Classification of Upanishad උපනිෂද් වර්ගීකරණය.

භාරතීය  ආගමික දාර්ශනික සාහිත්‍යයේ ආදිතම කෘතීන් වන වේද සංහිතාවන් ගැනැ විල්සන් පඬිතුමා දක්වන්නේ මෙසේ යැ.
“ඍග් යජූර් වේද ග්‍රන්ථයන් සම්පූර්ණ කර ගත් විට, ඒවායින් ලබාගත හැකි ප්‍රතිඵල ද ග්‍රීක ශිෂ්ටාචාරයේ උදාවීමට දිගුකලකට පෙර මෙතෙක් සොයාගෙන තිබෙන අසිරියානු අධිරාජ්‍යයේ ආදි ම සලකුණුවලට ප්‍රථම, සමහර විට පැරණිම හීබ්‍රෑ ලියවිලිවලට සමකාලික ව නිකම් නම් හැරුණු විට තව ම ඉතා සුළු දෙයක් පමණක් දැනගන්නට ඇති මිසර රාජපරම්පරාවලට පමණක් මෑත සමාජ සංවිධානය පිළිබඳ ව මෙතෙක් දත් පැරණී ම වාර්තා හා සමකාලීන යුගයක හින්දුන් ගේ දේශපාලනමය හා ආගමික නියම තත්ත්වය ද හරි හැටි අගය කිරීමට අවශ්‍ය කරුණු අපට ලැබෙයි. පුරාතන යුගය පිළිබඳ ව මෙනෙහි කිරීමෙි දී තදි

