ලෝකය සහ සතුට


http://classconnection.s3.amazonaws.com/33/flashcards/1440033/jpg/india_01_a051348627943043.jpg
පශු දෙවියා

මානවපරිනාමයේ දී මිනිසා විවිධ කඩයිම් පසු කළ අතර එම කඩයිම් අතරින් වැදගත් කඩයිමක් ලෙස දැක්ක හැකි තැනකි මිනිසා තමා සහ ලෝකය පිළිබද ප්‍රශ්න කිරීමට ඇරඹූ කාලය.  එය කොයිතරම් ඈතකට දිව යනවා දැයි සොයන අපට ශිෂ්ටාචාරය ආරම්භ වූ කාලයේ පටන් ම මිනිසා මේ පිළිබදව විමසිලිමත් වූ බව දැක්ක හැක. ලොව පවතින පැරණි ම ශිෂටාචාරයක් වන ඉන්දුනිම්න ශිෂටාචාරයේ ජීවත් වූ මිනිසුන් තමා සහ ලොකය පිළිබදව ප්‍රශන් කළ බව දැකගත හැකි වන්නේ ඔවුහූ ජගන්මාතාව පිදීම සහ පශු දෙවියා පිදීම වැනි ආගමික කටයුතු සිදුකිරීම නිසා ය. මෙහිදි එය තමා සහ ලොකය පිළිබද සෙවීමක් ලෙස ගත්තේ මිනිසා දේව සංකල්පයට අවසාන වශයෙන් යොමුවන්නේ තමා සහ ලෝකය පිළිබද සිතන්නට ගිය පසු යැ යි කිවහැකි නිසාවෙන් ය.
එලෙස තමා සහ ලෝකය පිළිබද ප්‍රශ්න කරන්නට යෙදුනු මිනිසාගේ එම ප්‍රශ්න සදහා පිළිතුරු සෙවීම අද දක්වා ම අවසන් වී ඇතැයි කිව නො හැකි ය. නුමුත් මේ සා දික් වූ ගමන්මගේ එක් එක් අය එක් එක් අදහස් ඒ පිළිබද දැරූහ. ප්‍රාචීන ලෝකයේ නම් පිරිසක් පැවසූවේ ලෝකය බ්‍රහ්මයා කළ නිර්මාණයක් බව ය. යුරෝපයේ මෙය වෙනත් දෙවි කෙනෙකුට පැවරුණූ අතර මධ්‍යම ආසියාවේ වෙනත් දෙවි කෙනෙකුට මෙම තැන බාරදුන්හ. මෙලෙස මෙම මත ක්‍රමයෙන් දියුණු වී යුරෝපයේ දී තේල්ස් නම් දාර්ශනිකයා මෙම දේව වාදී මතයෙන් මිදී වෙනත් තර්කානුකූල මෙන් ම විමර්ශනාත්මක පිළිතුරක් ඉදිරිපත් කළේය. එමෙන් ම ප්‍රාචීන ලෝකයේ බ්‍රාහ්මණ සංකල්පය ක්‍රමයෙන් දියුණු වී උපනිෂද් සාංඛ්‍ය දර්ශන පහල වූවා සේ ම ජෛන දහම සහ බුදු දහම වැනි මූලික ධාරාවෙන් පිට දර්ශනයන් ද පහල විය.
http://www.iep.utm.edu/wp-content/media/thales.jpg
තේල්ස්
මොවුන් ගේ මෙම විමසීමේ අරමුණු වන්නේ, මෙම ලෝකයේ තමාට සුවසේ ජීවත් වීමට හැක්කේ කෙසේ ද? මීට වඩායහපත් තත්ත්වයක් තමාට ලබාගත හැකි ද? මෙම ලෝකයේ ආරම්භය කුමක් ද? එය පවතින්නේ කෙලෙස ද? යන්න සොයා බැලීමට බව සිතිය හැක. මෙනිසා මෙම සියලු දෙනා විමසා ඇත්තේ තමා සහ ලෝකය පිළිබදව යැයි පැවසිය හැකිය.
