හැඳින්වීම
අද්‍යතනය වන විට ලොවැ පවතින ආගම් අතරැ වෙනස් මැ දාර්ශනික ප්‍රවාහයකට හිමිකම් කියන්නා වූ ආගමක් ලෙස බුදුසමය හඳුන්වා දිය හැකැ. මකින්සා ද යත් ඊශ්වරවාදය සේ මැ උච්ඡෙදවාදය දු ඉවතලන බුදුසමය සාමාන්‍ය වශයෙන් සියලු විඥානවාදීන් විසින් අඩු වැඩි වශයෙන් විවිධාකාරයෙන් ප්‍රයෝජනයට ගන්නා කර්මය දු තවත් එක් ස්ථානයක් පමණක් ලබා දෙන අතර බාහිරින් බැලූවෙක්ට විසංවාදී වන ආකාරයට මරණයෙන් පසු පැවැත්මත් ආත්මයක අස්තිත්වය ප්‍රතික්ෂෙප කිරීමත් යන දෙක මැ එක වර කරන්නේ යැ.
ව්‍ය.ව. පස්වැනි සියවස වන විට භාරතයේ පැවති දාර්ශනික චින්තාවන් සියල්ල ප්‍රතික්ශේප කළ මෙම දර්ශනයට සමාන දර්ශනයක් අද දක්වා ආගමික ලෝකයේ පහළ වී නැතැ. මේ කරුණු පමණක් සලකන්නේ වුව දු බුදුසමය වනාහී දාර්ශනික ඉතිහාසය තුළ තමන් ගේ සලකුණ තමන් මැ තබා ගත දර්ශනයක් ලෙස පිළිගත යුතු වන්නේ යැ. මෙම අද්විතීය දර්ශනය අද්‍යතනය වන විට මහායාන නම් ප්‍රශාඛා ගණනාවකින් යුතු ප්‍රධාන සම්ප්‍රදායකින් සහ ථෙරවාද නම් වූ ප්‍රධාන ශාඛාවකින් යුතු වන්නේ යැ. මූලික ඉගැන්වීම් වශයෙන් සාම්‍යයක් දක්වන මෙම ගුරුකුල විසින් පිළිගනු ලබන ධාර්මික සාහිත්‍ය මූලාශ්‍රයන් ගේ සැලකිය යුතු වෙනසක් දක්නට ලැබෙන්නේ යැ. මහායානිකයා විසින් සංස්කෘතයෙන් ලියැවුණු සූත්‍ර නමයක් ප්‍රධාන කොට ඇති සූත්‍ර සාහිත්‍යය පිළිගනු ලබන අතර ථෙරවාදීන් විසින් පාලි භාෂාවෙන් රචිත ත්‍රිපිටකය නම් පොත් එකතුව ප්‍රාමාණක වශයෙන් පිළිගනී.
සම්ප්‍රදායන් දෙක ම සිටින පිරිස් විසින් තම තමන් ගේ සාහිත්‍යය බුද්ධ වචනය මැ බැව් පිළිගන්නේ නුමුත් මධ්‍යස්ථ මත ධාරී උගතුන් විසින් පාලි ත්‍රිපිටකයේ සැලකිය යුතු කොටසක් මුල් බුදුසමය හා ඍජු සම්බන්ධයක් දක්වන බැව් පිළිගනී. එයට එක් ප්‍රධාන හේතුවක් වන්නේ මෙම පාලි සාහිත්‍යයේ ගමන්මග අද දක්වාම ඉතා පැහැදිලි ලෙස සටහන් වී තිබීම යැ. එමෙන් මැ එහි අන්තර්ගතය සහ භාෂා ලක්ෂණ දු එම මතය සනාත කිරීමට සැලකිය යුතු තරමින් තම දායකත්වය බලා දේ.
අවසාන වශයෙන් පැවසූ කරුණූ දෙක සලකා බලන විට යම් තරමක විවාධාපන්න වූ කොටසක් පාලි ත්‍රිපිටකය තුළ හමු නො වන්නේ මැ නො වේ යැ. එම් එහි දු නිවැරදි ඉතිහාසයක් පිළිබඳ නො දන්නා නො වේ නම් ශංකා විරහිත ඉතිහාසයක් අහිමි කෘතීන් ද වන්නේ යැ. ඒ යැ ‘ඛුද්දක නිකාය’. පෙළ පිළිබඳ තොරතඳාරු සටහන් වන තැන් ඇසුරෙන් විමසූ විට පෙනී යන දේ නම් මෙම නිකාය වනාහී යම් කලෙක පටන් විද්‍යමාන වුයේ දැ එකල්පටන් මැ සැකයට උල්පතක් වූ බව යැ. එය එසේ වන්නේ නුමුත් ඵෘසුවෙන් අතහැර දැමීමේ හැකියාවක් නො වව්නේ මේ තුළ ඇති දාර්ශනික සහ ඓතිහාසික වටිනාකමක් ඇති තොරතුරු හේතුවෙන් යැ. එනම් ඛුද්දක නිකායේ මැ ඇතැම් තැනක ඉතා මෑත භෘෂාවක් දක්නට ලැබෙනනේ නුමුත් තවත් තැනැකැ ඉතා පැරණි භාෂා ලක්ෂණ විද්‍යමාන වන්නේ යැ. එය වනාහී වෛදික භාෂාවට සමීප වන්නා වූ තරම් පැරණි බුද්ධධරමාණ අවධියේ යැ යි සාධාරණ වැ චිත්ත විෂය මෙහෙයවිය හැකි භාෂා ලක්ෂණයන් ගෙන් යුතු වන්නේ යැ. ඛුද්දක නිකාඳායේ එන සුත්ත නිපාතය ඒ වැනි විවිධ කල්ෂණයන් නිසා ඉතා වැදගත් වන්නා වූ තොටසක් වන්නේ යැ.
