බුද්ධචරිතය 2 (පස්වගමහණුන් විසින් දහම අවබෝධ කිරීම තෙක්.)



සිදුහත් කුමරුගිහිගෙයින් නික්මී තවුස් ලෙසින් පළමුව මැ ආළාර කාලාම වෙත ගිය බැව් මහාසච්චක සූත්රයෙහි ඒකාදස ගාථායෙහි දැක්වෙන්නේ යැ. එහි දැක්වෙනාකාරයට සිදුහත් තවුසා සොයා ගියේ කුසලය නම් කුමක් යන්න යැ එහි දී ශාන්තිසඞ්ක්යාතිත යනුන වෙසෙසක් දු දක්වා ඇතැ. එයින් දැක්වෙනු යේ සිදුහත් තවුසා ශාන්තියෙන් යුකත් වූ කුසල සේ දැක්විය හැක්කා වූ තත්කාලීන බ්රාහ්මණ සමාජය විසින් අනුදක්නා ලද්දා වූ කුසලයට වෙනස් වූ ජනහිත වූ දහමක් සොයා ගිය බව යැ. මෙහි දී කාලාමයන් ගෙන් සිදුහත් තවුස් තෙමේ ඉක්මනින් ධර්මය උගන්නේ ස්ථස්රවාදය දු පවසන්නේ යැ.
“සො එවං පබ්බජිතො සමානො කිංකුසලගවෙසී අනුත්තරං සන්නිවරපදං පරියෙසමානො යෙන ආළාරො කාලාමො කේනුපසංකමිං“
        නොබෝ කලකින් සිදුහත් තවුසා කාලාමයන් ගෙන් ධර්මය හදාරා කාලාම යන් තැනැකැ වේ දැ තැනැ භජනය කළේ යැ. අවස්ථාවේ දී කාලාම කියා සිටියේ තමා සමග එක් වැ අතවැසි පිරිස බෙදා ගෙනැ පාලනය කෙරෙමින් වාසය කරන සේ යැ. (යාදිසො ත්වං තාදිසො අහං එහිදානි ආවුසො උභොව සන්තා ඉමං ගණංපරිහරාම) නුමුත් සසර කලකිරීම පිණිස සහ තෘෂ්ණාවෙන් මිදී පිණීස මග එය නො වේ යැ යි මේ අවස්ථාව ආකිඤ්චච්ඤායතන භවයේ උපදිනු පිණිස මිස තමා බලාපොරොත්තු වූ දෙයෙහි නො වැටෙන බැව් දු දැනැ ඔහු කෙරෙන් නික්මුනේ යැ.
        මින් පසු වැ සිදුහත් තවුසා වනාහී උද්දක රාමපුත්ත තවුසා සමීපයට යන්නේ යැ. (සො එවං පබ්බජිතො සමානො කිංකුසලගවෙසී අනුත්තරං සන්නිවරපදං පරියෙසමානො යෙන උද්දකො රාමපුත්තො කෙනුපසංකමිං)එහි දී දු ලබාගත හැක් වනුයේ නෙවසඤ්ඤානාසඤ්ඤායතන ඵලය පමණක් වන්නේ සේ මැ පෙර පරිද්දෙන් මැ ඉතා ඉක්මනින් ධර්මය උගන්නේ රම්පුත් සිසුන් බෙදා ගෙනැ පාලනය කිරීමට දු ආරාධනා කරන්නේ යැ. නුමුත් පෙර හේතු නිසායෙන් මැ සිදුහත් තවුසානෝ නික්මුනාහ. මහාසච්චක සූත්රයට අනුව උද්දකරාමපුත්ත කෙරෙන් නික්මී මගධයේ සැරිසරන්නට වන්නෝ යැ. (මගධෙසු අනුපුබ්බේන චාරිකං චරමානො)
 එම සැරිසැරීමේ දී බිම්බිසාර රජු හමු වුණි යැ යන්න ලබ්බජ්ජා සුතුරැ එන විස්තරයෙන් තිසිය හැකැ. එහි දී බෝසතාණෝ මගධයේ අගනුවර වූ පර්වතපරිවෘත-රජගහනුවරැ පි`ඩු පිණිස ඇවිදින්නෝ යැ. (ආගමා රාජගහං  බුද්ධො මගධානං ගිරිබ්බජං)
සා තවුසාණන් ගේ දෙතිස්මහාපුරුෂලක්ෂණයන් දු පහත හෙලූ ඇස් ඇති වැ වියද`ඩුවක් පමණ බලමින් මග වඩිනු දැකැ පැහැදී, (411-413 ගාථාපාඨ) සිදුහත් තවුසා වනාහී පහත් කුලයෙන් පැවිදි වූවා විය නො හැකි බව (ඔක්ඛිත්තචක්ඛු සතිමා නායං නීචා කුලාමිව) පැවසූ බිම්බිසාර රජු දූතයන් හට අණ කළේ එතුමා පසුපසැ ගොස් මේ ශ්රමණයාණන් පිළිබ සොයනා ලෙසට යැ.