උක්ත සදහන් පිළිතුරු අතරින් බහුතරය අයත් වන්නේ දේවවාදයට නොහොත් ඊශ්වරනිර්මාණවාදයට ය. බුදුදහම සහ ජෛනදහම මෙන් ම තේල්සගෙන් ඇරඹුණු (ග්‍රීක) දර්ශනය පමණි එයින් වෙනස්ව යන්නේ. ඒ අනුව සොයා බැලිය යුතු වන්නේ මැවුම්කාර දෙවියෙක් සිටී ද? යන්න යි. මෙහිදී එක් ආගමක් මුල් නොකොට පොදුවේ මැවුම්කරුවා පිළිබදව විමසීමකි කෙරෙන්නේ.
ඇත්තෙන් ම කිසිදු දහමක් නො විමසූ කෙනෙකුට එක්වර ම සිතිය හැකි දෙය වන්නේ ලොකය මැවීමක් මෙන් ම එය පාලනය කරන්නෙක් ද සිටින බව ය. මන් ද යත් ලොකයේ ඇති සියල්ල ඉතා පිළිවෙලින් පවතින අතර එකකට එකක් මනා ගැලපීමෙන් පවතින්නේ යමෙක් ඒම දේ එසේ සිදුකළ සේ ය. එමෙන් ම සිදුවන්නා වූ සියලු දේ ද එසේ ම ය. ගහක වැඩිවර්ධනයේ සිට ලොව සිදුවන සියලු ම පාරිසරික ක්‍රියාකාරකම් සිදුකරන්නෙකු නො පෙනුන ද ඒවා සිදුවන්නේ අදෘශ්‍යමාන පුද්ගලයෙක් ඒවා සිදුකරන්නා සේ ය. මිනිසාට පැමිණෙන සුවදුක් ද එසෙ ම ය. ඒවා බොහෝ විට මිනිසාට පාලනය කළ නො හැක. නුමුත් ඒවා සිදුකරන්නෙකු ඉන්නා සේ හැගී යයි. මේ ලෙස විමසන විට පෙනී යන්නේ ලොව මවා පාලනය කරන්නා වූ දෙවි කෙනෙක් සිටින බව ය. නුමුත් ගැටලුවනම් මෙම සාධක මත පමණක් ම එය තීරණය කළ හැකි ද යන්න යි. මන් ද යත් ජෛන දහම බුදුදහම මෙන් ම නූතන විද්‍යාව වැනි දර්ශන මගින් මැවුම්වාදය ප්‍රතික්ෂේප කරන නිසාවෙන් ය.
කෙසේ වුවත් මැවුම්කරුවා පිළිබද පැහැදිළි ලකුණක් හෝ දැක්මක් සොයාගත නො හැක. මන්ද යත් විශ්වයේ මෙලොව මැවූ මැවුම්කාර දෙවිවරු සිටිය හැක්කේ එක් අයෙකු පමණි. ඔහුට තිබිය යුත්තේ ද ඒකම ආකාරයේ අදහස් උදහස් මෙන් ම ප්‍රිය අප්‍රිය දේ ය. නුමුත් ලොකයා මැවුම්කාර දෙවිවරු කීපදෙනෙක් පිළිබද අදහස් ඉදිරිපත් කරන අතර එම දෙවිවරුන්ගේ රුචි අරුචිකම් ඈ විවිධත්වයෙන් යුතු ය. එම නිසාවෙන් මැවුමකරුවෙකු සිටී යැ යි පිළිගැනීමට උගහට මෙන් ම පිළිගත හැකි වන්නේ උක්ත දැක්වූ ලෙස මිනිසුන්ට ඇති වූ ප්‍රශන සදහා පිළිතුරු ලෙස දෙවියන් බිහි වූ බව ය. එය එසේ වන්නේ වී නුමුත් යම් කිසි ආකාරයක ක්‍රමික පැවැත්මක් ලොකය තුළ පවතින බව පෙනී යයි.