ඉදින් මෙහි දී අප විසින් විමසා බැලෙනුයේ ඛුද්දක නිකාය යනු කුමක් ද එහි සැකැස්ම කුමනාකාර වන්නේ ද සහ සුත්ත නිපාතය ඛුද්දක නිකායේ හි භජනය කරන්නා වූ ස්ථානය කුමනාකාර ද යන්න පිළිබඳව යැ.
ඛුද්දක නිකාය
ඛුද්දක යන්නෙහි අර්ථය
ඛුද්දක ශබ්දයේ ප්‍රකෘතිය වන්නේ ඛුද්ද යන්න යැ. එය වනාහී සංස්කෘත ක්ෂුද්‍ර යන්නෙන් තත්භව වූ ශබ්දයකැ. අර්ථය වන්නේ කුඩා යනන යැ. එයට එක් වූ ‘ක’ ප්‍රත්‍යයෙන් හැඟවෙනුයේ වඩාත් යන්න වන්නේ ඛුද්ධක යන්නෙහි අර්ථය වඩාත් කුඩා යැ යි සිටී.
ඛුද්දක නිකාය විෂයෙහි මෙසේ කුඩා යන අර්ථය ඇති නාමයක් තැබුවේ හැයි ද යන්න විමසිය යුතු වන්නේ සේ මැ විමසීමට මාතෘකා වන්නේ සාමාන්‍යයෙන් අනෙකුත් සිව්නිකායට මැ වඩා ඛූද්දක නිකාය විශාල වන නිසා යැ. එම විශාලත්වය සලකා ඇතැමෙක් විසින් නගන අදහස වන්නේ අනෙකුත් නිකායන්ට පසුව රචනා වීම නිමිත්තෙන් මෙසේ ඛූද්දක යැ යි නම් කළ බව යැ. නුමුත් පසුව රචනා වීමත් ඛූද්දක ශ්බදයක් අතරැ ඇති සම්බන්ධය සුපැහැදැලි නො වන්නේ යැ. එමෙන් මැ ‘ආකඩ්කමානො ආනන්ද සංඝො මමච්චයෙන ඛුද්දානුඛුද්දකානි සික්ඛාපදානි සමූහන්තු’ ආදී යෙදීම් මගින් පෙනී යන්නේ ඛුද්දක යන්න කුඩා අර්ථයෙන් මැ ගෙන ඇති බව යැ.
ඔය එසේ වන්නේ නුමුත් සමන්තපාසාදිකාවේ එන ‘ඛූද්දකානං අයංදානි තෙසං භවති වණනනා’ යන කොටස අනුව පෙනී යන්නේ බහු පරියායත්වය මුල් කොටගෙන යෙදුණු බව යැ.ස ඒ නියින් මෙහි දී ඛුද්දකනිකායේ ඇති ග්‍රන්ථ බාහුල්‍ය යසලකා එම නාමය යෙදුවේ යැ යි සිතිය හැකි වන්නේ නුමුත් එය වනාහී හුදු විකල්ප මතකය ස්වභාවයක් ගන්නේ වෙනත් තැනැ එවැනි අර්ථයක් සහිත වැ ඛුද්දක ශබ්දය යෙදී නැති බැවින් යැ.
‘බහුන්තං ඛුද්දකානං ධම්මක්ඛන්ධානං සමූහතො නිවාසතො ච සමූහ නිවාසාභි නිකායොති වුච්චති’ ලෙස දැක්වෙන්නේ කුඩා කුඩා ධර්මස්ඛන්ධයන් සමූහයක් ඇති නිසාවෙන් ඛුද්දක යැ යි හැඳින්වුණු බව යැ. මෙය දු පිළිගැනීම ඇතැම් කෘති විෂයෙහි විවාදාපන්න වන්නේ යැ. එනම් සුත්තනිපාත, පටිසම්භිදාමග්ග ආදී වූ කෘතීන් වනාහී කුඩා ධර්මස්ඛන්ධයන් වශයෙන් සැලීම යුක්ති යුක්ත යැ යි කිවය නො හැකැ. එනිසා එම මතය දු එකහෙලා පිළිගැනීමට අසීරු වන්නේ යැ.
මහාචාර්ය එතෙන් ලාමොත් මහතා චීන ග්‍රන්ථයක් ඇසුරින් ඛුද්දක නිකායට නම ලැබීමට අදාල හේතු හතරක් දක්වා ඇතැ. ඒ නම් එකිනෙකට වෙනස් කරුණු ඇතුළත් වීම නිසා, බුදුන් ගේ රහතුන් වහන්සේලා ගේ සහ දේව බ්‍රහ්මාදීන් ගේ පූර්ව ජන්මයන් පිලිබඳ කරුණු එන නිසා, ගාථා බහුල වැ ඇත්තේ ස්වාදශනිසධෘන හා ආයතන පිළිබඳ කරුණු ඇති නිස සහ අසංඛ්‍යකල්ප ලක්ෂ තුනක් තුළ බුදුන් වහන්සේ ගේ ජන්මප්‍රවෘත්ති සහ ප්‍රතිපදාවන් පිළිබඳ දැක්වෙන නිසා ආදිය යි. මෙහි දී කෘතීන් ගේ අන්තර්ගතය සංක්ෂේපයෙන් දැකීමෙන් හේතු දැක්වීමට කෙරෙන උත්සාහයක් පෙනේ. නුමුත් මෙයින් ද පැහැදිලි අවබෝධයක් ලැබීම අඵාසු වන්නේ යැ.