න් ම සිත් එලවන හැම දෙයක් ගැන ම ඕනෑ තරම් තොරතුරු අපට වේදයන් ගෙන් ලැබේ“



































මෙයිනි පෙනී යන්නේ වේද සංහිතා යනු භාරතිය දර්ශනයට සාහිත්‍යයට පමණක් නො ව  ලෝක දාර්ශනික ඉතිහාසයට මැ වැදගත් වන බව යැ. මෙයින් පැරණීතම කෘතිය මෙන් මැ මුඛ්‍ය කෘතිය ද වනුයේ ඍග් වේදය යැ. එයිට පසු වැ සංගෘහිත කෘති වන යජුර් සාම අථර්වන් යන කෘතීන් ද වේද සංහිතා ගණයේ මැ දක්නට ලැබේ. මෙම කෘතීන්ට සංහිතා යන නාමය දෙන ලද්දේ එකට තැබීම යන අර්ථයෙනි. සං පූර්ව ධා ධාතුවෙන් කියැවෙන්නෙ එකට තැබීම එක්-කර තැබීම යන්න යැ. මෙහි දී එක් කර තබා ඇත්තේ විවිධාකාර සූක්තයන් යැ. එම සුක්තයන් තුළ ගැබ් වී ඇත්තේ ඥානය නිසාවෙන් ඥානය යන අර්ථයෙන් වේද යන්න ද මේ සඳහා  භාවිත වේ. පොදුවේ වේද කෘති සතර ම සැලකූ විට එසේ කිව හැකි අතර විවිධ විභේදිත විෂයයන් මෙම කෘති තුළින් ගම්‍යමාන වේ යැ. එනම් දේව ස්තෝත්‍ර ඍග් වේදයේ ඇතුළත් වන්නෙ යැ. එහි දී සිදු කර ඇත්තේ පරිසරයේ දකින්න ලැබෙන්නා වූ වැස්ස සුළඟ සූර්යයා සඳ ආදී දෙය දේවත්වයෙන් සලකා ඒවාට ස්තූති කිරීම සහ වන්දනා කිරීම යැ. කලක් ගිය පසු එම ස්වාභාවික දේ එනම් වර්ෂාව ජලය වැනි දේ ලපා දෙන්නා වූ යම් බලයන් ඇතැයි ද ඒවා ගේ ක්‍රියාකාරීත්වය නිසා විදුලි කෙටීම් ආදිය ඇති වන බව ද විශ්වාස කළ ඔවුහු එම ශක්තීන් දේවත්වයෙන් සලකා ස්තූති කිරීමට වන්දනා කිරීමට පූජා කිරීමට පටන්ගත්හ.  එම ස්තෝත්‍ර තාලය හෙවත් ගායන ඥානය සාම වේදයේ ඇතුළත් වේ යැ. එහි දක්වා ඇත්තේ යාග කිරීමේ දී නොහොත් පූජා පැවැත්වීමේ දී සිදු කළ යතු බාහිර ක්‍රියාකාරකම් පිළිබඟඳව යැ. ඍග්පාඨ ද සමග යඥපාඨයන් ඇතුළත් වන්නේ යජූර් වේදයේ යැ. මෙහි වැඩිමක් ඇත්තේ ඍග් පාඨ ම හෝ එයින් සාදාගත් යඥ පාඨයන් ම යැ. නුමුත් මෙහි ඇති විශේෂත්වය වන්නේ මෙම කාලය වන විට ඍග් වේද කාලයේ තිබූ සරල පූජා විදි වෙනුවට තරමක් සංකීර්ණ පූජා විධී ඇතුළත් වීම යැ. එමෙන් ම එම කාලයේ දී දෙවියන් සතුටු කිරීම වෙනුවෙන් පැවැත්වූ යාගය සේ කාලය වන විට දෙවියන්ට යම් කිසි බලපෑමක් ිරීමක් සේ පැවැත්වූ බව යජුර් වේදයෙන් දැක්ක හැකැ. උක්ත සියල්ලෙන් ම අන්‍ය වූ ගුප්ත මන්ත්‍ර ආදී දේ පිළිබඳ දැනුම අථර්ව වේදයේ ඇතුළත් වන්නේ යැ. එය බොහෝ පසුකාලීන වැ සංග්‍රහ වී වේද කෘතියක් සේ පිළිගැණුනක් වුව ද එහි ඇති කරුණු ප්‍රාග්-ඍග් යුගයට ද අයත් වන බව විද්වත් මතය වන්නේ යැ. ඇතැම් තැනක මෙම වේදය ම අථර්වාඞ්ගීරස වේදය ලෙස ද දක්වනු ලබන්නේ යැ. මෙයට හේතුව වන්නෙ මෙම කෘතියෙහි ඇතුළත් වන්නේ අථර්ව සහ අඞ්ගීරස නම් පුරාණ ගිණි පිදුවා වූ ජනකොටසක ගේ දැනුමක් වීම යැ. ඔවුහූ මායාකාර පූජක කොටසක් වූ අතර ඔවුන් ගේ ආභාසයෙන් නිපන් අතර්ව වේදයේ ද එම ලක්ෂණ ඇතැ. එමෙන් මැ යහපත් සහ අයහපත් කාර්යයන්ට යොදාගන්නා වූ මන්ත්‍ර දු එහි ඇතුළත් වන්නේ යැ.
මෙම සංහිතා යුගයෙන් පසු ඇති වූයේ බ්‍රාහ්මණ යුගය යැ. මෙම කෘති මෙනමින් හැඳින්වීම පිළිබඳ විවිධ මත දැක්ක හැකි අතර ඒ සියල්ලේ ම සම්පිණ්ඩයනක් සත්‍ය විය හැකි බව පෙනේ. එනම් මෙහි ඇතුළත් වන්නා වූ යාගය පවත්වන්නා වූ ක්‍රමය නොහොත් නිතිය ද යාගයට හේතු ද එය නිවැරදිව පැවත්වීමෙන් ලැබෙන්නා වූ යහපත් ප්‍රතිඵල ද වරදක් වුවහොත් අනිවාර්යය වන අයහපත ද ගැනැ ප්‍රකාශ කරන්නා වූ යේ බ්‍රාහ්මණයෙක් වන නිසා මෙම කෘති එනමින් හැඳින් වූ බව යැ. මැක්ස් ම්‍යූල බඬිතුමා එසේ සිතත් දී තවත් විටෙක බ්‍රාහ්මණයන්ට හග පෙන්වන්නා වූ නිසා මෙසේ පවසන බවට මතයක් වේ යැ. වෙබර් පඬිතුමා කියනුයේ යාඥාව යන අර්ථයෙන් බ්‍රහ්ම යන්න යෙදෙන බව යැ.  මේ සියල්ල මැ සත්‍ය වීමේ හැකියාවක් ඇති සේ ම සියල්ල ම හේතු වීමට ද හැකි නිසා සියල්ල ප්‍රාමාණික කරුණූ ලෙස සාමුහක වැ සලකනු ලැබේ. කෙසේ වුවත් යාගය ම මුල් වූ මෙම යුගයේ දී නිදහස් චින්තනයක් වර්ධන වීමට තිබුණු හැකියාව අවම තතිවයක පැවති අතර යාගය සහ එයින් සෞභාග්‍යය මැ අරමුණු කරගත් සදාචාර සීමා නො තකන්නා වූ දේවවාදී ආගමක් මේ යුගය වන විට බිහි වී ය.
