දෙවියන්වහන්සේ අල්ලාහ් සහ බ්‍රහ්මන් - God Allah & Brahman



              දර්ශනවාදයක් මූලික වශයෙන් කොටස් දෙකකට බෙදී යන්නේ යැ. එනම් විඥානවාදය සහ භෞතික වාදය යැ. එයින් භෞතිකවාදය වනාහී සාංදෘශ්‍ය සාධක සහ විධියක් මගින් සනාත කළා වූ යමක් වේ ද එය පිළිගන්නා වූ පරීක්ෂණාත්මක දර්ශනයක් වන අතර නෙක් විඥානවාදී කොටස බොහේ විට ආගම් විෂයෙහි මැ වැටෙන්නේ වේ. එයට හේතුව නම් විඥානවාදය භෞතිකවාදය සේ සාංදෘශ්‍ය වැ පරීක්ෂණාත්මක වැ පෙන්වා දිය නො හැකි නිසාවෙන් යැ. ලොක්යේ පවතින ආගම් විඥානවාදී වන අතර ඒ අතරින් බහුතරයක් ආගම් දේව විශ්වාසය මත පදනම් වැ සිටී. ඉදින් දෙවියන් යනු සාංදෘශ්‍ය නො වන්නේ විඥානවාදය හුදු විශෟවාසය මත පවතින්නක් ලෙස දැක්විය හැකැ.
            කෙසේ වුවත් විඥානවාදය තුළ පවතින ආගමික මතවාද ද දේවවාදී සහ අදේවවාදී ලෙස කොටස් කළ හැකැ. එයින් දේවවාදයට අයත් වන්නේ කතෝලික ඉස්ලාම් බ්‍රාහ්මණ වැනි ආගම් වන අතර අදේවවාදී කොටසට වැටෙනුයේ බෞද්ධ ජෛන ආදි ආගමික දර්ශනයන් යැ. මේ දෙක අතර පැහැදිලි වෙනසක් දකින්නට ඇති නුමුත් මෙසේ පැහැදිලි ලෙස වර්ග කළ නො හැකි ස්වභාවයකින් යුතු දර්ශනවාදයක් දු ඇතැ. එය උච්චත ම අවස්ථාවකට පත්වී අද්වෛත වාදය ලෙස හඳුනාගත හැකි වුවත් අද්වෛත වාදය වර්ධනය වනුයේ උපනිෂද් දර්ශනය අලලා වන නිසා මෙහි දී එය උපනිෂද් දර්ශනය ලෙස සලකන්නේ යැ. මෙම දර්ශනවාදය පැහැදිලි ලෙස දේවවාදී හේ අදේවවාදී ලෙස වර්ග කිරීමේ හැකියාවක් දක්නට නැතැ. එනම් මෙහි අන්නා වූ බ්‍රහ්මන් යනු සාමාන්‍යයෙන් අනෙක් දේවාවදී අගාම්වලැ දක්නට ලැබෙන්නා වූ දෙවියන් වහන්සේ ගේ තවත් එක් ආකාරයක් නො වන බව යැ.
දෙවියන් වහන්සේ
            මේ පිළිබඳ පැහැදිලි කරගනු සඳහා පළමුකොට කතෝලික සහ ඉස්ලාම් ආගම්වලැ දක්නට ලැබෙන දේවසංකල්පය පිළිබඳ කරුණු දැනගැනීම ඵාසු වන්නේ ඒ මෙසේ යැ. බයිබලය තුළ දැක්වෙන්නා වූ දෙවියන් වහන්සේ (හෝ ත්‍රිත්වය මගින් දැක්වෙන දෙවියන් වහන්සේ) ගැනැ මුලින් මැ සටහන් වනුයේ උත්පත්ති පොතේ යැ.
“ආරම්භයේ දී දෙවියන් අහසත් පොළවත් මැවූ සේක“
            මෙසේ අරම්භ වෙමින් ගලායන ශු. බයිබලය ආරම්භයේ දී මැ සනිටුවයහ් කරන දෙයක් නම් එහි දැක්වෙයන දෙවියන් යනු පුද්ගල ස්වරූප වන බව යැ. එය උත්පත්ති 1.26 දී වඩාත් හොඳින් තහවුරු වන්නේ යැ.
“ඉන් පසු දෙවියන් වහන්සේ අප ගේ ස්වරූප අනුව, අප ගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහීෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා! යි අන කළ සේක.“
