නූතන සිංහල භාෂාවේ විභක්ති. Cases of Modern Sihala Language



මිනිසා විසින් නිෂ්පාදනය කරා වූ විශිෂ්ඨතම නිර්මාණය සේ මැ වටිනා මැ උපකරණය වන්නේ භාෂාව යැ. එයට හේතුවතක් ඇතැ. එනම් මානවයා ගේ තර්කන හැකියාව දියුණු වීමටත් එම තර්කණය උපයෝග කැරැ නිපදවන ලද්දා වූ සියලු දේ නිපදවීමට මුඛ්‍ය පාදම දැමීමත් භාෂාව මගින් සිදු කිරීම යැ. සරල වැ කිවහොත් මිනිසා විසින් මෙතෙක් සිදු කළ යමක් වේ ද ඉදිරියට සිදු කරන්නා වූ යමක් වේ ද ඒ සියල්ල මැ භාෂාව මුල් කැරැ පහළ වූ ඒවා යැ. කෙසේ ද යත් සිත්තරා ගේ මාධ්‍යය වර්ණ රේඛා ඈ වුව ද ඔහු සිතුවම් කරනා දෙය තම මනසෙහි ගොඩනගා ගනුයේ භාෂාවේ උපකාරයෙන් යැ. වෙනත් ආකාරයකන් සැලකුවහොත් සංකීර්ණ සමීකරනයක් විසඳමින් සිටින්නා එය විසඳීම පිනිස මාධ්‍ය කරගනුයේ සංඛ්‍යා වුව ද එම සංඛ්‍යාවන් හැසිරෙනුයේ භාෂාව නැමැති බිම මත යැ. මේ ආකාරයෙන් සියලු මැ මානව චරණයන් භාෂාව විසින් සිදුකෙරෙන බව දැක්ක හැකැ. මෙසේ මිනිසා විසින් නිපදවන ලද්දා වූ මිනිසා ගේ සුභ සිද්ධිය පිණිස පවතින් වූ භාෂාව වනාහී මිනිසා ගේ හැසිරීම විකාශනය අනු වැ යමින් විකාශනය වන පරිණාමීය ජීවි සංකල්පයක් වන්නේ යැ. එම නිසාවෙන් භාෂාවක් සදාකල්හි මැ එක මැ ආකාරයකින් පවතින්නේ නැතැ. මෙම ගතික ස්වභාවය නිසාවෙන් මැ එක් භාෂාවකින් වෙනත් භාෂාවක් ඇති වීම දු සිදුවන්නේ යැ. භාෂා සහ මානව ඉතිහාසය විමසූ විට පෙනී යන දේ නම් අයදතනයේ දෘශ්‍යමාන නො වන හෝ අධිකතර භාවිතයේ නො වන නුමුත එකල ජීවි භාෂා ලෙස පැවතුණු භාෂා රාශියක් දැක්ක හැකි බව යැ
සිංහල භාෂාව යනු ද එවන් අතීතයේ බොහෝ සජීවි වූ භාෂාවන් ගෙන් බිඳී ආ භාෂාවකැ. එහි මූලය ලෙස ඉන්දු යුරෝපීය භාෂාව යැ. පසු වැ පිළිවෙලින් වෛදික සංස්කෘත ප්‍රාකෘත ඈ ලෙස බිඳී විත් පූ.ව්යෙඅ.ව තෙවන සියවසේ දී ප්‍රාකෘත සිංහලයක් බිහිවීම සිදු විය. එතැන් පටන් ජීවි භාෂාවක් ලෙස වැඩි වර්ධනය වූ සිංහලය වනාහී භාෂාවන් ගේ ගතික ස්වභාවය මනාව විෂද කරමින් වර්ෂ ගණනාවක් පුරා විවිධාකාරයෙන් වෙනස් වෙමින් පවතින්නේ යැ. එසේ වෙනස් වුව දු ඇතැම් විට මුල් මාතෘ භාෂාවන් ගේ තිබූ ලක්ෂණ භාෂාවේ දක්නට ලැබෙන්නේ ය. මෙම සාම්‍යත්වය නිසාවෙන් මැ සිංහලයට වියරණ සැපයූ ඡේකයෝ වනාහී මාතෘභාෂාවන් ගේ වියරණය බොහෝ සේ ඇසුරු කළහ. ඇතැම් විට සුලු වෙනස් කමකින් මාතෘ භාෂාවන් ගේ වියරණ එලෙස මැ මෙහි ගෙනැවිත් තැබූහ. එය ම සිංහල වියරණය ලෙස හැදෑරීම ද සිදු වන්නේ යැ. නුමුත් සත්‍යවශයෙන් මැ සිංහල භාෂාවට සැපයූ එම වියරණය වියරණයක් වන්නේ දැ යන්න වෙනම මැ විමසිය යුතු යැ. මක්නිසා ද යත් ව්යෙආකරණය යනු එක් බසකැ ඇති සාම්‍යය සලකා එය සුලු වෙනස්කමින් අන් බසැ හෙබවීම නො ව භාෂාවේ ව්යෙඅqහය සහ එහි ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීම වන්නේ යැ. එසේ නම් පවතින භාෂාව පවතින ව්යෙආකරණයෙන් විස්තර කළ නො හැකි වන්නේ නම් හෝ වියරණය එකක් වී පවතින් භාෂාව අනෙකක් වීම හෝ යනු වියරණයේ ඇති ගැටලුවක් වන්නේ යැ. අනෙක නම් වියරණයක් අවැසි වනුයේ භාෂාවේ ක්‍රියාකාරීත්වය ඵාසුවෙන් අධ්‍යයනය කිරීම පිණිස යැ නො වේ නම් භාෂාව උගැන්ම පිණිස යැ. එසේ නම් වියරණ හැකි තරම් සරල පැහැදිලි එකක් සේ ම (විද්‍යාත්මක ක්‍රමයකින් යුතු) විධියක් ද විය යුතු යැ. ‘වයාකරණ‘ පදයෙහි නිරුක්තිය වන්නේ ‘වී‘ ‘ආ‘ පූර්ව ‘කෘ‘  ධාතුවෙන් පරව ‘අන‘ ප්‍රත්‍යය යැ. මේ ශබ්දයේ අර්ථය වන්නේ පැහැදිලි කිරීම නිරාකරණය කිරීම විස්තර කිරීම යන්න යැ. මෙයින් පැහැදිලි වනනේ  ද වියරණ යනු ඵාසුවෙන් භාෂාව අධ්‍යයනය කිරීම පිණිස වන විධියක් බව යැ.1 නුමුත් සිංහල ව්‍යාකරණය දෙවන හෝ තෙවන බසක් ලෙස සිංහලය හදාරන්නෙකු ට භාවිත කරන්න ට සුදුසු ආකාරයක් නැතැ
