1. 1. සංස්කෘත කියන්නේ මොකක් ද?
සං+කෘ+ත
කියන්නේ සම්පූර්ණයෙන් නිමවන ලද හෝ මනා කොට සකසන ලද වැනි අර්ථයක් ඇති ශබ්දයක්.
2. 2.ඒ කියන්නේ සංස්කෘත
කියන්නේ කෘත්‍රිම භාෂාවක් ද?
නැහැ සංස්කෘත
කියන්නේ කෘතිම භාෂාවක් නෙමේ. සංස්කෘත කියන්නේ කලින් පැවති භාෂාව වඩාත් විධිමක් ලෙස
ඉදිරිපත් කිරීමක්.
3. 3.
ඒ කියන්නේ
සංස්කෘත පැරණි භාෂාවක් නෙමේ ද? මොකක් ද කලින් තිබ්බ භාෂාව?
සංස්කෘත
කියන්නේ පූ.ව්‍ය.ව සිව්වැනි සියවසේ දී සංස්කරණය කරමින් ඉදිරිපත් කෙරුණු භාෂාවක්. ඒ
නිසා සංස්කෘත කියන්නේ පරණ භාෂාවක් කීම ඒ තරම් ම ලොකු වරදක් බොරුවක් වෙන්නේ නැහැ.
ඊට කලින්
තිබ්බ භාෂාව හඳුන්වන්නේ වෛදික භාෂාව නමින්. ඒ නම් සෘග් ආදී වේදයන් ලියැවී තිබෙන
භාෂාව යි.
4. 4.
ඒත් වේදය
ලියවී ඇත්තේ සංස්කෘතකයෙන් නේ?
නැහැ වේදය
ලියවෙන්නේ වෛදික භාෂාවෙන්. ඒ භාෂාව එම කාලයේ කථිත භාෂාව යි. එනම් පූ.ව්‍ය.ව
දෙදහස්පනසීය වන විට ඉන්දුනිම්නය පුරා ජනයා භාවිත කළ භාෂාව වන්නේ වෛදික භාෂාව යි.
දෙවියන්ට ස්තව
ගීතිකා රචනා කිරීම තමන් ගේ භාෂාවෙන් ම කරපු මේ ජනතාව ඒවා මතකයේ තියාගන්න හුරු වුණා
විතරක් නෙමේ තමන් ගේ පසු පරම්පරාවන්ට ඒවා ඉගැන්නුවා. ඒ උගන්වපු ස්තව සංග්‍රහ කිරීම
නිසා සෘග්වේදය බිහිවුණා. ඒත් කාලයත් එක්ක කටපාඩම් කළ වේදය ලියවී ඇති භාෂවෙන් ඔවුන්
එදිනදා භාවිත කළ භාෂාව වෙනස් වෙන්න පටන් ගත්තා. පූ.ව්‍ය.ව සිව්වැනි සියවස වෙන විට
ඔවුන් ව්‍යාවහාර කළ භාෂාව වෛදික භාෂාවට සමාන නැතිනම් එයනි විකාශනය වුණු වෙනත්
භාෂාවක් වුණා. ඒ භාෂාවේ විධිමත් ස්වරූපය තමයි වර්තමානයේ සංස්කෘත ලෙස හඳුන්වන්නේ.
5. 5. ඉතින් කොහොම ද
ඒක මනාව සැකසූ භාෂාවක් වෙන්නේ ඒකත් අනෙක් භාෂා වගේ ම විකාශනය වුණු භාෂාවක් නේ?
එහෙම
විකාශනයෙන් සැදුණු භාෂාව පාණිනි නම් ව්‍යාකරණඥයා විසින් මනාව සකසන ලද නිසා යි එයට
සංස්කෘත නම ව්‍යවහාර කෙරෙන්නේ. වෙනත් විදිහකින් නම් ඔහු විසින් සැකසෙන්නේ විධිමත්
සම්පූර්ණ ව්‍යාකරණයක්.
6. 6.ආ....! ඒ
කියන්නේ පාණිනි සංස්කෘතයට කෘත්‍රිම ව ව්‍යාකරණයක් හදනවා?
ඇත්තට ම නම්
පාණිනි කරන්නේ ඒ කාලය වින විට තිබ්බ ව්‍යාකරණය වඩා හොඳන් විධිමත් ව සැකසීමක්. ව්‍යාකරණය
ආරම්භ වෙන්නේ පාණිනි ගේ කාලයට කලින්.
7. 7.
වෛදික භාෂාවටත්
ව්‍යාකරණයක් හදලා තියෙනවා ද? කවු ද ඒක හැදුවේ?