            දෙවියන් වහන්සේ ගේ ස්වරූපය මෙසේ වන අතර මැ උන්වහන්සේ ගේ ක්‍රියාවන් දු පුද්ගල ස්වරූපයක් ගන්නා බව පෙනී යා. උත්පත්ති හි ජාකොබ්ට ආශීර්වාද කිරීම යටතේ 1.35. දී දෙවියන් වහන්සේ ජාකොබ්ට ආමන්ත්‍රණය කරමින්, “නැගිට බෙතෙල් කරා ගොස්, එහි පදිංචි වන්න....“ ආදි ලෙස පවසයි. මේ හුදු එක් අවස්ථාවක් පමණි නුමුත් බොහෝ අවස්ථාවන්හි දී පැරණී ගිවිසුම තුළ දෙවියන් විවිධ පුද්ගලයන් මේ ආකාරයෙන් ඍජුව ඇමතූ බව සටහන්වේ.
            නුමුත් නව ගිවිසුම දක්වා එන විට දෙවියන් ගේ ස්වභාවය පැරණී ගිවිසුමට වඩා සියුම් භාවයට පත් වී ඇති ආකාරය දැක්ක හැකැ. එහි ලා සෑම තැනක මැ පාහේ දෙවියන් වහන්සේ දැක්වෙනුයේ මනුෂ්‍යපුත්‍රයා ගේ මාර්ගයෙනි එනම් ජේසුස් වහන්සේ ගේ මාර්ගයෙනි. එමෙන් මැ දෙවියන් වහන්සේ නොහොත් මනුෂ්‍යපුත්‍රයා ගේ පියාණන් වහන්සේ ජේසුස් වහන්සේ අවබෝධයේ පවතින බවත් ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේ ම බවත් දැක්වෙන්නේ යැ.
“එහෙත් මා විනිශ්චය කළත්, මා ගේ විනිශ්දය සැබෑ ය. මන්ද, මා විනිශ්චය කරන්නේ තනිය ම නොව, මාඑවා වදාල පියාණන් වහන්සේත් සමග ය.“ (ශුද්ධවර ජොහන් 8.12)
“ඔබ මා හදුනන්නහු නම් මා ගේ පියාණන් වහන්සේත් හඳුනනවා ඇතැ යි වදාළ සේක“
(ශුද්ධවර ජොහන් 8.19)
“ඔබ මනුෂ්‍ය පුත්‍රයන් ඔසවා ලූ කල මා උන්වහන්සේ ම බවත්, පියාණන් වහන්සේ මට මට ඉගැන්වූ ලෙස මෙසේ කථා කරනවා මිස, මා ගේ මඅධිකාරීත්වයෙන් මා....“
(ශුද්ධවර ජොහන් 8.28)
            මෙයින් පෙනීන දේ නම් උක්ත සේ මැ මුලින් පැවති දේවසංකල්පය මේ වන විට යම් සියුම් භාවයකට පත් වැ මූලික පුද්ගල ස්වරූපය වෙනුවට ඊට සියුම් රක් නිශ්චිත පුද්ගලයෙකු මතැ පවති ස්වභාවයට වර්ධනය වී අතැ. නුමුත් මෙහි ලා අමතක නො කළ යුතු දේ නම් මුලින් මැ උත්පත්ති පොතෙහි දැක්වූ කිසිවක් කිසි තැනැ ප්‍රතික්ශේප නො වී තිබීම යැ. තව ද ශුද්ධවර ජොහන් හිදී ම 8.57 දී ජේසුස් වහන්සේ පවසනුයේ “ආබ්‍රහම් උපදින්නටත් පෙර මම වෙමි“ කියා යැ. එයින් ද පෙනී යනුයේ පැරණි ගිවිසුමෙහි එන දේවසංකල්පය සමග මෙම නව ගුවිසුමෙහි සංකල්පය එක් කර දැක්වීමට ඇති නැඹුරුව යි. එමනිසා කතෝලිකයන් විසින් පිළිගන්නා වූ දෙවියන් වහන්සේ යනු අර්ධ වශයෙන් පුද්ගල ස්වභාවයක් ඇති දෙවි කෙනෙක් ලෙස දැක්විය හැකැ.
            අල්
කුර්ආනය තුළ දක්නට ලැබෙන්නා වූ දේව සංකල්පය දුමින් වෙනස් නො වෙනා තරම් යැ. එහි දු මැවීම පිළිබඳ පැහැදිලි දැක්වීමක් කර ඇතැ.
“මනුෂ්‍යයිනි, ඔබත් ඔබට පෙරතුව සිටියවුනුත් මැවූ ඒ ස්වාමියා (අල්ලාහ්) ට අවනත වන්න.“ (අල් බක්රාහ් 21 -22)
