සිංහල යනු
ඉන්දු-ආර්යභාෂාපවුලට අයත් භාෂාවක් බව වාග්විද්‍යාඥයින්ගේ පොදු මතය යි. ප්රාග්දේශජභාෂාවක
යම් තරමක ආභාසයක් ලැබූ මුත් අද්‍යතන සිංහලය ඉන්දුයුරෝපීය මූලභාෂාවෙන් ප්‍රභවිත
සංස්කෘත ආදී වූ ඉන්දු-ආර්යභාෂාවන්ගෙන් ඍණිකෘත වූවකැ යි කිව හැක. එම නිසාවෙන් මැ
පෙළ-සකු-බසැ ඇති ලකුණු අදහෙළබසැ දු දැක්ක හැක. එම ලක්ෂණ අතරැ වාග්කෝෂය හැරුණු විට
වාක්‍ය රටාව මුල් තැනක් ගනී.
භාෂාවක ඇති වාක්‍ය රටාව
සදහා එම භාෂාවේ ඇති විභක්ති ක්‍රියාකාරිත්වය බොහෝ සේ බලපායි. උදාහරණයක් ලෙස චීන
භාෂාවේ කිසිදු හේතුවක් නිසා වාක්‍යයක වචන යෙදී ඇති පිළිවෙල වෙනස් නො කළ හැකි ය මන්
ද යත් එසේ කළ හොත් වාක්‍යයෙහි අර්ථය වෙනස් වෙයි. නුමුත් සිංහලයේ සහ පාළි සංස්කෘත
භාෂා වලැ එය එසේ නො වන අතර වාක්‍යයෙහි ඕනෑ ම තැනක කර්තෘ, කර්ම සහ ආඛ්‍යාත යන පද
යෙදිය හැක. උදාහරණයක් ලෙස “ඔහු යුද්ධයට ගියේය“ යන වැකිය ගත හැකි ය.
ඔහු යුද්ධයට ගියේය. (එයා යුද්ධෙට ගියා)
යුද්ධයට ගියේය ඔහු. (යුද්ධෙට ගියා එයා)
ගියේය ඔහු යුද්ධයට. (ගියා එයා යුද්ධෙට)
ඔහු ගියේය යුද්ධයට. (එයා ගියා යුද්ධෙට)
යුද්ධයට ඔහු ගියේය. (යුද්ධෙට එයා ගියා)
උක්ත ලෙස ලිවීමේ හැකියාව
සිංහලයට ලැබී ඇත්තේ “ඔහු“ (‘‘එයා‘‘) “යුද්ධයට“ (“යුද්ධෙට“) යන පද වලැ ඇති
විභක්තියේ සවිමත්බව නිසාවෙන් ය. පාළි සකු ආදී භාෂා වලදී ද එය එසේ ම ය. “ස: යුද්ධාය
අගච්ඡත්.“ යන වැකිය “යුද්ධාය අගච්ඡත් ස:“ ආදී ලෙස ද යෙදිය හැකි ය. මෙලෙස සවිමත්
විභක්ති රූපයන් හිමි-වීම නිසාවෙන් පැරණි භාෂාඥයෝ මෙම විභක්ති පිළිබද විමසා ඒ
පිළිබද දීර්ඝ වශයෙන් විස්තර සැපයිම සිදුකර ඇති බව පාළි සංස්කෘත ආදී භාෂාවන්ගෙන්
රචිත ව්යාකරණග්රන්ථ කෙරෙන් දැක්ක හැකි ය. ඒ හා සමාන විභක්ති රූපයන් ඇති සිංහලයට
ද ඒ කරුණු බොහෝකොට ගැළපුණු නිසාවෙන් මේ දක්වා ම සිංහලයේ විභක්ති හැදෑරීම සදහා ද එම
මාතෘභාෂාකෘතව්යාකරණග්රන්ථ ම ගුරුතැන්හි ලා සලකනු ලබයි. නුමුත් මෙම සාම්ප්‍රදායික
විභක්ති ක්‍රමය ලේඛන ව්‍යවහාරය සදහා ම වන අතර එම විභක්ති ක්‍රමය කතිතභාෂාවට ඈදා
ගැනීමේ නො හැකියාවක් ඇති සේ පෙනී යයි. නුමුත් කෙනෙකුට එය එසේ නො වන බව පැවසිය හැකි
ය. මන් ද යත් මේ මේ අදහස් ඇති වචන මේ මේ විභක්තියට අයත් වේ යැ යි කතිත භාෂාවේ දී
දැ වෙන්-කර දැක්විය හැකිවීම නිසාවෙන් ය. නුමුත් විභක්ති යනු මුලින් සාදාගත් කොටස්
වලට භාෂාවේ පවතින වචන, එම වචනයන්ගේ සැකැස් ම ගැන නො සිතා බෙදා දැක්විම ද? එය එසේ
නම් උක්ත දැක්වූ සාම්ප්‍රදායික විභක්ති මැ කතිත සිංහලයෙහි ද යෙදිය හැකි ය. එසේ නම්
පළමුව විමසිය යුතු වන්නේ විභක්තියක් යනු කුමක් ද යන්න යි.