වෛදික භාෂාවට
සංස්කෘතයට වගේ විධිමත් පිළිවෙලකට සංග්‍රහ කළ ව්‍යාකරණයක් තිබී නැහැ. නුමුත් ව්‍යාකරණයේ
ආරම්භය වෙන්නේ වෛදික භාෂාව ව්‍යවහාරයෙන් ඈත් වෙන යුගයේ දී වේද මන්ත්‍රවල තේරුම්
ගන්න අවශ්‍ය වූ නිසා ව්‍යාකරණය ඇති කෙරුණා.
8. 8.
ඒ කියන්නේ
වෛදික භාෂාව ඉගෙනගන්න හදපු නිති ටිකක් තමා ව්‍යාකරණය කියන්නේ?
ඒ කාලයේ වත්
මේ කාලයේ වත් සංස්කෘත කථා කරන කෙනෙකුට වෛදික භාෂාව අමුතුවෙන් ඉගෙනගන්න දෙයක් නැහැ.
ඒ නිසා ව්‍යාකරණය ආරම්භ කෙරුනේ භාෂාව ඉගෙනගන්න නෙමෙයි. වේදමන්ත්‍රවල තියෙන භාෂාව
යෙදී තිබෙන විදිහ විශේෂයෙන් ඉතා ම නිවැරදි ව තේරුම් ගන්න යි ඔවුන්ට අවශ්‍ය කළේ. ඒ
නිසා ඒ මන්ත්‍රවල භාෂාව භාවිත විධිය පැහැදිලි කිරීමට යි වෙහෙස ගත්තේ.
ඒ වන විට
ඔවුන්ට තිබුණු ප්‍රධාන ගැටලුව පැරණි වෛදික ශබ්ද ගැන පැහැදිලි දැණුමක් නැති කම. ඒ
නිසා මුලින් ම මන්ත්‍රවල තිබුණු වචන වෙන් වෙන් කර පාඩම් කරගත්තා. එයට ඔවුන් පදපාඨ
යැ යි කී අතර ඒ වචන වෙන් කිරීමේ දී මූලික ව්‍යාකරණ ලක්ෂණ සමූයහක් ගැන විමසන්න
ඔවුන්ට සිදු වුණා. මන්ත්‍රවල වචන භාවිතය ගැන විමසා බලා වෛදික මන්ත්‍රවල තිබුණු වචන
දෙකේ සන්ධි පද සහ සමාස පද වෙන් කරන්නත්. උපසර්ග සහ නිපාත අනෙක් පදවලින් වෙන්
කරගන්නත් ඔවුන් සමත් වුණා. වෙනත් විදිහකින් කියන්නේ නම්, ඔවුන් තෙරුම් ගත්තා වෙනස්
නො වී වෙනත් පද අතර යෙදෙන පද සමූහක් තිබෙන බව. ඒ වගේ ම වෙනස් වෙවී යන පද අමුතු
විධි දෙකකින් එකතු වෙන බවත් ඒ විධි දෙකක්
එක වගේ ම වුණත් ලොකු වෙනසක් ඒ අතර ඇති බව.
කාලයක් ගත වන
විට ඔවුන්ට දැණුනා එක එක අය එක් එක් ලෙස මේ මන්ත්‍ර උච්චාරණය කරන බව. ඉතා ම සාම්ප්‍රදායික
පිරිසක් වු ඔවුන් මේකට අකමැති වූ නිසා නිවැරදි යැ යි හිතෙන උච්චාරණය කොහොම සිදු
වෙන්න අවශ්‍ය ද කියන එක ගැන කරුණු රැස් කරන්න අවශ්‍ය වුණා. මේ වගේ කරුණු රැස් කරපු
පිරිස් කීපයත් හිටියත් අද වන විට එක ම පිරිසක ගේ කෘති විතරයි ඉතිරි වී ඇත්තේ. ඒ
කරුණු රැස් කළ අය උච්චාරණය ගැන විමසන විට ඔවුන් දැනගත්තා ශබ්ද තවත් කුඩා ශබ්ද
කොටස් හෙවත් අක්ෂර මගින් සෑදී ඇති බව. ඒ වගේ ම ඒ ඒ අක්ෂර උච්චාරණය කළ යුතු විදිහ
ගැනත් ඔවුන් කරුණු රැස් කළා. එහි දී මන්ත්‍රයක වචන උච්චාරණයේ දී ධ්වනිය වෙනස් විය
යුතු ආකාරය ගැනක් ඒ ධ්වනියේ ප්‍රභේද ගැනත් කරුණු රැසි කිරීමට ඔවුන්ට හැකි වුණා.