            මේ ආකාරයෙන් මැවිම සිදු කිරීමෙන් පසු වැ කුර් ආනයේ දැක්වෙන පරිදි කීප විටක් අල්ලාහ් යටත් පිරිසෙන් දේවදූකයන්ට (මළක්වරුන් ට) අමතා ඇති බව දැක්ක හැකැ.
“ඔබ ගේ ස්වාමියා මළක්වරුන් අමතා ‘‘මම මහා පෘථිවියෙහි නියොජිතයකු පත්කරන්න ට යමි.“ (අල් බක්රාහ් 30-33)
            මේ අනුව පැහැදිලි වන දේ නම් කුර් ආනයේ දේව සංකල්පය දු පැරණී ගිවිසුමේතරම් නො වූව දු පුද්ගල ස්වරූපයක් ගන්නා බව යැ. ඉස්ලාම් යන නාමය පිරිණැමීම අල්ලාහ් විසින් මැ සිදුකරන ලද්දේ යැ යි යන කුර්ආන වාක්‍යය මිගන් එය වඩාත් හොඳින් සනාත වේ.
“අද දින ඔබ වෙනුවෙන් ඔබ ගේ ආගම සම්පූර්ණ කර ඇත්තෙමි. තව ද මා ගේ ප්‍රසාදයන් ද සම්පූර්ණ කර ඇත්තෙමි. එමෙන් ම ඔබ වෙනුවෙන් වූ ආගම ලෙස ඉස්ලාමය තොරාගෙන ඇත්තෙමි“ (5.3 -- සත්‍ය ආගම කෘතියෙන් උල්ලේඛිත යැ)
            කෙසේ වුවත් ඉස්ලාමය තුළ දක්නට ලැබෙන දේව සංකල්පය කලෙක දේවසංකල්පයට වඩා තරම් වර්ධිත ස්වරූපයක් පෙනවයි. එනම් එහි ලා පැහැදිලි ව දක්වන පරිදි දෙවියන් යනු සියල්ලට පෙර පැවති උපතක් නැති කෙනෙකැ. අල් කුර් ආනයේ 112 වෙනි පරිච්ඡෙදයේ දී දක්වන්නා වූ පහත කියමනින් මේ බව පැහැදිලි වේ.
“එක ම අල්ලාහ් ය, සදාකාලික ආරක්ෂකයා ය, ඔහුට උපතක් නැත, ඔහු උපදවන්නේ නැත, ඔහුට සම වූ කිසිවෙක් නැත“
            මීට අමතර වැ කුර්ආනයේ හි 59. 22-14 හී දැක්වෙන විස්තර වාක්‍යයෙන් ද අල්ලාහ් ගේ ස්වභාවය පැහැරදිලි වේ. එහි දී උක්ත සේ සියල්ලලට පෙර පැවති යන අදහස දැක්ක හැකි වුව දු විෂ්පාදකයා මැවුම්කරුවා වැනි අදහස් ඇති නිසාවෙන් පුද්ගල ස්වරූපයෙන් යුතු දෙවියෙකු බව පැහැදිලි නුමුත් මෙහි ලා දැක්විය යුතු වෙසෙස් දේ නම් ඉස්ලාමය තුළ අල්ලාහ් හර රූපයක් නොමැති බවත් සියල්ල ඔහු ගේ නිර්මාණ නිසාවෙන් ඒ නිර්මාණ මගින් නිර්මාණ කරුවා දැක්විය නො හැකි බවත් පවසන්නේ යැ. එනම් ඉස්ලාමයේ දේව සංකල්පය නිර්ගුණ ස්වභාවී වෙයි. නුමුත් පුද්ගල රූපයෙන් බැහැර යන්නේ නො වෙයි.
අල්ලාහ්
            ඉදින් කතෝලික ධර්මය සේ ම ඉස්ලාමය තුළ පවතින් දේව සංකල්පය දු අර්ධ වශයෙන් පුද්ගල රූපී ස්වරූපයක් ගන්නා බව දැක්ක හැකැ. එනම් මේ ආගම් දෙක තුළ මැ වෙන් වැ දැක්විය හැකි සියල්ල ට පෙර සියල්ල මැවීමෙන් පසු පැවතියා සේ මැ පවතින්නා වූ සිතිය හැකි නිර්මාණය කළ හැකි පුද්ගල ස්වභාව වූ දෙවි කෙනෙක් ඊශ්වරත්වයෙහි ලා සැලකේ. ඔහු නිර්මාණයෙන් නොහොත් විශ්වයෙන් අන්‍ය වන්නේ විනිශ්චය දිනයේ දී සත්ත්වයා හට නියමිත විනිශ්චය දී ස්වරගයෙහි පිහිටුවනනේ යැ.