වින්ටර්නිට්ස් පඬිතුමා දක්වනුයේ මෙහි ඇතුළත් වන්නා වූ ගාථා හා ප්‍රබන්ධ ආදිය ගැඹුරු බුද්දදේශනා සමග එක් කිරීමට අකමැති වූ පැරැණියන් විසින් වෙන මැ නිකායක් ලෙස ඛුද්දක නිකාය සංග්‍රහ කළ බව දක්වති. ඒ අනුව ඛුද්දක යන්නෙහි අර්ථය වන්නේ කුඩා යන්න නො වැ අප්‍රධාන යන්න යැ.
ප්‍රථම ධර්ම සංගායනාව සහ ඛුද්දක නිකාය
යම් කලෙකැ ඛුද්දක නිකාය නමින් වෙන මැ නිකායක් ඇකි වූයේ දැ එකල්හී පටන් මෙම නිකාය විවාදාපන්න වූ බව ඒ පිළිබඳ පුනපුනා සඳහන් කිරීමෙන් නිගමනය කළ හැකැ. මක්නිසා ද යත් යමක් පිළිබඳ නැවත නැවත විවිධාකාරයෙන් තහවුරු කිරීමට උත්හාස ගැනෙන්නේ තත්කාලය වන විට ඒ පිළිබඳ ගැටලු කාරී තත්ත්වයක් පවතින් බැවිනි. අනෙකුත් නිකායන් එකක් පිළිබඳ හෝ ඒ ආකාරයෙන් නැවත නැවත කරුණු දැක්වීමක් දක්නට නො ලැබීමෙන් දු මේ බව තහවුරු වේ.
ඉතිහාසය පුරා ඛුද්දක නිකාය පිළිබඳ කරුණු දැකවීමේ දී එසේ කරුණු දැක්වූවන් එය පළමු ධර්මසංගායනාවේ දී මැ සංගායනා වූ බව තහවුරු කිරීම පිණිස කරුණු එළවීමට උත්සාහ කළ බව පැහැදිලි වේ. පළමු දම්සඟිය පිළිබ`දැ තොරතුරු හමුවන්නා වූ ප්‍රධාන මූලාශ්‍රයක් වන්නේ චුල්ලවග්ග පාළිය, සමන්තපාසාදිකාව, මහාබෝධිවංසය සහ සුමංගලවිලාසිනිය යැ. එම කෘකීන් හි එන්නා වූ කරුණු මගින් පළමු දම්සඟිය සමග කුදුසඟිය දක්වන්නා වූ සබැඳීම කුමනාකාර දැ යි විමසිය හැකැ.
කෙසේ වුවත් චුල්ලවග්ග පාළියේ සහ සමන්තපාසොදිකාවේ එන්නා වූ බොහෝ විට සමාන වන බව දැක්නට ලැබේ. නුමුත් චුල්ලවග්ගයේ හී සූත්‍රයන් ඇයත් වන්නා වූ නිකායන් පිළිබඳ සටයනක් නො එන්නේ යැ. එසේ වන්නේ නුමුත් නිකාය පහක් සංග්‍රහ වූ බව
“එතෙනෙව උපායෙන පඤ්චපි නිකායෙ පුච්ඡි. පුට්ඨො පුට්ඨො ආයස්මා අනන්දො විස්සජ්ාඣෙසි”
ආකාරයෙන් දැක්වේ. නුමුත් එම නිකායන් නම් වශයෙන් දක්වා නැති බැව් සැලකිය යුතු යැ. සමන්තපාසාදිකාවේ දු අයත් නිකාය පිළිබඳ කිසිදු සඳහනක් නො වන්නේ නුමුත් නිකාය පස නම් වශයෙන් පැහැදිලි ව මැ දක්වා ඇතැ.
“පඤ්චනිකායා නාම දීඝනිකායො මජ්ක්‍ධිමනිකායො සංයුත්තනිකායො අඩ්ගුත්තරනිකායො ඛූද්දකනිකායොති. තත්ථ ධුද්දකනිකායො නාම චත්තාරො නිකායෙ ඨපෙත්වා අවසෙසං බුද්ධවචනං.”