අදහස් ප්‍රකාශ කිරීමෙහි ලා වැදගත් මැ කාර්යයක් ඉටු කරන්නා වූ නාමයන් ගේ ක්‍රියකාරීත්වය ගැනැ අධ්‍යයනය කෙරෙන විභක්ති සම්බන්ධ ව්යෙආකරණය උක්ත නය මත පිහිටා නැවත විමසිය යුතු තත්ත්වයක වන්නේ යැ යි පෙනී යන්නේ ය. ඒ ස`දහා විභකිති යනු කුමක් දැ යි පළමු වැ පැහැදිලි කරගැනීම අවැසි වන්නේ එය පහත පරිදි සිදු කළ හැකැ
සිදත්සඟරායෙහි එන්නා වූ විස්තර පාඨය මගින් විභක්ති යනු කුමක් දැ යන්න ගැනැ අවබෝධයක් ලැබ්බ හැකැ. එහි දී විභක්ති හඳුන්වනුයේ, ‘‘නමින් පර ව බෙදනු ලබනුයේ විබත් නම්‘‘2 ලෙස ට යැ. මෙයින් කියැවෙන ආකාරයට විභක්ති යනු නාමයකින් පසු වැ යෙදී එම නාමාර්ථය විභජනයට ලක් කරන්නා වූ ප්‍රත්‍ය විශේෂයක් වන්නේ යැ. සංස්කෘත ව්යෙආකරණයට ටීකාවක් ලීවෝ චන්ද්‍රකීර්ති ටීකාචාර්යයෝ දැ ඊට සමාන වූ විස්තරයක් දක්වනු දක්නට ලැබෙන්නේ යැ.
‘‘විභජ්‍යන්තෙ, පෘථක් ක්‍රියන්තෙ කර්තෘ කර්මාදයෝ යයා සා විභක්ති:
කර්තෘ කර්ම ආදී වූ යමකින් බෙදා දක්වයි ද වෙන් කරනු ලබයි ද ඒ විභක්ති නම්3
මෙහි දී දැ විභක්ති ලෙස ගෙන හැර පා ඇත්තේ නාමයේ අගින් එක් වැ නාමාර්ථය විභජනය කරන්නා වූ ප්‍රත්‍ය විශේෂයක් වන්නේ යැ. මීට අමතර වැ ඇති සකු වියරණ ගත් වන ‘මධ්‍යසිද්ධාන්ත කෞමුදී4 මුග්ධබෝධම් ව්‍යාකරණම්5 නම් කෘතීන්හි දු අජන්ත හසන්ත නොහොත් නාම වැරනැගීම පිළිබඳකරුණු දැක්වීමේ දී එ ඒ ප්‍රත්‍ය මැ වෙසෙස් කැරැ දක්වා ඇති බව දැකිය හැකැ. එනම් එහි දී ද විභක්ති ලෙස සලකා ඇත්තේ නාමයේ අගින් එක් වැ අර්ථ විභජනය ට ලක් කරන්නා වූ ප්‍රත්‍යයන් වන බව යැ. මෙය වනාහී සෝදාහරණ වැ පහත පරිදි පැහැදිලි කරගත හැකැ
1.      ළමයා ගීයක් ගය යි.
2.      ගුරුවරයා ළමයට දඬුවම් කර යි.
3.      ළමයාගේ ඇඳුම රෝසපාට යි.
උක්ත වාක්යයන් හි අඞ්කිත පදයන් ගේ ප්‍රතිපාදිකය ශබ්දය නොහොත් මූලය වන්නේ ‘‘ළමා’‘ යන්න යැ. එම ප්‍රකෘතියට ප්‍රත්‍ය ගැන්වීම මගින් තත්‍යාවශ්‍යතාවට සුදුසු පරිදි ශබ්දය බඳගෙන ඇති බව දැකිය හැකැ. පළමු වැකියෙහි  ක්‍රියාව කරන්නා නොහොත් උක්ත කර්තෘ අර්ථය දීම සඳහා ‘‘ළමා’‘ යන්නට ‘ආ‘ ප්‍රත්‍ය එක් කැරැ ඇතැ. දෙවැන්නෙදී ක්‍රියාවට හසුවන යටත් වන බව දැක්වීම සඳහා ‘‘ළමා’‘ යන්න ‘ට‘ ප්‍රත්‍යවත් කැරැ ඇතැ. තෙවැන්නේ දී ළමයාට ඇති අයිතිය දැක්වීම පිණිස ‘ආගේ‘ ප්‍රත්‍ය ගන්වා ඇතැ. (මෙම විභක්ති භාවිත ප්‍රත්‍ය ක්‍රමය ඇසුරින් ගෙනැ ඇති නුමුත් මෙම ලිපියෙහි සම්බන්ධ විභක්ති ගැන්වීම මෙයින් වෙනස් වැ යන්නේ යැ) මෙය සංස්කෘතයේ ද මේ ආකාරයෙන් මැ වෙන්නේ යැ
1.      බාලකඃ ගීතං ගායති.
2.      ගුරුඃ බාලකං දණ්ඩයති
3.      තං බාලකස්‍ය පුස්තකං දදාති.
මෙහි දී ද සිදුව ඇත්තේ ද ‘‘බාලක’‘ යන නාම ප්‍රකෘතිය ප්‍රත්‍යවත් කොට සුදුසු අර්ථ සම්පාදනය කිරීම යැ. මේ සමාන ම ක්‍රමයක් පාළි භාෂාවේ දු ඇතැ
1.      බාලකො ගීතං ගායති.
2.      ගුරු බාලකං දණ්ඩයති.
3.      තං බාලකස්ස පුස්තකං දදාති.
සකුවේ ඇති මෙම ප්‍රත්‍යයන් ගේ වෙනස අනුව අර්ථය වෙනස් වීම සලකා සකුව ට ආවේනික වරනැගීම් ක්‍රමයක් සංස්කෘත ඡෙකයෝ නිපදවූ හ. ඒ විමසන විට දැක්ක හැකි වූ අර්ථ වෙනස් විමේ සාම්‍යය පමණක් සලකා බැලුවා වූ වරනැගීම් රූප සැලකීම් නො කළා වූ සිංහලයට වියරණ සෑදුවෝ සකුවේ සහ පාලියෙහි එන්නා වූ විභක්ති ක්‍රමය ඉතා සුලු වෙනසකින් සිංහලයට බහාලූ හ. බොහෝ දුරට පාලි ක්‍රමය සිංහලය ට ගත් බව දැක්ක හැකි වන්නේ සකුවේ දක්න ට නො මැති පාළියෙහි දක්න ට ඇති ‘තතියා‘ සහ ‘කරණ‘ විභක්ති සඳහා හෙළ බසැ ‘කතු‘ ‘කරණ‘ ලෙස විබත් යෙදීම යැ. නුමුත් එසේ යෙදුණූ පසු උක්ත නිර්වචනය කළ ලෙස ප්‍රත්‍ය මුලික කොට විභක්ති වෙන් කළ බවක් දක්න ට නො ලැබන්නේ යැ. මෙය වඩාත් පැහැදිලි කරගනු සඳහා සකු සහ සිංහල වරනැගීම් සැලකිය හැකැ