            එසම ආගම් දෙක තුළ මැ දකැක්ක හැකි දේව සංකල්පය එසේ වන නුමුත් උපනිෂද් තුළ දක්න ට ඇත්තේ (බ්‍රහ්ම සංකල්පය) එවන් දේව සංකල්පයක් නො වන බව නොවේ නම් උපනිෂද් යනු ඊශෟවර නිර්මාණ වාදී ස්වභාවයේ වැටෙනා ආගමක් නො වන බව මෙසේ පැහැදිල කළ හැකැ.
            බ්‍රහ්මන් යනු සියල්ලට පෙර පැවති සියල්ලේ ම ආරම්භ ය බව සෑම උපනිෂදයක මැ පාහේ දැක්වෙන අතර ඡාන්දොග්‍ය උපනිෂදයෙහි ලා දැක්වෙන කාරණයෙන් පැහැදිලි වන දේ නම් බ්‍රහ්ම යනු විශ්වය නිර්මාණය කළ විශ්වයෙන් පිට පිහිටි පුද්ගල ස්වභාවයක් නො වන බව යැ.
“දරුව කෙනෙක් ආරම්භයෙහි අසත් වී යැ යි, (කිසිවක් නො තිබිණැ යි) කියත් නුමුත් අසත් කෙරෙන් සත් (ඇති බව) ඇති වන්නේ කෙසේ ද?
දර්ව ආරම්භයේ දී අද්වෛත වූ (කිසිවක ට දෙවැනි නො වූ) සත් ම වී ය. ඔහු ට මං බොහේ වේ නම් මැනවැ යි සිත් වී ය. බොහෝ වී මහත් වී ය. ඉන් පසු එයට තවත් වැඩී යා නම් යෙහෙකැ යි සිත් විය එවිට තාපය බවට පත් වී යැ. තාපය දු තවත් වැඩී යා නම් යෙහෙකැ යි සිත් වී. තාපය වැඩී ගොස් තෙත් බව නොහෙත් ජලය වී....“ (ඡාන්දොග්‍ය VI, 2, 1-4)
ආත්මයේ පටන් බ්‍රහ්මන් තෙක්
            මෙයින් පෙනෙන දේ නම් බ්‍රහ්මන් යනු මැවම් කාරයෙක් නො වන බව යැ. එය සියල්ලේ ආරම්භ වූ සත් නොහොත් කිසිවකට දෙවනි නො වූ සියල්ලේ ආරම්භය ලෙස දක්වා ඇති බව යැ. තව ද උපනිෂද් දර්ශනය තුළ දැක්වෙන මූලික මැ අදහස්වන දෙයක් නම් බ්‍රහමන් යනු සර්වව්‍යාපී සර්වත්‍ර ශක්තියක් බව යැ. එනම් සියල්ල තුළ පවතින සියල්ලේ සත්‍ය ස්වභාවය වන බව යැ. මුල් සත් භාවය වූ බ්‍රහ්ම කෙරෙන් ඇති වූ යමක් වේ ද එය අවසාන වශයෙන් බ්‍රහ්ම කෙරෙහි මැ නිලීන වන බව උපනිෂද් ඉගැන්වීම වේ යැ. තව ද බුහම්න් යනු සමස්ත විශවය පිළිබඳ සත්‍ය සේ දත්වන උපනිෂද් දර්ශනය සත්ත්වයා පිළිබද සත්තාව ලෙස ආතමන් දක්වනනේ යැ. නුමුත් මේ දෙක මැ එකක් මිස කිසි විටෙක සත්‍ය වශයෙන් දෙකක්  නො වන බව පවසන උපනිෂද් සියල්ල ඇරඹී බ්‍රම්හන් තුළ පවතින් සමස්ථ විශ්වය මැ ඒකත්වයක් තුළ පවතින බව දක්වන්නේ යැ.
            ඒ මැ සරල ව දක්වා නම්, එක මැ බ්‍රහ්මන් විකාශනය වීමේ දී වැඩීමේ පැතිරීමේ ආශාව ආත්මාරථය නිසාවෙන් සත්‍ය ස්වභාවය අමතක වැ ගොස් ආත්ම වශයෙන් සිතා සිටින විවිධ බාහර රූපයන් ගෙන් යුතු වූ සත්තවයෝ ජීවීහු වෙත් ද විවිධ වස්තූන් වෙත් ද සමස්ත විශ්වය ම වේ ද ඒ සියල්ල පරමාර්ථ වශයෙන් සත්‍ය වශයෙන් සියල්ලේ මුල වූ බ්‍රහ්මන් ගෙන් බිද ගිය බ්‍රහ්මන් මැ වන්නේ යැ. විවිධත්වයෙන් දැන හඳුනාගත්ත ද සියල්ල එකක් මැ වන්නේ බ්‍රහ්මන් මැ වන්නේ යැ.
