මූලමධ්‍යමකකාරිකාවේ නිර්වාණ සංක්ලපය Concept of Nirvana in Mulamadhyama-karika



            භාරත වර්ෂය වනාහී සහස්‍ර ගණනක් පුරා අප්‍රමාණ චින්තකයන් ගණනක් විශ්වයට දායාද කළ දේශයක වන්නේ යැ. කෙනෙකු පරයා කෙනෙකු ගේ කීර්තිය සහ බුද්ධිමහිමය පැතිරී යන මහා චින්තකයන් ඒ අතරැ ජීවත්ත් වූ හ. ඍග්වේද ඍචයන් සංගහ කළ නම නොදන්නා චින්තකයන් ද, ඉන්ද්‍ර, යම, ගාර්ගීය ඈ නාමයෙන් අප වෙත පැමිණි උපනිෂද් චින්තකයන් ද සියල්ල වසා පැතිරුණූ හින්දු සමයේ ඒකාධීකාරය සෙලවූ භෞතික වාදි චාර්කවා ද, ඒ දෙදෙනාට ම අභියෝගයක් වූ ජෛනමහාවීරයෝ ද ඒ අතර වූ හ. පසු වැ, කඩා වැටෙමින යන සනාථන ධර්මයට පණ දී නව මුහුනුවරකින් නගා සිටවූ ශ්‍රී කෘෂ්න ලෙස අප අතරට පැමිනෙන සෙල්ලක්කාර සුන්දර චින්තකයා ද සම්භාව්‍ය යුගයන් සනිටුවහන් කරන ආදි ශඞ්කරාචාර්ය ආදී පිරිස ද ඒ අතර වන්නේ යැ. මේ සියලු දෙනා විවිධාකාර දර්ශනයන් චින්තනයන් විශ්වයට මානවයාට දායාද කර ඇතැ. නුමුත් එක් අවස්ථාවක දී මේසියලු චින්තනයන් එක් පසකට වන්නා වූ සියල්ල ඉදිරියේ තනිව නැගී සිටින්නා වූ අතුල්‍ය ආගමික දර්ශනයක් භාරත වර්ශයේ බිහි විය. ඒ බුද්ධ ධර්මය යි. බුදුන් වහන්සේ මේ සියල්ලන්ට ම වඩා පුර්ණ වශයෙන් වෙනස් චිනත්නයක් ඉදිරිපත් කළහ.
            සියලු දෙනා සදාකාලික වැ පවතින්නා වූ මොක්ෂයක් වෙනුවෙන් බුද්ධිය කර්මය ධර්මය පසුපස්සේ වැටී සිටි අවධියක බුදුන් වහන්සේ පරම ශූන්‍යයක් වූ මෝකෂයක් පිළිබඳ දේශනා කළ හ. සදාතනිකත්වය සෙවූ ආනන්දය ශූන්‍ය තුළ පවතින බැව් ගම් නියම්ගම්  වැඩම කරමින් දේශනා කළ බුදුන් වහන්සේ ගේ එම දේශනාවන් ගේ මූලික හරය එක් කුඩා කෘතියක් තුළ සංග්‍රහ කිරීම අසීරු කාරණයන් වන්නේ යැ. එසෙ කිසි දින කළ නො හකි වන්නා වූ කාර්යයකි. නුමුත් ව්‍ය.ව තෙවැනි සහ සිව්වැනි සියවස් අතරැ භාරත වර්ශයේ දක්ෂිණ භාරතයේ පහළ වු බෙහෝ විට බ්‍රාහ්මණ පවුලක උපන් බව සම්ප්‍රදාය විසින් පැවසෙන එක් අද්විතීය චින්තකයෙක් එම අසීරු කාර්යය ඉටු කැරැ ඇතැ. ඒ නම් නාගර්ජුණ පාදයන්  විසින් විරචික මූලමධ්‍යමකාරිකාව යැ. බුදුන් වහන්සේ කීයේ ධර්මය දකින්නට නම් ප්‍රතීත්‍යසමුත්පාදය දැකිය යුතු බව යැ. ඉදින් කාරිකව පුරා නාගර්ජුනපාදයන් සිදු කර ඇත්තේ ප්‍රතීත්‍යසමුත්පාදය ඉදිරිපත් කිරිම යැ. ඒ නයින් මේ සමස්ත බුද්ධ ධර්මය මැ එක් කරා වූ සාර ග්‍රන්ථයක් වන්නේ යැ.