සරලව මැ අරුත් දක්වන්නේ
නම් විබත් යනු පදයක් ඒ ඒ අවස්ථාවට උචිත අයුරින් සකසා ගැනීමට, නාම පද අගින් යොදන ප්‍රත්‍යයන්
ඒ ඒ අවස්ථා අනුව බෙදා දැක්විම යි. මෙය උදාහරණයක් මගින් තව දුරටත් පැහැදිළි කරගත
හැක.
(පහත තද කලු අකුරින් දක්වා ඇති තැන්වලැ යෙදී ඇති
“අ“ කාරය “අම්මා“ පදයෙහි “අ“ මෙන් විවෘතව හැසිරවිය යුතු ය. ඉදිරියෙහි ද නො දක්වා
ඇති මුත් ඒ සමාන තැන්හි එසේ හැසිරවිය යුතු ය)
ළමය සිංදුවක් කියනව.
යාලුවෙක් ළමයට ගහනව.
ළමයගෙ ගඋ(ව්)ම රෝස පාට යි.
උක්ත වැකි තුනෙහි ඉරි
ඇදි වචනයන්හි ප්‍රකෘතිය එක මැ පදයකි. එනම් “ළමා“ යන්න යි. එම නාම පදය යෙදී ඇති
අවස්ථා අනුව එයට යෙදී ඇති ප්‍රත්‍යයන් ද වෙනස් වී ඇති බව දැක්ක හැකි ය. එනම් පළමු
වැකියේ “ළමා“ යන පදය යෙදී ඇත්තේ වාක්‍යයෙහි උක්ත කර්තෘ අර්ථයෙහි වන නිසා එයට යෙදි
ඇති ප්‍රත්‍යය වන්නේ ‘‘අ“ ප්‍රත්‍යය යි. එමෙන් මැ දෙවන වැකියෙහි දී “අට“ ප්‍රත්‍යය
යෙදී ඇත්තේ “ළමා“ පදය කර්ම අවස්ථාවේ පිහිටි නිසා ය. තෙවන වැකියෙහි ලා “අගේ“ ප්‍රත්‍යය
යෙදී ඇත්තේ දැරිය යමක හිමිකාර අවස්ථාවේ සිටින නිසාවෙන් ය. මෙලෙස දැක්ක හැකි වෙනස්
වූ අර්ථ සදහා වෙනස් වූ රූප යෙදෙන විට එම එකාකාර
වූ කොටස් එක් විභක්තියක් ලෙස හදුන්වනු ලබයි. සකුවේ දී දැ එය එයේ මැ යි එය
උදාහරණයෙන් මෙසේ දත හැක.