“යම් සේ චක්‍රයක ආර සියල්ල චක්‍ර නාභියේ හා චක්‍ර නේමියේ සමංගිත වැ තිබේ ද එසේ ම සියලු සත්ත්වයෝ ද සියලු දෙවියෝ ද සියලු ලෝක ද සියලු ඉන්ද්‍රියෝ ද එහි සමංගිත වැ ඇත“ (බෘහදාරාණ්‍යක උපනිෂදය 2.5.15)
බ්‍රහ්මන් ආත්මන් ය. (තෛත්තරීය 1.5)
මිනිසා තුළ වූ මේ බ්‍රහ්මන් ද සූර්යා තුළ ඇති අතර බ්‍රහ්මන් ද එකෙක් ම ය. (ඡාන්දෝග්‍ය 3.13.7)
“සත්තකින් ම මම මේ සමස්ත විශ්වය ම වෙමි“  (බෘහදාරණයකය 4.3.23)
            මෙහි ලා අවසන දැක්වූ වැකියෙන් පෙනෙනුයේ එක් ආත්මයක් එක් පුද්ගලයෙක් සත්‍ය වශයෙන් සමස්ත විශ්වය ම වන බව යැ. එනම් ඔහු සත්‍ය වශයෙන් සම්ස්ත විශ්වය හා ඒකාත්මීය වන බව යැ. විශ්වයත් ඔහ් පුද්ගල ආත්මයත් යන සියල්ල බ්‍රහ්මන් මැ වන බව යැ. මෙම සර්වත්‍ර (සියලු තැනැ ඇති) සර්වව්‍යාපී (සියලු තැනැ පැතිරුණු) බ්‍රහ්මන් වඩාත් හොදින් පැහැදිලි කරගනු වස් උපනිෂද් දර්ශනය තුළ බොහෝ ප්‍රචලිත වූ වැකි කීපයක් දක්වමු.
“අහං බ්‍රහ්මස්මි. - මම බ්‍රහ්ම වෙමි.“ (බෘහදාරණ්‍යක උපනිෂදය 1.4.10)
අයම් ආත්මා බ්‍රහ්ම - ආත්මය බ්‍රහ්ම වේ (බෘහදාරණ්‍යක උපනිෂදය 4.4.5)
සර්වංකල්විදං බ්‍රහ්ම - සයල්ල මැ බ්‍රහ්මන් යැ (ඡාන්දෝග්‍ය උපනිෂදය 3.14.1)
තත්ත්වමසි - ඔබ බ්‍රහ්මන් ම යි. (ඡාන්දොග්‍ය 6.8)
            මෙයින් පැහැදිලි වන දේ නම් උපනිෂද් යනු දේවවාදී ආගමකට එහා ගිය විශ්වයේ පරිනාමය පිළිබඳ වූ දාර්ශනික සංකල්පනාවක් වන බව යැ. උපනිෂද් හි එන්නා වභූ බ්‍රහ්ම විශ්වය මවා පාලනය කරන්නා නො වේ ය. සියල්ල ආරම්භ වන්නේත් නිලීන වන්නේත් බ්‍රහ්මන් මත යැ. නුමුත් එය පුද්ගල රූපී වන්නේ හෝ පාලනය කරන්නේ හෝ නැතැ. එනිසා යැ බුහ්මන් සියල්ල ට සාධෘරණ ප්‍රතිෂ්ටාව ලෙස ගෞඩපාද කාරිකාවේ හි ලා දක්වා ඇත්තේ. තව ද කඨ උපනිෂදයෙහි ලා සියල්ල ඒ තුළ පවතින්නේ යැ කිසිවක් එයින් ඔබ නො ය යි. කියා දක්වනුයේ සමස්ථ විශෟවය බ්‍රහ්මන් තුල පවතින් බවත් බ්‍රහ්මන් යනු සමස්ත විශ්වය ම වන බවත් යැ. එම නිසා යැ බ්‍රහ්මන් ඊශ්වරයෙක් නො වන්නේ. බ්‍රහ්මන් යනු විශ්වයේ මූල ශක්තිය පමණක් වන .අතර එය එකිනෙක්ට අමතා අන දෙන්නේ හෝ පෙනී සිටින්නේ හෝ පාලනය කරන්නේ හෝ නැතැ.
            ඉදින් මෙහා ලා දක්වනු රිසි වූයේ මේ වෙනස යැ. එනම් වෙදියන් වහන්සේ හෝ අල්ලාහ් වැනි පුද්ගල ස්වභාවයෙන් යුතු වූ මැවුම්කාර දේව සංකල්පයට වඩා අතිශය දියුණු පරිණාමය වූ ශක්ති ස්වභාවයක් බ්‍රහ්මන් නමින් උපනිෂද් දර්ශයේ දී හඳුන්වන බව යැ.