මෙහි දී පැහැදිලිව මැ නිකාය පඤ්චකය නම් තෙකරෙන අතර තවත් අවදානය දිය යුතු සිදුවීමක් දු වන්නේ යැ. එනම් ඛුද්දකනාකියට අයත් වන්නේ කුමන කොටස ද යන්න මෙහි දී වෙසෙසින් දැක්වීමට කතුවරයා නටයුතු කර ඇතැ. ඒ කුමක් නිසා දරෑ අනෙකුත් නිකායන් ගේ අන්තර්ගතය පිළිබඳ කිසිදු දැක්වීමක් නො දකරන්නේ ඛුද්දකනිකායේ අන්තර්ගතය වෙසෙසින් දක්වත්. එයට වෙසෙස් හේතුවක් විය යුතු යැ. මක්නිසා ද යත් ඉදිරියේ දී නාම වශයෙන් ඛුද්දකනිකායට අයත් කෘති ගනන දක්වන්නේ මෙහි ලා දු නැවත් වෙසෙස් දැක්වීමක් කිරීම සිදුවන්නේ අවශ්‍යයෙන් මැ ඒ යුගය එනම් සමන්තපාසාදිකාව සම්පාදනය වන යුගය වන විට ඛුද්දක නිකාය පිළිබඳ විවාදාපන්න තත්ත්වයක් පැවති බැව් සිතිය හැකැ.
ඒ කුමක් වුවත් මෙහි ලා ඉදිරිප් කෙරෙන නිර්වචනය සැලකිය යුතු ආකරයෙන් ගැටලුකාරී යැ. මක්නිසා ද යත් මෙහි දැක්වෙන ආකාරයට නිකාය හතරට බෙදා වෙන් කිරීමෙන් පසු ඉතිරි වූ බුද්ධ වචනය ඛුද්දක නිකායේ ගැණෙන්නේ යැ. එහි දී බුද්ධවචනය යනුවෙන් බුදුගොස් හිමියන් විසින් අදහස් කළේ කුමක් ද යන්න පිළිබඳ පැහැදිලි ස්වභාවයක් නැතැ. මක්නිසා ද යත් බුද්ධ වචනය නමම් බුද්ධ දේශනාව ලෙස ගන්නේ නම් සිව් නිකායට වෙන් වීමෙන් පසු විනය සහ අභීධර්මය දු ඉතිරි වන්f්න යැ. ඒ අනුව ගන්නේ නම් ඒ විසල් කොටස් දෙක දු වැටෙනුයේ කුදුසඟියට මැ යි. එය අර්ථ වශයෙන් සහ අන්තර්ගතය වශයෙන් යන කුමනාකාරයෙන් සැලකුව දු ගැටලුවක් මැ උපද්දවන්නේ යැ. ඒ හැරැ මෙහි ලා බුද්ධවචනය යනු මූලික ධර්මකාරානා හෙවත් සූත යැ යි සැලකීමට තරම් ප්‍රාමාණික සාධක කිසිදු තැනැකින් එළවාගත නො හැකැ. කෙසේ වුවත් මෙවන් අවිධිමත් නිර්වචනයන් ඉදිරිපත් වීමෙන් පෙනීයනුයේ ඛුද්දකනිකායේ අන්තර්ගතය පිළිබඳ දු ස්ථිර නිගමනයක් තත්කාලීන වැ නො පැවති බව යැ. ඒ සමග මැ ඇති වන අනෙක් ගැටලුව නම් පළමු දම්සඟියේ දී සංගායනා වූයේ නම් සමන්තපාසාදිකාව ලියැවෙන යුගය වන විට එහි අන්තර්ගතය සහ සමස්තයක් ලෙස නිකාය මැ විවාදාපන්න වීම කෙසේ සිදු වී ද යන්න යැ.
කෙසේ වුවත් පළමු දම්සඟියේ දී ඛූද්දකනිකාය පිළිබඳ ගත්තා වූ තීරණයන් පිළිබඳව දු එක්මතිකත්වයක් දක්නට නොමැති බැව් සුමඩ්ගලවිලාසිනියෙහි එන්නා වූ තොරතුරු උක් තොරතුරු සමග සැසඳීමෙන් පැහැදිලිවේ.
එහි දී පැවසෙනුයේ කාශ්‍යප හිමියන්ව විසින් පිටක, නිකාය, වග්ග සහ සූත්‍ර යනු මොනවා දැ යි විමසනු ලබයි. එයින් දැක්වෙනුයේ නිකාය හතර පිළිබඳව යැ’‘ එයට වෙකස් තැනැ දු පැහැදිලිව මැ දීඝ, මජ්ක්‍ධිම, සංයුත්ත සහ අංගුත්තරලෙස නිකාය හතරක් සංග්‍රහ වූ බැව් දැක්වෙන්නේ යැ. මෙහි ලා දැක්ක හැකි විශේෂත්වය වන්නේ එම සංගායනා කාර්යයේ දී කුමන නිකායකැ කුමන වග්ගයකැ කුමන සූත්‍රයක් සංග්‍රහ කෙරෙන්නේ දැ යි විමසීමක් පිළිබඳ සටහන් වේ. මේ වනාහී මෙහි දැක්වෙන පළමු සංගීතිය පිළීබඳ විස්රය පසුකාලීන වැ ලියවුනක් යන්නට දැක්විය හැකි සාධනීය කරුණක් වන්නේ යැ. මක්නිසාද යත් යම් විටෙක පළමුවෙන් මැ සංගායනා වන්නේ දැ එකල්හි නිකාය හෝ වග්ග පිළිබඳ සංකල්පයක් තිබීම විය නො හැකැ. එයින් පෙනී යන්නේ මෙම පුරාවෘත්තය රචනා වීමේ දී තත්ත්කාලීන මත පිළිබඳ වැඩි අවදානයක් යොමු කරමින් ඒ මත පළමු ධර්මසංගායනාවට ඇතුළත් කිරීමට උත්සාහ කළ බව යි. කෙසේ වුවත් එවන් තත්ත්වයක දී පවා නිකාය හතරක් සංග්‍රහ වීම පිළිබඳ සටහන් වීම අවදානය දිය යුතත්ක් වන්නේ යැ.