            නාගර්ජුන පාදයන් විසින් කෘත මෙම කෘතියේ ඇතුළත් ඇතැම් උක්තීන් බෞද්ද ලොක්ය තුළ අද දක්වා මැ යම් කැළඹීමක් ඇති කිරීමට සම්ත් වූවා යැ යි කීමේ වරද නැති. එයට හේතුව නම් උන්වහන්සේ විසින් බුදුසමයට ‘ශූන්‍යය‘ ශබ්දය හදුන්වා දීමත් සමග නිවන විශව්ය ඇතුළු සියල්ල මැ ශූන්‍ය බව පැවසීමත්, විශේෂයෙන් මැ නිර්වාණය සහ සංසාරය අතර වෙනසක් නැතැයි පැවසීමත් යැ. මෙම ප්‍රකාශයන් දෙක මැ දෘශ්ටිමාත්‍රාවෙන් බෞද්ධ සංක්ලපයන්ට විරුද්ධ ආකාරයක් පෙණුනත් එවැන්නක් සත්‍ය වශයෙන් කාරිකාව තුළ දක්නට නැතැ.
            නාගර්ජුන පාදයන් විසින්ඉදිරිපත කෙරෙන නිර්වාණ සංකල්පය වටහා ගැනීමට නම් මුලින් මැ උන්වහන්සේ විසින් සංසාරය පිළිබඳ දක්වන්නා වූ අදහස් පිළිබද අවධානය යොමු කළ යුතු යැ. ඒ හැරැ එකලා වැ නිර්වාණය පිළිබඳ දක්වන කරුණු දැක්වීමෙන් පමණක් එය නිවැරදි වැ වටහා ගත නො හැකැ. පළමු පරිච්ඡේදය වන ප්‍රත්‍යය පරීක්ෂාවේ දී පළමුවෙන් වටහා ගත යුතු කරුණක් වෙත අවධානය යොමු කරවන්නේ යැ. එම පරිච්ඡේදය වෙන් වැ ඇත්තේ හේතු ප්‍රත්‍ය සහ ඵල අතර ඇති සම්බනධය වෙනුවෙන් යැ. එහි දී නාගර්ජුන පාදයන් ගේ අදහස වන්නේ මේ කිසිවක් ස්ව-භාවී හෙවත් අස්තිත්වයක් ඇති පැවැත්මක් ඇති දේ නො වන බව යැ.
එයින් පසු වඩා වැදගත් වන්නා වු කරුණු පැහැදිලි කිරීමක් පහලොස්වැනි පරිච්ඡේදයේ එන්නේ යැ. එනම් ස්ව-භාව පරීක්සෂාව යි. එහි දී පැහැදලි කර ඇත්තේ මේ සමස්ත විශ්වයේ මැ ඇත්තේ කෘතක වස්තූන් බව යැ. එනම් ඒ කිසිව් ස්ව-භායක් ඇති අස්තිත්වයක් ඇති වස්තූන් නො වන බව යැ.
“න සම්භවං ස්වභාවස්‍ය යුක්ත: ප්‍රත්‍යහෙතුභි:
හේතුප්‍රත්‍යසම්භූත: ස්වභාව: කෘතකො භවෙත්“ 15.1
            මෙය උක්ත පළමු පරිච්ඡේදයේ දක්නට ඇති කොටස් සමග ගැලැපිමෙන් පැහැදිලි වන්නේ නාගර්ජුන පාදයන් විසින් සමස්තයක් ලෙස විශ්වයේ පැවැත්මක් නැති බැව් ඉදිරිපත් කර ඇති බව යැ. නුමුත් එය හුදු ශූන්‍යයක් පිළිබඳ දැක්වීමක් නො වන්නේ යැ. ඒ බව පහලොස්වැනි පරිච්ඡේදයේ අවසන් ශ්ලෝකයන් ගෙන් ඉතා පැහැදිලිව වැ ඉදිරිපත් කැරැ ඇතැ.
