ක්‍රිස්තියානි සංකේත christian Symbols


ක්‍රිස්තියානි සංකේත වර්ග දෙකකි එකක් අක්ෂරලේඛ්‍ය ය, අනෙක චිත්‍ර ය. අක්ෂරලේඛ්‍ය යනු අක්ෂර එක් කර
සාදාගන්න සංකේත ය. ඒවා පහත පරිදි දැකිය හැක.
.
  1. ඇල්ෆා සහ ඔමේගා Α Ω

සිව්වැනි සියවසට අයත් ගුහා සොහ‌ොන් සිතුවමක ඇල්ෆා ඔමේගා

මෙය බයිබලයේ එළිදරව්. 1.8 දී "ආරම්භය ද අවසානය ද මම වෙමි" යන අදහසින් එහි ම 21.6 ආදි තැන්වල
“Ἐγώ εἰμι τὸ Ἄλφα καὶ τὸ Ὦ,” ( "මම ඇල්පා සහ ඔමේගා ය") යන ජේසුස්වහන්සේ ගේ වචනයැ යි
දක්වන කොටස් මගින් ගෙන ඇත. මෙහි ඓතිහාඓක සහ ප්‍රාමාණික හෝ මුලින් ම ලියවිල්ලට ඇතුළත් වූ කාලය පිළිබඳ
ගැටලුවක් ඇතත්, මෙයි අදහස් කෙරෙනේ ආරම්බහය පෙරත් අවසානයට පසු වත් ජේසුස්වහන්සේ පාතින බවය
ඒ දෙකෙහිම කාරණය උන්වහන්සේ බව ය. මෙහි දී ලෝකයේ හෝ මනුෂ්‍යයා ගේ ආරම්භය සහ අවසානය
අදහස් කර ඇති බැව් පැහැදිලි වේ. මුල් කාලීන ක්‍රිස්තියානි ලියවිලිවලත් ගුහාසොහොන්වලත් මෙම සංකේතය
දක්නට ලැබෙන්නේ ය.
මා ගේ පෞද්ගලික අදහසක් (මෙය කිසිම දේවධාර්මිකය්ව්ක් ඉදිරිපත් කර ඇති බවක් දන්නේ නැහැ,
මේකට ගන්න හේබ්‍රෙව් සම්ප්‍රදාය පිළිගත් එකක්.) ජේසුස්වහන්සේ ඇරමැයික් හෝ හේබ්‍රෙව් භාවිත කළ කෙනෙක්
විය යුතු නිසා උන්වහන්සේ මෙවැන්නක් පැවතුවා නම් පවසන්නට ඇත්තේ මා א  'ආලෙෆ්' සහ ת 'ථව්'
(හෙබ්‍රෙව් ඇරමැයික් හෝඩිවල මුල සහ අවසාන අක්ෂර දෙක) වෙමි ලෙස ය. එය එසෙ නම්
(ඒ හැර ඇල්ෆා ඔමේගා කීව ද කියන්න හේබ්‍රෙව් ඇරමැයික් සංස්කෘතියට අදාළ නිසා) මෙය තේරුම් ගත යුත්තේ
හේබ්‍රෙව් සම්ප්‍රදාය අනුව ය. උප්පත්ති පොතේ දී අහසත් පොළවත් ලෙස දැක්වී අර්ථයෙන් ම ය.
එහිදී අහස සහ පොළවත් ඒ අතර ඇති සියල්ලත් ලෙස අර්ථ ගත යුතු ය. මුල සහ අග හෝ අන්ත දෙකක් දැක්වූවිට
එය සියල්ල ලෙස ගනීම හේබ්‍රෙව් සම්ප්‍රදාය යි. එස්වෙ නම් ඇල්ෆා ඔමේගා හෝ ආල්ෆා ථාව් හෝ
තේරුම් ගතයුතු වන්නේ මා සියල්ල ම වන්නේ ය ලෙස ය. එය යම් සර්වේශ්වරවාදී ස්වරූපයකට යන්නේ නුමුත්
ශූන්‍යයකින් ලෝකය මැවූ දෙවියන් සියල්ල ම ලෙස සැලකීමට ඇතැම් විට යොමුවූවා විය හැක.
.
  1. ස්ටෞරෝලේඛ්‍ය  σταυρός