විභක්ති
ඒකවචන
ද්විවචන
බහුවචන
ප්‍රථමා
නර: (මිනිසා)
නරෞ (මිනිසුන් දෙදෙනා)
නරා: (මිනිස්සු)
ආලපන
නර (මිනිස)
නරෞ (මිනිස්සු දෙදෙන)
නරා: (මිනිස්සුනේ)
ද්විතියා
නරං (මිනිසා මිනිසව මිනිසට)
නරෞ (මිනිසුන් දෙදෙනා ට දෙදෙනා ව දෙදෙනා)
නරාන් (මිනිසුන්)
තෘතියා
නරෙණ (මිනිසුන් විසින්)
නරභ්‍යාම් (මිනිසුන් දෙදෙනා විසින්)
නරෛ: (මිනිසුන් විසින්
චතුර්ථි
නරාය (මිනිසා ට)
නරභ්‍යාම් (මිනිසුන් දෙදෙනා ට)
නරභ්‍ය: (මිනිසුන් ට)
පඤ්චමී
නරාත් (මිනිසුන් ගෙන්)
නරභ්‍යාම් මිනිසුන් දෙදෙනා ගෙන්)
නරභ්‍ය: මිනිසුන් ගෙන්)
ෂෂ්ඨී
නරස්‍ය (මිනිසා ගේ)
නරයො: (මිනිසුන් දෙදෙනා ගේ)
නරාණාං (මිනිසුන් ගේ)
සප්තමී
නරෙ (මිනිසුන් කෙරේ)
නරයො: (මිනිසුන් දෙනො කෙරේ)
නරෙෂු (මිනිසුන් කෙරේ)

