අද වන විට බොහෝ දෙනා සංස්කෘත වීරකාව්‍යයන් පිළිබද උනන්දු
යැ යි සිතේ. වීරකාව්‍යය ලෙස පොදුවේ හැදින්වුව ද මෙහිදී මුල් තැනක් ලැබෙනුයේ ‘රාමායණය‘
නම් වීරකාව්‍යයට ය.එයට හේතුව වන්නේ එහි එන ප්‍රධාන චරිත වලින් එකක් ලංකාවේ විසුවා
යැ යි සැලකෙන රාවණ රජු විම ය. රාවණ රජු සත්‍යවශයෙන් සිටියේ ද? සිටියේ නම් පැවසෙන
තරම් ශක්තීන් හැකියාවන් තිබුනේ ද යන්න සෙවීම, විධිමත් සහ ක්‍රමානුකූලව මෙන් මැ
විවෘත්තව කෙරෙන ඉතිහාසය හැදෑරීමක් මගින් කළ යුතු ය. ඒ කෙසේ වෙතත් එම කාරණයනිසාවෙන්
බොහෝ දෙනෙකු රාමායණ වීරකාව්‍ය පිළිබද යම් යම් මත ඉදිරිපත් කරනවා පෙනෙන්නට තිබෙන
අතර ඒ කෙරෙහි අසීමිත විශ්වාසයක් තබනවා ද දක්නට ලැබෙයි. එය යුක්ති යුක්ත දැ යි සිතා
බැලිමට උපකාරයක් ලෙස මෙහි ලා පොදුවේ සංස්කෘත වීරකාව්‍යයන්ගේ ප්‍රභවය පිළිබද සුලු
සටහනක් තබන්නට සිතුණි.
![]() | |
රාමායනය |
ඒ කෙසේ ද යත්, බ්‍රාහ්මණ යුගයේ යාග පැවැත්වීමේදී උක්ත
සදහන් කෘතීන්හි එන කථා ජනයා ඉදිරියේ පැවසීම සිරිතක්ව පැවතුනේ ය. ඇතැම් අවස්ථාවල දී
අවුරුද්දක් තරම් කාලයක් මෙම කථා පැවසීම සිදුවී ඇත. මෙම කථා අතර දේව, ඍෂි, යක්ෂ,
රාක්ෂ, රාජ සහ භුත ආදී කථා ඇතුළත්ව තිබී ඇත. එම කථා ජනයා ඉදිරියේ පැසූවන්ට එම කථා
සම්ප්‍රදාය අනුව නම් යෙදී තිබුනු බව මහාභාරත පාඨ මගින් දැක්ක හැකි ය. තවද එම මතය
සනාත වන වැදගත්ම සාධකයක් වන්නේ බෞද්ධ ග්‍රන්ථයන්හි ද “පොරාණා ආහංසු“ (පුරාණය
කියෙව්වේ ය.) ලෙස සටහන්ව තිබීම ය. මෙලෙසට කෙමෙන් කෙමෙන් මෙම කථා ජනසම්මත කථාසාහිත්‍යයක්
බවට පත්වූ අතර එම කථා මගින් ආගමික උපදෙස්
දීමක් ද සිදුවී ඇත. බෞද්ධ ජාතකකථා ද එම ගණයෙහි ලා සැලකෙන අතර එම කථාවසුතූන් ද
වීරකාව්‍යයන්හී අතුරුකථා ලෙස දැක්ක හැකි වීමෙන් පැහැදිලි වන්නේ මෙම ජනසම්මත
උපදේශකථා මගින් වීරකාව්‍යයන් පොෂණය වූ බව ය.
![]() |
පැරණි මහාභාරතය පොතක ඇති කුරුපාණ්ඩව යුද්ධයේ සිතුවමක් |
![]() |
පැරණි මහාභාරතය පොතක් |
ඉදින් මෙලෙස ජනයා අතර අවුරුදු දහස් ගණනක් පටන් පැතිර
විසිර පැවතුණු කථා කාලයත් සමග එකට එක්වී වීරකාව්‍යයන් ලෙස සංග්‍රහ වී ඇත. එමෙන් ම
මෙය කලින් කලට සංවර්ධනය වූ බවද දැකිය හැකිය. එයට මූලික ම සාධකයක් වන්නේ වීරකාව්‍යයන්හි
එන ඇතැම් කථා පසුකාලයක ඊට එක්වී තිබීම ය. එමෙන් ම රාමායණයේ සර්ග හතෙන් පළමු සහ
අවසාන සර්ග පසුකලෙක එයට එක්වූ සර්ග ලෙස දක්වයි. මෙවන් වීරකාව්‍යයන් දෙකක් පවතින
අතර එයින් පැරණිම වීරකාව්‍යය වන්නේ රාමායණ වීරකාව්‍යය යි. ඒ නිසාවෙන් ම එය ආදිකාව්‍යය
ලෙස ද හදුන්වන අතර එය රචනා වී සංවර්ධනය වූ කාලය ලෙස දක්වන්නේ ක්‍රි.පූ 4වන සියවසේ
සිට ක්‍රි.ව 2වන සියවස දක්වා වන කාලය යි. මීළග විරකාව්‍යය වන මහාභාරතය අයත් වන්නේ
ක්‍රි.පූ 2වන සියවසේ සිට ක්‍රි.ව 4වන සියවස අතර කාලයට ය. මූලික වශයෙන් මෙම කෘති
මෙසේ කාලපරාසයන්ට ඇතුළත් කිරීම සිදුකරනුයේ එහි දැකිය හැකි භාෂාව ආශ්‍රය කොට ගෙන ය.
වීරකාව්‍යයන් යනු වෙන වෙන ම ගෙන අධ්‍යයනය කළ යුතු තරමේ
විශාල විෂයකි. මෙහිදී සිදුකරන ලද්දේ වීර කාව්‍යය ප්‍රභවය පිළිබද සුලු සටහනක් පමණක්
වන අතර වීරකාව්‍යයන් පිළිබද ඇතැමුන් පවසන කරුණුවිමසා බැලීමට ඉඩ ලබාදීමය.
No comments:
Post a Comment