පිඬුසිඟා වැඩි තවුසාණන් පිඬු ලැබැ ගනරයෙන් නික්මී පාණ්ඩව පර්වතයට ගියහ. (පිණ්ඩවාරං චරිත්වාන නික්ඛම්ම නගරා මුනි - පණ්ඩවං අභිහාරෙසි එත්ථ වාසො භවිස්සති) ඒ තාක් මැ තවුසා පසුපසැ ගිය දූතයන් ගෙන් එකකු මේ බැව් සැල කළ රජු දු පාණ්ඩපර්වතයට පැමිණීයේ යැ. පැමිණිය හැකි තරම් දුර රථයකින් පැමිණ පසු වැ පාගමනින් තවුසා කාරා එළඹැ කතාබහ කැරැ පසු වැ ඞොබ වහන්සේ තරුණ යැ, ශරීරවර්ණයෙන් යුතු යැ, උසට සරිලන මහතින් ද මහතට සරිලන උසින් ද යුතු යැ, කැත් කුලැ උපන් සේ යැ කී යැ. (යුවා ච දහරො චාසි පට්ඨමුප්පතිතො සුසු - වණ්ණරොහෙන සම්පන්නො ජාතිමා විය ඛත්තියො) පසු වැ අ`ගු මගධ දෙරටින් කැමති තාක් භොග දෙම්, බලසමූහයා හොබවමින් භොගානුභව කළ මැනැවැ ජාතිය දු කිව මැනැවැ යි කී යැ.
        ඒ ඇසුණු බොසතුන් වහන්සේ, මහරජ හිමාල පර්වතයෙහි එක් පාර්ශවයකැ  ඍජු ජනපදයෙක් ඇතැ, කොසොල් රටැ පැරණි පරපුරක් වූ ධනයෙන් ද වීර්යයෙන් ද යුතු වූ ආදිත්‍ය ගොත්‍ර වූ (සූර්යයා ගෙන් පැවතෙන ගොත්‍ර) ජාතියෙන් ශාක්ය වූ කුලයක් වේ යැ. මා ඒ කුලයෙන් නික්මැ පැවිදි වූයෙම් ප්‍රධාන වීර්ය පිණිස යම් යැ යි කීහ. මේ පිළීබඳ දැක්වෙනුයේ සුත්තනිපාතේ පබ්බජ්ජා සුතුරෙ යැ. එහි එන රජු ගේ විමසු මැ සහ තවුසාණන් ගේ පිළිතුර පහත සේ දැක්විය හැකැ.
සොහයන්තො අණීගක්කං නාගසසඞ්ඝපුරක්ඛතො
දදාමි භොගෙ භුඤ්ජස්සු ජාතිං චක්ඛාහි පුච්ඡිතො 423
 
උජුං ජානපදො රාජා හිමවන්තස්ස පස්සතො
ධනවිරියෙන සම්පන්නො කොසලෙසු නිකෙතිනො 424
 
Èච්චා නාම ගොත්තෙන සාකියා නාම ජාතියා
තම්හා කුලා පබ්බජිතොම්හි රාජා න කාමා අහිපත්ථයං 425

මේ ආකාරයෙන් පවසා ඉන් නික්ම තමා ස්වෝත්සාහයෙන් ධර්මය සොයාගැනීම් වශයෙන් චරණයෙහි යෙදෙන්නට වන්නේ එහි දී තත්කාලීන භාරතීය ආගමික දාර්ශනික මතයට අනුවැ යමින් අත්තකිලමතානුයොගය වැඩීමට ආරම්භ කළෝ යැ.
