රාවණ සංකල්පය සහ එය ව්‍යාප්ත වීමට හේතු. Rawana



ජනප්‍රවාද සහ පුරාවෘත්ත යනු ලොක්යේ සෑම තැනක ම වෙසෙන ජනයා අතර ජාතීන් අතර විවිධාකාරයෙන් පවත්නා වූ දේ ය. එම ජනප්‍රවාදයන් සාහිත්‍යාගත තොරතුරු සේ ම ජනකථා ආදියෙහි ද ඇතුළත් වී තිබෙන්නේ ය. බොහෝ විට එහි වන සත්‍යාසත්‍ය තාව කුමක් ද යන්න පිළිබඳ තර්කානුකූල ස්තිර නිගමනයක් ඉදිරිපත් කිරීමට නො හැකි වන්නේ සාක්ෂ්‍ය සහිත වැ ඔප්පු කිරීමේ ඇති නො හැකියාව නිසාවෙන් යැ. කෙසේ වුවත් ලංකාව තුළ දු මෙවැනි ජනප්‍රවාද ව්‍යෘප්ත වැ ඇතැ. ඒ අතර අද්‍යතනයේ බොහෝ ජනප්‍රිය සහ ප්‍රචලිත ජනප්‍රවාදයක්වන්නෙ රාවණ පිළිබද ඇති ජනප්‍රවාදය යැ. මෙහි දැක්ක හැකි විශේෂත්වයක් දු වන්නෙ යැ. එනම් මෙම මතය අද්‍යතනය වන විට විවිධාකාරයෙන් සමාජගත වී විවිධාකාරයෙන් පැතිරීම යැ. එනම් මුල් ජනප්‍රවාදාගත කථාවට සිද්ධියට වෙනස් වෙමින් වෙනස් වෙනස් මුහුණුවර කීපයකින් මෙය සමාජයේ ගලා යෑම යැ. කිසිදු ආකාරයක ජනප්‍රවාද හෝ සාහිත්‍යාගත තොරතුරු නොමැති නුමුත් ගොඩනැගී ගිය කථා සිද්ධී සමූහයක් මේ තුළ අද්‍යතනය වන විට දක්නට ලැබෙයි. මෙම පරීක්ෂණය අරමුණු කරනුයේ රාවන සංකල්පයේ අද්‍යතන ස්වරූපය ස්වරූප මොනවා ද එම සංකල්ප එසේ ඇති වීමට පැවතීමට බලපා ඇති කරුණු මොනවා ද යන්න සොයා බැලීම යැ.
            ඒ සඳහා පළමුවෙන් අද්‍යතනයේ පවතින් රාවණ සංකල්පය කුමන ආකාරයේ දැ යි සැකවින් හඳුනාගත යුතු ය. මෙම හදුනාගැනීම සදහා ක්‍රම විධි කීපයක භාවිත කළ අතර ප්‍රධාන ම ක්‍රමය නම් විවිධ පුද්ගලයන්ට ලබාදුන් ප්‍රශ්න කීපයකට ලැබුණු පිළිතුරු මගින් කරුණු එක් කර ගැනීම ය. අනේක නම් මේ විෂය පිළිබඳ වැ ලියවී ඇති පරීක්ෂණ කෘති පුවත්පත් සඟරා ලිපි මෙන් ම පරීක්ෂණ කෘති ලෙස පෙනී යන ආකාරයෙන් හෝ හුදු කථා ස්වරූපයෙන් හො මෙම සංකල්පය ජනගත කිරීමට ලියැවුණු නවකථා සහ පද්‍ය කෘති ආදිය ය.
