සාතන් satan හේබ්‍රෙව් ඇරමැයික් පදයක්. මේ පදය හේබ්‍රෙව් බයිබලයේ තැන් කීපයකම විරුද්ධවාදියා කියන අදහසින් යෙදිලා තියෙනවා. ගණන් 22.32 සහ සැමුවෙල් 19.22 වගේ තැන්වල. ඒ නිසා මේ වචනය තමයි මුල් යුදෙව් ආගමේ සහ ක්‍රිස්තියානියේ යක්ෂයා වෙනුවෙන් භාවිත වුණේ.
ලුසිෆ" Lucifer පදය සුමේරියානු විශ්වාස එක්ක එන පදයක්. ඒක පස්සේ යුදෙව් අදහස් සමග මිශ්‍ර වෙනවා. සිකුරු තරුවට ලුසිෆ" කියනවා. ආලෝකය රැගෙන එන්නා කියන අදසින්.
මේ ආලෝකය රැගෙන එන්නා පදය බයිබලයේ පැරැණි ගිවිසුමේ යෙසායා පොතේ 14.12 පදයේ බැබිලෝනියේ රජුට උපමාවක් ලෙස යෙදෙනවා. හේබ්‍රෙව් "හේලේල්" "ආලෝකමත් තැනැත්තා" අදහසින්. සමහර බයිබල් පරිවර්තනවල ඒක ලුසිෆ" විදිහට පරිවර්තනය කරලා තියෙනවා. සිංහල බයිබල් සංගමයේ පරිවර්තනයේදී "දීප්තිමත් පහන්තාරකාව" විදිහට අරගෙන තියෙනවා. New king james version එකේ "Lucifer", English Stand Version එකේ "Day star", The scriptures Research version එකේ "Hĕlĕl", Nev International Version එකේ "morning star" විදිහටත් පරිවර්තනය කෙරෙනවා.
කොහොම වුණත් ලුසිෆ" සාතන් නම් දෙක එකම යක්ෂයා වෙනුවෙන් භාවිත කෙරෙන නම් දෙකක් අද වෙනකොට. ඒකට හේතුවක් වෙනවා ලූක් 10.18දී "සාතන් විදුලියක් මෙන් අහසසින් වැටෙනු දුටිමි" කියන තැන සාතනාන් නැකි නම් සාතන් පදය ග්රීක්වලින් යෙදී තිබීම. මේක යෙසායා 14.12 එක්ක අරගෙන මේ පද දෙක එකම සාතන්හෙවත් යක්ෂයාව අදහස් කරන්න යොදාගෙන තියෙනවා. මේ වැඩේ මුලින්ම කළා කියන්නේ 11වැනි සියවසේ ලියැවුණු පිර්ඛේ ද' රබ්බී එලිඅස'ර් කියන රබ්බීය සාහිත්‍යයට අයිති යෙන යුදෙව් පොතේ.
කොටින් ඔය දෙකෙන්ම අදහස් කරන්නේ එකම යකා. වචන දෙකේ වෙනස සහ ඒ වචන දෙකේ පටන් ගැනිල්ලේ වෙනසක් තමයි තියෙන්නේ. The light bringer, Morning Star අදහස් යුදෙව් අදහසට වඩා ටිකක් පරණයි. මගේ පෞද්ගලික අදහස නම්, මේ ලුසිෆ" පදය බැබිලෝනියානු රජුගේ වැටීමේදී රජුව හඳුන්වන්න බයිබල්කරුවා යොදාගත්තේ එවකටත් මේ සංකල්පයේ තිබුණු පැරණි බව නිසා වෙන්න පුලුවන් කියලා. ඒක එතනට සෙට් වෙනවා ලස්සනට.
සාතන් පදය අරමැයික් හේබ්‍රෙව් මූලයක් සහිත පදයක් නිසා අරාබි ෆාර්සි උර්දු වගේ ගොඩක් භාෂාවල යක්ෂයාට භාවිත වෙනවා.