මහාසච්චක සූත්‍රය තුළ ඇති කරුණු සමග සලකන විට පෙනී යන්නේ මෙසේ උරුවෙල් දනව්වේ § දුෂ්කරක්‍රියාවට යොමු වීමට දු සිදුහත් තවුසා හට තමා වෙතින් මැ පැණැනැගි විතර්කයක් හේතු වූ බව යැ. එනම් මහාසච්චක සුතුරැ ලා දුෂ්කරක්‍රියාවට පෙර පහළ වූවා යැ යි දක්වන්නා වූ උපමාත්‍රයක් ඇත්තේ යැ. එහි දී දැක්වෙනුයේ පාපයන් තවා මැඩැ දුකින් නිදහස් විය යුතු බව යැ.
“අපිස්සු මං අග්ගිවෙස්සන තිස්සො උපමා පටිභංසු අනච්චරියා පුබ්බෙ අස්සුතබ්බා“
        පසු වැ දුෂ්කරක්‍රියාව පළමුවෙන් මැ ආශ්වාස ප්‍රාශ්වාස වැලකිම් කරන්නේ යැ. නාසයෙන් හා මුඛයෙන් හුස්ම නැවතූ අතර එවිට දෙකණින් නික්මෙන්නට වන්නේ කිසිලියෙන් දා වැගිරෙන්න වන්නේ යැ. පසු වැ එය දු නවතන්නේ හිසින් වාතය නින්මෙන්නේ යැ. එය දු නැවැත් වූ පසු වැ උදරය තුළැ වී වාතය තවන්න වන්නේ යැ. නුමුත් ඒ දු නො නවතා මැ වීර්ය කරන්නේ මහා පුරුෂයෙකු විසින් අතින් අ`ගුරු ගොඩැ දමා තවන්නා සේ වේදනා වූ බැව් සුතුරැ එන්නේ යැ. ඒ පමණක් නො වැ අන් උක්ත තැනැ දු ඒ ඒ සඳහා උපමා දැක්වීමත් සුතුරැ එන්නේ යැ.
        කෙසේ වුවත් මෙසේ අප්‍රාණීක ධ්‍යාන වැඩූ බොසත්හු අතිශය දුර්වල වී යැ. දෙවිවරු බොසතුන් කලුරිය නකළ බැව් කීහ. ඇතැමෙක් එසේ නො වේ යැ, මේ රහතුන් ගේ වියරණයකැ යි කීහ. අප්‍රාණික ස්වභ්රුව වූ බොසතුන් අමතා දෙවියෝ ආහාර ගන්නා සේ යැදි අතරැ එසේ නො කරන්නේ නම් ලොමකූප අතරින් දිව්‍ය ඔජස් ශරීරයට ඇතුළු කරන්නේ යැ යි දු කීහ. නුමුත් බොසත්හු ඒ දු ප්‍රතික්ෂේප කළහ.
            මෙසේ වූ බොසත්හු අල්ප ආහාර වූහ. මුං, කොල්ලු, කඩල, කළතණ, වතුර පී යැ. අල්ප ආහාර වූයේ ඇඟපසඟ කලුවැල් පුරුක් සේ දු හිද්ම ඔටුපියන් සේ දු ඉලාඑට දිරාපත් ගොණැස්සක් සේ දු ඇස් වනාහී ගැඹුරු ළිඳක දියතරු සේ දු හම අමුවෙන් කැපී වෙලී ගිය තිත්ත ලබු ගෙඩියෙක් සේ හැකිලී වියලී ගියේ යැ. බඩ අත ගෑ කලැ පිට දු පිට අත ගෑ කලැ බඩසම දු පහස් වන්නා සේ උදරය හැකිලී ගියේ යැ. මලමූත්‍ර පහකිරීමේ § එතැනැ මැ සිහිහුන් වැ වැටෙන්නේ යැ. ශරීරය පිරිමදිත් ද එවිටැ ලොම් ගැලවී යන්නේ වී යැ.