මීළගට සොයා බැලිය යුතු වන්නේ මෙම ක්‍රමික පැවැත්ම මනුෂ්‍යයාට කොයිතරම් දුරකට හිතවත් ද අහිතවත් ද යන්න පිළිබදව ය. මෙම පැවැත්ම පිළිබද සොයාබැලීමට එහි ආරම්භය පිළිබදව දැනගත යුතු යැ යි කෙනෙකුට තර්ක කළ හැකි ය. නුමුත් එය යුකති යුක්ත නො වන්නේ ලෝකාරම්භය වේවා විශවයේ ආරම්භය වේවා සොයා අවසාන කළ නො හැකි නිසාත් එය හුදු කල්පනා මාත්‍රයක් පමණක් වන නිසාත් ය. උදාහරණයක් වශයෙන් දෙවියෙක් ලෝකය නිර්මාණය කළා නම් එම දෙවියා කෙසේ ඇති වූවා ද යන ප්‍රශ්නය පැනනගී, තේල්ස් කියන්නා සේ ජලය මූල ධාතුව වූවානම් ජලය ඇතිවූයේ කෙසේ ද යන්න ගැටලුවකි. එමෙන් ම හේතුඵලවාදීව සිතන්නේ නම් මුල් ම හේතුව ඇතිවූයේ කෙසේ දැ යි ප්‍රශ්නයකි. එම නිසා මූලාරම්භය සෙවිම නිෂ්ප්‍රයෝජන සහ කාලය අපතේ යවන ක්‍රියාවක් ලෙස දැක්විය හැකි ය.
http://www.hdwallfree.com/wp-content/uploads/2013/09/blue_planet_earth_wallpaper-normal.jpg
කෙසේ වුවත් මෙම ලොකයේ පැවැත්ම පිළිබද සිතාබලන්නේ නම් එය බැලු බැල්මෙන් මනුෂ්‍යයාට ඉතා හිතවත් වූ ආකාරයකට පවතින බව දැක්ක හැක. විශ්වය තුළ පෘථිවිය ස්ථානගත වී ඇති තැනහි පටන් සියලු දෑ අතුරින් බොහෝ ප්‍රමාණයක් සිදුවන්නේ මනුෂ්‍යයාට හිතවත් අයුරින් යැයි කිව හැක. මෙහි සැලකිය යුතු දෙය වන්නේ අප හිතවත්, යහපත් ලෙස අර්ථගන්වන්නේ කුමක් ද යන්න යි. යහපත් දේ ලෙස දක්වනු ලබන්නේ තවදුරටත් පැවැත්මට ඇති සාධක යි. එනම් ඉදිරි පැවැත්ම සදහා ඉවහල්වන ඉඩප්‍රස්තාව ලබාදෙන මානසික සහ භෞතික වූ දේ යි. ඉතා සරල උදාහරණයක් ලෙස ආහාරජාලයක් ගත හැකි ය, ආහාරජාලයකින් එක් පුරුකක් ඉවත් කළහොත් එම ජාලය ම නැතිවී යයි. ජාලය එකිනෙක සම්බන්ධ වී ඇති අතර එක් දෙයක යහපතට අනෙක් සියලු දේ පවතිනවා නොව මේ සියලු පුරුක් පවතින්නේ ජාලයේ ම පැවැත් ම සදහා ය. එනම් මෙම ලොකපැවැත්මේ සියලු සාධක යොමුවී ඇත්තේ එම පැවැතමේ ම‍ යහපත පිණිස ය. එම කාරණය නිසාවෙන් පොදුවේ සත්ත්වයා සහ මිනිසා දිගින් දිගටම පවතී. එසේ නම් මෙම දිගින් දිගට ම පැවතීමේ අවසානය කෙදිනක සිදුවන්නේ ද? එය අවසාන නොවන්නක් ද? යන්නත් සොයා බැලීම වටී. මෙහිදී සත්ත්වයාගේ පැවැත්ම මරනයත් සමග සිදුවේ යැ යි සාමාන්‍යෙයන් පෙනීයන නුමුත් ප්‍රාග්ඓතිහාසික යුගයේ පටන් නූතන මනුෂ්‍යයා දක්වා මරනින් මතු ද ජීවිතයක් ඇතැයි විශ්වාස කරන පිරිසක් සිටී. නුමුත් ඇතැම් ආගම් අදහන පිරිස් එය එසේ නො වෙතැයි විශ්වාස කරති. ඒ අතර තවත් පිරිසත් කියන්නේ ඒ පිළිබද නිවැරදි