මින් පසුව ඇති වූ ආරණ්‍යක යුගය වනාහී බ්‍රාහ්මණ කෘතීන් ගේ ම ප්‍රබුද්ධ-වර්ධනයක් වන්නේ යැ. එනම් බ්‍රාහ්මන තුළ වූ ඇතැම් සිද්ධාන්ත ප්‍රශ්න කෙරෙමින් එම ප්‍රශ්න විසර්ජනය කරමින් ඇතැම් විට බ්‍රාහ්මණයන් ගේ ම අන්තයේ එම විසර්ජන බහාලීමට කටයුතු කළ පිරිසක් මේ යුගයේ බිහි වීය. තව දුරටත් පැහැදිලි කරයි නම් යම් ආකාරයකින් මෙම යුගයේ දී සිදු වූයේ බ්‍රාහ්මණ කෘතීන් තුළ වූ කරුණු තවදුරටත් විමර්ෂනාත්මක ව පැහැදිලි කිරීමක් ය. නුමුත් මෙම කරුණු පැහැදිලි කිරීම සාමාන්‍ය ජනයා ගෙන් වෙන් ව සිට වනගත වැ සිදු කළ අතර එම නිසා මෙම කෘතීන් ආරණයක යන මැයෙන් හඳුනාගන්නේ යැ. මෙම යුගයේ ඇති ප්‍රධාන දේ නම් බ්‍රාහ්මණ යුගයේ මෙන් යාගය මගින් වාස්තවික වූත් ආත්මීය වූත් අභ්‍යුදය ලැබිය හැකි බව පිළි නො ගෙන යාගය හුදු වාස්තවික අරමුණු සාක්ෂාත් කිරීමට පමණක් හේතුවන දෙයක් ලෙස සලකා ආත්මීය බුද්ධිය ලැබීම සඳහා භාවනා කිරීමේ අවශ්‍යතාව පෙන්වා දීම ය. මෙම කාලයේ දී බ්‍රාහ්මණයන් ගෙන් සපුරා වෙනස් වූ දාර්ශනික ධාරාවක් හමු නො වුන ද ඒවායේ ඇති ගූඪත්වයෙන් යම් තරමක් දුරට මිදීමට උත්සාහ කරන ස්වභාවයක් දක්නට ලැබේ. ඒ කෙසේ වුවචත් පසුකාලීන ව බිහි වූ උසස්තම වෛදික දාර්ශනික ප්‍රවාහය වන උපනිෂද් බිහිවීමට ආරණ්‍යයන් ගෙන් විසල් සේවාවක් ඉටු විය.
උපනිෂදයන් තුළ පැහැදිලි ව මැ මූලික දාර්ශනික ප්‍රශ්නයන්ට පිළිතුරු සෙවීම දැක්ක හැකි අතර ආරණ්‍යකයන ගේ තිබුණු ආත්මගවේෂනය හුවාදැක්වීම පූර්ණ වශයෙන් ම අභ්‍යන්තරය ගැනැ සෙවීමක් දක්වා මෙහි දී දියුණූ වී ඇතැ. ලෝකයේ ආරම්භය මිනිසා ගේ උපද පැවැත්ම මරනින් මතු පැවැත්ම ආදී වූ බොහෝ දේ පිළීබඳ ව විමර්ෂනාත්මක තොරතුරු සෙවීමක් සිදුකළ උපනිෂද් මුනිවරු වනාහී සපුරා වේද මාර්ගයෙන් මිදුනෝ නො වූහ. එනම් බ්‍රාහ්මණ ග්‍රන්ථ යනු වේද කෘතීන්ට ලියැවුණු භාෂ්‍ය ස්වරූපයක් ගත් අතර බ්‍රාහමණයන් ගේ සංකල්ප වැඩි වර්ධනය කරමින් පැහැදිලි කිරීමක් ආරණ්‍යක තුළ දී සිදු වී ය. ආරණ්‍යක තුළ ඇති සංකල්පය තව තවත් දාර්ශනික ව දියුණු කරමින් වඩාත් ප්‍රශස්ථ මට්ටමකින් පැහැදිලි කිරීම උපනිෂද් තුළ දී සිදු කර ඇතැ. එනම් මෙහි දී සිදු වී ඇත්තේ වේදයේ එන්නා වූ කරුණු ම විචක්ෂණ ශිලී ව විවරණය කිරිමක් ය. නුමුත් එහි දී වේදයේ දක්නට බැලෙන සෛද්ධාන්තික කාරණාවන් ගේ වෙනස් කිරීමක් ඒවා ගේ පැවැත්මට හානියක් නො වන සේ ගෙන හැර පෑම දැකිය හැකැ. එයට එක් උදාහරණයක් නම් බහු දේවවාදය පරමාත්මවාදයකට පරිවර්තනය වීම සිදු වීම ය. ඍග් වේදයේ ම පසුව ලියැවුණු දසවන කාණ්ඩයේ ඇතුළත්වන පුරුෂ සූක්තය ආදී සූක්ත වනාහි සියලු දෙවි වරුන්ට ප්‍රාථමික් වූ එක් දෙවි කෙනෙක් ගැනැ දක්වන්නේ යැ. එය විවිධ සූක්තයන් ගේ විවිධ නාමයන් ගෙන් දක්වන්නේ වුව දු ඒ සියල්ල තුළ දක්නට ඇත්තේ එක් ප්‍රධාන වූ දෙවියෙකු පිළිබඳ සංකල්පය යැ. පසුව මෙම සංකල්පය බ්‍රාහ්මණ ග්‍රන්ථ තුළ දි වඩාත් වර්ධන ය වූ අතර ප්‍රජාපතී නම් එක් දෙවි කෙනෙකු සියල්ල ගේ නිර්මාතෘ ලෙස දැක්වීමක් විය. ආරණ්‍යක අවධියේ දී මෙය තව දුරටත් වර්ධනය වූ අතර උපනිෂද් මුනිවරු මෙය පැහැදිලි කරන ලද්දේ සියලු තැනැ සියල්ල තුළ වූ ආත්මයක් බලයක් ඒකාත්මීය භාවයක් ලෙසට යැ.
කෙසේ වුවත් අනන්‍ය වශයෙන් බිහි වූ උපනිෂද් දර්ශනය වනාහී විවිධාකාර විශමතාවන් ගෙන් යුතු මතයන් ගහන කෘතීන් වන්නේ යැ. මෙය ගුරුවරයා විසින් ශ්‍රැතියෙන් අතවැසියාට උගැන්වූ රහස් දැනුමක් ලෙස පැවති බව දැක්ක හැකැ. මෙහි නමෙහි අර්තය දු සමීපයෙන් හිඳගැනීම යන අර්ථයෙන් විග්‍රහ කිරීම මගින් ද පෙනී යන්නේ එම රහස්‍ය භාවය යැ. තව ද රහස්‍ය යනු උපනිෂද් හැඳින්වීම සඳහා ම පර්යාය නාමයක් වශයෙන් යොදාගෙන තිබීම මගින් ද මෙය දැක්ක හැකැ. ‘ධර්මේ රහස්‍ය උපනිෂද් ස්‍යාත්“ වැනි අමරකෝෂයේ එන පැහැදිලි කිරීම් එම මතය තවදුරටත් පැහැදිලි කරන්නේ යැ. කෙසේ වුවත් මෙම උපනිෂදයන් අධ්‍යයනය කිරීමේ දී  අධ්‍යයන පහසුව සහ විවරණ පහසුව තකා උපනිෂද් වර්ගීකරණයන් සිදුකරන්නේ යැ. කිහිපසයක් ඇති එම වර්ගීකරණ පහත පරිදි දැක්විය හැකැ.
උක්ත ලෙස මෙම උපනිෂද් ලියවී ඇත්තේ කතුවරුන්ට සහ එම ගුරුකුලයන්ට අනන්‍ය ආකාරයෙන් යැ. එම ගුරුකුල එන්නේ වෛදික යුගයේ සිට ම බව සාම්ප්‍රදායික පිළිගැනීම වන්නේ යැ. එම පිළිගැනීමට අනුව වෛදික ශාකා 1180 තිබුණු බව තියැවේ. එසේ නම් ඒ එක් ගුරු කුලයට එක් උපනිෂදය බැගින් උපනිෂද් දු 1180ක් තිබිය යුතු යැ. නුමුත් මුක්ටිකෝපනිෂදය කියනා ආකාරයෙන් උපනිෂද් 108ක් දක්නට ලැබෙන්නෙ යැ.  එම උපනිෂද් එය අත් ගුරුකුල සහ මතවාද අනුව වෙන් වශයෙන් බෙදා දැක්වීමට දු හැකි යැ. එය පහත පරිදි වේ යැ.
  1. ශිව - 13
  2. ශක්ති - 9
  3. වෛෂ්ණ - 14
  4. යෝග - 19
  5. සන්‍යාස - 16
  6. සාමාන්‍ය - 27
  7. ප්‍රධාන දශෝපනිෂද් - 10

