සංස්කෘත ස්වර සන්ධී 01


••ස්වර සන්ධි - සමානස්වර දීර්ගය••
*
*
මෙහි දී එක් එක් සන්ධිරීතිය වශයෙන් විමසන අතර මේ එහි පළමු කොටස යැ.
සංස්කෘත හැදෑරීමේ දී ඉතා වැදගත් වන ව්‍යාකරණාඞ්ගයකැ සන්ධි. සන්ධි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර ඒවා නම් අභ්‍යන්තර සන්ධි සහ බාහිර සන්ධි ය. මෙයින් බාහිර සන්ධි ලෙස ගැනෙනුයේ පද දෙකක් අතර හෝ වචන දෙකක් අතර සිදු වන සන්ධිකාර්යයන් ය.
අභ්‍යන්තර සන්ධි වන්නේ ප්‍රකෘතියක් සහ ප්‍රත්‍යයක් අතර සිදු වන සන්ධි යැ.එය පහත පරිදි උදාහරණ කළ හැක.
~ නර + උත්තම > නරෝත්තම - බාහිර සන්ධි
~ නර + සි > නරඃ - අභ්‍යන්තර සන්ධි.
*
මෙම සන්ධි අතරින් බාහිර සන්ධි සිදුකරනුයේ කතුවරයා ගේ අභිමතය වන විට සහ සමාස පදයක යෙදුනු විට පමණ ය. නුමුත් අභ්‍යන්තර සන්ධි අනිවාර්යයෙන් සන්ධි කර තැබිය යුතු ය. [සංහිතෛකපදෙ නිත්‍යා නිත්‍යා ධාතූපසර්ගයොඃ නිත්‍යා සමාසෙ වාක්‍යෙතු සා විවක්ෂාමපෙක්ෂතෙ]
මේ අතරින් පළමු ව හදාරනුයේ බාහිර සන්ධි වන අතර අභ්‍යන්තර සන්ධි නාම වරනැගීම පිළිබඳ අධ්‍යයනයේ දී විමසනු ලැබේ
බාහිර සන්ධි නැවත කොටස් කීපයකට බෙදී යන්නේ ය. එනම්
1. ස්වර සන්ධි
2. ව්‍යඤ්ජන සන්ධි
3. විසර්ග සන්ධි ලෙසට යැ.
*
*මෙයින්පළමු කොට ස්වර සන්ධි විමසන අතර එහි දු සන්ධි වන රීති කීපයක් ඇත. පහත පිළිවෙලින් එම ක්‍රම දක්වා ඇත. එහි දී සාරස්වත සූත්‍රය අනුව දක්වා ඇතැ.
*
# සවර්ණෙ දීර්ඝඃ සහ -
පෙර පදයේ අග අකුරත් අග පදයේ පෙර අකුරත් සමාන ස්වර වූ විට ඒම අක්ෂර දෙක එක් වී එම ස්වරයේ ම දීර්ඝය බවට පත්වේ. එසේ ස්වර පිහිටිය හැකි ක්‍රම කීපයකැ එය පහත දැක්වේ.
1. අ + අ - සුර + අසුර > සුර් + අ + අ + සුර > සුර් + ආ+ සුර > සුරාසුර
2. අ+ ආ - චන්ද්‍ර + ආලොක > චන්ද්ර් + අ + ආ+ ලොක > චන්ද්ර් +ආ +ලොක > චන්ද්‍රාලොක
3. ආ + අ- විද්‍යා + අංශ > විද්ය් + ආ + අ + ංශ > විද්ය් +ආ + ංශ > විද්‍යාංශ
4. ආ + ආ - කන්‍යා + ආගම > කන්ය් + ආ + ආ + ගම > කන්‍යාගම
*
*
මේ ආකාරයෙන් මැ අනෙක් සමානස්වර ද සන්ධි වනු ලැබේ.
යති + ඉන්ද්‍ර > යතීන්ද්‍ර
කපි + ඊන්ද්‍ර > කපීන්ද්‍ර
සෙනානී + ඊශ්වර > සෙනානීශ්වර
සපත්නී + ඊර්ෂ්‍යා > සපත්නීර්ෂ්‍යා
භානු + උදය > භානූදය
භූ + උදක > භූදක