අස්තීති ශාස්වතග්‍රාහො නාස්තීත්‍යුච්චේදදර්ශනම්
තස්මාදස්තිත්වනාස්තිත්වෙ නාශ්‍රියතෙ විචක්ෂණ:15.10
අස්ති යද්ධි ස්වභාවෙන න තන්නාස්තීති ශාස්වතම්
නාස්තීදානීමභූත්පූර්වමිත්‍යූච්ඡෙද: ප්‍රසජ්‍යෙත. 15.11
            මෙහි දී ඇත නැත යන අන්දෙක මැ ඉවත් කෙරෙන බැව් පැහැදිලි ව ම දක්වා ඇතැ. මෙම පරිච්ඡේදයේ මැ පසවැනි ශ්ලෝකයෙන් පැවසෙන්නේ භාවයක් නැති නම් අභාවයක් වන්නේ යැ යි   කෙසේ දැක්විය හැකි ද කියා යි. එහි පැහැදිලි කිරීම 11වැනි සිලොවේ එනනේ යැ. කිසිවක් නැති වන්නෙ එය පෙර දි පැවති නිසා යැ. එය උච්ඡේදය යි. වෙසෙසින් නැති වනනේ පවතින යමකි. නුමුත් කිසිවක් පවතින්නේ නැති නම් නැති වන්න ද කිසිවක් නැතැ. එනම් නාගර්ජුනපාදයන්ට අනුව විශ්වයයනු ඇත නැත යන අන්ත දෙකට දැමිය නොහැක්කකි. මක්නිසා ද යත් එයට අස්ථිත්වයක් නැති එනිසා නාස්තිත්වයක් ද නැතැ. මෙම පැහැදිලි කිරීම නිරවාණය පිළීබද නාගර්ජුන සංකල්පය තේරුම් ගනීමට බොහෝ වැදගත් වන්නේ යැ.
            නිවන පිළිබඳ දැක්වීමේ දී මුලින් මැ එ භාවයක් වන්නේ ද අභාවයක් වන්නේ ද යන්න පිළිබද කරුණු දක්වා ඇතැ. එහි දී භාවයක් නො වන බවට ඉදිරිපත් කෙරී ඇති මුල් මැ කරුණක් වන්නේ ජරාමරණද්වය නිර්වාණයේ නැති වීම යැ. මක්නිසා ද යත් ජරාමරනයෙන් තොර වූ භාවයක් දක්නට ලැබෙන්නේ නැතැ. එයින් පසු පහත දැක්වෙන ශ්ලෝකද්වය දක්වා ඇතැ.
භාවශ්චයදි නිර්වාණං නිර්වාණං සංස්කෘතං භවෙත්
නාසංස්කෘතො හි විද්‍යෙත භාව: ක්වචන කශ්චන.25.5
භාවශ්ච යදි නිර්වාණං මනුපාදාය තත් කථම්
නිර්වාණං නානුපාදාය කශ්චිත් භාවො හි විද්‍යතෙ.25.6
මෙහි දී පැහැදිලි ව මැ නිර්වණ සංක්ලපය මග භාවයේ ඇති විසංවාදී ස්වභාවය දක්වා ඇතැ. එනම් නිර්වාණය අවශ්‍යයෙන් ම අසංස්කෘත හෙවත් අසංඛත වන්නේ යැ. එනම් කිසිදු හේතුවක් ප්‍රත්‍යයක් මගින් නිර්මාණය වුණු සෑදුණු දෙයක් නො වන්නේ යැ. නුමුත් සියලු භාවයන් එසේ සංස්කෘත වන්නේ යැ. එසේ නම් නිවන භාවයකැ යි කීම විසංවාදී වන්නේ යැ. අසංස්කෘත දෙයක් නම් භාවයක් විය නො හැකි නිසා යැ ඒ.
දෙවැනි සිලොවෙන් නිවන භාවයකැ යි කීමේ දී ඇති වන, පෙරටත් වඩා වැදගත් වූ විසංවාදීත්වයක් පෙන්වන්නේ යැ. ඒ නම් නිවන නිරපේකෂ වීම සහ භාවයන් සාපේකෂ වීම යැ. භාවයක් නම් නිරන්තරයෙන් යමක් මතැ රැදෙන්නේ යැ. යමක් මතැ නො රැදෙන්නා වූ භාවක් විද්‍යමාන වන්නේ නැතැ.  නුමුත් නිවන වනාහී කිසිදු ආකාරයකින් කිිසිවක් මතැ නො රැදෙන්නේ යැ. ඉදින් නිවන භාවයක් විය නො හැකැ.   මයින් ආචාර්යයන් පැහැදිලි කරන්නේ නිවන කිසිදු ආකාරයකින් භාවයක් විය නො හැකි බව යැ. ඒ සමග මැ නැගෙන ප්‍රශ්නය වන්නේ, එසේ නම් නිවන භාවයක් නො වන්නේ ද යන්න යි.