මීට අමතර ව උපනිෂද් බෙදා දක්වන සාම්ප්‍රදායික බෙදුම වන්නේ වේද ග්‍රන්ථ අනුව බෙදා දැක්වීම යැ. එනම් මූලික වේද සංහිතා හතරට මෙම උපනිෂද් අයත් වන ආකාරය යැ. එහි දී යජුර් වේදය වනාහි ශුක්ල සහ කෘෂ්ණ ලෙස කොටස් දෙකෙන් සලකා ඇතැ.
  1. ඍග් - 10
  2. සාම් - 16
  3. ශුක්ලයජුර් - 19

  4. කෘෂ්ණයජුර් - 32
  5. අථර්ව - 31

තව ද මෙම උපනිෂදයන් ඒ ඒ වේදයන් ගෙන් විකාශය වූ ආකාරය දු උදාහරණ කීපයකින් පහත පරිදි දැක්විය හැකැ.
ඍග් > ඓතරේය බ්‍රාහ්මණය > රෙතරේයාරණ්‍යකය > ඓතරේයෝපනිෂදය
ඍග් > කෞහිතකී බ්‍රාහ්මණය > කෞශිතකී ආරණයකය > කෞශිතකී උපනිෂදය
සාම් > තාණ්ඩ්‍යමහාබ්‍රාහ්මණය > එහි මැ ඇති ආරණයක කොටස > ඡාන්දෝග්‍ය උපනිෂදය (ආරණ්‍යක කොටස මෙහි මුල් කොටස වේ)
සාම් > ජෛමනී බ්‍රාහ්මණ > ජෛමනී ආරණ්‍යක > කේන උපනිෂද්
ශුක්ලයජුර්> ශතපථ බ්‍රාහ්මණය > එහි ම තුදුස්වෙනි අධ්‍යායයේ පළමු කොටස් තුනෙන් එක කොටසක් එහි ආරණයක යි > ඒ බ්‍රාහ්මණයේ ම අවසන් කොටස බෘහදාරණ්‍යක උපනිෂදය යි.
කෘෂ්ණයජුර් > තෛත්තරීය බ්‍රාහ්මණය > තෛත්තරිය ආරණ්‍යකය > තෛත්තරීය උපනිෂදය
අථර්ව > පසු කාලීන නිසා බ්‍රාහ්මණ දු පසුකාලීන වේ යැ. නුමුත් ආරණ්‍යක උපනිෂද් ලක්ෂණ දක්නට අඵාසු යැ. කෙසේ වුවත් පසුකාලීන උපනිෂද් අථර්ව වේදය හා සම්බන්ධ කොට දක්වයි.
මින් පසු දක්නට ලැබෙන්නේ පැරණි මැ හෝ මුඛ්‍ය වූ උපනිෂද් ලෙස සලකා කෙරෙන බෙදා දැක්වීම යැ. එය විවිධාකාරයෙන් සිදුකෙරෙන බව දැකිය හැකැ. මෙහි විශේෂ අවධානය යොමු වන්නේ ශඞ්කරාචාර්යයන් විසින් භාෂ්‍යයන් කළ උපනිෂදයන් පිළිබඳව යැ. එම උපනිෂදයන් දස ශ්‍රී මාධවයන් විසින් සහ ශ්‍රී රාමානුජ විසින් ද පෞරාණික උපනිෂදයන් ලෙස පිළිබන්නේ යැ.
  1. ඊශා
  2. කේන
  3. කට
  4. ප්‍රශ්න
  5. මුණ්ඩ
  6. මාණ්ඩුක්‍ය
  7. තෛතරේය
  8. අත්‍රේය
  9. ඡාන්දෝග්‍ය
  10. බෘහදාරණ්‍යක