बालकः पुस्तकं पठति। (බාලක: පුස්තකං පඨති) (ළමය පොත කියවනව)
गुरुः बालकं दण्डयति। (ගුරු: බාලකං ද්ණ්ඩයති) (ගුරුවරය ළමයට දඩුවං
කරනව)
तं पुस्थकं बालकस्य भवति। (තං පුස්තකං බාලකස්ය
භවති) (ඒ පොත ළමයගෙ)
මෙහි ද පළමු වැකියේ උක්ත
කර්තෘ අර්ථයෙහි “බාලක“ යන ප්‍රකෘතිය යෙදීමේ දි එයට “ස්“ ප්‍රත්‍යය එක්-කොට ඇති අතර
එයින් “බාලක:“ යන වචනය සෑදී ඇත. එමෙන් මැ දෙවන වැකියෙහි ද කර්ම අර්ථය සදහා යෙදෙන
විට “අං“ ප්‍රත්‍යය යෙදී ඇත. දෙවන වැකියෙහි ඇති අයිතිය නොහොත් සම්බන්ධය දැක්වීම
සදහා “අස්‍ය“ ප්‍රත්‍යය යෙදී ඇත. ඉහලින් දක්වා ඇති ලෙස එක සමාන රූප ඇති පද එක මැ
විභක්තියක යෙදෙන බව තවත් පැහැදිලි කර ගැනීමට සකු වරනැගීමක් ගත හැක.
*පහත විභක්ති දැක්වීමේ
දී ප්‍රථමා, ආලපන, ද්විතීයා, තෘතියා, චතුර්ති, පඤ්චමී, ෂෂ්ඨි, සත්තමී යන විභක්ති
නාම වෙනුවට සිංහලයෙහි යෙදෙන විභක්ති නාම භාවිත කර ඇත.
විභකිත්ය
|
ඒක වචන
|
ද්වී වචන
|
බහු වචන
|
ප්‍රථමා
|
नरः (නර:) මිනිහ
|
नरौ (නරෞ) මිනිස්සු දෙන්න
|
नराः (නරා:) මිනිස්සු
|
ආලපන
|
नर (නර) මිනිහො
|
नरौ (නරෞ) මිනිස්සු දෙන්න
|
नराः (නරා:) මිනිස්සු
|
කර්ම
|
नरं (නරං) මිනිහව, මිනිහට
|
नरौ (නරෞ) මිනිස්සු දෙන්නට, මි0ව
|
नरान् (නරාන්) මිනිස්සුංව, මිනිස්සුන්ට
|
කර්තෘ/කරණ
|
नरेन (නරෙන) මිනිහගෙං
|
नरभ्याम् (නභ්යාම්) මි0 දෙන්නගෙං
|
नरैः (නරෛ:) මිනිස්සුංගෙං
|
සම්ප්‍රදාන
|
नराय ( නරාය ) මිනිහට
|
नरभ्याम् (නභ්යාම්) මි0 දෙන්නට
|
नरभ्य: (නභ්ය:) මිනිස්සුන්ට
|
අවධි
|
नरात् (නරාත්) මිනිහගෙං
|
नरभ्याम् (නභ්යාම්) මි0 දෙන්නගෙං
|
नरभ्य: (නභ්ය:) මිනිස්සුංගෙං
|
සම්බන්ධ
|
नरस्य (නරස්‍ය) මිනිහගෙ
|
नरयोः (නරයො:) මි0 දෙන්නගෙ
|
नरानां (නරානාං) මිනිස්සුංගෙ
|
ආධාර
|
नरे (නරෙ) මිනිහට
|
नरयोः (නරයො:) මිනිස්සු දෙන්නට
|
नरेषु ( නරෙෂු ) මිනිස්සුන්ට
|
උක්ත සදහන් වරනැගීමේ දී
විභක්ති දෙකක ශබ්ද රූප පූර්ණ වශයෙන් එකකට එකක් සමාන වන්නේ නැත. ද්වී වචනයේ සහ බහු
වචනයේ ඇතැම් විභක්ති අතර යම් සමාන කමක් පෙනුන ද එක වචනය සම්පූර්ණ වශයෙන් වෙනස් රූප
වලින් යුතු ය. එම නිසා එම විභක්ති වෙන් වෙන් වශයෙන් ගත යුතු ම ය. එසේ නම් මෙයින් ද
පැහැදිළි වන්නේ විභක්ති කොටස් කර දැක්වීමේ දි බලපාන්නේ ශබ්ද රූප බව යි. එනම් එක සමාන
රූප එක විභක්තියක් කොට සැලකිය යුතු බව යි.
