ත්‍රිපිටකාගත බුද්ධ චරිතය 1 (අබිනික්මන තෙක්)



ලොවැ දැනට පැතිරැ පවතින්නා වූ ප්‍රධාන ආගමික දර්ශන අතරින් ඓතිහාසික වූ ශාස්තෘන් වහන්සේ නමක් හිමි පැරැණි මැ ආගමික දර්ශනය වන්නේ බුදුසමය යැ. ඉන් පෙරැ පැවති කිසිදු ආගමක් කෙරෙහි මේ විරුද නාමය නො වැටෙන්නේ ඒ ඒ ආගම්වලැ ඇති ඓතිහාසික පසුබිම බොහෝ සේ විවාදාපන්න නිසායෙන් යැ. බුදු සමයෙහි ශාස්තෘන් වහන්සේ වන්නා වූ බුදුරදුන් පිළිබ`ද වැ දු විවිධ මත ඉÈරිපත් වී තිබුණූ නුමුත් 18වන සියවසැ අග භ්රුගයේ සිදුකරන ලද්දා වූ පුරාවිද්‍යාත්මක කැණීම් මගින් උන්වහන්සේ ඓතිහාසික පුද්ගලයෙක් බැව් සනාත වී ඇතැ.
        ඒ කෙසේ වුව දු ලොවැ අන් ආගමික් දර්ශනයන් සේ මැ බුදුසව්වෝ දැ තම ශාස්තෘන් වහන්සේ ගේ චරිතය සංග්‍රහ කිරීමේ ලා කටයුතු කළ අතර එය ඔවුන්ට හැකි උපරිමයෙන් කිරීමට දු කටයුතු කළ බැව් දැක්ක හැකැ. අපට දැනට අවශෙෂව ඇත්තා වූ කෘති අතරැ භදන්ත අශ්වඝෝෂ පාදයන් ගේ බුද්ධචරිත මහාකාව්යෙඅය ඈ කෘතීන්හි පළමුවෙන් මැ බුදුසිරිත සංග්‍රහ කැරැ ඇතැ. වෙසෙසින් පළමු සියවසේ පමණ වැඩ වාසය කළ අසුගොස් හිමියන් විසින් කළ බුද්ධ චරිතයට පසු වැ විවිධාකාර වූ බුදුසිරිත් අද දු ලියැවෙන්නේ යැ. එම කෘති විමසුන් මනසින් කියවන්නේ පෙනී යනුයේ නම් බොහෝ කෘතීන්හි බුද්ධ චරිතය විශේෂත්වයෙන් ඉදිරිපත් කිරීම් ද ජනයා ගේ පහන්සංවේගය ද තත්ත්කාලීන භාරතයේ පැවති ආගමික දාර්ශනික වටපිටාව තුළ බුදුසමය පවත්වා ගැන්ම දු අරමුණූ කැරැ කාව්යෙඅමය වූ භාෂෘවක් යොදාගනිමින් කාව්යෙඅ ප්‍රයොග යොදා කාව්‍ය ප්‍රතිභාව විදහාපාමින් සිදු කළ ඒවා බව යැ. එම නිසාවෙන් මැ ඇතැම් විට බුදුසිරිතෙහි යතාර්ථවාදී වූ සුන්දරත්වයත් ගැඹුරත් යන දෙක මැ සැඟව ගොස් ඇති සැටි දැක්ක හැකැ.
