මෙම ප්‍රතිනිර්මාණය කිරීමේ දී විය යුත්තේ සමාජයේ සැබෑ
ස්වභාවය එළිදැක්වීම සහ විචක්ෂණ ශීලීව රසිකයා හට නිදහසේ විමසමින් රසවිදීමේ
හැකියාවක් තිබෙන සේ ය. නුමුත් එය එසේ විය හැක්කේ නිර්මාණකරුවා සෑම දෙයක් දෙස ම මධ්‍යස්ථ
මතධාරියෙකු ලෙස බලන්නේ නම් පමණි. මෙහිදී අදහස් වන්නේ නිර්මාණකරුවා තමාගේ
පෞද්ගලිකත්වය සගවාගැනීමක් නො ව එය තවදුරටත් විචක්ෂණශීලීව සමාජගත කිරීම ය. එවිට
පාඨකයාට යම්කිසි විමර්ශනාත්මක‘යුරින් නිර්මාණකරුවා දෙසත් නිර්මාණය දෙසත් බැලීමේ අවකාශය
ලැබෙන අතර එයින් පාඨක රසයශක්තිය ද වර්ධනය වෙනු ඇත.
සාහිත්‍යය යන පදයට විවිධ වූ පුද්ගලයන් විවිධ අරුත්
නිරුත් සපයා ඇති මුත් සාහිත්‍යය යන්නට භාවිත අර්ථය ලෙස සාමාජස්වභාවය ප්‍රතිනිර්මාණය
කිරීම යැ යි ගත හැකි ය. එසේ නම් වචන කීපයකින් ගොඩනැගෙන හයිකු සම්ප්‍රදායේ කවියක
සිට කොටස් වශයෙන් විකාශනය වන ටෙලිනාට්‍යය දක්වා කාර්යය විය යුත්තේ අප ජීවත්වන
සමාජයේ ස්වභාවය සූක්ෂමාකාරයෙන් නිරීක්ෂණය කොට සාමාන්‍යය මනුෂ්‍යයාට නො පෙනෙන නො
ගැටෙන නො දැනෙන දේ දැනවෙන ආකාරයෙන් ඉදිරිපත් කිරීම ය.
භාරත මහා නවකතා කරු වූ ප්‍රේමචන්ද්‍ර තුමාගේ ‘ගෝදානය‘
එවන් නවකථාවකට උදාහරණ කොට සැපයිය හැකි අතර එය කියවන පාඨකයා පොළඹවනු ලබන්නේ සමාජක්‍රමය
පිළිබද තවතවත් ගැඹුරින් විමසාබැලීමට ය. එහිදී යම්කිසි ඉලක්කයකට පාඨකයා ගෙන යාමක්
දක්නට නො ලැබෙන නුමුත් ගොදානයට අරමුණක් නැතැයි කිව නො හැක. එහි අරමුණ සමාජය
විමසීමට පාඨකයාට ඇරයුම් කිරීම යි. එමෙන් ම
මහාකවි රවීන්ද්‍ර නාත් තාගෝර් තුමාගේ ‘ගොරා‘ නවකථාවෙහි ද එවන් ලක්ෂණයක් දැක්ක
හැකිය. එහිදී සහෘදයා යොමුකරනුයේ මනුෂ්‍ය සමාජය විමසා මනුෂ්‍යත්වයට ළංවීමට ය.
නුමුත් එහිදී ඉතා ම සමබර ආකාරයෙන් විවිධ මතිමතාන්තර වෙතට පාඨකයා ගෙනයාමට තාගොරයන්
කටයුතු කොට ඇත.
උක්ත සදහන් ලක්ෂණ සිංහල සම්භාව්‍යය සාහිත්‍යයේ එන
සද්ධර්මරත්නාවලියේ එන ඇතැම් චරිත නිරූපණ තුළත් ඇති බව සූක්ෂම නිරීක්ෂණයෙන් දැක්ක
හැකි මුත් එහි එය ම අරමුණූ කොට නැත්තේ එය ආගමික අරමුණකින් රචනා වූ නිසාවෙන් යැ යි
දැක්ක හැක. නුමුත් එහිදී ද බොහො විට චරිතයක් පිළිබද සිදුකරන විමසීමේ දී රසිකයාට
චරිතය පිළිබද විමර්ශනාත්මක අවබොධයක් ලබාදීමට කටයුතු කර ඇති ස්වභාවය දැක්ක හැක.
කෙසේ වුවත් දහම්ගතක් ලෙස එවන් කෘතියකින් ඊට වඩා යමක් බලාපොරොත්තු වීම ද කළ නො හැකි
ය.
නුමුත් වත්මනේ බිහිවන නවකථා තුළ එවන් විමර්ශනාත්මක
රසවිදීමේ ඉඩ ප්‍රස්ථාව නැතැයි සිතේ. චරිත වශයෙන් ඉතාම ගැඹුරු සහ විමර්ශනාත්මක
වෙතත් පොදුවේ සාමාජීය විමර්ශනයකට පාඨකයා යොමු කරන නවකථාවන්හි හිගයක් ඇතැයි හගිමි.
වික්‍රමසිංහ සූරීන්ගේ ගම්පෙරළිය ප්‍රථම කලාත්මක නවකථාව ලෙස ගෙන දුන් ආරම්භය එතැන ම
හිරවී ඇති සැටියක් දක්නට ලැබෙන අතර ‘කවිකදුර‘ සහ ‘සෙංකොට්ටං‘ වැනි නවකථා මගින් එය
නංවාලීමට ද කටයුතු සිදුවී ඇත. නුමුත් එම නවකථා තුළ ද යම් ඒකපාර්ශවිකත්වයක් දැක්ක
හැකිය. පාඨකයාට තෝරාගැනීමක් ලැබෙන වඩා පුළුල් විමසුමකට ඉඩ සලසමින් නිර්මාණ බිහිවුණි
නම් ඒවාහි වටිනාකම තව තවත් වැඩි නො වන්නේ ද?