තීරණයක් ගත නො හැකි බව ය. කෙසේ නුමුත් නූතන මනෝවිද්‍යාව ද බුදුදහම ජෛනදහම සහ හින්දු දහම වැනි දර්ශනයන් ද මරනින් මතු තවදුරටත් පැවැත්මක් ඇතැයි පවසනු ලබයි. එය එසේ නම් මෙම පැවැත්ම මරනයෙන් අවසන් වන්නේ නැත. මරනයෙන් අවසන් නො වන්නා වූත්, පැවැත්ම ම රැකගැනීමට හඩගැසුණු පැවැත්මකුත් ඇති මෙම සත්ත්වයා අනවරතව දිගින් දිගට ම පවතින්නේ යැ යි සරලව කිව හැකිය. කෙසේ වුවත් කෙනෙක් පවසන්නේ මෙම පැවැත්ම සැපය ම අරමුණු කොට ගෙන පවතින බවය. එය එසේ නම් මෙම ලෝකයේ ජීවත් වීම සැපයක් ලෙස අර්ථ දැක්විය හැකි ය. නුමුත් එය එසේ ම දැ යි සෙයාබලනු වටී.
ආහාරජාලය
ලොකය මෙන් ම එහි පැවැත්ම සතුට අරුමුණු කොටගෙන පවතින්නක් නම් දුක්සහගත වූ දේ නො තිබිය යුතුය. නුමුත් එය එසේ නො වන අතර අපමන දුක්සහගත දේ සිදුවේ. එම නිසා ලොව දුකයැ යි සරලව කිව හැකි ය. නුමුත් එය තරමක් විමසා බලනු වටී යැ යි හැගේ. එසේ නම් පළමුව සොයාගත යුතු වන්නේ සතුට නම් කුමක් ද යන්න යි. තමාට ප්‍රිය වූ දෙයක් ලැබීම හෝ සිදුවීම සතුට ලෙස සරලව අර්ථ දැක්විය හැක. ලෝකය සතුට අරමුණු කොට නිර්මිත නම් උක්ත සේ වන සතුට නො කඩවා පැවතිය යුතු ය. යම් හේතුවක් නිසා දුකක් පැමිණෙන තුරු වත් එම සතුට තිබිය යුතු ය. නුමුත් සතුට එසේ පවතින්නේ ද? උදාහරණයක් ලෙස අප ඉතා ප්‍රිය කරන විෂයක් පරතෙරට ම ඉගෙනගත්තා යැ යි සිතමු. එය දැනුම ප්‍රිය කරන්නාට ඉතාමත් සතුටකි, නුමුත් එම සතුට සදාකාලිකව පවතින්නේ ද? යම් කාලයකදී එම සතුට වියැකී ගොස් තවත් විෂයක් ඉගෙනීමට අවශ්‍ය වෙයි. කුඩා දරුවෙකුට සෙල්ලම්බඩුවක් ලැබුනා සේ ම ය. දරුවා සෙල්ලම්බඩුවට කොතරම් ප්‍රිය කළත් කාලයක් සමග එය එපා වී යයි. එවිට සිදුවී ඇත්තේ පැවතුණු සතුට නැතිවී යාම ය. එමෙන් ම ඉන් පසුව ඇතිවී තිබෙන්නේ දුකකි. (ඇතැම් අවස්තා වලදී ඉතා සියුම් ලෙස විමසීමෙන් දත යුතු ය.) එම තත්ත්වයට අකමැති නිසාවෙන් ය උගතා තවත් ඉගැනීමට සිතන්නේ සහ කුඩා දරුවා අඩාවැටෙන්නේ හෝ වෙනත් සෙල්ලම්බඩුවක් සොයන්නේ. ඒ නිසාවෙන් ඇති වන සතුට ද පෙර මෙන් ම නැතිවී ගොස් දුකක් බවට පත්වන්නේ ය. මෙයින් පැහැදිලි වන්නේ සතුට සදාකාලිකව නො පවතිනා බවත් එය කාලයා සමග නැතිවී ගොස් දුකක් ම ඇතිවන බවත් ය. මෙය එක් කාරණයකට පමණක් නොව සියලු තැන්හිදී මෙලෙස බව දත හැකිය. එසේ නම් පෙනීයන්නේ මෙම ජීවිතය, ලොකය සතුටක් ලෙස අර්ථ දැක්වීම එක්තරා මුලාවක් බව ය. එය සියුම් ලෙස විග්‍රහ කිරීමෙන් සත්‍යස්වරූපය වටහාගත හැකි ය.