        ඒ කෙසේ වුවත් බුදුසිරිත රැපයනා ඕනෑම කෙනෙකු හට ප්‍රධාන මැ මූලාශ්‍රය වශයෙන් තබාගත හැකිවන්නේ පාලි ත්‍රිපිටකය යැ. එයට හේතුව වන්නේ මුල් බුදුසමය සහ බුද්ධ වචනය යම් තරමිකින් හෝ රැකී ඇත්තේ එහි යැ යි ඒකමතිකත්වයෙන් ලොවැ සියලු බෞද්ධයන් විසින් පිළිගනු ලැබීම යැ. එතුළ අනුපිළිවෙලින් නො වන්නේ මුත් බුදුසිරිතේ අත්‍යවශ්‍ය වන්නා වූ අවස්ථා සහ සිද්ධි ඇතුළත් වැ ඇතැ. පෙළෙහි දු ඇතැම් තැනැ අසිරිමත් වූ සිදුවීම දැක්ක හැකි අතර එවන් තැන් බුදුසිරිතේ නො වුනේ මැ යැ සිතියි නො හැකැ, මක් නිසා දු යත් ආත්ම ගණනකැ සිට දියුණු කළා වූ මනසක් ඇති තැනැත්තෙකු ගේ චරිතය තුළ වෙසෙසක් දැක්මට ලැබීම සිදුවිය හැක්කක් වන නිසායෙන් යැ.
        මෙහි ලා සිදු කෙරෙනුයේ පෙළ සාහිත්‍යය තුළ දැක්ක හැකි වන්නා වූ බුදුසිරිත ගෙනැ එක් තැන් කැරැ දැක්වීමකැ. මෙහි දී බොහෝ කොට පෙළ මැ උපයෝජිත වන අතර බුදුසිරිත සමුපූර්ණ වශයෙන් දැක්වීමකට එහා ගොස් පෙළ තුළ විද්‍යමාන වන්නා වූ බුදුසිරිත දැක්වීම සිදුකරන්නේ යැ. සුදුසු තැනැ බාදාවක් නො වන්නා සේ බුදුසිරිතෙහි දැක්ක හැකි චරිත ලක්ෂණ හැකි තාක් යතාර්ථවාදී රීතියෙන් නුමුත් නිසියාකාරයෙන් දක්වන්නේ යැ. බුදුන් වහන්සේ ගේ ජීවමාන කාලය පිළිබඳ විවිධාකාරයේ මත ඉදිරිපත් වී ඇත්තේ මුත් පොදු වේ ථෙරවා§න් විසින් පිළිගන්නා මතය වන්නේ පාලි වංශසාහිත්‍යය තුළ දක්නට ලැබෙන්නා වූ කාලනිර්ණයන් යැ. (පූ.ව්යෙඅ.ව 623 - 543)  තව දු එම කාලයන් බොහෝ දුරට අන්‍ය මත ආවරණය කරමින් බවතින බැව් දු දැක්ක හැකැ. ඒ කෙසේ වුව දු බුදුන් වහන්සේ වනාහී වර්ෂ අසූවක් පමණ කාලයක් උත්තර භාරතයේහි වැඩ වාසය කළ බැව් දැක්ක හැකැ.
        මෙසේ භාරතයේ ඊපදීමට පෙර සිට මැ බුද්ධත්වය අරමුණු කැරැ වාසය කළ නිසායෙන් මැ උන්වහන්සේ ගේ පෙරාත්ම භවයන් බෝධිත්ත්වාත්ම ලෙස දක්වනනේ යැ. එයට හේතුව වන්නේ බොධියේ නොහොත් බුද්ධත්වයේ නොවේ නම් බුද්ධියෙහි ඇලුණූ යන අර්ථයෙන් යැ. කෙසේ වුවත් බුදු වූ ආත්මයේ දු බුදුවන තුරු මැ “බොසත්“ ලෙස උන්වහන්සේ දැක්වීම සාමාන්‍ය සිරිත වන්නේ යැ.
        පෙළ තුළැ මෙම බෝසත් චරිතය (පූර්වාත්මභවයන්) දු දක්වා ඇතැ. ඒ අතර ප්‍රධානම තැනැ වන්නේ සුත්තපිටකයේ ඛුද්ධක නිකායාගත ජාතකපාළියෙහි දැක්වෙන ජාතක ගාථා යැ.
 