උක්ත සකු වරනැගීම්හි එක් විභක්තියක සියලු වචන නොහොක් වචනත්‍රය මැ තවත් විභක්තියකට සම වන අවස්ථාවක් දක්නට නො මැත්තේ යැ. (සියලු සංස්කෘත නාම වරනැගීමක මැ එසේ යැ.) සෑම විභක්තියක මැ එකිනෙක් වෙනස් ප්‍රත්‍යත්‍රයක් භාවිත බව එයින් ±ක්ක හැකි සේ ම ප්‍රත්‍ය අනුව විභක්ති වෙන් කිරීම සිදු කර ඇති බව දැක්ක හැකැ.

විභක්ති
ඒකවචන
බහුවචන
ප්‍රථමා
මිනිසා
මිනිස්සු
ආලපන
මිනිස
මිනිසුනේ
කර්ම
මිනිසා, මිනිසව,මිනිසට
මිනිසුන්, මිනිසුන්ව, මිනිසට
කර්තෘ
මිනිසා විසින්
මිනිසුන් විසින්
කරණ
මිනිසාගෙන් මිනිසා කරණකොට
මිනිසුන්ගෙන් මිනිසුන් කරණකොට
සම්ප්‍රදාන
මිනිසා
මිනිසුන්
අවධි
මිනිසාගෙන්
මිනිසුන්ගෙන්
සම්බන්ධ
මිනිසාගේ
මිනිසුන්ගේ
ආධාර
මිනිසා කෙරෙහි
මිනිසුන් කෙරෙහි


විභක්ති
ඒකවචන
බහුවචන
ප්‍රථමා
ගස
ගස්
ආලපන
-
-
කර්ම
ගස ගස
ගස් ගස්වල
කර්තෘ
ගස විසින්
ගස් විසින්
කරණ
ගසෙන් ගස කරණකොට
ගස්වලින් ගස් කරණකොට
සම්ප්‍රදාන
ගස
ගස්වල
අවධි
ගසෙන්
ගස්වලින්
සම්බන්ධ
ගසේ
ගස්වල
ආධාර
ගසේ
ගස්වල
ප.ලි. අප්‍රාණවාචයට ආලපන විභක්තියක් නැතැ.