අද්‍යතනයේ දක්නට ලැබෙන රාවණ සංකල්පය උක්ත බඳ වුව දු අපට දක්නට ලැබෙන පැරණි ම මූලාශ්‍රයන් ගේ රාවණ සංකල්පය දක්නට ලැබෙන ආකාරයේ වෙනසක් දක්නට ඇත. එම පැරණී සාහිත්‍යාගත කෘතීන් වන රාමායණය, මහාභාරතය, ජානකීහරණය, ලඞ්කාවතාර සූත්‍රය ශීවතාණ්ඩවස්තෝත්‍රය,  උඩ්ඪිස තන්ත්‍ර සහ කුමාරතන්ත්‍ර වැනි කෘතීන් කෙරෙන් නිස්සරණය කරගත හැකි.
            අවසනට දැක්වූ සංකල්පයන් ගෙන් පළමුව දැක්වූ සංකල්පයන් ඇති වීම විය යුතු බව පැහැදිලි ය.මක්නිසාද යත් පළමු සංකල්පයන්ට වඩා දෙවන සංකල්පයන් පැරණි වන නිසායෙන් යැ. එසේ වුවත් ඒ ආකාරයේ වෙනස් වීමකින් මෙම සංකල්පය චරිතය අද්‍යතනය වන විට වැඩීයාමට හේතු වූ කාරණා මොනවා ද යන්න සෙවිය යුතු ය. ඒ සඳහා අද්‍යතන මතය තව දුරටත් විමසිය යුතු ය. ඒ සඳහා අද්‍යතනයේ වන මත සියල්ල ස්වරූප අනුව කොටස් දෙකකට බෙදා වෙන් කර ගත හැකැ.
     එනම් විකල්ප ඉතිහාස ස්වරූපී මත සහ ආගමික ස්වරූපී සංකල්ප ලෙස  යැ. විකල්ප ස්වරූප යනු මෙරට ශිෂ්ටාචාරවත් වූ තාක්ෂණික් දියුණුවක් ඇත්තා වූ ඉතිහාසය ආරම්භ වන්නෙ විජයගෙන් හෝ මහේන්ද්‍රාගමණයෙන් නො වැ බුදුන් වහන්සේටත් පූර්වයෙන් සිටි යක්ෂ ගෝත්‍රික වූ රාවණා ගෙන් සහ ඊටත් පූර්වයෙන් සිටි පිරිසක ගෙන් බව යැ. මෙම මතය ගොඩනගනවුන් පූර්වයෙන් දැක්වූ ලෙස ගුවන්යානා තැනීම රොකට් පරමාණු තාක්ෂණය ඈ කරුණු දක්වනනේ යැ. එම කරුණු දැක්වීම තුළැ දැකිය හැකි වන්නා වූ ප්‍රධාන මැ ලක්ෂණය වන්නේ යුරෝපය සහ භාරතය මෙරට ඉතිහාසය අභියස තාක්ෂණය සහ ශක්තිය අතින් ළදරුවන් සේ වන බව යැ.
            මෙම සංකල්පය ගොඩනැගීමට හේතුවන මූල බීජය ඇති වන්නෙ සිංහලයා ගේ ආරම්භය පිළිබද වන ජනප්‍රවාදය නොහොත් බොහෝ දෙනා පිළීගන්නා විජයාගමනය නිසාවෙන් යැ. එහි දී කියැවෙනනෙ සිංහලයා සිංහයන්ට දාව ඇති වූ බව යැ. මෙය සිංහයෙකු වැනි මිනිසෙක් හෝ වනචාරී මිනිසෙක් හෝ වෙන යම් ආකාරයකින් හෝ අර්ථකථනය කිරීමට ද කටයුතු කරන්නේ ඉතිහාසය ලියැවීමේ දී අවශ්‍යයෙන් මැ සිදුවන සාහිත්‍ය කරණය නිසා එවන් දෙයක් සිදුකිරමේ හැකියාව ඇතැ. එම සකුරණ කෙසෙ වුවත් දෙවන කරුණ එසේ සාහිත්‍ය කරණය කිරීමට නො හැකි වන්නේ යැ. එය නම් විජය භාරතීයයකු වීමත් භාරතයෙන් මෙරට ජනාවාස වීමත් යැ. එමෙන් ම විජය යනු රටින් නෙරපූ කෙනෙක් වීම ද ගැලුවන් වන්නෙ යැ. මෙරට