        මේ ආකාර වු යේ එහි දී දු බොසතුන් හට විතර්ක පහළ වන්නේ යැ. එහි දී පහළ වන විතර්ක නම් භූතකාලයේ දු වත්මනේ දු භවිෂ්‍යකාලයේ දු උන්වහන්සේ සා දුක් විඳිම් තවුසෙකුට නො වන්නේ යැ. ඒ සා වු නුමුත් මෝක්ෂය නොලද්දේ ඒ සඳහා අන් මගක් තිබිය යුතු යන්න යැ. එසේ විතර්ක උපදනා බෝසතුන් හට තෙමේ මැ පියතුමා ගේ කමතැ දඹරුක් සෙවනැ කළා වූ ප්‍රථමධ්‍යානයට සම වැදි හුන් අයුරු සී වැ එය සම්බෝධයට මග දැ සිතන්ට වන්නේ වරක් දෙවරක් සිතන්නේ ඒ එසේ මැ යි විඥානය ඇති වූයේ වේ යැ. කාමයෙන් තොර අකුසලයෙන් තොර වූ සුඛයට තෙමේ නො බිය බැව් විතර්ක කොට එය ලැබුමට ධ්‍යාන වඩන්නේ මුත් වැහැරුණු කයින් එසේ කළ නො හැකි බැව් දැනැ මද වශයෙන් ආහාර ගත්තෝ යැ, බෝසත්හු. එවිට උපස්ථානයේ සිටි පස්වගතවුස් පිරිස වනාහී බෝසත්හු වීර්ය අතහළේ යැ සිතා නික්ම ගියේ යැ. මෙම අතරැ මාරයා පැමිණ දුෂ්කරක්‍රියා අතැරැ ජීවත් වැ සිට පින් කරගනිමින් බ්‍රහ්මචාරී වී ගිණි පුදමින් පින් කරගන්නා සේ කියා සිටි බැව් මහාසච්චක සුතුරැ එන්නේ යැ. එහි දී “මාරය කාමයෝ තා ගේ පළමු සේනාව යැ.. ඈ දේ පවසන්නා වූ බෝසත්හු මාරයා  ලළවාහැරියහ.“
සිදුහත් තවුසා වනාහී මගධයේ සැරිසරමින් සිට උරුවෙල්දනව්වෙහි සේනානහි නම් නියම් ගම කරා එළඹියේ යැ. අරියපරියේසන සුතුරෙහි ලා භාග්‍යවතුන් වහන්සේ සේනානිගමැ න§කූලයේ පැවති සුන්දරත්වය දු මනා සේ විස්තර කැරැ දක්වා ඇත්තේ යැ.
        “රමණීයො වත භූමිභාගො පාසාÈකො ච වනසණ්ඩො, නදී ච සන්දතී සෙතකා සුපතිත්ථා රමණීයා, සමන්තා ච ගොචරගාමො. අලං වදිතං කුලපුත්තස්ස පධානත්ථිකස්ස පධාන යා.ති. සො ඛො අහං භීක්ඛවෙ තත්ථෙව නිසීදිං අලමිදං පධානායාති.“
        රමණීය භූමිය භාගය ද ප්‍රසාදජනක වනලැහැබ ද වන්නේ සුදු පුලිනලතායෙන් හොබනා වූ තොට ඇති වැ ගලාබස්නී වූ ගංගාව ද වන්නේ ඒ හාත්පසැ ගොදුරුගම් දු ඇත්තෙ යැ. මේ ආකාරයෙන් සුන්දර වූ පරිසරය දැකැ සිදුහත් තවුස් තෙමේ ප්‍රකෘත්‍යවබෝධය සඳහා  සුදුසු මැ තැනැ මේ බැව සිතා එහි මැ වැඩැ හිඳ බවුන් වඩන්නට වූයේ යැ.
