සිංහල භාෂාවේ කර්මකාරක සහ කර්තෘකාරක ලෙස වාක්‍ය වර්ග දෙකක් දක්නට ලැබෙන්නේ යැ. මෙම වෙනස රැඳී ඇත්තේ ක්‍රියාපදය සහ උක්ත පදය අතර ඇති සම්බන්ධය මත යැ.
මේ පිළිබඳ නිවැරදි වැ දැනගැනීමට උක්ත වීම පිළිබඳ ව දු දැනගත යුතු යැ. උක්ත යනු කියන ලද යන්න යැ. එනම් මෙම වාක්‍යයන් විෂයෙහි ආඛ්‍යාතය මගින් කියැවෙන්නේ උක්තය යි.
රජු සතුරන් නසා.
මෙහි දී ‘නසා‘ යන ආඛයාතය කරන්නෝ කවරෙක් ද? (කවරෙක් නසත් ද?) හේ රජු යැ. එනම් ආඛ්‍යාතයෙන් කියැවෙන්නේ ‘රජු‘ යැ. එමනිසා එම වැකියේ උක්තය ‘රජු‘ යැ.
රජු විසින් සතුරෝ නැසෙත්.
මෙහි දී ‘නැසෙත්‘ යන්නෙන් ප්‍රශ්න කළ විට (කවරෙක් නැසෙත් ද?) පිළිතුර වන්නේ ‘සතුරෝ‘ යන්න යැ. එනම් මෙහි දි ‘සතුරෝ‘ යනු උක්ත යැ.
ඉදින් මෙම වැකිදෙකෙහි පළමු වැන්නේ කර්තෘ උක්ත වී ඇති නිසා එම වැකිය කර්තෘ කාරකයේ වැටෙන්නේ යැ. දෙවැන්නේ කර්මය උක්ත වී ඇති නිසා කර්මකාරක කොටසේ වැටෙන්නේ යැ. එසේ නම් පැහැදිලි වන පරිදි කර්තෘ කාරක වාක්‍යයක් කර්ම කාරක කිරීමේ දී සිදු කරනුයේ වාක්‍යයෙහි උක්තය කර්තෘ ගෙන් කර්මය දක්වා මාරු කිරීම යැ. සරල වාක්‍යයක සැම විට මැ උක්තය අනුව ආඛ්‍යාතය පිහිටන නිසා එසේ මාරු කිරීමෙන් පසු වැ පවතින උක්තය අනුව ආඛ්‍යාතය තැබීම සිදු කෙරේ.
කර්‍තෘ කාරක වාක්‍ය කර්ම කාරක කිරීමේ පිළිවෙල.
1. කර්‍තෘ කාරක වාක්‍යයේ උක්ත කර්තෘ අනුක්ත විභක්තියෙන් යොදා ඒ සමග ‘විසින්‘ නිපාතය යෙදීම.
• ඈ දරුවන් බලා.
i. ඇය විසින්........
2. කර්‍තෘ කාරක වාක්‍යයේ අනුක්ත කර්මය උක්ත කිරීම.
• ඈ දරුවන් බලා.
i. ඇය විසින්....
ii. ඇය විසින් දරුවෝ.......
3. උක්ත කළ කර්මය අනුව යමින් කර්මකාරක ආඛයාතය තැබීම.
• ඈ දරුවන් බලා.
i. ඇය විසින්......
ii. ඇය විසින් දරුවෝ......
iii. ඇය විසින් දරුවෝ බැලේ / බලනු ලබයි.
කර්මකාරක ආඛයාතය ආත්මනේ ස්වරූපයෙන් (බැලේ, නැගේ, කියවේ ඈ) හෝ ‘ලද‘ ධාතුවෙන් යෙදිය හැකැ. එහි දී ‘ලබ‘ අනතීතයේ ද ‘ලද‘ අතීතයේ ද යෙදෙන්නේ යැ.
ඇය විසින් දරුවෝ බැලෙත් / බලනු ලබත් - යන්න අතතයේ දී
ඇය විසින් දරුවෝ බැලුණ හ / බලන ලද හ ලෙස යෙදෙන්නේ යැ.

ස්තූතිය 🤩
ReplyDelete