“අපණ්ණකං ඨානමෙකෙ දුතියං ආහු තක්කිකා
එතදඤ්ඤාය මෙධාවී තං ගණ්හෙ යදපණ්නකන්ති“
 
බෝධිසත්ත්වාදී නුවණැති සමහර කෙනෙක් විරුද්ධ වූ මග ගත්හ. තාර්කිකයෝ සාපරාධ වූ දෙවැනි මග ගත්හ. ප්‍රශස්ත බුද්ධි ඇත්තේ මග නො මග දැනැගෙනැ නිසි මග මැ ගන්නේ යැ.
        මීට අමතර වැ සූත්‍රපිටකයෙහි අන් තැනැ දු ජාතක යැ දැක්විය හැකි දේශනා නො වේ නම් ජාතක ඇසුරෙන් කළා වූ දේශනා දු දැක්වේ.
 

“යාව දීඝ රත්තං මහාපඤ්ඣෝව සො භගවා අහොසි. භූතපුබ්බ භො රාජා දිසම්පති නාම අහොසි''

          ඒ භාග්‍යවතුන් වහන්සේ කොතරම් දික් කලක් මහාප්‍රාඥ ම වූ සේක් ද, පෙර වූවක් කියමි. භවත්නි පෙර දවසැ දිසම්පති නම් රජෙක් වී යැ.
        උක්ත දැක්වූ මහාගෝවින්ද සූත්‍රය ඊට උදාහරණ වන්නේ යැ. කෙසේ වුවත් මෙම බෝධිසත්ත්ව සමය පිළිබඳ අනුකූලතාවක් දක්නට නො ලැබෙන්නේ තැනැ තැනැ දැක්වීමක් පමණක් ඇත්තේ යැ.
        බුදුන් වහන්සේ ගේ ජන්ම භූමිය ලෙස සාමාන්‍ය පිළිගැනීමත් පෙළ තුළ ඇති කරුණු මගින් සනාත වන සේත් සලකනු ලබන්නේ කපිලවස්තු පුරය යැ. (කපිලවත්ථු නාම නගරං රාජධානි) උනවහන්සේ උපන් ගෝත්‍රය ගෞතම ලෙස දැක්වෙන අතර ක්ෂත්‍රිය වංශිකයෙක් බැව් දු දැක්වේ. (අහං භික්ඛවෙ එතරහි අරහං සම්මා සම්බුද්ධො ඛත්තියො ජාති අහොසි ඛත්තිය උප්පන්නතො..) සුදොවුන් රජු සහ මහාමායා දේවිය මවපියා ලෙස දක්වා ඇති අතර (මය්හං භික්ඛවෙ එතරහි සම්මාසම්බුද්ධො රාජා පිතා අහොසි මායාදෙවි මාතා ජානෙත්ති. කපිලවත්ථු නාම නගරං රාජධානි) සැරියුත් මුගලන් දෙනම වනාහී අගසව්වන් සේ දක්වා ඇතැ. තව දු ජිවිත කාලය අල්ප වන්නේ යැ. බොහෝ කලක් ජීවත් වනනේ නො වන සේකැ.
        බුදුන් වහන්සේ ගේ උපත පිලිබදව දු උක්ත කරුණූ දැක්වුණූ මහාපදාන සුතුරැ මැ කරුණූ එන්නේ යැ. එහි දී දැක්වෙනුයේ අසිරිමත් කරුණු යැ. බොසතුන් වහන්සේ පිළිසිඳ ගැන්මේ පටන් මැ කරුණු විවිධාකාරයෙන් දැක්වෙන්නේ යැ.
        බුදුරදුන් පිළීසිඳී කල සේ මැ උපදිනා කල දු සියල් ලොදා එකලු වන්නේ කම්පිත වන්නේ යැ, පිළිසිඳගත් ඇසිල්ලේ සතරවරම් දෙව් වරු විසින් බෝසත්මව ගේ ආරක්ෂාව සලසන්නේ යැ. බෝසත් මව වනාහී පස්පවින් දුරු වන්නේ කාම සිත් නො වන්නේ යහපත් නිවුණූ චරිත වන්නේ නීරරෝගී දු වන්නේ යැ. බෝසත් බව බොසතුන් ප්‍රසූත කරනුයේ වැදහෙව නො වැ හිටගෙන මැ යැ. එහි ලා පළමු දෙවියෝ ද දෙවනුව මිනිස්සු දු බෝසතුන් පිළිගන්නේ යැ. ජරාවෙන් තොර වැ උපදින්නේ පිරිසිදු වැ මැ වන්නේ යැ. ඉහලින් වැටෙන්නා වූ සිහිල් සහ උනුසුම් දියදහරන් දෙකක් ඇසුරෙන් බෝසත් මව සහ බෝසතුන් දු ජලයේ පහස ලබන්නේ වේ යැ. උපන් ඇසිල්ලේ මැ පියවර හතක් උත්තර දිශාභිමුඛ වැ යන්නේ අග්ගො හමස්මි ලොකස්ස..... ඈ උදාන වාක්ය පවසන්නේ යැ. මීට අමතර වශයෙන් බෝසත් මව උපතින් සත් දිනකින් කළුරිය කැරැ තුසිතයේ උපදින්නේ යැ. එමෙන් මැ බෝසත්හු දසමසක් මැ කුස හොවන්නෝ යැ.
 