මෙහි දී සලකා බැලිය යුතු
තවත් වැදගත් දෙයක් නම් මෙම විභක්තීන්හි ඇති ප්‍රයෝජනය කුමක් ද යන්න යි. විභක්ති
බොහෝ සේ ප්‍රයෝජනවත් වන්නේ අන්යභාෂිකයින් හට භාෂාව උගැන්මේ දී නාම පද
අවස්තානුකූලව යොදන්නේ කෙසේ දැ යි වටහාගැනීමට ය. එහිදී එක ම ශබ්ද රූපයන් විභක්ති
කීපයකැ පැවැතීම එම භාෂාව හදාරන්නාට වෙහෙසකර දෙයක් වනු ඇත නුමුත් ඒ වෙනුවට අඩු
විභක්ති ගණනකින් අවශ්‍ය ලෙස භාෂාව හැසිරවිය හැකි නම් එම භාෂාව ඉගැනිම පහසු වනු ඇත.
එසේ නම් කථා-කරන භාෂාවේ
විභක්ති කීපයක් පවතින්නේ දැ යි හදුනාගැනිම සදහා කතිත භාශාවේ ලෙසට සාම්ප්‍රදායික
විභක්ති නමයේ මැ එක් නාම පදයක් වරනගා ඉන් පසුව එහි ඇති සංකීර්ණතා සොයා බැලිය හැකි
ය.
විභකිත්ය
|
ඒක වචන
|
බහු වචන
|
ප්‍රථමා
|
ළමය
|
ළමයි
|
කර්ම
|
ළමය, ළමයට, ළමයව
|
ළමයි, ළමයින්ට, ළමයිං(න්)ව
|
කර්තෘ
|
ළමයගෙං
|
ළමයිංගෙං
|
කරණ
|
ළමයගෙං
|
ළමයිංගෙං
|
සම්ප්‍රදාන
|
ළමයට
|
මිනිස්සුන්ට
|
අවධි
|
ළමයගෙං, *ළමයට
|
ළමයිංගෙං, *ළමයින්ට
|
සම්බන්ධ
|
ළමයගෙ
|
ළමයිංගෙ
|
ආධාර
|
**ළමයට, ළමයගෙ (ගහේ)
|
**ළමයින්ට, ළමයිංගෙ (ගස්වල)
|
ආලපන
|
ළමයා, ළමයො
|
ළමයි, ළමයිනෙ
|
*මෙම පද අවධි විභක්තියට
ඇතුළත් වන්නේ බිය වීමට හේතු වන දෙය ආදී දේ අවධි විභක්තියෙන් යෙදෙන නිසා ය. මෙය
සංස්කෘත විභක්ති රූපයන්හි ක්‍රියාකාරීත්වය නිසා සිදුවන්නකි. එනමුත් සිංහලයෙහි එම
අර්ථද්වය විභක්ති දෙකකැ යෙදෙන බව පෙනේ. එය පහත දී විස්තර වේ.
**ආධාර විභක්තිය හැගීමක්
යොමුවන තැන දක්වන නිසා මෙසේ දක්වා ඇති අතර වරහන් තුළ දක්වා ඇත්තේ අප්‍රාණ වාචී පදයක
වරනැගීම යි. එය වෙනස් ලෙස යෙදෙන්නේ එම විබත මැ කාරකප්රයෝග වශයෙන් ආධාරය (උසුලාගෙන
සිටීම) හගවන නිසාවෙන්ය. මෙය සංස්කෘත විභක්ති රූපයන්හි ක්‍රියාකාරීත්වය නිසා
සිදුවන්නකි. එනමුත් සිංහලයෙහි එම අර්ථද්වය විභක්ති දෙකකැ යෙදෙන බව පෙනේ. එය පහත දී
විස්තර වේ.