එසේ මැ නිකාය හතර සංග්‍රහ වීමෙන් පසු වැ අභිධර්ම පිටකය සංග්‍රහ කළ බවත් දු එහි දැක්වෙන්නේ පොත් හත මැ දක්වමින් යැ. එය දු උක්ත කරුණු සමග මැ සැසඳී යන්නේ යැ. එනම් පසුකිලීන වර්ධිත වූ පෙළ පළමු දම්සඟියේ දී නිමැවූ බව සනාත කිරීමට ගත් උත්සාහයක් පෙනේ නුමුත් එයින් පසු දීඝභානකයන් විසින් වත්මනේ ඛුද්දක නිකායට අයත් වන්නා වූ ජාතක, මහානිද්දේස, චුල්ලනිද්දේස, පටිසම්භිදා, සුත්තනිපාත, ධම්මපද, උදාන, ඉතිවුත්තක, විමානවත්තු, පේතවත්තු සහ ථෙරගාථා සංඝායනා කැරැ ඛුද්දක ගාථා යැ යි නම් කැරැ අභිධර්ම පිටකයට ඇතුළත් කර බැව් පැවසේ. නුමුත් මජ්ක්‍ධිම භානකයන් විසින් එයට අපදාන, බුද්ධවංස සහ චරියාපිටක දු ඇතුළත් කැරැ සූත්‍ර පිටකයට ඇතුළත් කළ බව දැක්වේ. මෙම කථාවෙන් පෙනී යන්නේ සුමඩ්ගල විලාසිනිය ලියැවෙන කාලය වන විටත් ඛුද්දක නිකාය වෙනම නිකායක් වශයෙන් නො පිළිගත් අතර එය කුමන නිකායකට අයත් විය යුතු දැ යි යන්න පිළිබඳව දු එකමතිකත්වයක නො තිබුණු බව යැ. නුමුත් මෙයින් පෙනී යන තවත් දෙයක් නම් එම යුගත වන විට දීඝ භෘණකයන් විසින් දක්වන ලද්දා වූ කෘතීක් පෙළට අයත් වූ කෘතීන් ලෙස අවිවාදයෙන් පිළිගත් බව යැ, එනම් ඒවා මුල් බුදුසමයට අයකත් කොටස් ලෙස පිළිබග බව යැ. මෙහි දී හුදු භාණක වරු දෙපිරිසක් පමණක් මත ඉදිරිපත් කර ඇත්තේ නුමුත් අනෙකුත් පිරිස මෞනයෙන් පසු වීම දු අවදානය දිය යුතු තැනක් වන්නේ යැ. ඇතැම් විට ඔවූහු මේ මතද්වය මැ නො පිළිගත්තා ද විය හැකැ. ඒ කුම් වුවත් මහාබෝධිවංසයේ එන්නා වූ කථාව දු සුමඩ්ලවිලාසිනියේ කථාව හා සම වන්නේ එය පිළිගැනීමට ලක් වූ බව එයින් දැක්ක හැකැ.
නුමුත් මෙහි දී වෙසෙසින් සැලකිය යුතු කරුණක් වන්නේ පළමු දම්සඟියේ දී සැරියුත් හිමිගේ ශිෂ්‍ය පරම්පරාව සහ ආකඳ හිමියන් කෙරෙහි මක්‍ධිම සහ දීඝ නිකායන් භාර වී තිබීම නිසා ඒ පිරිස් අතර උක්ත ආකාරයේ මත ගැටුමක් සම්භව නො වීම යැ. තව දුරටත් විමසන්නේ නම් එම යුගයේ තථ්‍ය වශයෙන් මැ භාණකවරුන් උපලබ්ධ නො වී යැ. එනිසා මෙයි පෙනී යන්නේ මෙම විවාදාපන්න ස්වභාවය භාණක පරම්පරාවන් ඇති වී වැඩී වර්ධිත වැ පැවතුණු යුගයක ඇති වූ බව යැ. එමෙන් මැ සැලකිය යුතු තරමින් පොදුවේ පිළිගත් කොටස් පෙළෙහි ඇතුළත් විය යුතු තරම් ප්‍රාමාණිකත්වය සහිත කොටස් බවට පිළිගත් බව යැ.
මෙ කුමන කොටසට ඇතුළත් කරන්නේ ද යන්න පිළිබඳව දු පැහැදිලි විවාදයක් පැවති බව දැක්ක හැකැ. එහි දී විනයට මෙය කිසි සේතු ඇතුළත් කළ නො හැකි බැව් පැහැදිලි කරුණක් වන්නට ඇතැ මක්නිසා ද යත් විනය පැහැදිලි ව මැ වෙනස් වූ කොටසක් වන නිසාවෙන් යැ. ඉදින් ඒ වන විට සංවර්ධනය වෙමින පැවති අභීධර්මයට මේ කොටස් ඇතුළත් කිරීමට ඇතැම් පිරිස් කැමැත්ත පළ කිරීම සාධාරණ වන්නේ යැ. නුමුත් අභිධර්මයේ ශෛලිය සහ මෙම කොටස්වලැ ශෛලි යසලකා බැලූ කොටසක් මේ කොටස් සූත්‍රපිටකයට ඇතුළත් කළ යුතු බැව් පැවසීම ද විය හැකක්කැ. අදවන විට සූතපිටකටයේ නිකාය පසක් දක්නට ලැබීමට මේ දෙවැනි මතය දැරූ පිරිස් ප්‍රධාන හේතුවක් ලෙස දැක්ක හැකැ.