“ධම්මතා එසා භික්ඛවෙ යදා බොධිසත්තො මාතුකුච්ඡිං ඔක්කන්තො හොති, චත්තාරො නං දෙවපුත්තො චතුද්දිස අක්ඛාය උපගච්ඡන්ති ඞ්මා නං බොධිසත්තං වා බොධිසත්තමාතරං වා මනුස්සො වා අමුනුස්සො වා කොචි වා වීහෙඨෙසී.ති අයමත්ථ ධම්ම....
ධම්මතා එසා භික්ඛවෙ, යදා බොධිසත්තො මාතුකුච්ඡිම්හා නික්ඛමති, දෙවා පඨමං පතිගණ්හන්ති, පච්චා මනුස්සා. අයමත්ත ධම්මතා“
 
මේ සියල්ල මැ මහාපදානසුත්තයෙහි එන්නේ ආචරිය අබ්භූත සුතුරැ දු එන්නේ යැ. එහි ලා දැක්වෙන්නේ බොසත්හු මව් කුසැ පිළිසිඳුම සිහියෙන් මැ සිදුවන බව යැ. අසතො සම්පජානො ආනන්ද බොධිසත්තො තුසිතා කායං විත්වා දතුකුච්ඡිං ඔක්ඛමති.. බෝසතුන් ගේ උපත ලුම්බිනී සල් උයනේ දී වන්නේ යැ. ඒ බැව් සුත්ත නිපාතයේ නාලක සූත්‍රයෙහි එන්නේ පහත සේ යැ.
“සො බොධිසත්තො රතනවරො අතුල්‍යොමනුස්සලොකෙ හිතසුඛාය ජාතො සත්‍යානං ගාමෙ ජනපදෙ ලුම්බිනෙයහ්ඪ්තෙන්හ තුට්ඨ අතිරීව කල්‍යාණරූපා“
          මෙයින් පසු වැ බොධිසත්වයන් දැකීමට අසිත තවුසන් ගේ පැමිණීම වන්නේ යැ. ඒ බැව් දු පෙළ තුළැ දක්නට ලැබෙන්නේ යැ.
 
“ආනන්දජාතෙ තිදසගණෙ පතීතෙ
සක්කඡ්ච ඉන්දං සුචිවසනෙ ච දෙවෙ
දුස්සං ගහෙත්වා අතිරිව ථොමයන්තෙ
අසිතො ඉසි අද්දස දිවාවිහාරෙ“

යන්න ලෙසැ ඇරඹෙන නාලක සුතුරැ මෙතැන් පටන් විස්තර ඇත්තේ යැ. ඒ පහත පරිදි දැක්ක හැකැ.
දිවා කලැ පහසු විහරනයෙන් සිටි අසිත ඍෂිට දක්නට ලැබෙන්නේ දෙවිවරු බොහෝ මැ තුටු වැ නටා ගයන බව යැ. ඒ කුමක් නිසායෙන් දැ විමසන විට දෙවිවරු පවසන්නේ ශාක්ය ජනපදයෙහි ලුම්බිනී උයනැ බුද්ධත්වය ලබනු වස් කුමරෙක් උපන් බව යැ. එහි දී සුතුරැ දැක්වෙන්නේ දම්සක් දෙසිම පිළීබඳවැ දු දෙවිවරුන් විසින් අසිත තවුසාට පැවසූ බව යැ. කෙසේ වුවත් සුද්ධොදන රජු ගේ නිවාසයට යන අසිත තවුසාණෝ කුමරා දැකීමට කැමති බැව් පවසන්නෝ යැ. එවිට කසුන් ගුලියකෙව් කත් විදන කුමරා අසිත තවුසාට පෙන්වන්නේ ඒ දැක්මෙන් බොහෝ සතුටු වැ  අනාගතය විමසන්නේ සිනා සී හඬන්න වන්නේ යැ. ශාක්ය ජනයා ඒ කිම දැ විමසූ විට කුමරාට අනතුරක් නැති බවත් බුදු වැ ලොව සනහන්නන් ගේ ශාසනය ලොවැ පැතිරෙන බැවත් නුමුත් තම ආයුෂ මද නියායෙන් එකලැ තමා කලුරිය කරන්නේ බවත් දක්වන්නේ යැ. මෙසේ සිදුවීමෙන් පසු වැ අසිත තවුසා තම නැගණීය ගේ නිවෙසට යන්නේ තම බෑණනුවන් බණවා ඔහු ධර්මයේ පහදවා, බොසතqන් බුදුබවට පත් විටැ කවරෙක් හෝ මුවින් බුද්ධ යන වචනය අසන්නේ දැ එකලැ මැ බුදුන් වෙත ගොස් පබ්බජාව ලබව යැ යි අවවාද කළේ යැ.
        මින් පසු වැ බෝසත් සිරිත ගැනැ දක්නට වන්නේ මහාසච්චක සූත්‍රයේ යැ. එහි ලා පියරජු ගේ කමතෙහි දඹරුක් මුලැ ආනාපානසතිය වඩමින් පළමු ධ්‍යානයට පත් වැ සිටි ආකාරය දැක්වෙන්නේ යැ. ඒ පහත සේ දැක්විය හැකැ.
 