සංස්කෘත වීරකාව්‍යයේ ප්‍රභවය සහ විකාශය.



අද වන විට බොහෝ දෙනා සංස්කෘත වීරකාව්‍යයන් පිළිබද උනන්දු යැ යි සිතේ. වීරකාව්‍යය ලෙස පොදුවේ හැදින්වුව ද මෙහිදී මුල් තැනක් ලැබෙනුයේ ‘රාමායණය‘ නම් වීරකාව්‍යයට ය.එයට හේතුව වන්නේ එහි එන ප්‍රධාන චරිත වලින් එකක් ලංකාවේ විසුවා යැ යි සැලකෙන රාවණ රජු විම ය. රාවණ රජු සත්‍යවශයෙන් සිටියේ ද? සිටියේ නම් පැවසෙන තරම් ශක්තීන් හැකියාවන් තිබුනේ ද යන්න සෙවීම, විධිමත් සහ ක්‍රමානුකූලව මෙන් මැ විවෘත්තව කෙරෙන ඉතිහාසය හැදෑරීමක් මගින් කළ යුතු ය. ඒ කෙසේ වෙතත් එම කාරණයනිසාවෙන් බොහෝ දෙනෙකු රාමායණ වීරකාව්‍ය පිළිබද යම් යම් මත ඉදිරිපත් කරනවා පෙනෙන්නට තිබෙන අතර ඒ කෙරෙහි අසීමිත විශ්වාසයක් තබනවා ද දක්නට ලැබෙයි. එය යුක්ති යුක්ත දැ යි සිතා බැලිමට උපකාරයක් ලෙස මෙහි ලා පොදුවේ සංස්කෘත වීරකාව්‍යයන්ගේ ප්‍රභවය පිළිබද සුලු සටහනක් තබන්නට සිතුණි.
http://www.bl.uk/onlinegallery/whatson/exhibitions/ramayana/images/AddMS15296_1_114r.jpg
රාමායනය 
සංස්කෘත වනාහී ඉන්දුයුරෝපීය භාෂාවෙන් ප්‍රභවිත වෛදික භාෂාවෙන් පසුකාලීනව බිහි වූ භාෂාව ය. වේදකෘති ලියවී ඇත්තේ වෛදික භාෂාවෙන් වන අතර ඉන් පසුව රචනා වූ කෘති බහුතරයක් රචනා වී ඇත්තේ සංස්කෘත භාෂාවෙන් ය. උක්ත සදහන් වෛදිකකෘති රචිත බ්‍රාහ්මණයින් පසුකාලීනව එහි ප්‍රයොජන අතුරෙන් “අර්ථවාද“ හෙවත් යාගවිදියේ අර්ථය පැහැදිළි කිරීම සදහා ආඛ්‍යාන, ඉතිහාස, පුරාණ යන ග්‍රන්ථ රචනා කිරීමට යෙදුනාහ. මෙම ඒ ඒ නම් වලින් හදුන්වන කෘති අතර ඒවාට ම විශේෂ වූ ලක්ෂණ දක්නට ලැබෙන්නේ ය. ඒ කෙසේ ද යත්, සාහිත්‍යමය කථා ආඛ්‍යාන කොටසට අයත් වන අතර කථා ස්වරූපයක් ගන්නා සාහිත්‍යංගයකි. ඉතිහාස නම් කෘති යම් සත්‍ය සිදුවීමක් පාදක කොට ගෙන ගොඩනැගුණු කථා ප්‍රවෘත්ති රැගත් කෘති සමූහයකි. එමෙන් ම පුරාණයන්හි ඇතුළත්වන්නේ පුරාණ දේව හෝ ඍෂි කථාවක් පිළිබද වන අතර මෙම කෘති වීරකාව්‍යයන්ගේ පදනම වශයෙන් සැලකිය හැකි ය.