මෙම සංකල්පය නාගර්ජුන පාදයන් පැහැදිලි කරන ආකාරය වටහා ගැනීමට නම් උනවහන්සේ ගේ තර්ක ක්‍රමය නිවැරදි ව වටහා ගත යුතු යැ. එය හොදනි් පැහැදිලි කර ඇති තැනක් නම් පළමු පත්‍ය පරීක්ෂාවේ නමවැනි ශ්ලෝකය. මෙහි එන විධිය වනාහී කාරිකාව පුරාම භාවිත කර ඇති විධිය යි. මේ අනුව මැ යි ශූක්‍යතාව වටහා ගත යත වන්නෙත් පෙර දැක්වූ පත්‍ය හේතු සංස්කෘත අසංස්කෘත ආදිය වටහා ගත යුතු වන්නේත්. පෙර දී භාවයන් හේතූන් නිසා උපන් දෑ ලෙස දක්වා ඇතැ. දැන් ගැටලුව වන්නේ අභාව හෙවත් නැති වීමක් ද යන්න පිළිබද ව යි. ඒ විෂයේ නාගර්ජුනපාදයන් ගේ පොදු පැහැදිලි කිරීම වන්නේ,
අනුප්පත්තෙෂු ධර්මෙෂු නිරොධො නොපපද්‍යතෙ
නානංතරං අථො යුක්තං නිරුද්ධෙ ප්‍රත්‍යයාශ්ච ක: .1.9
            (පෙර දැකවූ සේ) ඇති නො වූ දෙයක් විසයෙහි නැති වීමක් ගැන පැවසීම සුදුසු නැතැ. තව ද නැති දෙයක් විෂයේ අන්‍යතර වූ ප්‍රතයයන් ගැනැ කථෘ කිරීම දු සුදුසු නැතැ. මෙයින් පළමු කොටස අපට මෙහි දී වඩා වැගත් වන්නේ යැ. එනම් පෙර දී භාවයක් නෙ වන්නේ ලෙස දැක්වූ විට එයින් මැ පැහැදිලි වන්නෙ මෙය අභාවයක් ද නො වන බව යැ.
            මක්නිසා ද යත් ආභාවයක් වන්න නම් භාවයක් පැවතිය යුතු යැ. භාවයක් නැති තැනැ කුමක් නම් අභාව විය හැකි ද? ඊනියායෙන් භවයක් නො වන්නක් අභාව යැ යි කීම මැ විසංවාදි වන්නේ යැ. ඒ තර්කය මතැ පදනම් ව යැ හත්වැනි සිලොවෙන් පහත පරිදි දක්වා ඇත්තේ.
යදි භාවො න නිර්වාණමභාව: නිං භවිෂ්‍යති
නිර්වාණං යත්‍ර භාවො න නාභාවස්තත්‍ර විද්‍යතෙ .25.7
            භාවයක් නැති තැන අභාවයක් නම් කෙසේ විය හැකි ද යනු මෙහි භාවය වන්නේ යැ. එසෙ මැ මින් පසු එන සිලොවෙන් දක්වන්නේ අභාවය දු සාපේකෂ වන බව යැ. එනම් අභාවය පවා යමක් මත පවතින්නේ යැ. අවශ්‍යයෙන් මැ අභාවය වනාහී භාවය මත පවතන්නකි. ඉදින් නිර්වාණය නිරපේකෂ වන්නේ සාපේක්ෂ වූ අභාවය නිර්වාණය වීමේ හැකියාවක් නැතැ.
            මෙයින් පසු චතුශ්කෝටිකාකාරයෙන් නිවනබාවයක් සහ අභාවයක් වේ ද යන්නත් නිවන ඒ දෙක ම නොවේ ද යන්නත් වැනි ප්‍රශ්න සදහා පිළිතුරු දීම සිදු වී ඇතැ. දහතුන්වැනි සහ දාහකරවැනි සිලොවන් ගෙන් පැහැදිලි කරනුයේ භාව සහ අභාව දෙක ම ලෙස නිවන ගැනීම පිළිබඳව යැ.