මෑක්ස් ම්‍යූල“  පඬිතුමා විසින් ද වැදගත් ම වූත් පෞරාණීක ම වූත් උපනිෂද් ලෙස
  1. ඊශ
  2. කෙන
  3. කට
  4. ප්‍රශ්න
  5. මුණ්ඩ
  6. කෞශීතකී
  7. තෛතරේය
  8. ඓතරේය
  9. ඡාන්දෝග්‍ය
  10. බෘහදාරණ්‍යක
  11. මෛත්‍රායණීය
  12. ශ්වේතාශ්වතර
  13. නාම

හ්‍යූම් පඬිතුමා ද ම්‍යූල තුමා ගේ උපනිෂද් සමූහය ම පිළිගන්නා අතර අමතර ව මාණ්ඩුක්‍ය උපනිෂය එයට ඇතුළු කරයි.
උක්ත විබෙදුම්හි ඇතැම් කරුණු සලකා පහත පරිදි කෙරෙන බෙදීමක් ද දැක්ක හැකැ.
  1. පුරාණ ගද්‍ය උපනිෂද් - බෘහදාරණ්‍යක, ඡාන්දෝග්‍ය, ඓතරේය, කෞශීතකී, තෛත්තරීය, කේන (ගද්‍යපද්‍ය)
  2. පෞරාණීක උපනිෂද් - ඊශ, කට, ශ්වේතාශ්වතර, මුණ්ඩක, මහානාරායණ, ප්‍රශ්න (ගද්‍යපද්‍ය)
  3. පශෟචාත්කාලීන ගද්‍යෝපනිෂද් - මාණ්ඩුක්‍ය, මෛත්‍රායනී
  4. අර්ථවෝපනිෂද් නොහොත් අවෛදිකෝපනිෂද් - (මේවා ස්වරූපය අනුව දක්වා ඇතැ) වේදාන්තධර්මගර්භකෘත, යොගධර්මගර්භකෘත, වානප්‍රස්ථජීවිතවර්ණිත, විෂ්ණුස්තුත, ශිවස්තුත, ශක්තාදීමතාගත

හිංදී සාහිත්‍ය යුග සහ ආදිකාල් Hindi Sahitya yuga saha adikal

හිංදි සාහිත්‍යය ඉතිහාසය අවම වශයෙන් වසර දහසක් පමණ ඉතිහාසයකට දිවයන්නේ ය. මෙම සම්පූර්ණ හිංදී සාහිත්‍ය ඉතිහාසය යුග හතරකට බෙදා දක්වා ඇත. ඒවා පහත පරිදි දැකවිය හැක.
  1. ආදිකාල් නොහොත් වීර්ගාථා කාල් චරණ් කාල් හෙවත් අපබ්‍රංශ කාල්
  2. පූර්ව මධ්‍යකාල් නොහොත් භක්තිකාල්
  3. උත්තර මධ්‍යකාල් නොහොත් රීතිකාල්
  4. ආධුනික කාල් නොහොත් ගද්‍ය කාල් හෙවත් ස්වතංත්‍රතා කාල්

මෙම යුග බෙදීම සිදු කර ඇත්තේ ඒ ඒ කාලයේ වැඩි වශයෙන් ලියැවුණු සාහිත්‍ය කෘතීන් හි අන්තර්ගතය සලකා ය.