        පළමුවෙන් මැ ප්‍රථම ද්විතීය සහ තෘතීයධ්‍යානයන්ට පිළීවෙලින් එළැඹැ වාසය කළ අතර එයින් මැඩුනා වූ චිත්තයක් නො වන්නේ චතුර්තිධ්‍යානයට දු එළැඹැ වාසය කරන්නේ, එහි ප්‍රතිෂ්ඨිත වන්නේ පුබ්බේනිවාසානුස්සති ඥානය රැයැ පළමු භාගයේ දී ද චතූපපාත ඥානය රැයැ මධ්‍යම යාමයෙහි දු ලැබැ ආසවක්ඛය පිණිස නැමෙන්නේ, දුක්ඛ සමුද, දුක්ඛ නිරෝධ, දුක්ඛ නිරොධපටිපදා යන්න මනා සේ දැනැ කාමාශ්‍රවයන් කෙරෙන් මිදී මේ ආකාරයෙන් චතුර්තධ්‍යාන උපදවා ත්‍රවිද්‍යාලාභී වැ ඕඝතරණය කැරැ චතුස්සත්‍යාවබෝධයෙන් සව්කෙලෙසුන් නසා බවත් බුදුබව් ලදහ, බෝසත්හු.
        අරියපරියෙසන සුතුරෙහි දැක්වෙන සේ, බුදුබව ලද්දා වූ භාග්‍යවතු වහන්සේ නුවණින් සලකා බලන්නෝ මන්දෝතසාහයට පැමිණෙන්නේ යැ. මක්නිසා ද යත් මෙරමා රාගදෝසමොහාදියෙන් මැබුණු සත්ත්වයා හට මේ සා ගම්භීර වූ දහමක් අවබෝධ කිරීම සුදුක්ඛර නිසායෙන් යැ. ඒ බැව් පහත සේ ඒ යැ.
“කිච්ඡෙන මෙ අධිගතං හලන්දානි පකාසිතුං
රාගදොසපරෙතෙහි නායං ධම්මො සුසම්බුද්ධො
 
පටිසොතගාමී නිපුණං ගම්භීරං දුදස්සං අණුං
ආගරත්තා න දක්ඛින්ති තමොක්ඛන්ධෙන ආවටාති“
        මේ ආකාර වූ අදහස් දැනගත්තා වූ සහම්පතී බ්‍රහ්මයා වනාහී බවතුන් වෙතැ එළඹැ නානා උපමායෙන් දක්වන්නේ මෙරමා.තරැ ධර්මාවබෝධ කළ හැක්කා වූ සත්ත්වයෝ ද සිටිත් යැ දක්වා පහත ගාථාවන් ගෙන් පවසන්නේ යැ. පසු වැ මිනිසුන් විවිධාකාරයෙන් විමසා බලා ලෝකයා කෙරේ අනුකම්පාවෙන් ධරමය වදාරන්න වූ සේකැ බවත්හු
“පාතුරහොසි මගධෙසු පුබ්බෙ
ධම්මො අසුද්ධො සමලෙහි චින්තිතො
අවාපුරෙතං අමතස්ස ද්වාරං
සුණත්තු ධම්මං විමලෙනානුබද්ධං
 
සෙලෙ යථා පබ්බතමුච්ඡනිට්ඨිතො
යථාපි පස්සෙ ජනතං සමන්තතො
තථුපමං ධම්මයං සුමෙධ
පාසාදමාරුයaහ සමන්තචක්ඛු
 
සොකාවතිණ්ණං ජනතමපෙතසොකා
අවෙක්ඛසු ජාතිජරාභිභූතං
 
උට්ඨෙහි වීර විජිතසඞ්ගාම සත්ථවාහ අනණ විවර ලොකෙ
දෙසස්සු භගවා ධම්මං අඤ්ඤාතාරො භවිස්සන්තී“
        සංයුත්ත නිකායෙහි එන්නා වූ නාග සූත්‍රයේ සහ සුභ සූත්‍රයෙහි දැක්වෙන්නා සේ මෙසේ බුදුබැව් ලැබීමෙන් පසු වැ මාරයා පැමිණැ අජපාල නුගරුඛ මුලැ වැඩවාසිත වූ බුදුන්වහන්සේ බිය කිරීමට උත්සාහා කරන්නේ යැ. ඇත්වෙසි ගෙන පැමිණ සේ මැ විවිධාකාර වූ ප්‍රිය වූත් අප්‍රිය වූත් දසුන් දක්වමින් දු මෙසෙ උත්සාහා කරන්නේ යැ. ඒ අවස්ථාවන්හි ද බුදුහු ඒ මාරයා මැ බැව් දැනැ මාරයා පැරු බැව් දන්වා මාරයා පිටමං කරන්නෝ යැ.