වෛදික ඡන්දස් Vedic Prosody



පූ.ව්‍ය.ව 2500 දී පමණ භාරතයට ආවා වූ වෛදික ආර්යයන් විසින් වන්දනාවට ලක් කළා වූ ඉන්ද්‍ර වරුණ අග්ණි ඈ දෙවියන් ට ස්තූති කිරීම සේ මැ යාඥා කිරීම විෂයෙහි බැඳ පද්‍ය ඡන්දසානුගත වැ බැඳී. මෙහි ලා ඡන්දස් යනු කුමක් දැ යි පැහැදිලි කරගත යුතු යැ. සාමාන්‍ය වහරෙහි ලා ඡන්දස් යනු එක් පාදයකැ එක්තරා නිශ්චිත අක්ෂර සංඛ්‍යාවක් සහිත වැ එවන් පාද සතරකින් යුතු මිණුමකැ. එම අක්ෂර සංඛ්‍යාව ලඝු ගුරු සේ වුව දු ඒ යෙදීමේ විශ්චිත ක්‍රමයක් නැත්තේ, හුදු නියමිත අක්ෂර සංඛ්‍යාව එක් පාදයකැ තිබීම ප්‍රමාණවත් යැ. වෘත්ත යනු කිසියම් ඡන්දසක් තුළැ නිශ්චිත පිලිවෙලකට පිහිටන ලහු ගුරු පිහිටීමක් අනුව සෑදූ මිණුමකැ. මේ අනුව ඡන්දස මතැ වෘත්ත සාදාගැනීම කළ හැති බව නාට්‍යශාස්ත්‍රය දක්වා යි.
            කෙසේ වුවත් වෛදික සූක්ත රදනයේ දී ඡන්දස් භෘවිත කර ඇති ක්‍රමයේ සුලු වෙනස් කමක් දු දැක්ක හැකැ. එනම් එහි ලා පාදයෙන් පාදය ගැණැ ඡන්දස මිණීම ට වඩා සමස්ත පද්‍යෙය් මැ අක්ෂර ගණන ගැනැ ඡන්දස තීරණය කිරීම කරන්නේ යැ. තව ද මෙහි ලා නැවත වරක් දැක්විය යුතු වනුයේ මේ ඡන්දස් හි ගණිනු බලන්නේ මාත්‍රා ගණන නො ව අක්ෂර ගණන වන බව යැ. තව ද මෙහි දී මවිසින් ප්‍රස්තාර කිරීම සඳහා භාවිත කරනුයේ ජාත්‍යන්තර වැ දු භාරතයේ දු භාවිත වන ප්‍රස්තාර ක්‍රමය වන සංයුක්තාක්ෂරයක ට පූර්වයෙන් පිහිටි ලඝු අක්ෂරය සහ එය ගැණැ ගුරක් ලෙස සැලකීමේ ක්‍රමය වන බව යැ. තව ද ගුරක් දැක්වීම පිණිස කෙලින් ඉරක් ද ලඝුව සඳහා වක් ඉරක් ද මෙහි ලා ප්‍රයෝගිත යැ. (විද්‍යතෙ _U_  කශ්චිද්ධිත්වා _ _ _ _)
            වෛදික සාහිත්‍ය තුළැ බහුල වැ භාවිත වූ ඡන්දස් වර්ගය දිව්‍ය ඡන්දස් නමින් හඳුන්වන්නේ ඡන්දස් හතක් දක්නව ලැබේනේ යැ. පෙර කී ලෙස මේ ඡන්දසයන් ගේ එක් පාදයකට එන අක්ෂර ගණන අනුව පිළිවෙල කිරීම ඵෘසු ව නුමුත් සමස්ථයක් ලෙස සැලකූ විට පාද හතරෙහි මැ එකතුව සලකා ඡන්දස මණීනු ලැබේ. පහත වරහණින් ගුණ කරමින් දක්වා ඇත්තේ පාදයක සාමාන්‍ය යෙන් තිබිය යුතු වන අක්ෂර ගණන වන අතර පිටින් දක්වා ඇත්තේ සම්පූර්ණ පද්‍යයේ විය යුතු අක්ෂර ගණන යැ.
  1. ගායත්‍රී (6*4) 24
  2. උෂ්ණික් (7*4) 28
  3. අනුෂ්ටුප් (8*4) 32
  4. බෘහතී (9*4) 36
  5. පඞ්ක්තී (10*4) 40
  6. ත්‍රිෂ්ටුප් (11*4) 44
  7. ජගතී (12*4) 48
~ ගායත්‍රී,
            ඍග්වේදයේ ආදි මැ පද්‍ය ආරම්භ වන්නේ ද ගායත්‍රී ඡන්දසිනි. නුමුත් මෙහි ලා දැක්විය යුතු කරුණක් ඇතැ. එනම් අප විසින් පෙර දැක්වූ ආකාරයේ හයේ පාද හතරක් වෙනුවට අටේ පාදත්‍රයකින් ගායත්‍රී විරිත දැක්වීම යැ. එය බොහේ විට එසේ මැ වන්නේ, පෙර කී ලෙස පාදයක අක්ෂර ගණන ට වඩා සම්පූර්ණ පද්‍යයේ අක්ෂර ගණන ගැණීම වන බවට දු එය උදාහරණ වන්නේ යැ.
අග්නිමීළේ පුරෝහිතම් _U_ _ U_U_ (8)
යඥස්‍ය දේවමෘත්විජම් _ _U_U_U_ (8)
හෝතාරං රත්නධෘතමම් _ _ _ _ U_U_ (8)
මෙහි දී දැක්විය යුතු තවත් වෙසෙස් කරුණ නම් උක්ත පද්‍යයේ කෙසේ වුව දු සෑම විට ම පාදාරම්භයේ පිහිටි ලඝු ගුරු පිහිටීම සමාන වීමක් නො වන බව යැ. එයට පහද පද්‍ය උදාහරණ කළ හැකැ.
"යං යඥ නයථා නර
ආදිත්‍යා ඍජුනා පථා
ප්‍ර ව: ස ධීතයේ නශත්"
 _  _ U U U _ U _
_ _ _ U U _ U _
U _ U _ U _ U _