ඒ කෙසේ ද යත්, බ්‍රාහ්මණ යුගයේ යාග පැවැත්වීමේදී උක්ත සදහන් කෘතීන්හි එන කථා ජනයා ඉදිරියේ පැවසීම සිරිතක්ව පැවතුනේ ය. ඇතැම් අවස්ථාවල දී අවුරුද්දක් තරම් කාලයක් මෙම කථා පැවසීම සිදුවී ඇත. මෙම කථා අතර දේව, ඍෂි, යක්ෂ, රාක්ෂ, රාජ සහ භුත ආදී කථා ඇතුළත්ව තිබී ඇත. එම කථා ජනයා ඉදිරියේ පැසූවන්ට එම කථා සම්ප්‍රදාය අනුව නම් යෙදී තිබුනු බව මහාභාරත පාඨ මගින් දැක්ක හැකි ය. තවද එම මතය සනාත වන වැදගත්ම සාධකයක් වන්නේ බෞද්ධ ග්‍රන්ථයන්හි ද “පොරාණා ආහංසු“ (පුරාණය කියෙව්වේ ය.) ලෙස සටහන්ව තිබීම ය. මෙලෙසට කෙමෙන් කෙමෙන් මෙම කථා ජනසම්මත කථාසාහිත්‍යයක්  බවට පත්වූ අතර එම කථා මගින් ආගමික උපදෙස් දීමක් ද සිදුවී ඇත. බෞද්ධ ජාතකකථා ද එම ගණයෙහි ලා සැලකෙන අතර එම කථාවසුතූන් ද වීරකාව්‍යයන්හී අතුරුකථා ලෙස දැක්ක හැකි වීමෙන් පැහැදිලි වන්නේ මෙම ජනසම්මත උපදේශකථා මගින් වීරකාව්‍යයන් පොෂණය වූ බව ය.
http://upload.wikimedia.org/wikipedia/commons/8/81/Kurukshetra.jpg
පැරණි මහාභාරතය පොතක ඇති කුරුපාණ්ඩව යුද්ධයේ සිතුවමක්
යාග අතර තුර දී සිදුවූ කථා කීම එසේ සිදුවූ අතර රාජසභාවන් හි ද වෙනම මැ සාහිත්‍යයක් ගොඩනැගී ගියේ ය. එය සිදුවූයේ රජුගේ වීර ස්වභාවය සහ ත්‍යාගශීලී භාවය වර්ණනා කිරීම සදහා රාජසභාවේ සිටි කවියන් මගිනි. ඔවුන් සූතයන් ලෙස හැදින්වුණු අතර වෛතාලිකයන් ලෙස ද ඔවුන්ව හදුන්වනු ලැබුවා ය. මෙම ගායනා ඒ ඒ අවස්ථාවට ගැලපෙන පරිදි වෙනස් වෙනස් ලෙස යොදාගත් නිසා මෙම කාව්‍යයෝ පෙර දැක්වූ ඉතිහාස පුරාණ සහ ආඛ්‍යාන ලෙස නො වෙනස්ව නො පැවතුනහ. මෙම ශ්ලොක තාලයට ගායනා කරන විට වීනා වාදනයක් ද සිදුවී ඇති බව පැවසේ. මෙසේ රාජසභාවලැ ගායනය වූ ශ්ලෝක විශේෂය “නාරා ශංසි ගාථා“ ලෙස හදුන්වා තිබේ. පසුකාලීනව ගොඩනැගුණු ප්‍රශස්ති කලාව ගොඩනැගෙන්නේ මෙම නාරා ශංසි ගාථා සමග ඍග්වේද යුගයේ පටන් ම පැවති “දානස්තුති“ නොහොත් දානපතියාට ස්තුති කරන්නා වූ ගී ද එක්වීමෙන් යැ යි විද්වත්හු පවසති. එසේ ම අනුවංශ ශ්ලෝක හෙවත් වංශය කුලය පිළිබද දක්වන ගී ද මෙම කලාවට මුල සිට ම එක්වී ඇති බව දැක්ක හැකි ය.