උක්ත වරනැගීමෙහි රතු
පැහැයෙන් දක්වා ඇති විභක්ති සදහා ඊට සමාන රූප ඇති වෙනත් විභක්ති ද දක්නා ලැබෙන බව
පෙනි යයි. එසේ නම් එම සමාන පද රූප ඇති විභක්ති වෙනුවට පොදු විභක්ති භාවිත කළ හැකි
දැ යි විමසා බැලිය යුතු ය.
පළමුවෙන් මැ ඇති සමාන
විභක්ති වන කර්තෘ කරණ යන විභක්ති පසුවට දක්වන අතර දෙවනුවට සමාන රූප හමුවන කර්ම,
සම්ප්‍රදාන සහ ආධාර විභක්ති පළමුව විමසනු ලැබේ. මෙහිදී දක්වන ලද කර්ම, සම්ප්‍රදාන
සහ ආධාර විභක්ති වෙනුවට එක ම විභක්තියක් ලෙස බාදාවකින් තොරව කර්ම විභක්තිය භාවිත
කළ හැකි ය. කර්ම විභක්තියෙහි ලා “අට“ අව“ ‘‘ඉන්ට“ ඉන්ව“ යන ප්‍රත්‍යයන් වර්ග දෙකක්
තිබුන ද කර්මාර්ථයෙ දී මැ අවස්තාව අනුව එම ප්‍රත්‍යයන් යෙදෙන නිසා (ළමයට ගැහැව්ව,
ළමයව ළමයව වඩාගත්ත) අනෙක් අරුතක් ද මෙම
විභක්තියෙන් පැවසීමේදී “අට“ සහ “ඉන්ට“ ප්‍රත්‍යයන් පමණක් යෙදේ යැ යි ගැටලුවක්
වන්නේ නැත. ආධාර විභක්තියෙහි දි “අට“ “ඒ“
“ඉන්ට“ “වල“ යන ප්‍රත්‍යයන් වර්ග දෙක මැ භාවිත වුව ද එය ද අවස්ථානුකූල වැ වෙනස් වැ
යෙදෙන නිසා ගැටලුවක් වන්නේ නැත. එනම් හැගීමක් යොමුවන තැන දැක්වීම සදහා “අට“ “ඉන්ට“
ප්‍රත්‍යයන් යෙදෙන අතර (අම්ම ළමයට ආදරෙයි) “ඒ“ “වල“ යන ප්‍රත්‍යයන් යෙදෙන්නේ යමක්
ධරා සිටීම හැගවීමට ය. එම නිසා මෙහිදී හැගිමක් යොමුවන තැන දැක්වීම සදහා බාදාවකින්
තොරව කර්ම විභක්තිය මැ භාවිත කළ හැකි ය. (ආධාරාර්ථය ඉදිරියට දක්වනු ලැබේ.) මෙය උදාහරණ වලින් දක්වන්නේ නම් මෙසේ යැ.
අම්ම ළමයට පොතක් අරං-දෙනව. (ළමා + අට) --- සම්ප්රදානාර්ථය
ඒ.ව
අම්මල ළමයින්ට පොත් අරං-දෙනව. (ළමා + ඉන්ට) --- සම්ප්රදානාර්ථය
බ.ව
මෙයා තමයි ඒ ළමයට ගැහැව්වෙ. (ළමා + අට) --- කර්මාර්ථය ඒ.ව
මෙයාල තමයි ඒ ළමයින්ට ගැහැව්වෙ. (ළමා + ඉන්ට) --- කර්මාර්ථය
බ.ව
මං මේ පොතට කැමතියි. (පොත් + අට) --- ආධාරාර්ථය
(හැගීමක් යොමුවීම) ඒ.ව
මං වැඩියෙං කැමති මේ පොත්වලට. (පොත් + වලට) --- ආධාරාර්ථය (හැගීමක්
යොමුවීම) බ.ව
ආධාර විභක්තියේ
ආධාරාර්ථයට සමාන විභක්ති රූපයක් සම්බන්ධ විභක්තියේ දැක්ක හැකි අතර එම විභක්තිය මැ
කිසිදු ගැටලුවක් නො මැති ව ආධාරාර්ථයට දැ භාවිත කළ හැක. මෙය බොහෝ විට යෙදෙන්නේ අප්‍රාණවාචී
නාම සදහා පමණ ය. එය වරනැගී මේ දී “ඒ“ ප්‍රත්‍යය ඒක වචනයෙත් “වල“ ප්‍රත්‍යය
බහුවචනයෙත් යෙදේ. මෙම වෙනස නාම පදයේ වර්ගය අනුව වන වෙනසක් විනා විභක්ති දෙකකැ
යෙදිය යුතු වූ වෙනසක් නො වේ. ඒ බව පහත උදාහරණ වලින් දැක්ක හැක.