මීට අමතර වැ මහාවංසයේ දු පළමු දම්සඟිය ගැනැ කරුණු එන මුත් එහි දු නිකාය විභජනය පිළිබඳ කරුණු නේන්නේ යැ. දීපවංසයේ දී පළමු සඟියේ ලා ආගම පිටකය වග්ග, පණ්ණාසක, සංයුත්ත සහ නිපාත ලෙස වර්ග කළ බැව් දැක්වෙන්නේ යැ. එයින් දු පෙනී යන්නේ සූත්‍ර පිටකයේ ලා නිකාය හතරක් පැවති බව යැ. දෙවන සඟියේ දී නිකාය පහක් බැව් දැක්වෙන්නේ නුමුත් නම් කිරීමක් දක්නට නැතැ. කෙසේ වුවත් මෙයින් පෙනී යන්නේ දීපවංසකරු යම් ආකාරයකැ විමසුම් සහිත කරුණූ දැක්වීමක් සුලුවෙන් නුමුත් කර ඇති බව යැ. මේ සියල්ලට මැ අමතර වැ දාහතරවැනි සියවසැ ලියැවුණූ සද්‍ධම්මසඩ්ගහයේ ලා ඛුද්දක නිකායේ ලා පොත් පහළොව මැ දක්වා ඇතැ. මෙය වනාහී පසුකාලීන වැ සියලු කෘතීන් පෙළට අයත් බැව් දැක්වීමේ ප්‍රයත්නයක් බැව් උක්ත මත තුලනයෙන් සාධාරණ වැ නිගමනය කළ හැකැ. මීට අමතර වැ චීනපසට නගා ඇති ධර්මගුප්ත විනයේ දු පළමු දම්සඟියේ දී ඛුද්දක නිකාය සංග්‍රහ වූ බවක් නො දැක්වෙන්නේ යැ යි ඔලිවර් අබේනායක සූරීහු පවසත්.
මෙම කරුණූ සියල්ල පිළිබඳ අවදානයෙන් බැලීමෙන් පැහැදිලි වන් දේ නම් ඛූද්දක නිකාය වනාහී පළමු ධර්මසංගායනාවේ දී වෙන මැ නිකායක් වශයෙන් සංග්‍රහ නො වුණු කොටසක් වන අතර පසුකාලීන වැ විවිධ කොටස් පෙළදහම ලෙස පිළිගනීමට යොමුවීමත් සමග ඉතා පැරණි නොහොත් මුල් කාලීන වූ කොටස් ද ඒ සමග එක් කැරැ වෙන මැ නිකායන් වශයෙන් ස්ථාපිත කළ බව යැ. එම නිසා මේ වත්මනැ දක්නට ඇති ඛුද්දක නිකායේ ලා ඉතා පැරණි කොටස් සෙ මැ පසු කාලීන වැ එක් වූ කොටස් දු දක්නට ලැබෙන්නේ යැ. මෙම කොටස් සියල්ල මැ බුද්ධවචනය වශයෙන් හෝ පැරණී කොටස් ලෙස හෝ දැක්වීමේ උත්සාහයයන් වශයෙන් උක්ත කථා ගොඩනගා ඇති බව පැහැදිලි වන්නේ යැ.
අන්තර්ගතය
ඛුද්දක නිකායේ අන්තර්ගතය වන්නේ පොත් පහළවකැ. මෙම පොත් පහළව පෙර දැක්වූ ආකාරයෙන් මැ මුල් බුදුසමයේ පටන් වරින් වර සංවර්ධනය වූ කොටස් බැව් දැක්ක හැකැ. කෙසේ වුවත් මෙම පොත් පහළව පෙළගස්වා ඇති ආකාරය වනාහී එවැනි සංවර්ධනයක් සලකමින් කාලානුගත වැ කළ බවක් දක්නට නො ලැබෙන අතර එය කුමන පදනමක් මත සිදු වී ඇත්තේ දැ යන්න නිශ්චය කිරීමක් කළ නො හැකැ. කෙසේ වුවත් මෙම විවිධ කෘති විවිධ ධර්ම කරණා ධාරනය කෙරෙන අතර එයින් ඇතැම් කොටස් බෞද්ධ ඉතිහාසය තුළ සංස්කෘතිය තුළ ඉතා හොස්ථාපනය වී ඇති අතර ඇතැම් කෘති ලොවැ බුදුසමය පිළිබඳ ප්‍රතීක ලෙස පවතින්නේ යැ. එම කෘති පහළව නම් මෙසේ යැ.