ඉතිහාසයත් වර්තමානත් යන දෙකේ දී මැ විශෞෂ තැනක් ගන්නා රටක් වනනේ නම් ඒ භාරතය යැ. අප ගේ සංස්කෘතිය ආගම ජාතිය යන සියල්ල හිමි වූයේ භාරතයෙන් යැ. එම කරුණ දේශමාමත පිරිස් සමහරක ගේ සිත කනස්සලු කිරීමට හේතු වී ඇත. ඔවුන් විසින් කියා සිටිනුයේ විජයාගමනය සිදු වුවදු ආගම හැරුණු විට අන් කිසි මැ දෙයක් භාරතයෙන් හිමි නො වුණු බව යැ. තවත් පිරිසක් පවසන්නේ ආගම දු භාරතයෙන් නො ලැබුණු බව යැ. එම මතය මගින් මෙම ජාත්‍යාලය සහ දේශමාමකත්වය යම් පිරිසක් කෙරෙහි ක්‍රියාත්මක වන ආකාරය ගැනැ අදහසක් ගත හැකැ.
පළමුවෙන් මැ ඔවුහු රාවණ ගේ යුගය බොහෝ අතීතයට ගෙන යයි. එය බොහෝ විට වෛදික යුගයට ආසන්න කාලයක් වන්නෙ යැ. එම යුගය සාමාන්‍යයෙන් භාරතීය ඉතිහාසයේ ආරම්භය සටහන් කරන්නා සේ ම යුරෝපීය ඉතිහාසයේ ආරම්භත අවස්ථාව ද වන්නෙ යැ. එම නිසා රාවණ ගැනැ එම යුගයේ කරුණු දැක්වීම  මගින් රාවණ උසස් තැනැකැ තැබිය හැකැ.
පසු වැ යුධ තාක්ෂණය පිළිබද වැ කරුණු දක්වන්නෙ යැ. එහි දී උපකාර කරගනුයේ රාමායණ වීරකාව්‍යයේ එන්නා වූ කාව්‍යාත්මක විස්තරයන් යැ. එතැනින් පිට ඇත්තා වු එකදු සාක්ෂ්‍යයක් හෝ රාවණ ගේ ආයුධ ගැන එවන් විස්තරයක් කිරීමට සුලුවේන හෝ උපකාර නො වනනෙ යැ. මෙමගින් ඔවුහු උත්සාහ කරනුයේ යුරෝපිකයාට පළමුවෙන් ; යුරෝපිකයා පිහි උදලු සෑදීමටත් පළමුවෙන් සිංහලයෝ නොහොත් හෙළයෝ රොකට් බෝම්බ වැනි දියුණු ආයුධ සෑදු බව ය රාමායණයේ දැක්වූ වර්ණනාවන් ගෙන් මෙවන් සංකල්පයක් ගොඩනගා ගැනීමේ අවශයතාව හෝ හෙතුව කුමක් වන්නේ ද? මෙරට වසර තිහකට ආසන්න ප්‍රමාණයක් යුද්ධයක් කරමින් සිටි ජාතියක් වුණු අතර දේශීය ආරක්ෂාව උදෙසා යුධ වැදීම පිණිස විවිදෘකාරයේ ආයුධයන් ගේ අවශ්‍යතාව මතුවිය. එම අවශයතාව මත යුරෝපීය සහ ආසියානු දේශයන් ගෙන් ආයුධ ලබා ගැනීම සිදුවිය. මෙම තත්ත්වය මත දේශමාමක චින්තනය මෙම අවස්ථා කියවනු ලබනුයේ අප වෙනස් රටක් හෝ ජාතියක් ඉදිරියේ අවතක්සෙරු වීමක් ලෙසට යැ. අපට අප ගේ ආරක්ෂාව තනිව මැ සාදාගැනීමට නො හැකි වීමක් ලෙසින් යැ. එම මානසික ඍක්තය පිරවීම පිණිස යමක් අවශ්‍ය වන්නෙ යැ. එම අවශ්‍යතාවය වෙනුවෙන් ඓතිහාසික චරිතයක් ගෙන පුරාණයේ හෙළයා ගේ තත්ත්වය ඒ මත නිරූපණය කරන අතර එහි දී ඔහු විසින් දියුණු ආයුධ නිර්මාණය කිරීමටත් යුද්ධ කිරීමටත් ඉතා දක්ෂ ජාතියක් වූ බව පෙන්වා දේනනේ යැ.