භවෙදභාවො භාවශ්ච නිර්වාණමුභයං යදි
අසංස්කෘතං ච නිර්වාණං භාවාභාවෞ ච සංස්කෘතෞ 25.13
භවෙදභාවො භාවශ්ච නිර්වාණමුභයං කථම්
න තයොඑකත්‍රාස්තිත්වං ආලොකතමසොර්යථා .25.14
            මෙහි දී පැවසෙන්නේ භාව අාව දෙක මැ සංස්කෘත වන්නේ හේතූන් ගෙන් ඇති වූයේ නම් නිවණ භාව අභාව වන්නේ නම් නිවණ දු එසේ හේතුප්‍රත්‍යයන් ගෙන් ඇති වූ දෙයක් විය යුතු බව යැ. නුමුත් නිවන එසේ නැතැ. එනයින් නිවන භාවාභාව දෙක මැ විය නො හැකැ.
            මෙහි දාහතරවැනි සිලොවෙන් යැ වඩා වැදගත් කාරණය මතු වන්නේ එනම් මෙහි ලා ආචාර්යයන් විසින් භාවිත කර ඇත්තේ විසංවාදි නියමය යි. භාවත් අභාවත් එක් වර විය නො හැකැ. එනිසා ඒ දෙක මැ නිවන යැ යි කීම අර්ථ විරහිත වන්නේ යැ.
            නාගර්ජුන පාදයන්ව මෙයින් නවතින්නේ නැතැ. නිවන භාව අභාව දෙකම වන්නේ නො වේ නම් අවශ්‍යයෙන් මැ නිවන භාවත් අභාවත් නො වන්නේ විය යතු යැ යි ප්‍රශ්නයක් නැගිය හැකි අතර එයට දු පිළිතුරු දී ඇතැ.
නෛවාභාවො නෛව භාවො නිර්වාණං යදි විද්‍යතෙ
නෛවාභාවො නෛව භාව ඉති කෙන තදජ්‍යතෙ .25.16
            මෙහි දී දැක්වෙන්නේ නිවන භාව හෝ අභාව හෝ නො වන්නෙ ලෙසට දැක්වීමටත් යමක් කරණ කොටගත යුතු බව යැ. යමක් භාවිත නො කරැ යම් මානයක් නො ගෙනැ යමකට සාපේකෂ නො කැරැ එසෙ ප්‍රකාශ කළ නො හැකැ. එනිසා එවැන්නක ප්‍රකාශ කිරීමද යුක්තිසහගත වන්නේ නැතැ. මක්නිසාද යත් නිවන කිසිවකට සාපෙක්ෂ වනනේ නැතැ. තවද පරමාර්ථ සත්‍යය නම් කිසි විටෙක වෙනත් කිසිවක් කරණ කොට ඉදරිපත් වීම නො විය හැකැ. ඒ නියන් පැහදල වන්නෙ නිවන ආබවත් අභාවත් නො වන්නේ යැ යි යන්නද ගත නො හැකි බව යැ.
            මෙයින් පසු යැ නාගර්ජුන පාදයන් ගේ වඩාත් ආන්දෝලනාත්මක සහ විශිෂ්ඨතම පැහැදිලිකිරීම ඉදිරිපත් කර ඇතතේ.
න සංසාරස්‍ය නිර්වාණාත් කිඤ්චිදස්ති විශේෂණම්
න නිර්වාණස්‍ය සංසාරාත් කිංචිදස්ති විශේෂණම්. 25.19
            මෙහිලා දැක්වන්නේ නිවනෙ සහ සසරේත් සසරේ සහ නිවනේත් කිසිදු වෙනසක් දක්නට නො ලැබෙන බව යැ. මෙය විය නො හැකි සේ මැ ධර්මවිරෝධී සංක්ලප්යක් සේ පෙනී යන්නේ නුමුත් පූර්වයේ පටන් විස්තරය පැහැදිලි වැ සම්බන්ධ කරන්නෙ නම් මේ පැහැදිලි කිරීම වඩාත් නිවැරදි මැ පැහැදිලි කිරීම බව පෙනී යන්නේ යැ.
            පෙර දී දැකවූ ලෙස සංසාරය වනාහී හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වූ ස්ව-භාවයෙන් තොර වූ දෙයක් ලෙසට යැ. එනම් සංසාරයේ ස්ව-භාවයක් නැතැ.  උක්ත තර්කානු සාරීවැ ඒ නිසා මැ පර-භාවයක් ද විය නො හැකැ. ඒ දෙක ම හෝ ඒ දෙක ම නො වේ හො යැ යි දු කිව නො හැකැ. එසේ නම් විශ්වය මැ පරමාර්ථ වශයෙන් ස්ව-භාවයෙන් තොර වන්නේ යැ. විශ්වයේ කිසි තැනැ ‘භාවයක්‘ නො වන්නේ යැ. එනම් විශ්වය ඇති හෝ නැති හෝ ඇති නැති හෝ ඇත්තෙත් නැති නැත්තේත් නැති හෝ ලෙස ගත නො හැැකි යැ. ඒ කුමක් කීව දු එය සතය වන්නේ නැතැ. මක්නිසා ද යත් මේ සියල්ල සංස්කෘත වන නිසා යැ. එනම් හේතුප්‍රත්‍යයන් ගෙන් සෑදී ඇති නිසා යැ.