        සංයුත්ත නිකායෙහි සත්තවස්ස සුතුරෙහි දු මාරයා පැමිණැ බුදුන් වහන්සේ හමුවන අවස්ථාවක් දක්වා ඇතැ. පැමිණැ මොනවා සිතන්නේ ද? ධනය පැරදුනේ වේ ද? ධනය අවැසි වේ ද? ඈ දේ විමසන්නේ යැ.
        “සොකාවතිණ්ණො නු වනම්හි ක්ධායසි විත්තං නුජිතො උද පත්ථයානො ආගු
නු ගාමස්මිමනාසි කිඤ්චි කස්මා ජනෙන න කරොසි සක්ඛිං සක්ඛි න සම්පජ්ජති කෙන චි තෙති“
          මෙසේ විමසන ලද්දෝ භාග්‍යවතුන් වහන්සේ බුද්ධත්වය පිළිබ`ද වැ සැකැවින් පවසන සේකැ. එහි දී මරු කියනුයේ තමන් වහන්සේ විසින් යමත් අවබෝධ කළේ වේ ද යම් මගැ යන්නේ වේ ද එහි එකලාව මැ යනු මැනැවැ, අන් මෙරමාහට කුමක් නිසා දෙසන්නේ වේ ද යන්න යැ. එයට පිළිතුරු දෙන්නෝ භාග්‍යවතුන් වහන්සේ විමසන්නා වූ යමෙක් වේ ද ඔහු ඇරැබැ දෙසනා බැව් වදාළ සේකැ. එය වනාහී සත්තවස්ස සුතුරැ එන්නේ පහත සේ යැ.
“සවෙ මග්ගං අනුබුද්ධං ඛෙමං අමතගාමිනං
අපෙහි ගච්ඡ ත්වමෙවෙකො කිම්මඤමනුසාසීති
 
අමච්චුධෙයහ්ං පුච්ඡන්ති යෙ ජානා පාරගාමිනො
තෙසාහං පුට්ඨො අක්ඛාමි යං සච්චං තං නිරැපධීන්ති“
          මේ ආකාරයෙන් පැරදුණූ මරු වනාහී දියපොකුණෙන් ගොඩගත් කකුළුවා ගැනැ සේ මැ කවුඩුවෙක් ගැනැ දු උපමා කියන්නේ නුදුරේ නිසින්නෝ කොටුවෙකින් පොළව සාරමින් සිටින්නට වී යැ.
          සංයුත්ත නිකායෙ මැ එතැනැ මැ වන්නා වූ මාරධීතූ සුතුරෙහි ලා මාර දූවරුන් ගේ ආගමනය සටහන් වන්නේ යැ.
          පැරැදී සොවින් සිටිනා මරු වෙත යන්නෝ දූවරු කරුණු විමසා බුදුන් වහන්සේ රාගපාසයෙන් බැඳැ එන්නෙමු යැ කියමින් යන්නෝ යැ. එවිට බුදුන් වහන්සේ ගේ අර්හත් භාවය ගැනැ මරු පවසන්නේ මුත් දූවරු පිටවන්නේ යැ. විවිධාකාරයෙන් රූ මවන්නේ සියගණන් තරුණියන් ගේ රූ මවන්නේ විවිද වයස ඇති වැදූ නො වැදූ දෙවර තෙවර වැදූ ස්ත්‍රීන් දු මවමින් ර`ගන්නේ අභව්යෙඅ වූ උත්සාහා ඇත්තෝ නැවත මරු සමීපයට එන්නේ යැ. වැලිත් මරු වනාහී දූන් අමතමින් පහත ගාධායෙන් කියන්නේ  කුමුදුනාලයෙන් පර්වථයෙක් අළලවු දැ? මහගලක් නඛයෙන් ඛණී දැ? දන්තයෙන් අය කන්නේ දැ? ඈ මුත් තව දු දේක කී යැ.
