suryakant Tripati Nirala |
දුටිමි ඇයි ඉලාහාබාත් මාවත අස
ඈ ගල් කඩන්නී ය.
කිසිදු හෙවනක් නොමැති
ඇය ව පිළිගත් ගසක් යට හිඳ,
යෞවනයෙන් පිරී බැඳුණු කාලවන් සිරුර
පහළට හෙලූ ඇස් වැඩ ට ම යොමු කර
අත ට ගෙන මිටිය
වැරින් පහර දෙන්නී ය ---
ගස් පෙළින් වට මන්දිරය ඉදිරියේ
හිරු රැස් සැඩ වෙයි
ග්‍රීෂ්ම කාලයේ දී
ඇස් ගිණිකන වැටෙන දහවලේ.
නැගිට එයි කැරකි කැරකී උණූසුම් වැලි කුණෘටු
පුලුන් සේ දවයි මහපොළව
පතුරා ධූලි ගිණී පුපුරු.
සෑම දා දිවා කල
ගල් කඩන ඈ
බැලුවා ට බැලුවා මගේ දෙස එක් වරක්.
No comments:
Post a Comment