උක්ත සිංහල වරනැගීම් ද්වයෙහි මැ එකිනෙකට පූර්ව වශයෙන් අනුරූප වන ශබ්ද විභක්තිවලැ දක්නට ලැබෙන්නේ අඞ්කනය කර ඇතැ. එසේ අඞ්කනය කිරීමෙහි දී මිනිසාගේ, මිනිසාගෙන් සහ මිනිසාට යන තැනැ එන ‘‘මිනිසා’‘ යන්න අඞ්කනය කර ඇත්තේ එයට සාධනීය කරුණු දැක්වීමක් කළ යුත වන්නේ ඒ මෙසේ යැ
නාමයකට සුදුසු අර්ථ දීම සඳහා ප්‍රත්‍ය ගැන්වීම විභක්ති ලෙස උක්ත දැක්වූයෙමු. එසේ නම් එක් විභක්තියක ඇති ප්‍රත්‍යයක් යෙදූ විට පදය අයත් වන්නේ එම විභක්තියට යැ. එසේ නම්
මිනිස් + > මිනිසා
ලෙස ප්‍රත්‍යවත් වූ විට එය ප්‍රථමා විභක්ති පදයකැ. එය නැවත ප්‍රත්‍යවත් කිරස්මේ අවශහ්තාවක් ඇත්තේ නො වේ යැ. නුමුත් ‘‘මිනිසාඟේ. ආදී තැනැ මිනිසා පදය නැවත ‘ගේ‘ යන්නෙන් ප්‍රත්‍යවත් කළ බවක් පෙන්වන්නේ යැ. එම ප්‍රත්‍යවත් කිරීම නොහොත් ‘ගේ‘ යනු ප්‍රත්‍යයක් සේ ගැනීම නිසා සිදුවනුයේ වරනැගීම අනවැසි ලෙස සංකීර්ණ වීම පමණ යැ. ‘‘මිනිසුන් ගෙන්’‘ යන තැන ද මිනිසා ට යන තැනැ ද මේ ආකාරයෙන් මැ දත යුතු යැ. කෙසේ වුවත් උක්ත කරුණු සලකා බලා ප්‍රත්‍යයන් ගේ යෝජනය පරිදි කාරකයන් ට බාදාවක් නො වන ආකාරයෙන් විභක්ති බෙදා දැක්විය හැකි විධිය පහත ආකාරයෙන් සාකච්ඡා කළ හැකැ.
පළමුව පදයන් ගේ සමාන රූප හමුවන කර්ම, සම්ප්‍රදාන කර්තෘ කරණ අවධි සම්බන්ධ සහ ආධාර විභක්ති වෙනුවට එක ම විභක්තියක් ලෙස බාදාවකින් තොර ව එක් විභක්තියක් භාවිත කළ හැකි ය. කර්ම විභක්තියෙහි ලා ‘ට‘ ‘ව‘. යන නිපාත වර්ග දෙකක් තිබුන ද කර්මාර්ථයෙ දී මැ අවස්තාව අනුව එම නිපාත යෙදෙන නිසා,
 
ළමය ට දඬුවම් කරා.
ළමය ව වඩාගනී.
 
අනෙක් අරුතක් වන සම්ප්‍රදානාර්ථය මෙම විභක්තියෙන් පැවසීමේදී ‘ට‘ නිපාතය පමණක් යෙදේ යැ යි ගැටලුවක් වන්නේ නැතැ. කර්තෘ විභක්තිය සෑදී ඇත්තේ අනුක්ත විභක්තිය නොහොත් කර්ම විභක්තිය ට ‘‘විසින්’‘ නිපාතය එක් කිරීමෙන් වන නිසා එම කාරකය දැක්වීම ට ද මෙම විභක්තිය ම භාවිත කළ හැකැ. සිදුවන්නේ නියමිත අදහස දීම ට අවැසි තැනැ ප්‍රතිපාදිකය නියමාකාර භාවිතයෙන් හුරු වූ ප්‍රත්‍ය ගන්වා ‘‘විසින්’‘ නිපාතය යෙදීම යැ. කරණ විභක්තියේ ද ‘කරණකොට‘ යන නිපාතය යෙදෙන්නා වූ ශබ්දය කර්තෘ විභක්තිය සේ ම සිටින්නේ යැ. කරණ විභක්තියේ අමුතුවෙන් යෝජිත වූ පදය වනාහී ද එසේ ම වන්නේ යැ. ‘ගෙන්‘ යනු නිපාතයක් වශයෙන් සැලකීම මගින් කර්තෘ විභක්තිය සේ ම එය කටයුතු කරන්නේ යැ. අවධි විභක්තිය දු එසේ ම යැ. එහි දී ද අනුක්ත විභක්තිය සහ ‘ගෙන්‘ නිපාතයේ ප්‍රයෝගයක් ලෙස සැලකීම මගින් කර්තෘ විභක්ති සේ මැ වන්නේ යැ. බිය වීම සිදුවන තැනැ අවධි විභක්තියෙන් දැක්වෙන බව ඡේකයන් ගේ අදහස වූයේ එය එහි ලා ‘ට‘ ප්‍රත්‍ය යෙදෙන අතර ඇතැම් විට ‘ගෙන්‘ ප්‍රත්‍ය යෙදෙන නුමුත් බොහෝ විට නො යෙදෙන් බව පෙනේ. (දැරිය සිංහයා ට බිය විය./දැරිය සිංහයා ගෙන් බිය විය.) සම්බන්ධ විභකතිය දු අනෙකුත් විභක්ති සේ මැ ‘ඟේ‘ නිපාතය කොට සලකා අනුක්ත විභක්තිය මගින් දැක්විය හැකි යැ. (අප්‍රාණවාචී සහ සර්ව නාම සමග කරණ අවධි ආධාර සම්බන්ධ විභක්ති යෙදිය යුතු ආකාරය ගැනැ ඉදිරියේ දැවෙන්නේ යැ.
 