- ඛුද්දකපාඨ
- ධම්මපද
- උදාන
- ඉතිවුත්තක
- සුත්තනිපාත
- විමානවත්ථු
- පේතවත්ථු
- ථෙරගාථා
- ථෙරීගාථා
- ජාතක
- නිද්දේස
- පටිසම්භිදා
- අපදාන
- බුද්ධවංස
- චරියාපිටක
ඛුද්දකපාඨ
මෙම කෘතිය වළගම්බා රජුගේ අවධියේ සිදු වූ සංගායනාවෙන් පසු වැ රචනා වූ බව පිළිගැනේ. මේ පිළිබඳ ඛුද්දකනිකායට අයත් ප්‍රාමාණික ග්‍රන්ථයන් වශයෙන් සඳහන් වුන ලබන්නේ බුදුගොස් හිමිවන් විසිනි. මෙහි නාමය අනුව සහ අන්තර්ගතය අනුව පැහැදිලි වන දේ නම් මේ වනාහී කුඩා ධර්ම කරුණු ඇතුළත් පාඨ ග්‍රන්ථයක් නොහොත් පෙළපොතක් වන බව යැ.
1ග සරණාගමන
2ග දස සික්ඛාපද
3ග ද්වන්තිංසකාරය
4ග කුමාරපඤ්හ
5ග මහාමංගල සුත්ත
6ග රතන සුත්ත
7ග තිරොකුඞ්ඩ සුත්ත
8ග නිධිකණ්ඩ සුත්ත
9ග මෙත්ත සුත්ත
මේ අතරින් නිධිකණ්ඩ සූත්‍රය හැරැ අන් සියලු සූත්‍ර පෙළෙහි තැනැ තැනැ එන්නේ යැ. මේ පිලිබඳ අටුවා මතය සංක්ෂේපයෙන් දක්වා නම් එයින් කියැවේනf්න මෙම කෘතීන් බුදුසමයට බැසගැනීම සහ ඒ තුළ පැවැත්ම පිළිබඳ සහ එයට අවශ්‍ය සාධක දැකවන බව යැ.
ධම්මපද
පිහිට පිණිස පවතින්නා වූ ධර්ප පෙළ යන අර්ථ සිහත වැ එක් කොට සැකසුවා වූ මෙම කෘතිය මුල් කාලයේ පැවදි වූ සාමන්රයන් වහන්සේලා ගේ ධර්මඥානය දියුණූ කිරීම පිස භාවිත කළ කත්‍තියක් බව පිළිගැනෙන නුමුත් දඹදෙණි කථිකාවතේ හි එන්නා වූ කරුණූ මගින් පැවිදි වීමට පෙර සිට මැ මෙය පුහුණු කරවූ බව පෙනේ. මේ පිළිබඳ මිළින්දපඤ්ඤහයේ පැහැදිලි සටහන් එන අතර අශෝක රජු හට දම් දෙසීමට නීග්‍රොධ සාමනේරයන් වහන්සේ විසින් ධම්මපදයේ ගාථාවක් ගැනීම දු සැලකිය යුතු යැ. එසේ මැ පේතවත්ථුවේ දැ ධම්මපදය පිළිබඳ සඳහන් වී තිබීම වැදත් වේ. එයින් පැහැදිලි වන්නේ මෙම කෘතිය බොහෝ පුර්ව අවධියේදී සංග්‍රහ වී තිබූ බව යැ යි පිළිගැනේ. නුමුත් මිලින්දපඤ්ඤහයේ එනන් පමණක් ප්‍රාමාණික වැ ගන්නෝ දු වෙත්.
මෙහි ලා වග්ග විසිහයක් සහ ගාථා හාරසියවිසිතුනත් දක්නට ලැබේ. නුමුත් චීන පිටපතෙහි ලා වර්ග තිස්නවයකුත් ගාථා හත්සියපණස්හතකුත් එන්නේ යැ. මෙයින් ඉතා පැරණී ලෙස සාමාන්‍යයෙන් පිළිගැනීමට ලක් වන්නේ පාළි ත්‍රිපිටකයේ එන්නා වූ කොටස යැ.
උදාන පාළිය
ඛූද්දක නිකායට අයත් පැරණී මැ ග්‍රන්ථයක් ලසෙ සැලකෙන්නකැ උදාන පාළිය. මෙහි ලා වග්ග අටක් එන්නේ යැ.
- බෝධි වග්ග
- මුචලින්ද වග්ග
- නන්ද වග්ග
- මේඝිය වග්ග
- සොණ වග්ග
- ජච්ඡන්ධ වග්ග
- චුල්ල වග්ග
- පාඨලීගාම වග්ග
එක් වගකැ සුතුරු සහයන් වන සේ සුතුරු අසූවකින් පිරුණු මෙහි ගාථා වශයෙන් අනූපහක් ඒන්නේ යැ. මෙහි ලා ප්‍රිතිය හේතුවෙන් පැනනැගි අදහස් දක්නට ලැබ්නf්න ශ්‍රාවකභාෂිතයන් ගනේ යුක්ත යැ. උදාන යන්න බුදුගොස් හිමියෝ නවංගසත්ථු සාසනය වර්ග කැරැ දැක්වීමේ දී “සොමස්ස ඤාණමයික ගාථා පතිසංයුත්තා ද්වෙ අසීති සුත්තන්තා උදානන්ති වේදිතබ්බා” ලෙස දක්වා ඇතැ. නුමුත් මෙහි අසූ දෙකක් සුතුරු දක්වා ඇති නුමුත් දැන් ඇත්තේ සුතුරු අසූවක් පමණකැ. එය වනාහී කාලයා ගේ ඇවෑමෙන් ශේෂ වූයේ යැ යි පිළිගනිති.
ඉතිවුත්තක පාළිය
ඛුද්දක නිකායේ එන්නා වූ තවත් පැරණි කෘතියක් වන මෙහි නිපාත හතරක් දක්නට ලැබෙන්නේ යැ.