*
*

••ගුණ ස්වර යෙදීම••
*
*
අනාමින් ස්වරයකට (අ, ආ) පරව නාමින් ස්වරයක් (අ,ආ හැර අන් සියලු ම ස්වර) සිටි විට ස්වර දෙක ම එක් ව පසු ස්වරයේ ගුණ ස්වරය වේ.
(~~ගුණ ස්වර~~ |අ, ආ > ආ / ඉ,ඊ > ඒ / උ, ඌ > ඕ / ඍ, ඎ > අර් / ඏ, ඐ > අල්)
*
*
# අඉඑ (සාරස්වත සූත්‍රය)
'අ' වර්ණය‍ට පරව 'ඉ' වර්ණය ඇති වි‍ට ස්වර දෙක ම එක් වී 'ඉ' වර්ණයේ ගුණස්වරය (ඒ) වෙයි.
~නර + ඉන්ද්‍ර
නර් + අ + ඉ+ න්ද්‍ර
නර් + ඒ + න්ද්‍ර
රේන්ද්‍ර
~පරම + ඊශ්වර > පරමේශ්වර
~නිශා + ඉන්ද්‍ර > නිශේන්ද්‍ර
~යථා + ඊප්සිත > යථෙප්සිත
*
*
# උඕ (සාරස්වත සූත්‍රය)
'අ' වර්ණය‍ට පරව 'උ' වර්ණය ඇති වි‍ට ස්වර දෙක ම එක් වී 'උ' වර්ණයේ ගුණස්වරය (ඕ) වෙයි.
~හිත + උපදේශ
හිත් + අ + උ + පදේශ
හිත් + ඕ + පදේශ
හිතොපදේශ
~වික්‍රම + ඌර්වශී > වික්‍රමෝර්වශී
~තයා + උක්තම් > තයෝක්තම්
~ගංගා + ඌර්මි > ගංගෝර්මී
*
*
# ඍ අර් (සාරස්වත සූත්‍රය)
'අ' වර්ණය‍ට පරව 'ඍ' වර්ණය ඇති වි‍ට ස්වර දෙක ම එක් වී 'ඍ' වර්ණයේ ගුණරූපය වන (අර්) වෙයි.
~ධර්ම + ඍෂි
ධර්ම් + අ + ඍ + ෂි
ධර්ම් + අර් +ෂි
ධර්මර්ෂි
~යථා + ඍෂි > යථර්ෂි
*
*
# ඏ අල් (සාරස්වත සූත්‍රය)
'අ' වර්ණය‍ට පරව 'ඏ' වර්ණය ඇති වි‍ට ස්වර දෙක ම එක් වී 'ඏ' වර්ණයේ ගුණරූපය වන (අල්) වෙයි.
~තව + ඏකාරඃ
තව් + අ + ඏ + කාරඃ
තව් + අල් + කාරඃ
තවල්කාරඃ
[ඏකාරයෙන් යෙදෙන පද බොහෝ සේ අභාවිත ය.]

*
*

••ඓ ऐ ඖ औ බවට පත් වීම••
*

*
~ අනාමිං ස්වරයකට (අ अ, ආ आ) පර ව සන්ධ්‍යාක්ෂර වන ඒ ए ඓ ऐ ඕ ओ ඖ औ සිටියහොත් ඒ අක්ෂර දෙක එක් වී පිළිවෙලින් ඓ ऐ ඖ औ බවට පත් වේ.
*
*
~ සර්ව + ඒකත්ව
සර්ව් + අ + ඒ + කත්ව
සර්ව් + ඓ + කත්ව
සර්වෛකත්ව -- එ ඓ ඓ
ऐ (සාරස්වත සූත්‍රය)
~ විද්‍යා + ඒව > විද්‍යෛව
~ දෙව + ඓශ්වර්ය > දේවෛශ්වර්ය
~ තව + ඕදනම්
තව් + අ + ඕ + දනම්
තව් + ඖ + දනම්
තවෞදනම් -- ඕ ඖ ඖ
औ (සාරස්වත සූත්‍රය)
~ ගඞ්ගා + ඕඝ > ගඞ්ගෞඝ
~ නර + ඖදාර්යං > නරෞදාර්යං
~ මහා + ඖෂධ > මහෞෂධ

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...