ඊශ්‍රායලයෙන හමු වූ ස්ටෞරෝස් සහිත තෙල් පහනක්

මෙයත් මුල් ක්‍රිඅතියානි සභාද භාවිතයට ගත් සංකේතයකි. මෙය සහ-අක්ෂර ලේඛ්‍ය (monogrammatic)
සංකේතයක් වේ. උරුසය සඳහා වන ග්‍රීක ශබ්දය වන  σταυρός (ස්ටෞරොස්) ශබ්දයේ වන ට් Τ සහ ර් Ρ ක්ෂර
සංයෝගයෙන් සාදාගත් සංකේතයකි. මෙයට කුරුසයේ උපකාරය හෙවත් කුරුස පත් වීමෙන් මනුෂ්‍යයාට
දෙවියන්වහන්සේ කළ උපකාරය සංකේතවත් වන බවට ද මතයක් ඉදිරිපත් වී ඇත. මෙය ශුද්ධ ලියවිල්ලේ සහ
සැරසිලිවල සලකුණු කර ඇත.




3. ඛීරෝ ලේඛ්‍ය ΧΡ
රෝමයේ ගුහා සොහොනකින් හමුවන ඛීරෝ ලේඛ්‍යයක්

මෙය ස්ටෞරෝලේඛ්‍යයේ දිගුවක් ලෙස සැලකිය හැක. මෙහි ආරම්භය කොන්ස්තන්තියන් අධිරාජ්‍යයා සමග
සම්බන්ධ වන අතර යුද්ධයකට යාමට පෙර සිහිනයෙන් පෙනුනෙක් සොල්දාදුවන් ගේ පලිහවල ශුද්ධ වූ දේව සලකුණ
සලකුණු කරන ලෙස පැවසූ අතර පසුදින රජු ස්ටෞරෝලේඛ්‍යය පලිහවල සටහන් කිරීමට අන කළේ ය.
එදින සටන ජයගත් අතර සේනාවට සහ රජුට එක්වර ප්‍රාතිහාරයක් පවසා ඇත්තෙ (පෙනුණු බව ආදි විවිධ දෑ පැවසේ)
"මෙයින් ඔබ යටත් කර ගනිති." යන්න යි. එයින් පසු χριστοσ ඛ්‍රිස්ටොස් යන ග්‍රීක ශබ්දයේ ඛ් X සහ ර් P අක්ෂර
එක් කර මෙම ලේඛ්‍යය සාදා ඇත. පසුව මෙය කතෝලිකයන් අතර සුලබ ව භාවිතවන සංකේතයක් බවට පත් විය.
මෙයින් කුරුසයත් කුරුස පත් වීමත් දැක්වෙන අතර X අක්ෂරයෙන් ස්වර්ගය දැක්වෙන බවට ද මතයක් වේ.
කෙසේ වුවත් ම්ව්‍යින් කුරුසයෙන් ගැලවීම හෙවත් ජේසුස්වහන්සේ තුළ ගැලවීම ලැබීම සංකේතවත් කෙරෙන බ්ව
පිළිගැනේ. විවිධාකාරයෙන් සැරසිලි සහ නිර්මාණ සඳහා මෙය භාවිත වේ.
.
  1. යේ ලේඛ්‍ය ΙΗ

රෝමයේ ගුහා සොහොනකින් හමුවන යේ ලේඛ්‍යයක්

මෙය ද Ιησους (ඉඒසොඋස්) පදයේ ඉ I සහ ඒ H අක්ෂර දෙක එක කර සෑදූවකි. මෙමගින් ග්‍රීක 18 ද
සංකේතවත් වන අතර එමගින් ගැලවීම දේව අනුග්‍රහය විශ්වාසය ගිවිසුම සංකේතවත් වන බව පිළිගැනේ.



