනයේ වැඩ නිසා දෝ එදින වෙනදා මෙන් ඈ සමග කතා කිරීමට තරම් හිත නිදහස් නො විණි, ඇතැම් විට ඇයට ද එය වැටහෙන්නට ඇත. ඒ නිසා දෝ ඇයගේ කතාබහ අතර ඇනුම්පද ද තිබිණි යැ යි මට සිතේ. වෙනදා බොහෝ විට මම ඇය ගේ ගවුම ලස්සන යැ යි හෝ කුමක් හෝ පවසමි. ඇත්තට ම ඇය ලස්සනට අඳී, පළඳී. නමුත් එදින මට එවැන්නක් කීමට අමත විය. ඇතැම් විට ඕ ඒ නිසා සිත් රිදවගත්තා විය හැක.
"දැන් ප්‍රදර්ශනේට දින කිට්ටුයි නේ ද? තව ගොඩක් චිත්‍ර අඳින්න තියෙනවා ද?
"නැහැ චතූ තව එක ම එකයි අඳින්න තියෙන්නෙ."
"ආ.. ඒ මොකක් ද?"
"ආදරය..."
චතුමි කුමක් හෝ කියන්නට සැරසුන ද එවිට ම චලන ගෙන් දූරකතන ඇමතුමක් ආ නිසා මා එයට උත්තර දුනිමි.
"හෙලෝ... චලන.. දැන් එන්න ද යන්නේ... හරි එන්න මං ගෙදර..."
"අයියෙ... එහෙනම් අපි යන්නම්, දැන් ඔයා ගේ යාලුවෙකුත් එනවා නේ. නංගී..... එන්න අපි යං අයියට වැඩ නේ..."
ඕ ඇයගේ නැගණිය සමග පිටව ගොස් කෙටි වේලාවලින් චලන නැටුම්වලට ගන්නා මේකප් බඩු ද රැගෙන මා ගේ නිවසට පැමිණියේ ය.
ඔහු හේ අදහස වූයේ සිතුවම් කලාවත් නර්තනයත් දෙක ම එක ම කාර්යයක් මාධ්‍ය දෙකකින් කිරීමක් බව ය. සිතුවම සායම් මගින් කැන්වසයක භාවයන් නිරූපණය සඳහා හැඩතල යෙදීමක් වන අතර නර්තනය යනු වේදිකාවක ශරීරය මගින් භාවයන් නිරූපනයට හැඩතල මැවීමක් බව ය.
කෙසේ වුවත් මේකප්බඩුවල අවශ්‍යතාවක් ඇතැ යි මට නො සිතිණ. සෙටිය මත ඔහු හිඳගත් විට, නැවතත් එහි වෙනස් කිරීමට කිසිවක් ඇතැයි මට නො සිතිණ.  සෑම රේඛාවක ම සරල හැඩතලයක ම එකිනෙක බැඳුණු රිද්මයක් පැවතිණි. මම මාගෙ සිතුවම අවසන් කළෙමි.

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...