 ආධාර විභක්තියෙහි දි හැගීමක් යොමුවන තැන දැක්වීම සදහා ‘ට‘ නිපාතය යෙදෙන අතර, ‘වලට‘ යන ප්‍රත්‍යය අප්‍රාණවාචී ශබ්ද සමග පමණත් යෙඳේ එම නිසා මෙහිදී හැගිමක් යොමුවන තැන දැක්වීම සදහා බාදාවකින් තොර ව කර්ම විභක්තිය මැ භාවිත කළ හැකි ය. (ආධාරාර්‍ථය ඉදිරියට දක්වනු ලැබේ) මෙය උදාහරණ වලින් දක්වන්නේ නම් මෙසේ යැ
 
·         අම්ම ළමය ට පොතක් දෙයි ළමා + ආ --- ට නිපාතය සමග සම්ප්‍රදානාර්ථය ඒක වචන.
·         අම්මලා ළමයින් ට පොත් දෙයි ළමා + ඉන් --- ට නිපාතය සමග සම්ප්‍රදානාර්ථය බහු වචන.
·         ගුරුවරයා ළමයා ට දඬුවම් කරයි ළමා + අ --- ට නිපාතය සමග කර්මාර්ථය ඒක වචන.
·         ගුරුවරු ළමයින් ට දඬුවම් කරයි ළමා + ඉන් --- ට නිපාතය සමග කර්මාර්ථය බහු වචන.
·         ළමයා විසින් පොත බලනු ලබයි.  ළමා ආ --- විසින් නිපාතය සහිත ව අනුක්ත කර්තෘ අර්ථයේ ඒක වචන.
·         ළමයින් විසින් පොත් බලනු ලබයි. ළමා + ඉන් --- විසින් නිපාතය සහිත ව අනුක්ත කර්තෘ අර්ථයේ බහු වචන.
·         ඔහු ළමයා ගෙන් වැඩ ගනියි. ළමා + ආ --- ගෙන් නිපාතය සහිත ව කරණාර්ථය ඒක වචන.
·         ඔවුහු ළමයින් ගෙන් වැඩ ගනිති. ළමා + ඉන් --- ගෙන් නිපාතය සහිත ව කරණාර්ථය බහු වචන.
·         පන්දුව ළමයා ගෙන් දුර ය. ශ්- ළමා + ආ --- ගෙන් නිපාතය සහිත ව අවධි අර්ථයේ ඒක වචන.
·         පන්දු ළමයින් ගෙන් දුර ය. ශ්- ළමා + ඉන් --- ගෙන් නිපාතය සහිත ව අවධි අර්ථයේ බහු වචන.
·         පොත ළමයා ගේ ය. ශ්- ළමා + ආ --- ගේ නිපාතය සහිත ව සම්බන්ධාර්ථයේ ඒකවචන.
·         පොත් ළයමයින් ගේ ය. ශ්- ළමා + ඉන් --- ගේ නිපාතය සහිත ව සම්බන්ධාර්ථය බහුවචන.
·         මම මේ පොත ට ප්‍රිය වෙමි පොත් + ට --- ට නිපාතය සමග ආධාරාර්ථ හැගීමක් යොමුවීම ඒක වචන.
·         මම මේ පොත්වල ට ප්‍රිය වෙමි. පොත් + වල --- ට නිපාතය සමග ආධාරාර්ථ හැගීමක් යොමුවීම බහු වචන.
 