ඒ සමග ම ඒ
කරුණු සමග මුලින් දැක්වූ පදපාඨයන් ගේ ආ වචන අතර සම්බන්ධය කෙසේ සිදු වන්නේ ද යන්න
ගැන සැලකිය යුතු පැහැදිලි විස්තරයක් පළමුවරට සංග්‍රහ කෙරුණා. මේ කෘති ප්‍රාතිශාඛ්‍ය
ලෙස හැඳින්වුනේ එක් එක් වෛදික භාෂාවන්ට අනන්‍ය කෘති මේ කාලයේ දී පැවති නිසා.
තවත් කාලයක දී
උච්චාරණයත් පද අතර සම්බන්ධය හෙවත් භාෂාවේ හැසිරීමත් කියන දෙක වෙන වෙන ම විෂයන් ලෙස
වර්ධණය වෙන්න පටන් ගත් අතර මේ සියල්ලේ අරමුණ වූ ශබ්ද අර්ථ වටහා ගැනීම ද මේ වන විට
වෙන ම විෂයක් ලෙස වර්ධනය වෙමින් පැවතියා. මේවා පිළිවෙලින් ශික්ෂා ව්‍යාකරණ සහ
නිරුක්ති නමින් වේදාඞ්ග ලෙස වඩා විධිමත් ව වර්ධනය වෙන්න පටන් ගත්තා.
අවුරුදු
ගණනාවක් පුරා කළ විමර්ෂණවල ප්‍රතිඵල ලෙස මේවා
තුළ භාෂාවේ ඇති ඒ ඒ කොටස් වන අක්ෂර, ශබ්ද, වචන, සන්ධි, සමාස, කෘදන්ත, උපසර්ග සහ
නිපාද ආදිය පිළිබඳ සැලකිය යතු තරම් පැහැදිලි අසහස් ගැබ් වී තිබූ අතර ඒ අදහස්
සියල්ල ම භාවිත කරමින් වෛදික මන්ත්‍ර තේරුම් ගැනීම සිදු කෙරුනා.
පාණිනි යුගය
වන විට තත්කාලීන භාවිත භාෂාවෙන් යම් යම් දෑ නිර්මාණය කිරීමට පෙළඹී තිබීම නිසා දෝ
පාණිනි වෛදික භාෂාව තේරුම් ගැනීමට තිබූ එහි භාෂා ලක්ෂණ තත්කාලීන භාෂාවේ ඇතුළත් වී
ඇති ආකාරය පිළිබඳ විමසන්න වූ අතර එහි ප්‍රතිඵලයක් ලෙස පාණිනිව්‍යාකරණය හෙවත්
අෂ්ටධ්‍යායී නම් කෘතිය බිහිවුණා. එනම් පාණිනි සිදු කරන්නේ ව්‍යාකරණයක් සෑදීම
නොවෙයි. ඔහු ඔහු ගේ කාලේ භාෂාව විවරණය කිරීමක් සිදු කරන්නේ. එහි දී ඉතා පැහැදිලි ව
තත්කාලීන භාෂාවේ විධියත් පැරණි වෛදික භාෂාවේ තිබූ ඇතැම් කොටස් (ඒ වන විට සුලු
වශයෙන් හෝ ව්‍යවහාරයේ පැවති) මොනවා ද යනත් පිළිබඳ කරුණු දක්වන්නේ ය. ඒ කාලයේ පැවති
භාෂාවේ පැවති එසේ විධිමත් නොවන කොටස් වෙනුවට ඉතා විධිමත් වන කොටස් පමණක් සංග්‍රහ
කෙරුණු නිසාත් භාෂාවේ සියලු ම කොටස් මේ සංග්‍රහය තුළ ඇතුළත් වූ නිසාත් මෙය විධිමත්
ව්‍යාකණනයක් ලෙස හඳුන්වන්නේ ය.
ඔහු ගෙන් පසු
කාලයේ සිටි පිරිස ලේඛනය සඳහා මෙම විධියම අනුගමනය කළ යුතු යැ යි යන දැඩි මතයක සිටි නිසා
කාලයත් සමග මෙය බහුතරයේ ව්‍යවහාරයෙන් ඈත් වුව ද ලේඛනයෙන් ඈත් නො වී අද දක්වා
පවතින්නේ ය.
9. 9. එතකොට ව්‍යාකරණයෙන්
කරන්නේ භාෂාව ඉගෙනගන්න එක නෙමේ ද?
නැහැ, ව්‍යාකරණයෙන්
කරන්නේ භාෂාව පැහැදිලි කරන එක නැති නම් විවරණය කරන එක.
110.
සිංහල ව්‍යාකරණය
කරන්නෙත් ඒකම ද?
ඔවු මොන ව්‍යාකරණයෙන්
කෙරෙන්නෙත් ඒ ඒ භාෂාව විවරණය කරීම යි.
