ආගම සහ මනුෂ්‍යයා

1.මිනිසත් බව ඔබ හදුන්වන්නේ කොහොමද?
මිනිසත්බව විවවිධ විෂයන් යටතේ විවිධාකාරයෙන් හැඳින්විය හැකැ. මෙහි දී අදහස් කෙරෙන්නේ ආගමට සාපේක්ෂව බැවින් එයින් අදහස් වන්නේ සදාචාරාත්මක බවින් යුතු මානව පැවැත්ම යැ යි සිතමි. එ් එසේ නම් නිර්වචනය කිරීම තරමක් අඵාසු වන්නේ සදාචාරය යන්න නො වේ නම් හොඳ හෝ නරක යන්න නිර්වචනය කිරීම ඵාසු නො වන නිසා යැ. කෙසේ වුවත් සරල මැ නිර්ණායක මගින් පවසා නම් තමාටත් අනුනටත් කරදරයක් හෝ අඵාසුවක් නො වන පැවැත්ම සදාචාරාත්මක පැවැත්මක් ලෙස සැලකිය හැකැ. මෙහි දී අනුන් යනුවෙන් සැලකූවේ මානවීය සමාජය ප්‍රමුඛ වූ සමස්ත සෘෂ්ටිය ම බැව් සැලකුව මනා යැ. නුමුත් එහි දී සතුන් ආහාරයට ගැනීම ඈ සත්වහින්සනය පිළිබඳ නැගෙන ගැටලු සඳහා දිය හැක්කේ පක්ෂග්‍රාහී පිළිතුරක් පමණක් නිසාත් එය මේ සඳහා එතරම් අදාල නො වන නිසාත් එය අතහරිමි. කෙසේ වුවත් ඇතැම් අවස්ථාවන් හී දී උක්ත නිර්ණායකයන්ට පිටින යන්නට වන අවස්ථා ඇතැ. ඒ ආත්ම ආරක්ෂාව ආදී නිසා යැ. නුමුත් එය සෑම විට ම නො වන අතර ආත්මාරාක්ෂාව පිණිස සිදු කෙරෙන්නේ අනිච්ඡානුක ක්‍රියා යැ යි වෙන් කළ හැකැ. එසේ ගත් විට මිනිසත්බව යනු තමාටත් අනුන්ටත් අපහසුවක් වන ක්‍රියා සහ ඵලය පිළිබඳ දැනීමක් ඇතිව එවැනි දේ කිරීමෙන් වැලකී ජීවත් වීම යැ.

2.ඔබ ආගම හදුන්වන්නේ කොහොමද?
මිනිසත් බවටත් වඩා අසීරු දේ නම් ආගම නිර්වචනය කිරීම යැ. සාමාන්‍ය යුරෝපීය භාෂාගත ශබ්දයෙන් කියැවෙනනේ ඊශ්වර පිළිබඳ පවතින ශ්‍රද්ධාව මගින් ඇති කරන්නා වූ චරණය සහ දර්ශනය ආගම වන බව යැ. සංස්කෘත ආගම ශබ්දයේ අර්ථය විවිධාකාරයෙන් ගෙන දැක්විය හැකි අතර උක්තයට ගැලපෙන් ශබ්දය නම් ධර්මය යන්න යැ. එයින් කියැවෙන්නේ ඍෂ්ටියේ පැවැත්ම පිළිබඳ කෙරෙන ඉගැන්වීම් යන්න යැ. මෙය ආගමකට වඩා දර්ශනයට සමීප නිර්වචනයක් වන බැව් දැක්ක හැකැ. කෙසේ වුවත් ආගම ශබ්දයෙන් මේ නිර්වචනය තරමක් වෙනස් වැ යෙදේ එනම් ආගම යනු වේදය නොහොත් ශ්‍රැතිය යැ. එයිනි ආගම යන්න ධර්මය නොහොත් රිලිජියන් යන ශබ්දයට සමාගාමී අර්ථයකින් භාවිතයට ගැනුනේ. ඉදින් වේදය යනු බ්‍රහ්මන් විසින් දෙන ලද ඥානය යැ. එය අපෞරුෂේය වන්නේ යැ. පරම සත්‍ය වන්නේ යැ. මේ සියල්ලෙන් පෙනෙනනේ ඒ දු විශ්වාසය ශ්‍රද්ධාව මත පවතින් බව යැ. එමෙන්මැ පරම දෙවියෙක් පිළිබඳ විශ්වාසයේ පවතින බව යැ. එසේ නම් ආගම යනු දෙවියන් කෙරෙහි පවතින ශ්‍රද්ධාව මුල් වූවකැ යි කිව හැකි ද? එසේ නම් ජෛන බෞද්ධ ආදී ආගම් ආගම් නො වනනේ ද? එය එසේ වන්නේ නො වෙයි. උක්ත ආගම් දෙකේ මැ දෙවියන් මුඛ්‍ය වන්නේ සේ පෙනුන ද එහි දෙවියන් ගෞණ යැ මුඛ්‍ය වන්නේ ශ්‍රද්ධාව යැ. ශ්‍රද්ධාව නැති නම් දෙවියන්ට පැවැත්මක් නැති. ආගමික ඉතිහාසයේ මුලින් පහළ වූවේ ශ්‍රද්ධාව මිස දෙවියන් නො වේ යැ. ඉදින් ආගමක මුඛ්‍ය ලකෂණ්‍ය ශ්‍රද්ධාව යැ. බෞද්ධ ජෛන ඈ ආගම් ද ශ්‍රද්ධාවෙන් මිදෙන්නේ නො වේ. ඒ විෂයේ දිගට කරුණු මෙහි ලා දැක්වීම අදාල නො වන නිසා එය මෙයින් නවත්වමි.