“අභිජානාමි ඛො පනාහං පිතුසක්කස්ස කම්මත්තෙ සීතාය ජම්බුච්ඡායාය නිසින්නො විවිච්චෙව කාමෙහි විවිච්චෙව අකුසලෙහි ධම්මෙහි සවිතක්කං සවිචාරං විවෙකජං පීතිසුඛං පඨමං ක්ධානං උපසම්පජ්ජ විහරිතා“

        බෝසත්හු ගිහි කලැ පියතුමන් විසින් කරන ලදු වැ මහඟු මාලිගාත්‍රයකැ වාසය කළ බැව් අඞ්ගුත්තර නිකායෙහි එන සුඛුමාල සූත්‍රයෙන් දැක්වෙන්නේ යැ. එහි දී තවත් විස්තර දු ඇතුළත් වන්නේ යැ.
        එහි කියවෙන ආකාරයට සිදුහත් කුමරු සියුම් වූ සුමුදු සිරුරු ඇති වැ සිටියේ යැ. පියතුමා විසින් කරන ලද්දා වූ මාලිගා තුනෙහි වාසක කළ කුමරා හට තුටු වීම පිණිසත් සැපය පිණිසත් කුමරු වෙනුවෙන් මැ කළ පොකුණු වූයේ යැ. ඒ ඒ පොකුණු වනාහී උපුල් නෙළුම් හෙල්මැලි ඈ විවිධාකාර වූ ජලජකුසුමින් ගැවසුනේ යැ. කුමරු හැ`දි පෙරවි සියලු මැ වස්ත්‍ර වනාහී කසී සළුයෙන් සැදුනේ වී යැ. ඒ මතු නො වැ කුමරෝ දිනරාත්‍රී යන දෙකාලයේ මැ ස්වභාවධර්මයා ගෙන් විය හැක්කා වූ අව් වැසි පිණී ඈ උවදුරු වලකනු පිණිස ඔසවන ලද්දා වූ ඡත්‍ර ඇත්තෝ වී යැ. තව දු වැසි කලැ උඩුමහලෙන් පහත මාලයට නො බැසැ මැ වාසය කරන්නේ යෞවනියන් විසින් වයන්නා වූ සංගීත නාදයෙන් තුටු වැ වාසය කළ බැව් දක්නට ලැබේ යැ.
        කුමරාට පමණක් මැ නො වැ කුමරා සමගැ වාසිත වූ ද කුමරාට උපස්ථායක වූ දැ බොහෝ සේ ගෙයි වාසිත දැසි දස්සන් වනා හී දු සැපෙන් මැ කල් ගෙවූ බැවි උක්ත සුතුරෙන් දත හැකි වන්නේ යැ. අන් නිවෙස්හි සිදස්සන් හට නිවුඩු හාල් බස් සමගැ කාඩි හො දෙන්නේ වන නුමුත් සිදුහත් කුමරු ගේ නිවෙසෙහි වූ දැසිදස්සන් හට මසින් යුක්ත වන්නා වූ ඇල්සහල් බත් දෙන ලද්දේ යැ. බුද්ධවංසයේ දු මාලිගාත්‍රය පිළීබඳ මෙන් මැ අන්තපුර ස්ත්‍රීන් ගැනැ දු යශෝධරාවන් සහ රාහුල කුමරු ගැනැ දු සටහන් වන්නේ යැ.
 