අර ගහේ උකුස්සෙක් ඉන්නව. (ගස් + ඒ) --- ආධාරාර්ථය ඒ.ව
කොට්ටම්බ ගස්වල වඋ(ව්)ලො පිරිල. (ගස් + වල) ---
ආධාරාර්ථය බ.ව
ඒ ගහේ අතු ඔක්කොම දිරල. (ගස් + ඒ) --- සම්බන්ධාර්ථය ඒ.ව
ඒ ගස්වල අතු ඔක්කොම දිරල. (ගස් + වල) --- සම්බන්ධාර්ථය බ.ව
විභක්ති තුනක් පිළිබද
විමසා අවසන් නිසා වෙන් උක්ත දැක්වූ ලෙසට කරතෘ සහ කරණ විභක්ති පිළිබදව විමසා බැලීමට
යැ දැන් ඉතිරි ව ඇත්තේ. එය වෙන මැ විමසීමට ලක් කරන්නේ අප ලේඛනයේ දී භාවිත කරනු ලබන
කර්තෘ විභක්තියට වඩා බොහෝකොට වෙනස් පදයක් භාෂණයෙහි භාවිත කිරීම නිසාවෙන් ය. අවශ්‍යයෙන්
ම කර්තෘ විභක්තිය භාවිත වන්නේ කර්මකාරක වාක්‍යයන් ලිවීමෙහිදී අනුක්ත කර්තෘ
දැක්වීම සදහා වන නුමුත් ලෙඛනයේ ලෙස “විසින්“ නිපාතය සමග භාෂනයේ දී කර්තෘ විභක්තිය
දක්වන්නේ නැත. කථාකිරිමේ දී එය දැක්වෙන්නේ කරණ විභක්ති රූපයෙන් ම ය. උදාහරණයක්
මගින් විමසන විට මෙය වඩා හොදින් පැහැදිළි වනු ඇත.
ඒ මිනිහ තමයි මේ වැරැද්ද කළේ. (මිනිස් + ආ) --- කර්තෘකාරක වාක්‍යයෙහි
උක්ත කර්තෘ ප්‍රථමා විභකතිය.
ඒ මිනිහගෙන් වැරැද්දක් නං උනා තමයි. (මිනිස් + අගෙන්) --- කර්මකාරක වාක්‍යයෙහි
අනුක්ත කර්තෘ කරණ විභකති රූපය කර්තෘ විභක්ති අර්ථය.