  • ආදිකාල් නොහොත් වීර්ගාථාකාල් චාරණ් කාල් හෙවත් අපබ්‍රංශ කාල්

පෘථීවිරාජ් රාසෝ
ආදිකාල් යන්නෙහි අර්ථය වන්නෙ මුල් යුගය යන්න ය. මෙම නාමකරණය සිදු කරන ලද්දේ ආචාර්ය අසාරීප්‍රසාද් ද්විවේදී විසිනි. එහි දී එතුමා දක්වනුයේ හිංදී සාහිත්‍යයේ ආරම්භය සටහන් කරමින් බිහි වූ නිර්මාණ මෙම යුගයේ ඇති බව ය. එමෙන් ම අපබ්‍රංශ භාෂාවෙන් වෙනස් වෙමින් පැවති හිංදී භාෂාවේ මූලික ස්වරූපයෙන් යුතු භාෂාවක් මෙම යුගයේ භාවිත අතර එයින් හිංදී සාහිත්‍යයේ මුල් යුගය සටහන් වන බව පැහැදිලි වේ. මෙම කාලයෙහි වීරත්වය පිරුණු සාහිත්‍ය නිර්මාණ බොහෝ සේ බිහි වූ නිසායෙන් මෙම යුගය වීර්ගාථා කාල් නමින් ද හඳුන්වනු ලැබේ. වීර්ගාථා කාල් යන නාමය මෙම යුගය සඳයා යොදන ලද්දේ ආචාර්ය රාම්චන්ද්‍ර ශුක්ල විසිනි. නුමුත් ශ්‍රී මොතිලාල් මෛනාලියා සහ ආචාර්ය අසාරීප්‍රසාද් ද්විවේදී ප්‍රධාන පිරිසක් එම මතයට විරුද්ධව කරුණු දක්වා ඇත. ඒ අතර ප්‍රධාන වන්නේ බීසල්දේව් රාසෝ මෙන් ම පහේලියාං වැනි කාව්‍ය නිර්මාණයන් ගේ වීරත්වය ප්‍රධාන වූ ස්වරුපයක් දක්නට නො ලැබෙන බව හුවා දැක්වීම ය.
 කෙසේ වුවත් මෙම කාලයෙහි මුල් අර්ධයෙහි ද්කනට ලැබෙන්නෙ විවිධ අනුභූතීන් ගෙන් යුතු සාහිත්‍ය නිර්මාණ ය. එ අතර ශෘඞ්ගාර ධර්ම නීති වීර යන අනුභූතීන් යොදාගෙන ඇති බව දැක්ක හැකි ය. පසුව සිදුවන මුස්ලිම් ආක්‍රමණ නිසාවෙන් රජවරුනට මුහුනදෙන්නට සිදු වූ යුද්ධ සහ එහි දී රජවරු දැක්වූ දස්කම් ආදිය වර්ණනා කරනා සාහිත්‍ය කෘති බිහිවන්නට විය. මෙම කාලයේ කවියන් රජු සමීපයේ ම රැදී සිටි අතර රාජසභාවට තම නිර්මාණ ඉදිරිපත් කළහ. එමෙන් ම ඇතැම් විට
චංද්බර්දාඊ
මෙම කවියෝ රජු සමග යුද්ධ භූමියට ද ගොස් අත්දැකමෙන් ම යුද්ධය පිළීබද සහ රජු ගේ වික්‍රමයන් ගැන නිර්මාණ ඉදිරිපත් කළහ. මෙම කවියන් චාරණ් කවියන් ලෙස හඳුන්වා ඇත. මෙම කවියන් ගේ නාමය මුල කොට ගෙන ආචාර්ය රාම්කුමාර් වර්මා විසින් මෙම යුග චාරණ්කාල් ලෙස නම් කළ ද විද්වතුන් විසින එය බැහැර කිරීමට යෙදුනේ ඒතුමා විසින් උපුටා දක්වන කෘතීන් හැරුණු විට එම උපුටාදැක්වීමට හසු නො වූ අන්‍යාකාර කෘතීන් බොහෝ වන බව දක්වමින් ය. එනම් උක්ත අනුභූතීන්ට අමතර ව මෙම යුගයේ දී ජෛන බෞද්ධ සිද්ධ නාථ සාහිත්‍යයන්ය අදාල කෘතීන් ද දක්නට ලැබෙන්නේ ය.
 ආචාර්ය අසාරීප්‍රසාද් ද්විවේදී
මෙම කාලය වික්‍රම් සංවත් 1050 සිට වික්‍රම් සංවත් 1375 දක්වා කාලය ලෙස සලකත්. වික්‍රම් සංවත් යනු වික්‍රමාදිත්‍ය රජු ගේ කාලයෙන් පසු යුග වන්නේ ය. වික්‍රම් වර්ෂයෙන් වර්ෂ පනස්හතක් අඩු කිරීමෙන් ව්‍යවහාර වර්ෂය ද ව්‍යවහාර වර්ෂයට වර්ෂ පනස්හතක් එක් කිරීමෙන් වික්‍රම් වර්ෂය ද ලබාගත හැක.
මෙම යුගයේ සිටි කවියන් ගෙන් රජු වර්ණනාවට අසුකළ කවියෝ චාරණ් කවි නම් වූහ යැ යි උක්ත වන සේ ම එම කිවියන් ගේ නිර්මාණ රාසෝ කෘති නමින් හඳුන්වන්නේ ය. රාජ වර්ණනාවන් වුවද එම කවි තුළ රජුට ප්‍රශංසා කිරිම ශෘඞ්ගාර රසය ස්ත්‍රි සෞන්දර්යය ඉතිහාසාගත තොරතුරු ඇතුළත් විය. එමෙන් ම හිංදී සාහිත්‍යයේ ප්‍රථම මහාකාව්‍ය වන පෘථීවිරාජ් රාසෝ මෙම යුගයට අයත් කාව්‍යයක් වන්නෙ ය.
 