~උෂ්ණික්,
            එතරම් සංප්‍රයෝගිත නො වන නුමුත් ඇතැම් තැනැ දක්නට ලැබෙන මෙය බොහෝ විට හමුවනුයේ 16 හා 12 අක්ෂර ගණනි යුතු පාද දෙකක් වශයෙන් ගෙන අක්ෂර විසිඅට පූර්ණය කර ඇති ආකාරයෙන් යැ.
"ය ඒක ඉද් විදයතේ වසු මතෝථ දාශුෂේ
ඊශානෝ අප්‍රතිශ්කෘත ඉන්ද්‍රෝ අංග"
 U _ U _ U U U _ U U U _ U _ U _ (16)
_ _ _ _ U _ U U _ _ _ _ (12)

~අනුෂ්ටුප්,
            ජනප්‍රිය සේ ම බහුල වැ යෙදී ඇති මෙම මාත්‍රා තිස්දෙකක් ඇති ඡන්දස උක්ත සේ මැ අක්ෂර අටේ පාද සතරකින් සකස් වී ඇතැ.
''අම්බිතමේ නදීතමේ
දේවිතමේ සරස්වති
අප්‍රශස්තා ඉවස්මසි
අප්‍රස්තිමම්බ නස්කෘධි''
 _ U U _ U _ U _
_ U U _ U _ U _
_ U _ _ U _ U _
_ _ U _ U _ U _

~බෘහතී,
            අක්ෂර තිස්හයක් ඇති මේ ඡන්දස වනාහී අක්ෂර 16 සහ 20 ලෙස බෙදී ගිය පාද දෙකකින් යුතු වැ හමුවේ. තව ද මෙහි ලා පැහැදිලි කළ යුතු දෙයක් නම් මේ සෑම ඡන්දසක මැ අවසන එන්නා වූ ලඝු ස්වරය ගුරක් ලෙස සැලකීම යැ.
"ඉමා බ්‍රහ්ම සරස්වතී ජුෂස්ව වාජිනාවති
යා තේ මන්ම ගෘත්සමදා ඍතාවරි ප්‍රියා දේවේෂු ජුහ්වති"
U _ _ U U _ U U U _ U _ U _ U _ (16)
_ _ _ U _ U U _ U _ U _ U _ _ _ U _ U _ (20)

~පඞ්ක්තී,
            මෙහි එක් පාදයකැ දහයක් ලෙස තබා හතලිහක් වූ අක්ෂර යොදා ඡන්දස කැරැ ඇති බැව් දැක්ක හැකැ.
"ආ විශ්වත: ප්‍රත්‍යඤ්චං ජිඝර්ම්‍ය
රක්ෂසා මනසා තජ්ජුෂේත
මර්යශ්‍රී: ස්පෘහයද්වර්ණෝ අග්නිර්
නාභිමෘශේ තත්වා ජර්භුරාණ:"
_ _ U _ _ _ _ U _ _ (10)
_ U _ U U _ _ U _ _ (10)
_ _ _ U U _ _ _ _ _ (10)
_ U U _ _ _ _ U _ _ (10)
            නුමුත් ඇතැම් විට අක්ෂර දාසයේ පේළි දෙකකින් ද අටේ පේළි එකකින් ද යෙදී ඇති බව දැක්ක හැකැ.
"ආ යාහි කෘණවාම ත ඉන්ද්‍ර බ්‍රහ්මාණි වර්ධනා
යේභි: ශවිෂ්ඨ චාකනෝ භද්‍රමිහ ශ්‍රවස්‍යතේ
භද්‍රා ඉන්දුස්‍ය රාතය:"
_ _ U U U _ U _ _ U _ _ U _ U _ (16)
_ _ U _ U _ U _ _ U U _ U _ U _ (16)
_ _ _ _ U _ U _ (8)

~ ත්‍රිෂ්ටුප්,
            ඉතා මැ ජනප්‍රිය ලෙස ඍග්වේදයේ භාවිත මෙම ඡන්දස උක්ත සේ මැ පාදයකැ අක්ෂර එකොළොස බැගින් යෙදී ඇති අක්ෂර 44කින් යුතු ඡන්දසකැ.
"යෝ ජාත ඒව ප්‍රථමෝ මනස්වාන්
දේවෝ දේවාන් ක්‍රතුනා පර්යභූෂත්
යස්‍ය ශුෂ්මාද් රෝදසී අභ්‍යසේතාං
නෘම්නස්‍ය මහ්නා ස ජනාස ඉන්ද්‍ර:"
_ _ U _ _ U U _ U _ _ (11)
_ _ _ _ U U _ _ U _ _ (11)
_ U _ _ _ U _ _ U _ _ (11)
_ _ U _ _ U U _ U _ _ (11)