     රාවණ ගේ නිර්මාණයක් ලෙස සීගිරිය දැක්වීම මගින් බලාපොරොත්තු වනුයේ රාවණ ඓතිහාසික සාධකයක් බවත් ඒ බව ඔප්පු කිරීම සදහා එය සාධකයක් වන බව දැක්වීමත් යැ. එමෙන් ම මේ තරම් නිර්මාණයක් කාශ්‍යප රජුට කිරීමට හැකි වූයේත් රාවණ රජු ගේ මූලික නිර්මාණය තිබූ නිසා යැ යි ද පසුකාලීන වැ ඒ මත කළ නිර්මාණය මෙතරම් අගනේ නම් පුදුම එලවන සුලු නම් මුල් රාවණ රජුගේ නිර්මාණය මීටත් වඩා පුදුම එලවන සුලු නිර්මාණයක් වන බව දක්වන්නෙ යැ. එමෙන් මැ තවත් පිරිසක් පවසනුයේ සීගිරිය රාවණ ගේ වැඩිමහල් සොයුරු කුබේර නොහොත් වෛශ්‍රවණ ගේ නිර්මාණයක් වන බව යැ. මේ සියල්ලගෙන් මැ අදහස් කරනුයේ රාවණ ඓතිහාසික චරිතයක් බව පෙන්වීමට සාධක දැක්වීම යැ. මේ හා සමාන වන්නා වූ වෙනත් සාධක දැක්වීමක් ද වන්නෙ යැ. එනම් උමං මාර්ග සහ ජල උමං මාර්ග යැ. ඔවුන් පවසන ආකාරයට රාවණ ගමන් මාර්ග වෙනුවට උමං භාවිත කර ඇති අතර භුගත උමං මාර්ග සේ ම භුගත රහස් මාලිගා ද රාවණ සතු වැ තිබී අතැ. මෙම මතය දු අද්‍යතනයේ දැක්ක ඇති උමං සහ භුගත ජලමාර්ග කීපයක් රාවණ පිළිබඳ ඇති සාධක ලෙස දැක්වීමකැ.
            පෙර දැක්වූ කරුණු දෙක අරබයා වැඩි වර්ධනය කරගත් රාවණ සංකල්පය පවත්වා ගැනීමට සාධක අවැසි නිසා සේ ම එම චරිතය තවදුරටත් උච්ඡ ස්ථානයේ තැබීම සඳහා ඇති අවශ්‍යතාව නිසා මතු වූ සාධක ලෙස මෙම කරුණු දැක්විය හැක. තමන් විසින් නිපදවන ලද නො වුණ ද තමන් විසින් වැඩිවර්ධනය කරන ලද්දා වූ චරිතය පවත්වා ගැනීම සහ උසස් කිරීම නිසා තමා ගේ ප්‍රාසය ඉටු වීම හොදින් සිදුවන නිසා මෙවන් කරුණු මගින් රාවණ සංකල්පය පෝෂණය කරන බව දැක්ක හැකැ.