“එකූනතීංස වස්සානි අගාරමඞධහං වසිං
රම්මො සුරම්මො සුභකො තයො පාසාද මුත්තමා
 
චත්තාරීසං සහස්සානි නාරියො සමලඞ්කතා
භද්දතච්චානා නාම නාරී රාහුලො නාම අත්‍රජො“
 
        සුඛුමාල සුතුරෙහි දැක්වෙන්නා වූ යම් වෙසෙසක් වන්නේ එහි ලා සිදුහත් කුමරු විසින් උක්ත ඈ සැප විඳිමින් සිටිනනේ නුමුත් කුමරු තුළ පැවති විමසුම් චිත්තය යැ. එහි දී දැක්වෙන්නේ ජරාවට පත් වූ මිනිසුන් දැකැ ඔවුන් පිළීකුල් කිරීම ජරාව නො නැවතූවන් හට නුසුදුසු යැ සිතා තමා තුළ වූවා නම් යෞවනමදය හල බව යැ. මේ ආකාරයෙන් සිතා නිරෝගීමදය ජීවිතයමදය ආදී දු දුරු කළ බැව් දැක්වෙන්නේ යැ.
        මෙයින් පෙනී යන්නේ සිදුහත් කුමරු වනාහී ගිහි ජීවිතය ඉතාමත් විමසුම් මනසින් යුතු වැ ගත කළ බව යැ. සමාජය තුළ දක්නට ලැබෙන්නා වූ යමක් වෙද ඒ පිළිබ`ද විචක්ෂණශීලී වෙමින් කටයුතු කරන බැව් දැක්ක හැකැ. නොවේ නම් ජීවිතය සහ ලෝකය පිළිබඳ වැ සොයාබැලීමට යොමුවුණූ සිත් ඇති වැ වාසය කළේ යැ යන්න දැක්ක හැකැ.
        මෙසේ විමසුම් සිතින් වාසය කරන්නේ ගිහිගෙය කලකිරීමට වන්නේ යැ. එය කෙසේ වී ද යන්න පිළිබඳ වැ අරියපරියේසන සූත්‍රයේ දැක්වෙන්නේ යැ.
 
“තස්ස මය්හං භික්ඛවෙ එතදහොසි, කින්නු ඛො අහං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා ජරාධම්මො සමානො ජරාධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා බ්යාධිදම්මො සමානො බ්යාධිධම්මම්ඤෙව පරියෙසාමි, අත්තනා මරණධම්මො සමානො මරණධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා සොකධම්මො සමානො සොකධම්මඤ්ඤෙව පරියෙසාමි, අත්තනා සඞ්කිලෙසධම්මො සමානො සඞ්කිලෙසධම්මඤ්ඤෙව පරියෙසාමි, යන්නූනාහං අත්තනා ජාතිධම්මො සමානො ජාතිධම්මෙ ආදීනවං විදිත්වා අජාතං අනුත්තරං යොගක්ඛෙමං නිබ්බානං පරියෙසෙය්‍යං“
 
        ලෝකය පිළිබඳ විමසුම් නුවණින් විමසා බැලීම නයින් ඇති වූ අදහස් බැව් උක්ත පාඨ බැලීමෙන් දැක්ක හැකැ. මෙහි දී ඇති වූ අදහස් බොහෝ කොට ද්‍රව්‍ය ස්වභාවයට එහා ගිය ස්වභාවයක් ගෙන ඇති බැවදැක්ක හැකැ. නුමුත් සූත්‍ර විමසා බැලීමෙන් පෙනී යන්නේ සිදුහත් කුමරා ගිහිගෙයින් නික්මීමට
හේතුව එසේ චිත්ත ස්වභාවයක් පමණක් නො ගත් බව සහ එය එක් මැ හේතුව නො වූ බව යැ. එනම් මෙහිදී තත්කාලීන දේශපාලන පසුබිම දු බලපා ඇති බැව් දැක්ක හැකැ. ගණ රාජ්‍යයන් ගේ සිට අධිරාජ්‍ය දක්වා ගොඩනැගුණු රාජ්‍යයන් විසිනා තත්කාලීන ගණරාජ්‍ය කෙරෙහි දැක්වූ ප්‍රතික්‍රියාවන් සහ ඒ නයින් ඇති වූ සාමාජීය දේශපාලනම ය වූ ගැහැට ඊට හේතු වූ බැව් දැක්ක හැකැ. නුමුත් එය පටු අදහසින් නො වැ පෘතුල වූ අදහසකින් සිදු වූ බැව් දු විමසා දැනගත හැකැ.
 