ආචාර්ය රාම්චන්ද්‍ර ශුක්ල
මෙම යුගයේ භාවිත භාෂාව වන්නේ රාජස්ථාන් නොහොත් මර්වාඩී භාෂාවේ සාහිත්‍යික භාෂාව වන ඩිංගල් භාෂාව ය. මෙම භාෂෘව රාජස්ථානි භාෂාවේ ආභාසය බොහෝ ඇති භාෂාවක් වන්නේ ය. නුමුත් ආදිකාල් ආරම්භයේ දී භාවිත වුණූ භාෂාව හත දැක්වූ පරිදි ම අපබ්‍රංශ භාෂාවට බොහෝ සමාන කම් දක්වන්නා වූ භාෂාවක් වන්නෙ ය.
එම යුගයට අයත් ප්‍රධාන කවියන් සහ කෘති පහත පරිදි දැක්විය හැක.
  1. නර්පති නාල්හ ගේ බීස්ලදේව් රාසෝ
  2. චංද්බර්දාඊ ගේ පෘථ්වීරාජ් රාසෝ
  3. ජගනික් ගේ පර්මාලා රාසෝ නොහොත් ආල්හාංඛඩ්
  4. ජල්හන් ගේ බුද්ධි රාසෝ
  5. නල්ල සිංහ ගේ විජය්පාල් රාසෝ
  6. දල්පතිවිජය් ගේ ඛුමාන් රාසෝ
  7. අමීර් ඛුස්රෝ ගේ ඛුස්රෝ කී පහේලියාං
  8. විද්‍යාපති ගේ විද්‍යාපති පදාවලී


වැඩිදුරටත් රාසෝ ග්‍රන්ථ පිළිබඳ විස්තර https://senjibqa.wordpress.com/2011/11/25/%E0%A4%86%E0%A4%A6%E0%A4%BF%E0%A4%95%E0%A4%BE%E0%A4%B2/ වෙබ්අඩවියෙන් ලබාගත හැක.

සංස්කෘත ස්වර සන්ධී 01


••ස්වර සන්ධි - සමානස්වර දීර්ගය••
*
*
මෙහි දී එක් එක් සන්ධිරීතිය වශයෙන් විමසන අතර මේ එහි පළමු කොටස යැ.
සංස්කෘත හැදෑරීමේ දී ඉතා වැදගත් වන ව්‍යාකරණාඞ්ගයකැ සන්ධි. සන්ධි ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකි අතර ඒවා නම් අභ්‍යන්තර සන්ධි සහ බාහිර සන්ධි ය. මෙයින් බාහිර සන්ධි ලෙස ගැනෙනුයේ පද දෙකක් අතර හෝ වචන දෙකක් අතර සිදු වන සන්ධිකාර්යයන් ය.
අභ්‍යන්තර සන්ධි වන්නේ ප්‍රකෘතියක් සහ ප්‍රත්‍යයක් අතර සිදු වන සන්ධි යැ.එය පහත පරිදි උදාහරණ කළ හැක.
~ නර + උත්තම > නරෝත්තම - බාහිර සන්ධි
~ නර + සි > නරඃ - අභ්‍යන්තර සන්ධි.
*
මෙම සන්ධි අතරින් බාහිර සන්ධි සිදුකරනුයේ කතුවරයා ගේ අභිමතය වන විට සහ සමාස පදයක යෙදුනු විට පමණ ය. නුමුත් අභ්‍යන්තර සන්ධි අනිවාර්යයෙන් සන්ධි කර තැබිය යුතු ය. [සංහිතෛකපදෙ නිත්‍යා නිත්‍යා ධාතූපසර්ගයොඃ නිත්‍යා සමාසෙ වාක්‍යෙතු සා විවක්ෂාමපෙක්ෂතෙ]
මේ අතරින් පළමු ව හදාරනුයේ බාහිර සන්ධි වන අතර අභ්‍යන්තර සන්ධි නාම වරනැගීම පිළිබඳ අධ්‍යයනයේ දී විමසනු ලැබේ
බාහිර සන්ධි නැවත කොටස් කීපයකට බෙදී යන්නේ ය. එනම්
1. ස්වර සන්ධි
2. ව්‍යඤ්ජන සන්ධි
3. විසර්ග සන්ධි ලෙසට යැ.
*
*මෙයින්පළමු කොට ස්වර සන්ධි විමසන අතර එහි දු සන්ධි වන රීති කීපයක් ඇත. පහත පිළිවෙලින් එම ක්‍රම දක්වා ඇත. එහි දී සාරස්වත සූත්‍රය අනුව දක්වා ඇතැ.
*
# සවර්ණෙ දීර්ඝඃ සහ -
පෙර පදයේ අග අකුරත් අග පදයේ පෙර අකුරත් සමාන ස්වර වූ විට ඒම අක්ෂර දෙක එක් වී එම ස්වරයේ ම දීර්ඝය බවට පත්වේ. එසේ ස්වර පිහිටිය හැකි ක්‍රම කීපයකැ එය පහත දැක්වේ.
1. අ + අ - සුර + අසුර > සුර් + අ + අ + සුර > සුර් + ආ+ සුර > සුරාසුර
2. අ+ ආ - චන්ද්‍ර + ආලොක > චන්ද්ර් + අ + ආ+ ලොක > චන්ද්ර් +ආ +ලොක > චන්ද්‍රාලොක
3. ආ + අ- විද්‍යා + අංශ > විද්ය් + ආ + අ + ංශ > විද්ය් +ආ + ංශ > විද්‍යාංශ
4. ආ + ආ - කන්‍යා + ආගම > කන්ය් + ආ + ආ + ගම > කන්‍යාගම
*
*
මේ ආකාරයෙන් මැ අනෙක් සමානස්වර ද සන්ධි වනු ලැබේ.
යති + ඉන්ද්‍ර > යතීන්ද්‍ර
කපි + ඊන්ද්‍ර > කපීන්ද්‍ර
සෙනානී + ඊශ්වර > සෙනානීශ්වර
සපත්නී + ඊර්ෂ්‍යා > සපත්නීර්ෂ්‍යා
භානු + උදය > භානූදය
භූ + උදක > භූදක