“බාලා කුමුදනාළෙහි පබ්බතං අභිමත්ථථ
ගිරිං නඛෙන ඛණථ අයො දන්තෙහි ඛාදථ
 
සෙලඤ්ච සිරසූහච්ච පාතාලෙ ගාධමෙසථ
ඛාණුඤ්ච උරසාසජ්ජ නිබ්බිජ්ජාපෙථ ගොතමාති
මේ පිළිබඳ වැ විස්තර පැහැදිලි ව මැ ඇතුළත් වන්නේ මහාවග්ගපාළියේ යැ. එහි ලා බුදු වීමෙන් පසු සිරිත සැකැවින් මුත් පැහැදිලි සේ දක්වා ඇති අතර පසුව දු එහි ලා පැහැදිලි විස්තර වාර්තා කර ඇති ආකාරය දැක්ක හැකැ.
        එහි ලා බොධිකථා, අජපාලකථා, මුචලින්ධකථා, රාජායතනකථා, බ්‍රහ්මායචනකථා ආÈයෙන් ඒ බැව් පැහැදිලි වේ යැ. එහි දී ප්‍රතීත්‍යසමුත්පාදය පළමුවන යාමයේ අනුලෝම සහ මධ්‍යම යාමයේ ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කිරිම, ෂඪායතන නිරෝධය පශ්චිම යාමයේ ද මෙනෙහි කළ සේක යැ යි ද සිව් අරිසස් මෙනෙහි කිරීම දු දක්වා ඇතැ. පසු වැ අර්ථ දැනැ ප්‍රීතිවාක්ය දු දේශනා කළ සේක.
“අථ ඛො භගවා රත්තියා පඨමං යාමං පටිච්චසමුප්පාදං අනුලොමපටිලොමං මනකාසි
          අවිජ්ජාපච්චයා සංඛාරා, සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං ............
යදා හවෙ පාතුභවන්ති ධම්මා
ආතාපිනො ක්ධායතො බ්‍රාහ්මණස්ස
අථස්ස කඞ්ඛා වපයන්ති සබ්බා
යතො පජානාති සහෙතුධම්ම.........“
ඉන පසුව ලොව දෙස විමසුම් සේ බැලීම් දු දක්වන අතර දෙවන සතියෙහි දී අජපාල නුගරුක මූලයෙහි වැඩසිටීම සේ මැ මුචලින්ද නාරජු ගේ සත්කාරය දැක්වීම දු මෙහි දී සිදු කැරැ ඇතැ. ඉන් පසු වැ කිරිපලු රුක සමීපයෙහි වැඩවාසය කිරීම දු එහි දී තපස්සුභල්ලුක වෙළඳදෙබෑයන් හමු වීම දු දක්වා ඇතැ.
ඔවුන් ගේ විළඳ පූජාව පළිබඳ කරුණූ දක්වන අතර එයින් පසු බුදුන් දහම් සරණ ගියහ එයින් පෙනී යනනේ මොවුන් දෙදෙනා පළමු දේවාචික උපාසකයන් වූ බව යැ. එයින් සත් දිනකට පසු වැ අජපාල නුගරුඛ මුල වැඩ අවබෝධ කළ ධර්මය සුදුක්ඛර බවත් මේ සා කෙලෙසින් යුතු පස්කමෙහි ගිජු පිරිසට එය අවබෝධ කළ නො හැකි බැව් දැකැ විතර්ක පහළ වී යැ.
“කිච්ඡෙන මෙ අධිගතං හලංදානි පකාසිතුං
රාගදොසපරෙතෙහි නාය ධම්මො සුසම්බුද්ධො
 
පටිසොතගාමිං නිපුණං ගම්භීරං දුද්දසං අණුං
රාගරත්තා න දක්ඛින්ති තමොක්ඛන්ධෙන ආවටාති“
ඒ දුටු සහම්පතී බ්‍රහ්මයා පැමිණ ලොසත කෙරේ අනුකම්පා කැරැ දම් දෙසන සේ දු අවබෝධ කොට හැක්කන් සිටින බැව් දු දක්වන සහ්ම්පතී බ්‍රහ්මයා ගේ පැමිණීම පිළිබ`ද කථාව දු විස්තර වශයෙන් මෙහි ලා දක්වා ඇතැ.
