හිංදි සාහිත්‍යය ඉතිහාසය අවම වශයෙන් වසර
දහසක් පමණ ඉතිහාසයකට දිවයන්නේ ය. මෙම සම්පූර්ණ හිංදී සාහිත්‍ය ඉතිහාසය යුග හතරකට
බෙදා දක්වා ඇත. ඒවා පහත පරිදි දැකවිය හැක.
- ආදිකාල් නොහොත් වීර්ගාථා කාල් චරණ් කාල් හෙවත් අපබ්‍රංශ කාල්
- පූර්ව මධ්‍යකාල් නොහොත් භක්තිකාල්
- උත්තර මධ්‍යකාල් නොහොත් රීතිකාල්
- ආධුනික කාල් නොහොත් ගද්‍ය කාල් හෙවත් ස්වතංත්‍රතා කාල්
මෙම යුග බෙදීම සිදු කර ඇත්තේ ඒ ඒ කාලයේ වැඩි
වශයෙන් ලියැවුණු සාහිත්‍ය කෘතීන් හි අන්තර්ගතය සලකා ය.
- ආදිකාල් නොහොත් වීර්ගාථාකාල් චාරණ් කාල් හෙවත් අපබ්‍රංශ කාල්
පෘථීවිරාජ් රාසෝ |
ආදිකාල් යන්නෙහි අර්ථය වන්නෙ මුල් යුගය යන්න
ය. මෙම නාමකරණය සිදු කරන ලද්දේ ආචාර්ය අසාරීප්‍රසාද් ද්විවේදී විසිනි. එහි දී
එතුමා දක්වනුයේ හිංදී සාහිත්‍යයේ ආරම්භය සටහන් කරමින් බිහි වූ නිර්මාණ මෙම යුගයේ
ඇති බව ය. එමෙන් ම අපබ්‍රංශ භාෂාවෙන් වෙනස් වෙමින් පැවති හිංදී භාෂාවේ මූලික
ස්වරූපයෙන් යුතු භාෂාවක් මෙම යුගයේ භාවිත අතර එයින් හිංදී සාහිත්‍යයේ මුල් යුගය
සටහන් වන බව පැහැදිලි වේ. මෙම කාලයෙහි වීරත්වය පිරුණු සාහිත්‍ය නිර්මාණ බොහෝ සේ
බිහි වූ නිසායෙන් මෙම යුගය වීර්ගාථා කාල් නමින් ද හඳුන්වනු ලැබේ. වීර්ගාථා කාල් යන
නාමය මෙම යුගය සඳයා යොදන ලද්දේ ආචාර්ය රාම්චන්ද්‍ර ශුක්ල විසිනි. නුමුත් ශ්‍රී
මොතිලාල් මෛනාලියා සහ ආචාර්ය අසාරීප්‍රසාද් ද්විවේදී ප්‍රධාන පිරිසක් එම මතයට
විරුද්ධව කරුණු දක්වා ඇත. ඒ අතර ප්‍රධාන වන්නේ බීසල්දේව් රාසෝ මෙන් ම පහේලියාං
වැනි කාව්‍ය නිර්මාණයන් ගේ වීරත්වය ප්‍රධාන වූ ස්වරුපයක් දක්නට නො ලැබෙන බව හුවා
දැක්වීම ය.