3.ඔබ දකින මිනිසත් බව, තිරිසන් බවෙන් වෙනස් වන්නේ කොහොමද?
මිනිසත්බව පෙර දක්වා ඇතැ ඒ දැක්වූ ලෙස චින්තනය මෙයවිය හැකකේ මිනිසාට මිස තිරිසනාට නො වවන්නේ එය මැ වෙනස වන්නේ යැ. මෙහි දී කෙනෙක් ඇසිය හැක්කේ සත්ත්වයා ද තමාටත් තමා ගේ ජාතියටත් අවැඩක් වන සේ ක්‍රියා නොකරන්නේ ද යන්න යැ? එය යුක්ති සහගත ප්‍රශ්නයක් නො වන්නේ තිරිසනාට ස්වභාවයෙන් උරුම වූ ක්‍රියා සමූහයකින් පිට ක්‍රියා කිරීමේ හැකියාවක් උට ස්වභාවයෙන් මැ උරුම නො වන නිසා යැ. එනම් සිංහයා ගේ සම්පූර්ණ දිවිය වෙන් වන්නේ ආහාර වර්ගයා බො කිරීම සහ සෞඛ්‍යසම්පන්න ජීවිතකයක් ගෙවීමට කටයුතු කිරීම යන කාර්ය තුළ කොටු වී යැ. මිනිසා එයින් බාහිර වැ විවිධ අවශ්‍යතාවන් ධී ශක්තිය මෙහෙයවා මානව ඉතිහාසය පුරා සපුරාගත් නිසා වත්මනේ මුනෂ්‍යයා තිරිසනාට ‘සාපේක්ෂව‘ කොටු වී නැති සත්ත්වයෙකි. ඒ මැ වෙනස වන්නේ යැ.

4.ඔබ දකින මිනිසත් බව ක්ෂණිකවම පහල වූවක් ද?
නැත. එම මානව පරිණාමයේ බොහෝ ඈත අතීතයේ දී සිදු වූ සියුම් වෙනස්කම්වලින් පහල වූවකැ. මිනිසා ආගමක් පළමුව නිර්මාණය කරගනනෙ නියැණ්ඩතාල් අවධියේ දී ය. ඒ යුගය වන විට මිනිසාට මානවීයත්වය පිළිබද අද්‍යතනයේ වැනි ගම්භීර හැඟීමක් නො පැවතුණු අතර එය හුදු ස්වාරක්ෂාව පමණක් මුල් වූවක් විය. නුමුත් බිය සහ පශ්චාත්තාපයත් අපේකෂාභඞ්ගත්වයත් නිසා ඇති වූ ආගම නිසාත් ක්‍රමයෙන් වැඩුණු භාෂාවේ දියුණුව නිසාත් චින්තනය පිළිබඳ හැකියා ව වැඩි වන්නට විය. ඒ සමග යහපත අයහපත පිළිබඳ නො පැහැදිලි ඡායාවන් අති වූ අතර එය පැහැදිලි ලෙස නිර්වචනය කිරීමට හෝ පැහැදිලි කිරීමට නො හැක විය. ඒ නිසා එය ආගම සමග සම්බන්ධ කරන ලද්දේ ඒ වන විටත් පැහැදිලි කළ නො හැකි බොහෝ දේ ආගමේ නාමයෙන් පැහැදිලි කරගැනීම පෙළඹී සිටි නිසා යැ. මෙම හොඳ නරක පිළිබඳ සංකල්පය ඉන්පසු සැලකිය යුතු ලෙස වර්ධනය වූ අතර ඒ වෙනුවෙන් වෙනම දෙවිවරුන් සහ පසුව ඊශ්වර ගේ ප්‍රධාන කාරයයක් බවට ද මෙම හොඳ නරක තීරණය කිරීම පත් විය. නුමුත් මූලයෙන් මේ දෙක ඈත් වැ පැවති අතර එකිනෙක අනිර්බේද සම්බ්ධයක් ඇතතේ නො වෙයි. මේ සදාචාරයේ පරම උත්කෘෂ්ට වර්ධනය පෙරදිග බෞද්ධ සහ වේදාන්ත දර්ශන මගින් සහ අපරදිග ග්‍රීක දාර්ශනිකයන් වූ ප්ලේටෝ ආදීන් ගෙන් සිදු වු අතර ඉන් පසු කාන්ට් මාක්ස් වැනි පිරිස එය වඩාත් මුව තැබීය.