මෙහි ලා විශේෂයෙන්
දැක්විය යුතු දෙය වන්නේ ලෙඛනයේ මෙන් සියලු මැ සකර්මක කර්තෘකාරක වාක්‍යයන් කර්ම
කාරකයට හැරවිය නො හැකි වීම ය. තවද මෙම අර්ථය දීම සදහා “අතින්“ යන පදය නිපාතයක් ලෙස
ගෙන කර්තෘ සමග යොදා වාක්‍ය සාදාගන්නා ක්‍රමයක් තිබෙන අතර එම නිපාතය යෙදීමේ දී
කර්තෘ කර්ම විභක්තියෙන් හෝ සම්බන්ධ විභක්තියෙන් යෙදෙන බව පෙනී යයි. (මං අතිං මේ වීදුරුව බිදුන, මගෙ අතින් මේ විදුරුව බිදුන) මෙහි ලා දැක්විය
යුතු තවත් විශේෂ කරුණක් නම්, උක්ත නිපාතය යෙදෙන්නේ ද නො යෙදෙන්නේ දැ යි තීරණය ඒ ඒ
අවස්ථාව අනුව සිදුවන වන බව ය. (මගෙං වීදුරුව කැඩුනා වැනි කියමනක් බසැ නො වැහැරෙන
අතර මෙහි දැක්වූයේ එ නැනි කියුම යැ.) එමෙන් මැ මෙම නිපාත යෙදිම නිසා ඒ වෙනුවෙන්
වෙනම මැ විභක්තියක් වෙන් කිරීමට අවශ්‍යතාවක් නො වන අතර අය ඒ ඒ විභක්තියේ (කර්ම
විභක්තිය හෝ සම්බන්ධ විභක්තිය) ඇති ප්‍රයෝග ලෙස සැලකිය යුතු ය. මෙලෙස එක්
විභක්තියක් සමග යෙදී වෙනම මැ විබත්අරුත් දෙන තවත් නිපාත පද භාෂාවේ ඇත. (අවධි අර්ථය
දිමට සම්බන්ධ විභක්තිය සමග යෙදේ “ඉඳලා“ හෝ “ඉඳං “ --- ගමේ ඉඳලා/ඉඳං, ආධාරාර්ථය
දීමට දුතියා විභක්තිය සමග යෙදේ “උඩ“ --- ගහ උඩ) එසේ නම් කර්තා විභක්තිය වෙනුවට
කිසිදු බාදාවකින් තොරව කරණ විභක්තිය මැ භාවිත කළ හැකි ය.
මේ ආකාරයෙන් සමාන ශබ්ද
රූප ඇති විවිධ විභක්ත්යාර්ථ වෙනුවෙන් වෙන වෙන මැ යෙදී ඇති විභභක්ති වෙනුවට පොදු විභක්ති හදුන්වා දීමෙන් පසුව
ඉතිරිවන්නේ විභක්ති පහකි. පෙරදී වරනැගූ
පදය මැ එම විභක්ති වලැ වරනගන්නේ නම් මෙසේ යැ.
විභකිත්ය
|
ඒක වචන
|
බහු වචන
|
ප්‍රථමා
|
ළමය
|
ළමයි
|
කර්ම
|
ළමය, ළමයට, ළමයව
|
ළමයි, ළමයින්ට, ළමයිංව
|
කරණ
|
ළමයගෙං
|
ළමයිංගෙං
|
සම්බන්ධ
|
ළමයගෙ
|
ළමයිංගෙ
|
ආලපන
|
ළමයා, ළමයො
|
ළමයි, ළමයිනෙ
|
මෙහි දක්වා ඇති විභක්ති
පහ නම් කර ඇත්තේ පෙර තිබූ නම් වලින් ම වන නුමුත් ප්‍රථමා සහ ආලපන විභක්ති පමණි
තත්වාකාරයෙන් ම පවතින්නේ අනෙකුත් විභක්ති වලින් (“සම්බන්ධ විභක්ති“ ලෙස නම් කොට
ඇති විභක්තියෙන් ආධාර්ථය ද හැඟවේ) එකකට වැඩි ගණනක් ගම්‍ය වේ. එම නිසා එම විභක්ති
පැරණි නමින් මැ හැඳින්විය නො හැක. එම නිසාවෙන් සංස්කෘත හෝ පාළි භාෂාවලැ මෙන්
ස්ථානය අනුව ප්‍රථමා, ද්විතියා, තෘතියා, චතුර්ති, ආලපන ලෙස හෝ පඨමා, දුතියා,
තතියා, චතුත්ති සහ ආලපන ලෙස හෝ නම් කළ හැකි ය. මෙය සිංහලයෙන් මැ නො යොදා ඇත්තේ
පළමු දෙවන ලෙස යෙදීම යම් අයුරකින් නො ගැලපේ යැ යි හැඟුණු නිසාවෙන් ය.