මේක අරාබි වලට ශේටාන් කියලා අරගෙන ඒක ආයි විවරණය කරගන්නවා දැවීමේ පිච්චීමේ ශෙඉට් ධාතුවෙන් හැදුණු පදයක් විදිහට. ඒක කෙලින්ම යක්ෂයා අදහස් කරන්නම සුදුසු විදිහට විවරණය කරගැනීමක් වෙලා තියෙන්නේ හේබ්‍රෙව් පදයෙන් අරගෙන.
ග්රීක්වලදී සටාන්
ලතින් සටන්
පස්සේ මේ දෙකෙන් ගොඩක් භාෂා ඔය වචනය අරගන්නවා.
අරාබි වචනයෙන් උර්දූ හින්දුස්ථානි හින්දී තුනම ශෛතාන් කියලා හදාගන්නවා. එතනදී වෙන්නේ ට > ත වෙන එක. හැබැයි ඇරැබික්වලත් අකුර නම් එකම ط තමයි. ඇරැබික්වලදීත් දෘඪ තල්ලම තමයි උච්චාරණ ස්ථානය. ඒක තයන්නම තමයි.
මේ පද දෙකේ දේවධාර්මික කරුණු සුට්ටකුත් හැංගිලා තියෙනවා. ඒක එක විදිහකට හර්ම රසවත්.
හේබ්‍රෙව් සාතන් පදය යෙදෙන්නේ විරුද්ධවාදියා නැති නම් විරුද්ධ පක්ෂයට අයත් තැනැත්තා අදහස් කරන්න. දෙවියන්ට විරුද්ධ වීමම තමයි ක්‍රිස්තියානියේ හෝයුදෙව් ආගමේ පාපය ලෙස අදහස් කරන්නේ. ඒ හැර අමුතු පැවැත්මක් නෙමෙයි. ඉතින් දෙවියන්ට විරුද්ධ වන්නා සාතන් වෙනවා.
ඒ වගේම ලූක් පොතේ කියන්නේ ආලෝකයක් විදිහට ස්වරයෙන් වැටුණු කියලනේ. ඒකම යෙසායා පොතටත් අදාළයි, රජුගේ ශ්රීය සහ උසස් භාවය ආලෝකය කියන එකෙන් අදහස් කෙරෙනවා. ඒ ආලෝකය ලැබෙන්නේ දෙවියන්ගෙන්. දෙවියන් තමයි ආලොක්ය. ඉතින් දෙවියන් ආලෝකය නම් දෙවියන් ප්‍රතික්ෂේප කිරීමේදී විරුද්ධ වීමේදී දෙවියන්ගෙන් ලැබුණු ආලෝකය ලැබූ අය ජරබරාස් ගාලා වැටෙනවා. එතනින් පේන්නෙත් පාපය කියන්නේ දෙවියන් අතහැරීම හෝ දෙවියන්ට විරුද්ධ වීම කියන එක.
දැන් අලුතෙන් එන ප්රශ්නය තමයි, එතකොට "පාපය" පැවැත්මක් ඇති දෙයක් නෙමේද? නිකම්ම දෙවියන්ගේ "අභාවය"ද පාපය වෙන්නේ? එතකොට එහෙම අභාවයකින් පැවැත්මක් නැති දෙයකින් මෙච්චර අවුලක් මේ විශ්වයේ සිද්ධවෙන්නේ කොහොමද? එහෙම වෙන්නේ දෙවියන් නැති තැනක දෙවියන්ගේ අභාවය ඇති විට පවතින වෙනත් මොකක් හරි බලයක් තියෙන නිසාද?
උදාහරණයක් විදිහට, ආලෝකයෙන් කාචයක් අලල්ලා පුලුන් අවුලන්න වගේ දේවල් කරන්න පුලුවන්. හැබැයි ආලෝකය නැති වීම නිසා ඇති වෙන අඳුරෙන් මුකුත් කරන්න බැහැනේ.
හැබැයි දැන් දෙවියන් නැති වීම නිසා මරණය ලෙඩ වීම වගේ සෑහෙන දේවල් ඇති වෙලා තියෙනවනේ. එතකොට ඒවා නිකම්ම දෙවියන්ගේ අභාවය නිසා හේතු රහිතව සිද්ධවෙන දේවල්ද?