5.ආගම විසින් මිනිසත් බව විනාශ කරමින් තිබෙනවද?
මෙයට විෂයානුබද්ධ පිළිතුරක් දිම අනවශ්‍ය සේ දකිමි. ආගමේ නාමයෙන් ලෝක ඉතිහාසය තුළ සිදු වූ ව්‍යසනයක් මෙයට පිළිතුරු සපයනවා ඇතැ. නුමුත් ඒ ව්‍යසනයන් පැහැදිලි කිරිම මෙහි දී කළ හැකැ සහ කළ යුතු යැ යි සිතමි. එනම් ඒ සිදු වූ මහා ව්‍යසනයක් හී මුඛ්‍ය හේතුව ආගම සේ පෙණුන ද එය ගෞණ සහ දීර්ගකාලීනව මවන ලද හේතුවක් බව දැකිය හැකකේ සියුම් ව විමසන්නේ නම් යැ. එසේ මවන ලද්දේ දේශපාලනය නොහොත් බල ලෝභය විසිනි. පරණගිවිසුමේ ඇති මානව සංහාරයන් ගේ සිට මහාභාරතය ඔස්සේ කුරුසයුද්ධය පසු කරමින් බුරමුය මියන්මාරය ඇෆ්ගනිස්ථානය බංගලාදේශය ඔස්සේ සිරියාව දක්වා වැටී ඇති යුධ මාර්ගයේ සෑම නැවතුමක ම හේතුව දේශපාලනය විසින් පූර්වෝක්ත හේතූන් ගෙන් ඇති වූ ආගම අතිශය ආයතනීකරණය වීමේ වාසිය තමා අතට ගැනීම යැ. නො වෙ නම් ආගම ඇමට භාවිත කරමින් තමා ගේ අවශ්‍යතාවන් සපුරා ගැනීම යැ. එසේ නම් කෙනෙක්ට මෙය ආගමේ වරදක් නො වන සේ පෙනිය හැක. නුමුත් එය එසේ නො වනනේ ආගම විසින් නිර්මාණය කළ දෘඪතර ආයතනීකරණය සහ අන්ධභක්තිය සේ මැ අහංකාරය සහ මමංකාරය විසින් මේ යුද්ධයන් ඇති වූ බව නො සලකා හැරිය නො හැකි බැවිනි. මක්නිසා ද යත් එය එසේ නො වූවා නම් දේශපාලනයට ආගමිකයා බිලිබාගත නො හැකැ. එසේ ම මේ කිසිවන් පූර්වෝක්ත ආගමේ අත්‍යාවශ්‍ය ප්‍රතිඵල නො වන බව ද සිහිකට යුතු ම යි.

