මෙහි දී සිංහල
භාෂාවේ විභක්ති කාරක නොහොත් කාරක පිළිබඳ විමසීමක් මෙහි ඇතුළත් කරමු. ඒ සමග මැ සිදත
දක්යන්නා වූ විභක්ති ප්‍රෙයා්ග දු දක්වන්නේ යැ. කෙසේ වුවත් ඒ සඳහා පළමුකොට කාරක
යනු කුමක් ද යන්න සැකැවින් මුත් විමසා බැලීම සුදුසු වන්නේ ඒ යට දැක්වෙන පරිදි යැ.
පාළි සංස්කෘත
භාෂාවන් ගේ එන ව්‍යාකරණ කෘතීන්හි කාරක සම්බන්ධ කාණ්ඩයන් හී විශේෂ ප්‍රයෝග සහ කාරක
සම්බන්ධය යන කරුණු දෙක මැ දක්වන මුත් සිදත් සඟරාවේ දී විශේෂ ප්‍රයෝග (විභක්ති) පිළිබඳ එකැ කොටසකත්
කාරක පිළිබඳ තවත් කොටසකත් දක්වා ඇති බව දැක්ක හැකැ. මේ නයින් සිදත වනාහී කාරක සහ
විභක්ති යන්න වරදවා අරුත් දී ඇති බවක් පේන්නට ඇත්තේ විභක්ති දැක්වීමේ දී දු
කාරකයන් ගේ ප්‍රයෝග මැ දක්වන්නේ යැ. විභක්ති යනු එකකැ. මින් පෙර ලියූ ලිපියකැ ඒ
බැව් දැක්වීමි. අවශ්‍යයෙන් මැ කාරක යනු වාක්‍යයක එන්නා වූ ශබ්ද ක්‍රියාවත් සමග
පවත්වාගන්නා වූ සම්බන්ධය යැ. බාලාවතාර සන්නයේ එය පහත පරිදි දක්වා ඇතැ.
“කරොති කිරියං
නිප්ඵාදෙතී‘ති කාරකං, කිරියා නිප්ඵත්ති නිමිත්තන්ත්යථ්තො කාරක සද්දො මුඛ්යතො
කත්තාරං අමුඛ්යතො කම්මාදි ච වදති.“
(ක්‍රියාව
නිපදවානුයි කාරක නම් වේ. ක්‍රියාවන් ගේ නිෂ්පත්තියට නිමිත්ත යන අර්ථ යි. කාරක
ශබ්දය ප්‍රධාන වශයෙන් කර්තෘ ද අප්‍රධාන වශයෙන් කර්මාදිය ද කියයි.)
මෙහි දී
කියැවෙන්නේ ක්‍රියාව නිපැදවීම සඳහා නොහොත් කිරීම සදහා ඍජු ව මැ සම්බන්ධ වන්නේ කර්තෘ
වන අතර අවශේෂ වශයෙන් කර්ම ඈ අනෙකුත් කොටස් ක්‍රියාව ඇති කිරීම සඳහා හේතු වන බව යැ.
මෙය මැ මහා රූපසිද්ධීයේ ලා
“තත්ථ කාරකං
සාධකං ක්රියානිප්ඵත්ති කාරණමුච්චතෙ“
(එහි කාරක නම්
ක්‍රියා වේ නිෂ්පත්තියට නිමිත්ත යැ යි කියනු ලැබේ) ලෙස දක්වා ඇති අතර “ක්‍රියා
සිද්ධ්යුපකාරකං කාරකං“ ලෙස සාරස්වතයේ ද දක්වා ඇතැ. මේ සියල්ලෙහි ද සාරය සමග
සිදතෙහි ලා
“කිරිය
නිපැත්මට හේනෙන් මේ සකරු නම්“ ලෙස දක්වා ඇතැ.
ක්‍රියාව සහ
සම්බන්ධ වන්නා වූ ශබ්ද පමණක් මැ කාරක ලෙස සලකන බැවන් කාරක දැක්ක හැකි වන්නේ හයක්
පමණි. එය සාරස්වතයෙහි ලා
“කර්තෘ කර්ම ච
කරණං - සම්ප්‍රදාන තථෛව ච
අපාදානාධිකරණ
මිත්යාහු කාරකාණී ෂට්“
ලෙස ද රූපසිද්ධියෙහි
ලා
“තං පන කාරකං
ඡබ්බිධං කම්මං කත්තා කරණං සම්පදානමපාදානමොකාසො චාති“
ලෙස ද දක්වා
ඇත. පිළිවෙල නම් රූපසිද්ධියානුගත වෙමින් සිදත දු
“කම් කතු කරණ
හා
සපදන් අවදි අදර
ද
මෙවියූ විබත්
සයට ම
කරු නම් වියූ
පඬුවෝ“
ලෙස දක්වා
ඇතැ.
කෙසේ වුවත් මෙහි
දී උක්ත ලෙස සිතද විසින් පටලා දැක්වූවා වූ විභක්ති අදියරේ සහ කාරක අදියරේ දක්වා
ඇති කරුණු සියල්ල එක මැ තැනැ දක්වා ලන්නේ ඵාසු පිළිවෙල සකු පිළිවෙල නිසායෙන් ඒ
අනුව මෙහි දී පෙළගස්වන්නේ යැ.