*
*

••ගුණ ස්වර යෙදීම••
*
*
අනාමින් ස්වරයකට (අ, ආ) පරව නාමින් ස්වරයක් (අ,ආ හැර අන් සියලු ම ස්වර) සිටි විට ස්වර දෙක ම එක් ව පසු ස්වරයේ ගුණ ස්වරය වේ.
(~~ගුණ ස්වර~~ |අ, ආ > ආ / ඉ,ඊ > ඒ / උ, ඌ > ඕ / ඍ, ඎ > අර් / ඏ, ඐ > අල්)
*
*
# අඉඑ (සාරස්වත සූත්‍රය)
'අ' වර්ණය‍ට පරව 'ඉ' වර්ණය ඇති වි‍ට ස්වර දෙක ම එක් වී 'ඉ' වර්ණයේ ගුණස්වරය (ඒ) වෙයි.
~නර + ඉන්ද්‍ර
නර් + අ + ඉ+ න්ද්‍ර
නර් + ඒ + න්ද්‍ර
රේන්ද්‍ර
~පරම + ඊශ්වර > පරමේශ්වර
~නිශා + ඉන්ද්‍ර > නිශේන්ද්‍ර
~යථා + ඊප්සිත > යථෙප්සිත
*
*
# උඕ (සාරස්වත සූත්‍රය)
'අ' වර්ණය‍ට පරව 'උ' වර්ණය ඇති වි‍ට ස්වර දෙක ම එක් වී 'උ' වර්ණයේ ගුණස්වරය (ඕ) වෙයි.
~හිත + උපදේශ
හිත් + අ + උ + පදේශ
හිත් + ඕ + පදේශ
හිතොපදේශ
~වික්‍රම + ඌර්වශී > වික්‍රමෝර්වශී
~තයා + උක්තම් > තයෝක්තම්
~ගංගා + ඌර්මි > ගංගෝර්මී
*
*
# ඍ අර් (සාරස්වත සූත්‍රය)
'අ' වර්ණය‍ට පරව 'ඍ' වර්ණය ඇති වි‍ට ස්වර දෙක ම එක් වී 'ඍ' වර්ණයේ ගුණරූපය වන (අර්) වෙයි.
~ධර්ම + ඍෂි
ධර්ම් + අ + ඍ + ෂි
ධර්ම් + අර් +ෂි
ධර්මර්ෂි
~යථා + ඍෂි > යථර්ෂි
*
*
# ඏ අල් (සාරස්වත සූත්‍රය)
'අ' වර්ණය‍ට පරව 'ඏ' වර්ණය ඇති වි‍ට ස්වර දෙක ම එක් වී 'ඏ' වර්ණයේ ගුණරූපය වන (අල්) වෙයි.
~තව + ඏකාරඃ
තව් + අ + ඏ + කාරඃ
තව් + අල් + කාරඃ
තවල්කාරඃ
[ඏකාරයෙන් යෙදෙන පද බොහෝ සේ අභාවිත ය.]

*
*

••ඓ ऐ ඖ औ බවට පත් වීම••
*

*
~ අනාමිං ස්වරයකට (අ अ, ආ आ) පර ව සන්ධ්‍යාක්ෂර වන ඒ ए ඓ ऐ ඕ ओ ඖ औ සිටියහොත් ඒ අක්ෂර දෙක එක් වී පිළිවෙලින් ඓ ऐ ඖ औ බවට පත් වේ.
*
*
~ සර්ව + ඒකත්ව
සර්ව් + අ + ඒ + කත්ව
සර්ව් + ඓ + කත්ව
සර්වෛකත්ව -- එ ඓ ඓ
ऐ (සාරස්වත සූත්‍රය)
~ විද්‍යා + ඒව > විද්‍යෛව
~ දෙව + ඓශ්වර්ය > දේවෛශ්වර්ය
~ තව + ඕදනම්
තව් + අ + ඕ + දනම්
තව් + ඖ + දනම්
තවෞදනම් -- ඕ ඖ ඖ
औ (සාරස්වත සූත්‍රය)
~ ගඞ්ගා + ඕඝ > ගඞ්ගෞඝ
~ නර + ඖදාර්යං > නරෞදාර්යං
~ මහා + ඖෂධ > මහෞෂධ

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...