~ ජගතී,
            එක්පාදයක අක්ෂර දොළොස බැකින් ඇති මෙම ඡන්දස දු ප්‍රසිද්ධ ඡන්දසක් ලෙස දැක්විය හැකැ.
"රථේ තිෂ්ඨන්නයති වාජින: පුරෝ
යත්‍ර යත්‍ර කාමයතේ සුෂාරථි:
අභීශුනාං මහිමානං පනායත
මන: පශ්චාදනු යච්ඡන්ති රශ්මය:"
U _ _ _ U U U _ U _ U _ (12)
_ U _ U _ U U _ U _ U _ (12)
U U _ _ U U _ _ U _ U _ (12)
U _ _ _ U U _ _ U _ U _ (12)
            මෙසේ දැක්වූ ඡන්දසයන්ට අමතර වැ බහුල වැ භාවිත වූ අක්‍රමවත් ඡන්දස් දු හතරක් දක්නට ඇත්තේ යැ. එනම්,
  1. නිචෘත්
  2. භුරික්
  3. ස්වරාට්
  4. විරාට් යන්න යැ.
            පාද සතරින් එකක ට පමණක් අක්ෂරයක් අඩු නම් එය නිචෘත් නම් වේ. එක් පාදයකැ අක්ෂරයක් වැඩි නම් එය භුරික් නම් වේ. පාද දෙකක යැ අක්ෂර වැඩි නම් එය ස්වරාට් නම් වේ. පාද දෙකක මැ අක්ෂරය බැගින් අඩු නම් එය විරාට් නම් වේ. මෙම ඡන්දස් දු උක්ත ඡන්දස්වලින් මැ ගොඩනැගෙන්නේ යැ. මේ පැහැදිලි කරනු වස් ඉන් ඡන්දස හතරක් ගෙන උක්ත අකුමවත් ඡන්සද් උදාහරණ කරන්නේ යැ.

~නිචෘත් -නිචෘද්ගයත්‍රී-
"අග්නි: පූර්වේශිර් ඍෂිභිර්
ඊඩ්‍යෝ නූතනේනරුත
ස දේවාන් ඒහි වක්ෂති"
_ _ _ _ _ U U _ (8)
_ _ _ U _ U _ (7)
U _ _ _ U _ U _ (8)
            මෙහි දෙවන පාදයේ අක්ෂරයක් අඩු වන්නේ අක්ෂර හතක් පමණක් ඇතැ. එනිසා එය නිචෘත් ඡන්දසක් වේ යැ.

~භුරික් - භුරිගුෂ්ණික්
"අග්නීෂෝමා යෝ අද්‍ය චාමිදං වච: ස්පර්යති
තස්මෛ ධත්තං සුවීර්යං ගාවාං පෝෂං ෂ්වශ්ව්‍යම්"
_ _ _ _ _ _ _ _ U _ U _ _ U _ (15)
_ _ _ _ U _ _ U _ _ _ U _ _ (14)
            සමස්ත අක්ෂර ගණන සැලකූ විට මෙහි එක් අක්ෂරයකැ වැඩියක් ඇතැ. ඒ නයින් මෙය භුරික් ඡන්දසක් වේ යැ.

~ ස්වරාට් - ස්වරාඩනුෂ්ටුප්
"ජඥානෝ හරිතෝ වෘෂා විශ්වමා භාති රෝචනම්
හර්යශ්වෝ හරිතං ධත්ත ආයුධමා වජ්‍රං බාහ්වෝර් හරිම්"
_ _ _ U U _ U _ _ U _ _ U _ U _ (16)
_ _ _ U U _ _ U _ U U _ _ _ _ _ U _ (18)
            මෙහි සම්ස්ථය ලෙස ගත් විට පාද දෙකකට අක්ෂරය බැගින් වැඩි වී ඇතැ. එමනිසා මෙය ස්වරාට් ඡන්දසක් වේ යැ.

~ විරාට් - විරාඩ්බෘහතී
"අති තෘෂ්ටං වචක්ෂිථෘථෛව සුමනා අසි
ප්‍රපාන්‍යෙ යන්ති පර්යන්‍ය ආසතේ යේෂාං සඛ්‍යෙ අති ශ්‍රිත:"
U U _ _ U _ U _ _ U U U _ U _ (15)
U _ _ _ U _ _ U _ U _ _ _ _ _ U _ U _ (19)
            මෙහි ලා පාද දෙකකැ අක්ෂරය බැගින් අඩු වී ඇතැ එනිසා මෙය විරාට් ඡන්දසක් වේ යැ.
            මෙහි දී ඉතා සැකවින් දක්වා ඇති ඡන්දස් විස්තරය වනාහී වෙසෙසින් ඍග්වේදයේ ඇසුරින් සකසා ඇති අතර අන්‍ය වේදයන් ගේ ද මීට සමාන භාවිතාවක් බහුල වන නුමුත් ඇතැම් විට මීට වෙනස් වූ ඡන්දස් භාවිත යැ. ඍග්වේදයේ ම වුව මීට අන්‍ය වූ ඇතැම් දිව්‍යෙතර ඡන්දස් ඈ කීපයක් භාවිත යැ.

සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.

  සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය ·          පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. ·          කණ්ඩකාව්‍ය ගණයට අ...