පාතුරහොසි මගධෙසු පුබ්බෙ
ධම්මො අසුද්ධො සමලෙහි වින්තිතො
අවාපුරෙතං අමතස්ස ද්වාරං
සුණන්තු ධම්මං විමලේනානුබුද්ධං
 
සෙලෙ යථා පබ්බතමුට්ඨිතො
යථාපි පස්සෙ ජනතං සමන්තතො
තථූපමං ධම්මමයං සුමෙධ
පසාදමාරුය්හ සමන්තචක්ඛු
සොකාවතිණ්ණං ජනතමපෙතසොකො
අවෙක්ඛස්සු ජාති ජරාභිභූතං“
එයින් පසු දහම් දෙසීමට සුදුසු වන්නා වූ කෙනෙක් පිළිබ`ද සොයන්නේ ආලාර කාලාම සහ උද්දක රාමපුතාත යන දෙදෙනා මැ කලුරිය කැරැ බ්‍රහ්ම ලෝකයන්හි උපත ලැබැ ඇතැ යි උන්වහන්සේ දැනගත් සේක. එයින් පසු දුෂ්කරක්‍රියා කරන සමයෙහි තමන්වහන්සේට උපකාර පිණිස සිටි පස්වගතවුසන් පිළිබ`ද සිහි වැ ඔවන් බරණැසැ ඉසිපතනෙහි වාසය කරන්නේ යැ දැනැ එහි වැඩම කළ සේක. එසේ වැඩම කරනාන්තරයෙහි උපක ආජීවක තෙමේ හමුවන්නේ යැ. භාග්‍යවතුන් වහන්සේ ගේ විස්තර විචාරන්නා වූ උපක ඔබ ජින නම් වේ යැ පවසා අවැසි නම් හමුවන්නෙමැ දු පවසා පිටවැ යන්නේ යැ. පසු වැ පිළීවෙලින් වැඩම කැරැ ඇසළ පොහෝ දින ඉසිපතනයට වැඩම කළ සේක. එසේ කැරු පස්වග තවුසන් ඇරැබැ දම්සක්පැවතුම් සුතුර දෙසූ සේක.
දම්සක් පැවතුම් සුතුර ඇසූ පිරිස අතරින් කොණ්ඩඩ්ඤ තවුසා ධර්මය අවබෝධ කළ අතර එසේ දත් නිසා අඤ්ඤා කොණ්ඩඤ්ඤ නම් යැ බුදුන් වහන්සේ දක්වන ලදහ.
“අථ ඛො භගවා උදානං උදානෙසි, ඞඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඣො අඤ්ඤාසි වත භො කොණ්ඩඤ්ඣොති. ඉති හිදං ආයස්මතො කොණ්ඩඤ්ඤස්ස ඞඤ්ඤාකොණ්ඩඤ්ඣො ත්වෙ ව නාමං අහොසි.“
ඉතිරි පිරිස දෙදෙනා බැගින් ගෙනැ දහම පැහැදිලි කළ අතර පසු වැ සොවාන් ඵලයෙහි පිහිටියහ. පසු වැ අනාත්ම ලක්ඛන සූත්‍රය දේශනා කළ අතර එයින් අර්හත් භාවයට පැමිණියහ. එයින් පළමු භික්ෂු පිරිස ඇති වී යැ. මේ විස්තරය ඇතුළත් වන්නේ මහවග සහ දම්මචක්කපවත්තන සූත්‍රයෙහි යැ.
“ඉදමවොච භගවා. අත්තමානා පඤ්චවග්ගියා භික්ඛූ භගවතො භාසිතං අභිනන්දුං. ඉමස්මිඤ්ච පන වෙයහ්ඪ්කරණස්මිං භඤ්ඤමානෙ පඤ්චවග්ගියානං භික්ඛූනං අනුපාදාය ආසවෙහි චිත්තානි විමුච්චිංසු.
තෙන ඛො පන සමයෙන ඡ ලොකෙ අරහන්තො හොන්ති“


සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...