5. ඉඛ් ලේඛ්‍ය ΙΧ


Ιησους Χριστοσ (ඉඒසොඋස් ඛ්‍රිස්ටොස්) හෙවත් ජේසුස් ක්‍රිස්තුස් යන පද දෙක් මුල් අක්ෂර දෙක ගෙන IX ලෙස
මෙම ලේඛ්‍යය සාදා ඇත මෙයින් ද කිඅතුස් වහන්සේ ඉදිරිපත් වන අතර මෙහි සංඛ්‍යා අගය ද අක්ෂර අගය ද සමාන වන
බව ද මුල් සභා පියවරුන් ඉදිරිපත් කර ඇත. මෙහි X අක්ෂරය පසුකාලීන ව කුරුසය ජේසුස්වහන්සේ සහ ගැලදීම සේ ම
ස්වර්ගය ද නිරූපණයට යොදාගෙන ඇත. එක්ස්මස් යන්න මේ අනුව සකසා ගත්තක් බව පැවසේ.
.
ක්‍රිස්තියානි සංකල්ප ඉදිරිපත් කිරීමට රූප සිතුවම් ද යොදාගැනීම දැකිය හැකි ය මේ එවැනි රූප කීපයකි.




  1. කුරුසපත්වීම

සිව්වවැනි සියවසට අයත් කුරුසපත් වීම් නිරූපණයක්

මුල් ක්‍රිස්තියානි සභාව තුළ ව්‍ය.ව දෙවැනි සියවසේ දී කුරුසය සංකේතවත් කිරීමට ග්‍රීක හෝඩියේ T අක්ෂරය
භාවිත කර ඇත. ඇලෙක්සැන්ඩෙඉයාවේ ක්ලමෙන්ට් තුමා කුරුසය Το κυριακον σημειον
(ටො කුරිඅකොන් සේමෙඊඔන්) (දෙවියන් වහන්සේ ගේ සලකුණ) ලෙස දක්වා ඇත. එසේම එතුමා උත්පත්ති 14.14 දී
එන ආබ්‍රහම් තම ඥතිවර බෑනා සිරබාරයට ගෙන ගිය විට සිය කඳදුරේ සිටි යුධ පුහුණුව ලැබූ 318 දෙනෙකු රැගෙන
සතුරන් ලුහු බැඳිබව දැක්වෙන තැන 318 ග්‍රීක ඉලක්කම අනුව සලකා කුරුසපත්වීම නිරූපණය කරන බව දක්වා ඇත
ග්‍රික ඉලක්කමින් 318 ලියනුයේ 300 T + 10 I + 8 H > TIH ලෙස ය. මෙහි T සහ I අක්ෂර කුරුසය ලෙසත් H අක්ෂරය
ΙΗΣΟΥΣ ලිවීමේ දී එන H අකුරෙන් ජේසුස්වහන්සේ සංකේතවත් කරන බවත් දක්වා ඇත. නුමුත් පසුකාලීන
බයිබල් විචාරකයන් මේ මතය අදාළ කොටස සම්බන්ධයෙන් සැලකූ බවක් දකින්නට නැත.
මුල් යුගයේ මෙසේ භාවිත වුව ද පීඩන සමයෙන් පසුව ක්‍රිස්තියානීන් විසින් ග්‍රීක සහ ලතින් කුරුස භාවිතය
ආරම්භ කර ඇති අතර කලා කෘතීන් හෝ යොදා ගැනීම ආරම්භ කර ඇත. නුමුත් පැහැදිලි ලෙස භාවිත වීම
ආරම්භ වන්නේ පස්වැනි සියවසේ දී ය.
.
  1. මාළුවා