            ඒ සදහා ඔවුහු යොදාගන්නා තවත් බොහෝ දේ ඇත. පැරණි මැ මූලාශ්‍රය වන රාමායණය නො දක්වන චරිතයක් වන දේවයාණි නම් රැජනක් සේම  හිංදූ පුරාණයන් ගේ එන අසුර චරිත සියල්ල ම දු මෙරට සිටි බවට උපකල්පනය කර ඒ මත විවිධෘකාරයේ කාල නිර්ණයන් සහ කථෘ නිර්මාණය කරනනෙ යැ. උදාහරණයක් ලෙස වසර 7500 කට පෙර දේවයාණි නම් රැජනක් සිටි බවත් ඊටත් බෙර බලි නම් රඩෙක් මෙරට වුණු බවත් දක්වන කථෘන්දර දැක්විය හැකැ. එමෙන් ම ශීව යනු මෙරට සිටි රජකෙනෙක් වන බවත් මහාසම්මත මතය නම් මෙරට තිබුණු මතය කඩ කිරීම නිසා මෙරටින් පිටුවහල් කළ බවත් පසුව භාරතයට ගොස් රාජ්‍යයක් පිහිටවූ බවත් ඔවුහූ බවසත්. නුමුත් මේ සදහා යොදාගත් කිසිදු මූලාශ්‍රයක් නැතැ.
            මේ සියල්ල ගොඩනගා ඇත්තේ විවිධ හේතු නිසා ගොඩනගා ගත් වර්ධනය කරගත් රාවණ චරිතය තව දුරටත් පවත්වා ගැනීමට යැ. එම චරිතය අවැසි වන්නෙ අප දැනට වඩා උසස් ජාතියක් වූ බව දැක්වීමට යැ. ඒ බව මෙම විස්තර දැක්වීමේ දී නිරන්තර දක්වන “හෙළයෝ අන් සියලු ජාතීන්ට වඩා උසස් යැ“ යන කියමන ම සාක්ෂ්‍ය කළ හැකැ.
            මීට අමතර රාවණ රජු පිළිබඳ ආයුර්වේද සාහිත්‍යයේ සහ ඒ ආශ්‍රිත ජනප්‍රවාදයන් ගේ එන කරුණු ද මෙම පිරිස මෙම කථා ගොඩනැගීමේ ලා යොදා ගන්නෙ යැ. ජනප්‍රවාද ලෙස පවතින හෝ සාහිත්‍යමය ලෙස බවතින එම කතා දු රාමායණාගත කරුණු සේ මැ වෙනස් කරමින් භාවිත බව දැක්ක හැකැ. එනම් රසවිද්‍යාව පිළිබද රාවණ ගේ දස්කම දියුණු කරන ඔවුහු රාවණ රසවිද්‍යාවෙන් රත්රන් නිපදවා ලංකා පුරය මැ රනින් නිමකළ බවත් රවසිද්‍යා බලයෙන් රසායනික අවි නිපදවූ බවත් ගුවන් යානා නිපදවූ බවත් දක්වනනෙ යැ. නුමුත් ඒ සඳහා කිසි දු සාධකයක් දක්නට නැතැ.
     මෙම පිරිස විසින් ඉදිරිපත් කරනුබලන්නා වූ තවත් එක කරුණක් වනනෙ රාවණ හෝ ඒ පරපුරෝ පිරිස විසින් ලෝකය ජනාවාස කළ බව යැ. ඉන්දුනිම්නය මිසරිය සේ මැ ඇමරිකා මහද්වීප වාසිත වූ මායාවරු සහ ඉන්කාවරු ද පැවත එන්නේ මෙම පරපුරෙන් බව යැ. මෙය දු සනාත කිරීම විෂයෙහි සැලකිය හැකි කිසි දු සාධක එලවීමක් දක්නට නැතැ.