11.
එහෙනම් සිංහල
ව්‍යාකරණය සංස්කෘත ව්‍යාකරණය විදිහට හදන එක මෝඩ වැඩක් නේ?
ඔවු. සිංහල ව්‍යාකරණය
වෙන කිසිම භාෂාව ව්‍යාකරණයක් වගේ හදන එක මෝඩ වැඩක්. කරන්න ඕනේ සංස්කෘතයෙන් ව්‍යාකරණය
විතරක් ගන්න එක යි. සංස්කෘත-ව්‍යාකරණය ගන්න එක නෙමේ.
12.
ඒ කියන්නේ? ඒක
විකාර කථාවක් නේ?
කලින් අපි කථා
කරපු විදිහට (අටවැනි ප්‍රශ්නයේ) සංස්කෘත ව්‍යාකරණය නිර්මාණය වෙන්නේ ඒ භාෂාවේ
හැසිරීම තේරුම් ගන්න අධ්‍යයනය කරලා ඒ හැසිරීම කොටස් වශයෙන් පිළිවෙලකට සංග්‍රහ
කිරීම නිසා.
මේකේ තියෙන
විශේෂත්වය වෙනනේ මේ සංග්‍රහ කරලා තියෙන කොටස් ඉතා ම පැහැදිලි ව නිර්වචනය කර තිබීම
සහ එම නිර්වචනයන් සෑම ඉන්දු-ආර්ය භාෂවක්මත් එතැනින් එහා සෑම ආර්ය භාෂාවක්මත් පාහේ
විවරණය කිරීමටත් තරම් සාධාරණ හෙවත් පොදු නිරවචනයන් වීම යි.
සංස්කෘතයෙන්
ව්‍යාකරණය පමණක් ගන්නවා කියන්නේ මෙන්න මේ සාධාරණ නිර්වචන සහ පැහැදිලි කිරීම ගෙන ඒ
නිර්ණායක භාවිතයෙන් සිංහල භාෂාව විවරණය කිරීම යි.
13.
ඇයි සංඅක්‍ෘතයෙන් ම ගන්න ඕනේ? වෙන භාෂාවකින් ගන්න
බැරි ඇයි? භාවිතයේ නැති භාෂාවකින් සිංහල වගේ භාෂාවක ව්‍යාකරණය හදනවට වඩා ඒක
හොඳ යි.?
වෙන කිසි භාෂා
ව්‍යාකරණයක සමස්ත භාෂාවන් ගේ ලක්ෂණ විවරණය කළ හැකි ව්‍යාකරණයක් නැති නිසාත් භාෂා
කීපයකින් කොටස් එක කරත් ඒ නිර්ණායක සංස්කෘත ව්‍යාකරණයෙන් වෙනස් නො වන නිසාත් ඒ
තරම් සම්පූර්ණ නො වන නිසාත් සංස්කෘත ව්‍යාකරණය ගැනීම තමයි හොඳ ම විදිහ.
අනික භාවිතයේ
තිබීම හෝ භාවිතයේ නැති වීම ගැටලුවක් නො වෙන්නේ අපට අවශ්‍ය කලින් (දොලොස්වැනි ප්‍රශ්නයේ
දී) කථා කළ විදිහට සංස්කෘතයේ ව්‍යාකරණය පමණක් නිසා යි.
14 .
ඒ කියන්නේ
කිසිම වෙලාකව සංස්කෘත-ව්‍යාකරණය අනුව සිංහල භාෂාවේ ඇති දේ තේරුම් කරන්න අවශ්‍ය
නැහැ.?
එහෙම කියන්නෙ
බැහැ. මොක ද සංස්කෘත තත්සම ශබ්ද සිංහලයේ භාවිත කෙරෙන නිසා ඒ තත්සම ශබ්දවල නිරුක්ති
හෙවත් ඒවා ගේ සැකැස්ම සහ අර්ථ දැක්වීම් කරන්න වෙනනේ සංස්කෘත-ව්‍යාකරණය අනුව ම යි.
උදාහරණයකට “නිර්ගුණ“ පදය සන්ධි හෝ සමාසයක් හෝ වෙන කුමක් හෝ ලෙස අර්ථ දැකවීමක් කරන්න බැහැ සිංහල ක්‍රමය ඒක යි කියා. කොහෙත්ම “නිර්+ ගුණ හෝ නි+ගුණ“ වගේ
විසන්ධියක් කරන්න බැහැ. ඒක සකුවෙන් ම පැහැදිලි කරන්න වෙනවා. මොක ද ඒක සිංහලයේ
භාවිත වුණත් සංස්කෘත ශබ්දයක් නිසා.