6.එහෙම නැතිනම් ආගම විසින් මිනිසත් බවේ ක්‍රමික වර්ධනයට දායකත්වයක් සැපයුවද?
ආගම විසින් මිනිසා ගේ ක්‍රමික වර්ධනයට දායක වූ ආකාරය උක්ත ‘ඔබ දකින මිනිසත් බව ක්ෂණිකවම පහල වූවක් ද?‘ යන්නේ දී සැකැවින් පිළිතුරු සපයා ඇතැ. උණපූර්ණයක් කරම් නම්, සෑම මනුෂයයෙක් මැ තමා විසින් ස්වයං හික්මවීමක් ලැබ්බ නො හැක. එය තවම බලාපොරොත්තු විය නො හැකැ. ඒ නිසා ආගම විසින් එම කාර්ය ඉටු කරීම යහපත් දෙයකැ අගය කටයුතු දේකි සහ ආගමේ ගෞණ කාර්යය වූ එය ආගම විසින් තවම ඉටු කළ යුතු බවට හොඳ ම සාධකය වන්නේ බොහෝ පිරිස තවමත් ආගමක් නැති නම් තමා වනාචාරී වෙ යැ යි යන ආකල්පයෙන් සිටිම යැ. එනම් ඔවුන් ආගමෙන් පරිබාහිර සාචාර පැවැත්මක් පිළිබඳ කල්පනාව මෙහෙයවීමේ හැකියානව් නැති පිරිසකි එවැන්නන් කෙරෙහි ඉතිහාසයේත් වත්මනේත් ආනාගතයේ එවැන්නන් පවතිනතාක් ආගම තම සේවය සපයනු ඇති සේ මැ සැපයිය යුතුයැ.
7.වත්මනෙහි ආගම් වාදයන් නිසා මිනිසුන් අතර ගැටුම් ඇතිවිම නිසාම සියලු ආගම්, විශ්වාසයන් කෙල පිඩක් සේ ඉවත දැමිය යුතුද? එසේ කළවිට මිනිස්කම සුරැකෙයිද?
නැතැ. වත්මනේ උක්ත සේ ආරම්භයේ පටන් ආ ලෙස ම සෘෂ්ටිය පැහැදිලි කිරීමත් දසාචාරාත්මක පැවැත්මත් යන සියල්ල සිදු කරන්නේ යැ. එයට අමතර වැ ආගම විසින් විශාල සේවයක් දු ඉටු කරන්නේ යැ. එය විශාල වන්නේ උක්ත කාරණා ආගමක් නැතිව ඉටුකරගත හැකි පිරිස බොහෝ විය හැකි මුත් මෙය ආගමක් නැති ව ඉටුකර ගැනීම බොහෝ දෙනාට තවමත් අසීරු නිසා යැ. ඒනම්, බිය, අපේක්ෂාභඞ්ගත්වය, පශ්චාත්තාපය ආදිය නිසා ඇති වන මානසික පීඩනය අවම කරගැනීම හෝ නැති කරගැනීම යැ. මෙය ආගම ඇති වීමේ ලා බලපෑ මුඛ්‍ය සාධකයකි. ඒ සඳහා ආගමේ උපයෝගීතාව තවමත් එලෙස මැ පවතී. එනිසා ආගම ඉවත දැමිය නො හැකැ. නුමුත් පූර්වෝක්ත ආයතීකරණය ආගමිකයා විසින් අවබෝධ නොකරන්නේ නම් මේ බිය දේශපාලනිකයන් සේ මැ වෙනත් රැවටිලිකාරයන් විසින් අයතු ලෙස ප්‍රෙයා්ජනයට ගත හැකැ. ඒ පිළිබඳ සිහියෙන් යුතුව තමා ගේ කාර්ය සදහා ආගම භාවිත කිරීම කළ යුතු දේකැ. උක්ත කාර්යයන් ආගමක් නැති වැ විසඳාගත හැකි පිරිස ආගම ඉවත දැමීමේ වරදක් නැතැ. නුමුත් ඒ අතර යමෙක් පරෙමසත්‍ය සෙවීමේ යුහසුලු නම් පරමසත්‍ය සත්‍ය දහස්ගාණක් වූ දර්ශණවාදයන් ගෙන් එකක් හෝ එකක්වත් නො විය හැකි බවත් ඒ එක ආගමික  දර්ශනයක් පවා විය හැකි බවත් සිහි තබා ගැරනීම වටී.

8.මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම. එසේ පවසන්නේ ඇයි?
පෙර කී ලෙස මැ තමාටත් අනෙකාටත් අඵාසුවක් නො වන සේ ජීවත් වීම මිනිසත් බව යන්නේ යැ. ඉදින් තම ජීවිත කාලය පුරා තමා විසින් පුරුදු කළ සහජයක් දක්වා වර්ධනය වූ නොහොත් ආයතනීකරණය වූ යම් විශ්වාසයන්ට නිර්දය ලෙස කෙනෙක් පහරගසා නම් එය අවශ්‍යෙයන් ම දුකක් අඵාසුවක් වන්නේ යැ. එසේ මැ පෙර කී සියල්ල ආගම විසින් සැපයෙන නිසාත් එය තවමත් බහුතරයටක තමා ම සපුරාගත නො හැකි නිසාත් අනෙකා ගේ ආගමට හෝ විශ්වාසයට පහර ගැසීම යුතු නො වන්නේ යැ. එසේ මැ එසේ පහර ගසන්නෝ ආගමේ සුලමුල නො දන්නෝ ද වේ යැ.
මේ සියල්ල නිසා සමාජවිරෝධී (මනුසත්බවට හානිවන) ක්‍රියාවක් නො වන තාක් ආගමික නිරාගමික යන කවුරුත් එකිනෙකා කෙරෙහි පහර දී ගන්නා දෙස අනුකම්පාවෙන් සහ හාස්‍යෙයන් යුතුව බලා සිටිම්.
ස්තූති යි, උක්ත ප්‍රශ්න සියල්ල විමසූ දීප්ත කුමාර අයියාට...!!!

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...