කෙසේ වුවත් මෙම කාලයෙහි මුල් අර්ධයෙහි ද්කනට ලැබෙන්නෙ
විවිධ අනුභූතීන් ගෙන් යුතු සාහිත්‍ය නිර්මාණ ය. එ අතර ශෘඞ්ගාර ධර්ම නීති වීර යන
අනුභූතීන් යොදාගෙන ඇති බව දැක්ක හැකි ය. පසුව සිදුවන මුස්ලිම් ආක්‍රමණ නිසාවෙන්
රජවරුනට මුහුනදෙන්නට සිදු වූ යුද්ධ සහ එහි දී රජවරු දැක්වූ දස්කම් ආදිය වර්ණනා
කරනා සාහිත්‍ය කෘති බිහිවන්නට විය. මෙම කාලයේ කවියන් රජු සමීපයේ ම රැදී සිටි අතර
රාජසභාවට තම නිර්මාණ ඉදිරිපත් කළහ. එමෙන් ම ඇතැම් විට
මෙම කවියෝ රජු සමග යුද්ධ
භූමියට ද ගොස් අත්දැකමෙන් ම යුද්ධය පිළීබද සහ රජු ගේ වික්‍රමයන් ගැන නිර්මාණ
ඉදිරිපත් කළහ. මෙම කවියන් චාරණ් කවියන් ලෙස හඳුන්වා ඇත. මෙම කවියන් ගේ නාමය මුල
කොට ගෙන ආචාර්ය රාම්කුමාර් වර්මා විසින් මෙම යුග චාරණ්කාල් ලෙස නම් කළ ද විද්වතුන්
විසින එය බැහැර කිරීමට යෙදුනේ ඒතුමා විසින් උපුටා දක්වන කෘතීන් හැරුණු විට එම
උපුටාදැක්වීමට හසු නො වූ අන්‍යාකාර කෘතීන් බොහෝ වන බව දක්වමින් ය. එනම් උක්ත
අනුභූතීන්ට අමතර ව මෙම යුගයේ දී ජෛන බෞද්ධ සිද්ධ නාථ සාහිත්‍යයන්ය අදාල කෘතීන් ද
දක්නට ලැබෙන්නේ ය.
චංද්බර්දාඊ |
ආචාර්ය අසාරීප්‍රසාද් ද්විවේදී |
මෙම කාලය වික්‍රම් සංවත් 1050 සිට වික්‍රම් සංවත්
1375 දක්වා කාලය ලෙස සලකත්. වික්‍රම් සංවත් යනු වික්‍රමාදිත්‍ය රජු ගේ කාලයෙන් පසු
යුග වන්නේ ය. වික්‍රම් වර්ෂයෙන් වර්ෂ පනස්හතක් අඩු කිරීමෙන් ව්‍යවහාර වර්ෂය ද ව්‍යවහාර
වර්ෂයට වර්ෂ පනස්හතක් එක් කිරීමෙන් වික්‍රම් වර්ෂය ද ලබාගත හැක.
මෙම යුගයේ සිටි කවියන් ගෙන් රජු වර්ණනාවට
අසුකළ කවියෝ චාරණ් කවි නම් වූහ යැ යි උක්ත වන සේ ම එම කිවියන් ගේ නිර්මාණ රාසෝ
කෘති නමින් හඳුන්වන්නේ ය. රාජ වර්ණනාවන් වුවද එම කවි තුළ රජුට ප්‍රශංසා කිරිම
ශෘඞ්ගාර රසය ස්ත්‍රි සෞන්දර්යය ඉතිහාසාගත තොරතුරු ඇතුළත් විය. එමෙන් ම හිංදී
සාහිත්‍යයේ ප්‍රථම මහාකාව්‍ය වන පෘථීවිරාජ් රාසෝ මෙම යුගයට අයත් කාව්‍යයක් වන්නෙ
ය.
ආචාර්ය රාම්චන්ද්‍ර ශුක්ල |
එම යුගයට අයත් ප්‍රධාන කවියන් සහ කෘති පහත
පරිදි දැක්විය හැක.
- නර්පති නාල්හ ගේ බීස්ලදේව් රාසෝ
- චංද්බර්දාඊ ගේ පෘථ්වීරාජ් රාසෝ
- ජගනික් ගේ පර්මාලා රාසෝ නොහොත් ආල්හාංඛඩ්
- ජල්හන් ගේ බුද්ධි රාසෝ
- නල්ල සිංහ ගේ විජය්පාල් රාසෝ
- දල්පතිවිජය් ගේ ඛුමාන් රාසෝ
- අමීර් ඛුස්රෝ ගේ ඛුස්රෝ කී පහේලියාං
- විද්‍යාපති ගේ විද්‍යාපති පදාවලී
වැඩිදුරටත් රාසෝ ග්‍රන්ථ පිළිබඳ විස්තර https://senjibqa.wordpress.com/2011/11/25/%E0%A4%86%E0%A4%A6%E0%A4%BF%E0%A4%95%E0%A4%BE%E0%A4%B2/ වෙබ්අඩවියෙන් ලබාගත හැක.
No comments:
Post a Comment