http://upload.wikimedia.org/wikipedia/commons/thumb/d/d3/Bhagavad_Gita%2C_a_19th_century_manuscript.jpg/364px-Bhagavad_Gita%2C_a_19th_century_manuscript.jpg
 පැරණි මහාභාරතය පොතක්
ඉදින් කථකයෝ, ඓතිහාසිකයෝ සහ පෞරාණිකයෝ මෙන් ම සූතයෝ, වන්දිභට්ටයෝ ද එක්වී අනිච්චානුකව ම වෙනම මැ සාහිත්‍යය සම්ප්‍රදායක් ගොඩනැගූහ. නුමුත් මෙයින් වීරකාව්‍යය ප්‍රභවයට වැඩි ම දායකත්වයක් දක්වන ලද්දේ සූතයන් සහ වන්දිභට්ටයන් විසිනැයි කිව යුතු ය. මෙම කාව්‍යය සම්ප්‍රදායට නියම  සාහිත්‍යය ස්වරූපයක් දීමට බොහෝ සේ කටයුතු කළේ සූතයන් විසිනැයි බොහෝ පඩුවෝ පවසති. එමෙන් ම උක්ත කොටස් දෙකෙන් වෙනස් වූ කුශලව නම් ගායන වාදන දෙක ම ඉදිරිපත් කරමින් ගමින් ගම ගිය පිරිසක් පිළිබදව රාමායණයේ මුලින් ම දැක්ක හැකි අතර මෙම කථා සමාජයේ පැතිරවීමට ඔවුන්ගේ විසල් දායකත්වයක් ලැබුණු බව පෙණී යයි.
ඉදින් මෙලෙස ජනයා අතර අවුරුදු දහස් ගණනක් පටන් පැතිර විසිර පැවතුණු කථා කාලයත් සමග එකට එක්වී වීරකාව්‍යයන් ලෙස සංග්‍රහ වී ඇත. එමෙන් ම මෙය කලින් කලට සංවර්ධනය වූ බවද දැකිය හැකිය. එයට මූලික ම සාධකයක් වන්නේ වීරකාව්‍යයන්හි එන ඇතැම් කථා පසුකාලයක ඊට එක්වී තිබීම ය. එමෙන් ම රාමායණයේ සර්ග හතෙන් පළමු සහ අවසාන සර්ග පසුකලෙක එයට එක්වූ සර්ග ලෙස දක්වයි. මෙවන් වීරකාව්‍යයන් දෙකක් පවතින අතර එයින් පැරණිම වීරකාව්‍යය වන්නේ රාමායණ වීරකාව්‍යය යි. ඒ නිසාවෙන් ම එය ආදිකාව්‍යය ලෙස ද හදුන්වන අතර එය රචනා වී සංවර්ධනය වූ කාලය ලෙස දක්වන්නේ ක්‍රි.පූ 4වන සියවසේ සිට ක්‍රි.ව 2වන සියවස දක්වා වන කාලය යි. මීළග විරකාව්‍යය වන මහාභාරතය අයත් වන්නේ ක්‍රි.පූ 2වන සියවසේ සිට ක්‍රි.ව 4වන සියවස අතර කාලයට ය. මූලික වශයෙන් මෙම කෘති මෙසේ කාලපරාසයන්ට ඇතුළත් කිරීම සිදුකරනුයේ එහි දැකිය හැකි භාෂාව ආශ්‍රය කොට ගෙන ය.
වීරකාව්‍යයන් යනු වෙන වෙන ම ගෙන අධ්‍යයනය කළ යුතු තරමේ විශාල විෂයකි. මෙහිදී සිදුකරන ලද්දේ වීර කාව්‍යය ප්‍රභවය පිළිබද සුලු සටහනක් පමණක් වන අතර වීරකාව්‍යයන් පිළිබද ඇතැමුන් පවසන කරුණුවිමසා බැලීමට ඉඩ ලබාදීමය.

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...