හතරවැනි සියවසට අත් මාළු සංකේතයක්

මෙය මුල් ම ක්‍රිස්තියානි සභාවේ පීඩන සමයේ දෙවැනි සියවසේ ජනප්‍රිය වූ රහස් සංකේතයකි. ග්‍රීක බසින්
Ιχθυς (ඉඛ්ථුස්) හෙවත් මත්ස්‍යයා ලෙස මෙය හඳුන්වා ඇති අතර එය ඉංගිලිිසියට ගෙන ඇත්තේ Ichthys ලෙස ය.
මෙමගින් ද සංකේතවත් කෙරෙන්නේ ජේසුස්වහන්සේව ම ය. එය ඉඛ්ථුස් පදයෙ එක් එක් අක්ෂර වෙන ම
පද සංකේතවත් කරන ලෙස ගෙන ඇත.
Ι - ιησους ඉ - ඉඒසොඋස් = ජේසුස්
Χ - χριστος ඛ් - ඛ්‍රිස්ටොස් = ක්‍රිස්තු
Θ - θεου ථ් - ථිඔ.උ = දෙවියන් ගේ
Υ - Υιος උ - හුඉඔස් = පුත්‍රයා
Σ - σωτηρ ස් - සෝටේර් = ගැලවුම්කරු
එනම් ඉඛ්ථුස් පදයේ අර්ථය වන්නේ ජේසුස් ක්‍රිස්තුස් දෙවියන් ගේ පුත්‍ර ගැලවුම් කරුවා යන්න යි.
මෙම අදහස හිප්පො හි ඔගස්ටින් තුමා විසින් ඉදිරිපත් කර ඇත. අකුරු විසිහතක් ඇති බවත් එයින් දිව්‍යමය බලය
දැක්වෙන බවත් එතුමා දැක්වුව ද මෙහි අකුරු ඇත්තේ විසිහයක් පමණි.

  1. යහපත් එඬේරා

තෙවැනි සියවසට අයත් ගුහා සොහොන් සිතුවමක්


මෙය නව ගිවිසුමේ, ග්‍රීක භාෂාවෙන් Ποιμην ο καλος
(පොඉමේන් ඕ කලොස්) ලෙස දක්වා ඇත්තෙ යහපත් එඬේරා යන්න යි.
එය ජෝහන් 10.11 දී "යහ්පත් එඬේරා මම වෙමි.
යහපත් එඬේරා තම ජීවිතය බැටළුවන් උදෙසා පූජා කරන්නේ ය."
ආදි ලෙස දක්වා ඇත. යින් අදහස් කෙරෙන්නෙ ජේසුස්වහන්සේ
මනුෂ්යයා වෙනුවෙන් කුරුසයේ දුක්විඳීමෙන් තම මාංශයෙන් සහ
රුධිරයෙන් කළ යාගය යි. මෙම රූපයේ දැක්වෙන්නේ බැටළුවෙකු කරේ
තබාගෙන සිටින එඬේරෙකු ය. අතරමං වු බැටළුවා තම කරපිටින්
ගෙන යෑම එයින් නිරූපිත ය. මෙය මුල් කාලීන ගුහාසොහොන්වල
නිරූපණය කර ඇත. දැනට හමුවන පැරණිම ක්‍රිස්තියානි කලා කෘති
අතරට මෙම රූප අයත් වේ.
.



9. පරවියා
ඔලිව්හා අත්ත ගත් පරෙවියා ගුහා සොහොන් සිතුමක්

මතෙව් 3.16 පදයේ දී "ජේසුස් වහන්සේ බෞතිස්ම ස්නාපනය ලැබ, එකෙණෙහි ම දියෙන් ගොඩ ආ සේක.
එවිට ස්වර්ගය විවර විය. දෙවියන් වහන්සේ ගේ ආත්මයාණන් පරවියෙකු මෙන් බසිමින් තමන් පිට පැමිණෙනු
උන්වහන්සේ දුටු සේක." මෙනිසා පරෙවියා මගින් ශුද්ධාත්මයාණන් වහන්සේ සංකේතවත් කෙරෙන බව පැහැදිලි වේ.
එසේ ම නෝවා ගේ කතාවේ දී ජලය බැස ගිය පසු පරවියා ඔලිව් අත්තක් රැගෙන පැමිණීම මගින් මුල් සභා පියවරු
පරවියා සහ ඔලිව් අත්තෙන් ජේසුස්වහන්සේ කුරුසයෙන් ගැලවීම රැගෙන පැමිණි බව ඉදිරිපත් වේ යැ යි සැලකූහ.
.
  1. මොණරා