            මෙම සංකල්පය ඇති වීම සඳහා හේතු කීපයක් ඇති බව දැක්ක හැකැ. එකක් නම් ඉතිහාසය පුරාවට මැ මෙරටට ආක්‍රමණ සිදු වුණෘ මිස මෙරටින් කළ ආක්‍රමණ ඇතොත් ඒ එකක් හෝ දෙකක් පමණක් වීමත් ඒයින් ද රටක් පාලනය කිරීම හෝ ජනාවාස කිරීම සිදු නොවීමත් ය. නුමුත් මෙරටට සිදු වූආක්‍රමණ නිසාවෙන් මෙරට ජනාවාස වීමත් ආක්‍රමණිකයන් මෙරට පාලනය කිරීමත් එනිසා සංස්කෘතික වෙනස් වීම් ඇති වීමත් සිදු වීම යැ. මේ කරුණු නිසා දේශභක්තිය මුල් කොට ගත් පිරිසකට උක්ත කරුණු සමග සටන් කිරීමට කරුණු අවශ්‍ය වන්නේ නො පෙනෙන නො දන්නා ඉතිහාසයක සිටි චරිතයකට හෝ චරිත කීපයකට එම තත්ත්වයන් ආරෝපණය කරන්නෙ යැ.
            මෙම සංකල්පයන් ගේ දෙවන ස්වරූපය වන ආගමික ස්වරූපය ඇති වීමට මෙම පළමු ස්වරූපය බොහෝ සේ බලපා ඇති බව පෙනේ. එනම් පළමු ස්වරූපය නිසාවෙන් ආගමික ස්වරුපය ඇති වන බවක් දැකිය හැකි යැ.
            පළමුවෙන් ම රාවණ යනු විශාල බුද්ධීයකින් යුතු පුද්ගලයෙක් ලෙස හුවාදක්වන අතර පසුව එය බලයක් ශක්තියකි බවට වර්ධනය කර ඇත. ඍග්වේදයේ පටන් වේදය ලියනු ලැබූවේ රාවණ විසිනැයි කීමත්, බ්‍රහ්ම ගෙන් ලබාගත් අමරණීය වීමේ වරය ගැන සංකල්පයත් ප්‍රධාන කරුණු වන්නේ යැ. ඉන් පසු වැ රාවණ නො මැරුණු බවත් රාවණ නැවත නැගිටින බවත් ඔහු ගේ දේහය කන්දකැ නිදන් කර ඇති බවටත් සංකල්පයන් ගොඩනගන්නේ යැ. මෙය පැහැදිලි වැ මැ ආගමක් නො වූව දු ගුප්ත වූ ආගමික ස්වරූපයක් මෙයින් දැකිය හැකැ.
            මෙය ඇති විමට හේතුව ලෙස දැකිය හැකි වන්නේ සාමාන්‍යයෙන් දේවවාදී ආගම් ඇකි වීමේ හේතුව මැ වන ගුප්ත ස්වභාවය කෙරෙහි වන බිය යැ. යම් ගුප්ත දෙයක් බලවත් යැ යි සංජානනය වන්නේ නම් ඒ දෙය කෙරෙහි බියක් ඇතිවන්නේ යැ. මුල් යුග යේ ආගමක් ඇති වීමේ දී මෙම මානව ස්වභාවය මුල් වී ඇතැ. එමෙන් ම පසුව එම ගුප්ත දේ වන්දනා කිරීමෙන් ඒ කෙරෙහි පූජා පැවැත්වීමෙන් එයින් යම් දෙයක් ලබාගැනීමේ හැකියාවක් ඇතැයි යන විශෟවාසය ඇති වන්නේ යැ. ඍග් වෛදික යුගයේ පටන් බ්‍රාහ්මණ යුගය දක්වා වෛදික ආගම මේ සදහා සාක්ෂ්‍ය වන්නෙ යැ.

2 comments:

  1. වර්තමාන දේශමාමකයන්ගේ රාවණ සංකල්පය හුදෙක්ම ෆැන්ටසියක් පමණි.. රාවණා සිටියා යැයි සනාථ කිරීමට ගඩොල් කැබැල්ලක් හෝ ලැබී නොමැත..

    ReplyDelete
    Replies
    1. ඇත්තල නුමුත් එය තේරුම්ගන්න තරම් විවෘත මනසක් බොහා් දෙනාට අහිමි යි.

      Delete

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...