“අත්තදණ්ඩා භයං ජාතං ජනං පස්සථ මෙධගං
සංවෙගං කිත්තයිස්සාමි යථා සංවිජිතං මයා
 
එන්දමානං පජං දිස්වා මච්ඡෙ අප්පොජකෙ යථා
අඤ්ඤමඤ්ඤෙහි ව්යෙආරුද්ධෙ දිස්වා මං භයමාවසී
 
සමන්තමසාරො ලොකො දිසා සබ්බා සමෙරිතා
ඉච්ඡා භවනමත්තනො නාද්දසාසිං අනොසිතං
 
ඔසානෙත්ථෙව ව්‍යාරුද්ධෙ ස්වා මෙ අරතී අහු
අථෙත්ථ සල්ලං අද්දක්ඛිං දුද්දසං හදයනිස්සිතං“
 
        මෙහි දී පැවසෙන්නා වූ දේ සැකවින් මෙසේ යැ, ආත්මදණ්ඩය හේතු කොටැ ගෙනැ, මා තුළ එනම් බෝසතුන් තුළැ මෙලෝ පරලෝ වශයෙන් බියක් ඇති වූ බැව් පැවසෙන්නේ යැ, පසු වැ එකිනෙකා විරුදු ජනයා කලහ කරගන්නා ආකාරය බලන්න යැ යි දු පවසන්නේ යැ. තමා තුළ ඇති වූ සංවේගය පල කරන බැව් පවසන්නෝ, මද දියෙහි සැලෙන්නා වූ මසුන් සේ තණ්හායෙන් සැලෙමින් ඔවුනොවුන් කුලල්කාගන්නා ආකාරය දැකැ තමා තුළැ බියක් උපන් බැව් පවසන්නෝ යැ. හාත්පස නිසරු වූ ලොකයේ දසදිසාව මැ කම්පා වන්නේ පිහිටක් සොයනා මා හට භයෙන විනිර්මුක්ත වූ තැනක් දැක්ක නො හැකි වී යැ. අවසන් වශයෙන් සමස්ථ ලොක යමැ එකිනෙකා හට විරුද්ධකම් කරනු දුටු මා ගේ සිත කලකිරිණි.
        මේ තුළ දැක්ක හැකි වන්නේ යුද්ධ කිරීම් නිසායෙන් ඇති වූ කල කිරීම යැ. නුමුත් වඩා හරවත් පක්ෂය වන්නේ එසේ කලකිරුණු සිත තුළ වඩාත් දාර්ශනික් වූ චින්තාවන් පහළ වීම යැ. උක්ත වූ අරියපරියෙසන සූත්‍ර කොටසින් දු ඒ බැව් පැහැදිලි වන්නේ යැ. කිසිදු ආකාරයෙකින් හරවත් වූ යමක් දැක්ක නො හැකි වූ ලොවැ තණ්හාව නිසායෙන් කාකොටාගන්නා මිනිසුන් කෙරෙහි ඇති වූ බියෙන් පහළ වූ කලකිරීමක් පැවති බැව් මෙයින් වැටහී යන්නේ යැ. ඒ හැරැ හුදු ප්‍රාථමික ආකාරයෙන් දුක දැකැ ඒ නිසායෙන් පහළ වූ කලකිරීමට වැඩි කලකිරීමක් වැඩි ගැඹුරකින් ජීවිතය, සමාජය, ලෝකය දැකැ විමසුම් වශයෙන් ඇති වූ කලකිරීමක් සිදුහත් කුමරා තුළ වූ බැව් පැහැදිලි යැ. මෙයින් දැක්වෙන චරිතය වනාහී අවශහ්යෙන් මැ ඉතා විමසිලිමත් වන්නා වූත් තොතුරු මැනවින් දන්නා වූත් විවෘත මනසකින් යුතු වූත් චරිතයක් වන්නේ යැ. එසේ නම් සිදුහත් කුමාර චරිතය තරුණ අවධිය තුළ ගත කළ ආකාරය සිතාගත හැකැ.
        මේ ආකාරයෙන් ලොකය සහ සමාජය මෙන් මැ සත්ත්වයා දෙසත් බැලීමට යොමු වූ සිත් ඇත්තෝ ගෘහ ජීවිතය පිළිබඳ අන්‍යන්ට වඩා වෙනස් ආකල්පයක් දැරීම සාමාන්‍යය යැ. බෝසත් අවධිය තුළ නොවේ නම් සිදුහත් කුමරු සෙයින් ගිහි වැ උන් කල තමන්වහන්සේ හට ගිහිජීවිතය පිළිබ`ද පැවති ආකල්පය බුදුන්වහන්සේ පහත පරදි පබ්බජ්ජා සූත්‍රයේ දී දක්වා ඇතැ,
 