            විශ්වය පිළිබඳ මෙම පැහැදිලි කිරීමත් නිවන පිළිබද දීර්ඝව කළා වූ පැහැදිලිකිරීමත් (නුමුත්  කාරිකාවේ දී වන්නේ සංසාරය පිළීබද දීර්ඝ ව දක්වා නිවණ පිළිබඳ කටියෙන් දැක්වීමකි. ඒ නිසා යැ කෙටි ශ්ලෝකයකින් මේ බව සනාථ වන සේ ඉදිරිපත් කර ඇත්තේ සහ ගැටලුවක් නො වන්නේ.) අතර කසිදු වෙනසක් දක්නට නැතැ. සියමු ම වූ වෙනසක් හෝ නැතැ. නිවන ශූන්‍ය වන්නේ යැ. සංසාරය ද ශූන්‍ය වන්නේ යැ.
            ඒන නිසා යැ නිවන පිළිබද දක්වීමේ දී නිවන විනාශ වූවක් හෝ පැමිණි දෙයක්හෝ උච්ඡේදයක් හෝ, ශාශ්වතයක් හෝ නො වන අතර නැති වී හෝ ඇති වී නැති බව දක්වා ඇත්තේ.
අප්‍රහීණමසම්ප්‍රාප්තමනුච්ඡින්නමශෘස්වතම්
අනිරුද්ධමනුත්පන්නමෙතන්නිර්වාණමුච්‍යෙත. 25.3
මෙයින් පැහැදිලි වන්නේ නාගර්ජුන පදයන්ගෙ නිර්වාණ සංකල්පය වනාහී කිසිදු ආකාරයක සාපේකෂතවක් මත නො පවතින්නා වූ දෙයක් වන බව යැ. එසේ මැ මෙහි ඇති විහේෂත්වය නම නිර්වාණය පරම යථාර්ථය බව මෙහි දී ඉතා හොඳින් පැහැදිලි වීම යි. ථෙරවාදයේ දී කිසිදු අවස්ථාවක සියල්ල නැති කර ප්‍රහීන කර ප්‍රාප්ත කරගන්නා වූ නිර්වාණය සමස්තය තුළ පරම යාථාර්ථය වන ආකාරය දක්වා නැතැ. ඒ පහැදිලි කිරීම් මගින් එවැන්නක් ගම්‍ය වන්නේ දැ නැතැ. නුමුත් ආචාර්යයන් ගේ පැහැදිලි කිරීමේ දී එය නිරායාසයෙන් මැ පැහැදිලි වන්නේ යැ.
ඔබවහන්සේ ගේ පැහැදිලි කිරීම වඩා වැදගත් වන්නෙ ප්‍රාප්ත කිරීමක් නො වන බැව් දක්වා තිබීම යැ. මක්නිසා ද යත් පරම යථාර්ථය ප්‍රාප්ත කිරීමක් විය නො හැකැ. තව ද කිසිදු විටක දී පරම යථාර්ත්‍ය නම් ගොඩනගා ගත නො හැකි ය. විය හැක්කේ යථාර්ථය තේරමු ගැනීම පමණි. නාගර්ජුන පාදයන් විසින් විවරණය කරන්නා වූ නිර්වාණය එවැන්නකි. එහි ප්‍රපාත් කිරීමට යමක් නැත. ගොඩනගාගත හැකි කිසිවක් ද නැතැ. සියල්ල ඉවත් කල පසු තමා තුළ පවතින භාවයක් ද එහි නැතැ. එය හුදු යථාර්ථයක් පමණක් මැ වන්නේ යැ. වෙනත් ශබ්දයන් ගෙන් දක්වා නම් නාගර්ජුන පාදයන් ගේ නිවන අද්වෛත වන්නෙ යැ. නිවන හැරැ කිසිවක් නැතැ. ඇත්තේ නිවන පමණි. අන් සියල්ල මායාමය වන්නේ යැ.

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...