කර්තෘ කාරකය
ක්‍රියාව
කරනුයේ කර්තෘ යැ. එනම් ක්‍රියාව කරන්න වූ ශබ්දය කර්තෘ කාරකය වන්නේ යැ. ඇතැම් ක්‍රියාවෝ
කර්තෘ අනිවාර්යයෙන් නො පතන මුත් ඇතැම් ක්‍රියාවෝ පතත්. ඒ අනුව යමින් ධාතුහු සකර්මක
යැ අකර්මක යැ යි විබෙත්.
·
ළමයා අකුරු ලියා.
යන
වැකියෙහි ‘ළමයා‘ යනු ලියා යන අඛ්යාතයෙහි කර්තෘ වන්නේ කර්තෘ කාරකයෙහි වැටේ.
හුදු තනි වැ
හිඳ ලිංගාර්ථය දක්වනුයේ දු කර්තෘ කාරකය මැ වන්නේ යැ. එනම් ළමයා යන්න හෝ දැරිය යන්න
හෝ එකලා වැ යෙදුණූ තැනැ ඇත්තේ කර්තෘ කාරකය වන්නේ යැ.
කර්ම කාරකය
කර්මය යනු ක්‍රියාවට
හසුවන්නා යන්න යැ. එනම් කර්තෘ කරන්නා වූ දෙයට බදුන් වන්නේ කර්මය යැ.
ළමයා අකුරු
ලියා
මෙහි ‘අකුරු‘ යනු ලියා යන ආඛ්‍යාතයට හසු වූ පදය වන්නේ යැ. මෙය ක්‍රියාව
හා දක්වන සම්බන්ධය වන්නේ ඊට යටත් වීම යැ.
කරණ කාරකය
ක්‍රියාව
කිරීමසඳහා කර්තෘට උපකාර වන්නේ කරණ වන්නේ යමක් ද එය කරණ කාරකය වන්නේ යැ.
ගොවියා ඵරසුයෙන්
ගස කපා.
මෙහි දී කැමීට
උපකාර වී ඇත්තේ ඵරසුව යැ. ඒ නයින් එය කරණ කාරක වන්නේ යැ.
සම්ප්‍රදාන
කාරකය
කර්තෘ විසින් දෙන ලද්දා වූ යමක් ලබන්නා නොහොත්
දීම සඳහා වූ ක්‍රියාව සමග ලැබීම මගින් සම්බන්ධ වනා යැ.
කරුණිය භික්ෂුවට දන් දෙවී. (පිදී)
මෙහි දී ‘දෙවී‘ යන්නෙන් දැක්වූ දන් ලැබුවෝ
භික්ෂුව යැ. එනයින් භීක්ෂුව සම්ප්‍රදාන කාරක වන්නේ යැ.
අවධි කාරකය
ක්රියාවේ මුල් සීමාව දක්වනුයේ අවධි කාරකයෙනි.
එනම් කියාව වෙන්වන තැන දැක්වීමෙන් ක්‍රිය හා බැඳෙනුයේ අවධි කාරකය යැ.
කෙල්ල බසයෙන් වැටී.
වැටී ආඛ්‍යාතයේ ආරම්භ සීමාව වන්නේ බසයෙන් යන්න
යැ. එනයින් එය අවධි කාරකය වන්නේ යැ.
ආධාර කාරකය
ක්‍රියාව කිරීමේ ලා ආධාරකය යන්නේ ආධාර කාරකය
යැ. එනම් ස්ථීත තැන හා ක්‍රියාව අතර සම්බන්ධය ආධාර කාරකය වන්නේ යැ.
ඔහු පව්වේ සිටී
සිටී නම් ක්‍රියාව වන්නේ පව්වේ යැ. ඒ නයින්
පව්වේ යනු ආධාර කාරක වන්නේ යැ.
කාරක සියල්ල දක්වා අවසන් වන්නේ සිදතෙහි
සියලු කාරකයන් විෂයෙහි දී ඇති උදාහරණය වටී
යැ යි සිත් වූයේ එය පහත වේ යැ.
“මුළුදෙට පාපිඬු කනා ඉකිලියේ සදුන් කටින්
පිස සඟනට දී බවෙන් මිදෙණි,“
(මුළුතැන්ගෙහි දෙටුවා රන් බදුනෙහි කිරිබත්
සදුන් දරින් පිසැ සඟුනට දී භවයෙන් මිදී.)
මෙහි දී විභක්ති කාරක සැකවින් දක්වා ඇත්තේ විභක්ති
කාරක දක්වනු රිසි වූ සේ මැ මේ කරුණු සිංහල විෂය උගන්වන්නන් උගන්වන්නා වූ විභක්ති
උගැන්ම සමග දු සසඳනවා දකිනු ඉසිමි. රූපය හා බැඳි විබතත් අර්ථය හා බැදි කරුත් යන දෙකෙහි
වෙනස එසේ විමසා මැ දකින්නේ නම් වටින්නේ යැ.