අටවැනි සියවසේ ඉතාලි පල්ලියක මොණර රූප

පුරාණ ග්‍රීකයන් ගේ අදහස වූයේ මරණයෙන් පසු මොණරා අමරණීයත්වයට පත් වන බව යි.
එනිසා මොණරා අමරණීයත්වයේ සංකේතයක් ලෙස යොදා ගැණින. මුල් ක්‍රිස්තියානි සභාව තුළ ස්වර්ගීය අමරණීයත්වය
උත්තානය දැක්වීමට මොණරා යොද ගැණිනි. එනම් ගැලවීම සංකේත්වත් කෙරිණි. එසේ ම පෙඳයේ ඇස්
බොහෝමයක් ඇති නිසා සියල්ල දකිනා දෙවින් වහන්සේ ද මෙයින් අදහස් කර ඇත. එසෙ ම එකම තැනකින් ඇති වන
ඇස් බොහෝමය නිසා මැවීම ද මොණරා ගෙන් සංකේතවත් වන බව පැවසේ. ජීවනයේ වෘක්ෂය දැක්වීමේ දී
මොනරා නිරූපණය කිරීම සිදු වේ.
.
මෙවන් සංකේත තවත් ඇති අතර ම්ව්‍යින් දක්වා ඇත්තේ කීපයක් පමණි. මෙම සංකේත භාවිතාවේ ඒකාකාරී ස්වභාවයක්
දැකිය හැකිය. සියලු ම සංකේත පාහේ ක්‍රිස්තුස්වහන්සේ සහ ගැලවීම නිරූපණය කිරීමට යොදාගෙන ඇති අතර,
එයට ප්‍රධාන හේතුව මුල් යුගයේ පැවති පීඩන සමය තුළ තම විශ්වාසය ප්‍රකාශ කිරීම යැ යි සිතිය හැක. මෙම සංකේත
නිපදවා ගැනීමේ දී භාෂාවේ අක්ෂර රූපයන් ගේ සමාන කම් සහ අර්ථවාද නිර්මාණය ගැන අවධානයක් දී ඇති අතර
චිත්‍ර රූප නිර්මාණයේ දී ඒ වනවිට භාවිත වූ රූප ම වෙනස් ආගමික අර්ථයකින් ස්වරූපයකින් භාදිත කිරීමට පෙලඹී ඇති
බව දැකිය හැක. එසේ ම මෙම සංකේත විවිධ දේවවේදීන් විසින් විවිධ කාලවල දී විවිධාකාරයෙන් අර්ථ දැක්වීමට
කටයුතු කර ඇති අතර ග්‍රීක සංඛ්‍යා ක්‍රමයේ සහය ඇතිව සංඛ්‍යාමය සංකේත ලෙස ද අර්ථ විවරණය කිරීමට උත්සාහ කර
ඇත. විශේෂයෙන් 2වැනි සියවසේ සිට 5වැනි සියවස දක්වා කාලයේ මෙසේ අර්ථ විවරණ සැපයීම වැඩි වශයෙන්
සිදුවී ඇති බව දැකිය හැක.
එසේ ම මෙම සංකේත අතර අතීතයේ ලෝලයේ එක් කොණක සිටි මිනිසුන් ගේ විශ්වාසය සහ භක්තියත්,
සිතුම් පැතුම් සේ ම ආගම වෙනුවෙන් රහසිගතව ජීවත්වූ මිනිසුන් ගේ ජීවන සුවඳ ද පවතින්නේ ය. එසේ ම ආගමේ
නාමයෙන් සිදුවුණු සංහාරයන්වල අඳුරු පැල්ලම් ද තවමත් නො මැකී ඇත. ඒ සියල්ල එකතු කරගනිමින් ආගම නැමැති
ඕඝය තුළ අතීතයේ සිට අනාගතයට ගලා යමින් ඇත.


සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...