 
මෙහි දී දැක්විය යුතු විශේෂ මැ කරුණක් නම් අප්‍රාණවාචයෙහි සම්බන්ධ විභක්ති අර්ථයක් දැක්ක නො හැකි අතර ආධාරාර්ථයක් ම දැක්ක හැකි වීම යැ. එමෙන් ම අප්‍රාණවාචී නාම සමග කරණ අවධි ආධාර විභක්ති යෙදිය යුතු ආකාරය ගැනැ සැලකීමේ දී දැකිය හැකි විශේෂ කරුණ වන්නේ එම විභක්තී හි ඇතැම් විට ප්‍රාණවාචී ශබ්දයන් ගේ මෙන් නිපාතයක් අදෘශ්‍යමාන වීම යැ. එයට හේතුව වන්නේ ප්‍රාණවාචී ශබ්දයන් ගේ යෙදෙන අනුක්ත විභක්ති ප්‍රත්‍යයන් මෙන් අප්‍රාණවාචී ශබ්දයන් සහ යෙදෙන ප්‍රත්‍යයන් සවිමත් නො වීම යැ යි දැක්විය හැකැ. එනම් අප්‍රාණවාචී ශබ්දන් ගේ අනුක්ත විභක්තියෙහි ඒක වචනයේ පමණක් ‘අ‘ ප්‍රත්‍යය යෙදෙන අතර බහු වචනයේ දී ප්‍රත්‍යය ලොප් වන බව දැකිය හැක. මෙම දුර්වල ස්වභාවය ඇතැම් විට නො ගන්නා ඇතැම් අප්‍රාණවාචී බහුවචන අනුක්ත විභක්ති පද ප්‍රාණවාදී පද සේ ම ස්වාධින ව සිටින්නේ යැ. (ශබ්ද යනු උදාහරණ වන්නේ යැ. ශබ්දයන් ගෙන්.) බහු වචනයේ දී ‘‘වල’‘ ප්‍රත්‍යයන් ගේ ආගමයක් වන නිසා වරනැගීම වෙනස් භාවයට යන්නේ ‘ගෙන්‘ නිපාතයා ගේ අභාවයක් වී ‘වලින්‘ ‘වල‘ ප්‍රත්‍යයන් ගේ සබැඳීම වන්නේ ය. එම නිසා අප්‍රාණවාචී ශබ්දන් හි දී මේ විභක්ති සඳහා වෙනම විභක්ති අවැසි වන්නේ යැ. කර්මාර්ථයේ යෙදෙන ඇතැම් තැනැ ‘වලට‘ ලෙස යෙදෙන්නේ එහි දී ‘ආධාර විභක්තියේ‘ ‘ට‘ විශේෂ ප්‍රෙයා්ගයක් ලෙස සැලකිය යුතු යැ. එනම් කරණ සහ අවධි අර්ථය සඳහා එක් විභක්තියක් (ගසෙන්) ද ආධාර සම්බන්ධාර්ථ සඳහා අනෙක් විභක්තියක් (ගසේ) ද අප්‍රාණවාචී නාම සඳහා වන්නේ යැ. මෙහි දී දැක්විය යුතු කරුණක් වන්නේ ආධාරාර්ථයේ විකල්ප වශයෙන් යෙදෙන ඇ ප්‍රත්‍යය එම විභක්තියේ ම විකල්ප රූපයක් ලෙස සැලකිය යුතු බව යැ. මක්නිසා ද යත් එය විකල්පයෙන් යම් පිරිසක් පමණක් භාවිත කරන්නා සේ ම සෑම ශබ්දයක් සඳහා ම ද අද්‍යතනයේ භාවිත නො වීම යැ. ‘හි‘ හෝ ‘හී‘ යන්න ද ප්‍රත්‍ය වශයෙන් සැලකීම වටින අතර උක්ත සන්ධි කාර්යය අනුව ම සන්ධිවීම නිසා එක් වැ සිටින්නේ යැ
ගමේ + හි > ගමෙහි
·         ගසෙන් කොළ වැටෙයි. ගස් + + ගෙන් --- ගෙන් නිපාතය සන්ධි වීම් සහිත ව අවධි අර්ථයේ ඒක වචන
·         ගස්වලින් කොළ වැටෙයි. ගස් + වලින් --- අවධි අර්ථයේ බහු වචන
·         ගසේ වවුලෝ සිටිති. ගස් + + ගේ --- ගේ නිපාතය සන්ධි වීම් සහිත ව ආධාරාර්ථය ඒක වචන
·         ගස්වල වවුලෝ සිටිති ගස් + වල --- ආධාරාර්ථය බහු වචන
 