“සම්බොධො යං ඝරාවාසො රජස්සායතනං ඉති
අබ්බොකාසොව පබ්බජා ඉති දිස්වාන පබ්බජි“
 
        මෙහි දී ගිහිජිවිතය යනු කරදර හිරිහැර සහිත කෙලෙස් ඇති වන තැනත් සේ දක්වා පැවිද්දා වනාහී අහස මෙන් නිදහස් තැනක් සේ දැනැ පැවිදි වූ බැව් දක්වා ඇතැ. එහි දී දු ගිහි ජීවිතයේ කරදර යන්න වඩා පුලුල් වූ අර්ථයෙන් ගත හැකි වන්නේ යැ. ගෘහස්ථයෙකු සේ කුටුම්භ සංරක්ෂණය හේතුවෙන් ඇති වන ගැටලු සේ මැ සමාජ පුරවැසියෙකු සේ ජීවත් වීමේ දී මුහුණපාන්නට සිදු වන ගැටලු ද සලකා ඇති බැව් කෙලෙස් ඇතිවන තැනක් සේ දැක් වීමෙන් දැක්ක හැකැ. මෙහි දී පුද්ගලයා සමාජයට බලපානා ආකාරයට සමානුපාතික වැ මැ සමාජය පුද්ගලයාට බලපාන්නේ යැ යන්න අවිශේෂයෙන් දක්වන තැනක් වැනි යැ. උක්ත දැක් වූ කරුණු සියල්ල මැ සමග සැලකූ විට පෙනී යන්නේ සිදුහත් කුමරා වනාහී විසිදුණු මනසින් යුතු වැ ලෝකය දෙස බලා එයින් කලකිරුණූ ස්වභාව ඇත්තෙ ඒ සා දුකින් මිදීම පිණිස මං සෙවීමට යොමුවීම් වශයෙන් පබ්බජාව ලැබූ බව යැ.
උක්ත කරුණූ පිළිබඳ වැ ඒ සමාන මැ වන්නා වූ විස්තරයක් මැදුම්සඟියෙහි මහායමගවගැ මහාසච්චක සුතුරෙහි දසවැනි ගාථායෙහි එන්නේ යැ. එහි මැ ලා සිදුහත් කුමරු ගිහිගෙයින් නික්මීම පිළිබඳ වැ දු තොරතුරු දක්වා ඇත්තේ යැ. එහි ලා සාම්ප්‍රදායික වැ ප්‍රචලිත වැ ඇති අභිනිෂ්ක්‍රමණයට වඩා හාත්පසින් මැ වෙනස් වූ ස්වභාවයක් දු දක්නට ලැබෙන්නේ යැ. එය පහත පරිදි දැක්ක හැකැ.
 
“සො ඛො අහං අග්ගිවෙස්සන අපරෙන සමයෙන දහරොව සමානො සුසුකාළකෙසෝ භද්‍රෙන යොබ්බනෙන සමන්නාගතො පඨමෙන වයසා අකාමකානං මාතාපිතූනං අස්සුමුඛාන රුදන්තානං කෙසමස්සුං ඔහාරෙත්වා කාසායාති වත්ථාති අච්ඡාදෙත්වා අගාරස්මා අනගාරියං පබ්බජිං“

        මෙහි දැක්වෙන්නේ ගිනිවෙස්න අමතා බුදුරදුන් විසින් පවසන ලද්දා වූ දේකැ. එහි දී පැවසෙන්නේ උක්තාකාරයෙන් සිතීමෙන් පසු කලකැ, කලු කෙසින් යුත් පළමු යෞව්වනයේ වූ මම වනාහී දෙගුරුන් නො කැමැති වැ හඬ හඬා කඳුළින් යුතු මුහුණූ සහිත වැ සිටිය දී කෙස් රැවුල් බා කසාවත් හැඳැ ගිහිගෙයින් නික්මී පැවිදි වූ බව යැ.
        මෙසේ ගිහිගෙයින් නික්මීම සිදුවූයේ එකුන්තිස් හැවිරිදි වියේ දී යැ යන්න කාළුදායි ථෙරාපදානයේ දැක්වෙන්නේ යැ. එනම් ථෙරණුවෝ පවසන්නේ තමන් සහ සිදුහත් කුමරු එකට වැඩුණු බව සහ මිතුරන් වූ බව යැ. තව ද එහි දී සිදුහත් කුමරු උපන් දිනයේ මැ තමන් ද උපන් බැව් පවසා ඇත්තේ යැ.
 
“එකූනතිංසො වයසා නික්ඛන්තො පබ්බජිත්ත සො
ඡබ්බස්සං වීතිනාමෙත්වා බුද්ධො ආසි විනායකො“
__මතු සබඳී___

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...