සර්ව නාමයන් ගේ දී ද මෙම දුර්වල ප්‍රත්‍යයන් නිසා සිදුවන සන්ධි කාර්යය දැක්ක හැකැ. එනම් අනුක්ත විභක්ති ප්‍රත්‍යය හ්‍රස්ව වැ යෙදුණු විට අනෙකුත් කාරකාර්ථ නිපාත ඒ හා සන්ධි වීම යැ.
+ > මා වන අතර ඒ සමග සම්බන්ධ වාචී ‘ගේ‘ නිපාතය අවිකාරයෙන් මැ යෙදෙන්නේ ‘මා ගේ‘ ලෙස පදය සිටින්නේ යැ
නුමුත් ‘ආ‘ප්‍රත්‍යය උච්චාරණ විශේෂයෙන් හ්‍රස්ව වූ විට ම + ගේ > මගේ ලෙස සන්ධි වීමට පැමිණේ.
සංවෘත ස්වරයේ බලපෑම නිසා වෙන් අප යන තැනැ මීට වෙස් වැ ගොස් හ්‍රස්ව වූ ස්වරයා කෙරෙන් පරව නිපාතය ඒ අයුරින් මැ සිටින්නේ යැ. අප + ගේ > අප ගේ
එය සංවෘත්ත ස්වරයා ගේ බලපෑමෙන් වන
එහි දු සන්ධි කාර්යය වන්නේ එවිට අප යන්නෙහි සංවෘත ස්වරය ලෝප වී සන්ධි වීමෙන් පැහැදිලි වන්නේ යැ. තවද එහි දී ‘ගේ‘ නිපාතයේ ආදි අක්ෂරය වූ ‘ග්‘ යන්න ද ලෝපයට යන්නේ යැ. අප + ගේ > අපේ
නුඹ තොප යන තැනැ දු මේ රීතිය ම ක්‍රියාත්මක වන්නේ සංවෘත ස්වර විෂයේ හි එසේ වන බව දැක්ක හැකි යැ. (උක්ත ගස + ගේ > ගසේ ඈ ලෙස සන්ධී වූයේ ද මේ රීතියෙන් ම යැ.)
නුඹ + ගේ > නුඹේ  තොප + ගේ > තොපේ
මෙම සන්ධි ක්‍රමය බාහිර සන්ධියන් වශයෙන් සිංහලයේ භාවිත වන බව විමසීමෙන් දත හැකැ. කෙසේ ද යත් පූර්ව පදයේ අන්තස්වරය උත්තර පදය සහ සන්ධිවීමේ දී හ්‍රස්ව බවට පැමිණෙන බව යැ. ඇතැම් විට ඒ නිසා වෙන් උත්තර පදයේ පුර්ව ව්‍යඤ්ජනය ලෝපයට ද යැවෙන්නේ යැ.
මේ + වැනි > මෙවැනි
+ තරම > එතරම්
මා + දෙස > මදෙස
මේ හේතුවෙන් සර්වනාම සඳහා සන්ධි කාර්යයක බලපෑම මිස නව ප්‍රත්‍ය වෙසෙසක් නො වන බව පෙනේ. ඒ නිසා අන් ප්‍රාණවාචී නාමයන් ගෙන් වෙනස් වූ විභක්ති ක්‍රමයක් මෙහිලා වැදගත් වන්නේ නැත. (‘ට‘ නිපාතය ගැන්වෙන ප්‍රාණවාචී ශබ්දයන් ගේ දු මෙම සන්ධිය බල වන්නේ යැ. ළමයා + ට - ළමයා ට, < ළමයට)
මේ ආකාරයෙන් උක්ත සාකාච්ඡා කළා වු කරුණු අනුව යමින් නූතන සිංහලයේ ඇති විභක්ති ක්‍රමය පහත පරිදි සෝදාහරණ වැ දැක්විය හැකැ
 
ප්‍රාණවාචී නාම
විභක්ති
ඒකවචන
බහුවචන
ප්‍රථමා
මිනිසා
මිනිස්සු
ආලපන
මිනිස
මිනිසුනි
අනුක්ත
මිනිසා
මිනිසුන්

සර්ව නාම
විභක්ති
ඒකවචන
බහුවචන
ප්‍රථමා
මම
අපි
ආලපන
-
-
අනුක්ත
මා
අප

අප්‍රාණවාචී නාම
විභක්ති
ඒකවචන
බහුවචන
ප්‍රථමා
ගස
ගස්
අනුක්ත
ගස
ගස්
අවධි
ගසෙන්
ගස්වලින්
ආධාර
ගසේ
ගස්වල

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...