- එකක නිපාත
- දුක නිපාත
- තික නිපාත
- චතුක්ක නිපාත
මෙසේ වූ එක් එක් නිපාතයේ වග්ග ලෙස ද බෙදුණු කොටස් වන අතර සියල්ලේ මැ ඇතුළත් සූත්‍ර සංඛ්‍යාව වන්නේ එකසියදොළහකැ. ඇතැම් කොටස් හී සේ මැ මෙහි දු නාමකරණය පිළිබඳ විවිධ මත ඉදිරිපත් වී ඇතැ. කෙසේ වුවත් බුදුගොස් මිහිවන් විසින් නවංගසත්ථු සාසනය පිළීබඳ කරුණූ දැක්වීමේ දී දක්වනු ලබන ඉතිවුත්තක පිළිබඳ නිර්වචනය මෙහි දී වුව දු ප්‍රාමාණික බැව් සමස්තයක් ලෙස මෙහි දී පිළිගැනීම යැ. එනම් “වුතක්තං හේතං භගවතා වුත්තමරහතාති” යන්න යැ.
විමානවත්ථු
කුසලයේ යහප් විපාක පෙන්වීම සඳහා දේව විමානය් පිළිබඳ සකස් වූ කෘතියකැ. පළමු දම්සඟිය පිළිබඳ එන්නා වූ මූලාශ්‍රයන අතරින් ඛූද්දක නිකායට අයත් හෝ ඛූද්දක ග්‍රන්ථයට අයත් කෘති දැක්වෙන්නා වූ තැන්වලැ මෙම කෘතියේ නාමය සඳහන් වීමෙන් පැහැදිලි වව්නේ මේ වනාහී එම නාමමාලාවන් සකස්වීමට පූර්වයෙන් සංග්‍රහ වී තිබුණූබ ව යැ.කෙසේ වුවත් ඇතැමෙක් මේ වනාහී බුද්ධ පරිනිර්වාණයෙන් අර්ධශතවර්ෂයකට පමණ පසුවැ සැකසී තෙවන දම්සඟියේ දී පෙළට එක් වූ බැව් පැවසත්. නුමුත් පූර්වෝක්ත කරුණු සහ සැසඳීමේ දී එය වනාහී එතරම් ප්‍රාමාණික නො වන බැව් පැහැදිලි වේ.
මෙහි ලා ඉත්ථි පුරිස ලෙස කොටස් දෙකකින් සංග්‍රහ වී ඇති අතර එම කොටස් දෙක නැවත පිළිවෙලින් වග්ග හතරක් සහ තුනක් ලසෙ සංග්‍රහ වී ඇතැ. සියලු ගාථා ගණනින් නමසිය පණහක් වන්නේ යැ.
- ඉත්ථි විමානවත්ථු
- පීඨ වග්ග
- විච්චලතා වග්ග
- පාරිච්ඡත්තක වග්ග
- මඤ්ජෙට්ඨක වග්ග
- පුරිස විමානවත්ථූ
- මහාරථ වග්ග
- පායාසි වග්ග
- සුනික්ඛිත වග්ග
මෙයින් ඇතැම් ගාථා ඛූද්දකනිකායේ මැ ඇකැම් අනෙක් කොටස් සමග සාම්‍යයක් දක්වන අතරැ තවත් විටෙකැ පෙළෙහි අන් තැනැ එන්නා වු කොටස් සමග සාමයයක් දැක්වේ.
පෙතවත්ථු
මෙය දු විමානවත්ථු තරම් මැ පැරණී කෘතියක් වන්නේ යැ. එමෙන් මැ මෙය වනාහී අකුසලයන් ගf් අනිෂ්ට විපාකයන් දැක්වීම සඳහා කෘත කෘතියක් බැව් පැහැදිලි වන්නේ යැ. මෙහි ලා වර්ග හතරක් දක්නට ලැබෙනනේ යැ. මෙහි වත්ථූ ප්‍රමාණය වන්නේ පණස්එකක් වන්නේ යැ.
- උරග වග්ග
- උබ්බරී වග්ග
- ඡුල්ල වග්ග
- මහා වග්ග
මෙහි දී පේත නම් අපායෙහි වාසිත සත්ත්වයන් පිලිබඳ කරුණු දක්වා ඇති අතර මෙයදු උක්ත විමානවත්ථුව සේ මැ පද්‍යයයෙන් කෘත යැ.
ථෙරගාථා පාළිය
නිපාත විසිඑකකින් සහ වර් තිස්හයකින් සමන්විත මෙම කෘතිය දු පැරණි මැ වූ කොටස් ඇතුළත් වන්නා වූ කෘතයක් ලෙස පිළිගැනේ. ගාථා ස්වභාවයෙන් නිර්මාණය වී ඇති මෙම කෘතිය වනාහී අර්හතුන් වහන්සේලා ගේ උදානයන් ඇතුළත් වන්නා වූ කෘතියක් වන්නේ යැ. එය එසේ වන සේ මැ මෙහි එන්නා වූ ඇතැම් ගාථාවෝ පෙළෙහි අන් තැනැ දු පෙනෙති. ඒ නිසාවන් මෙය වනාහී පූර්වයෙන් පෙළැ තැනැ තැනැ ආවා වු රහතුන් වහන්සේලා විසින් දේශිත තමන් වහන්සේලා ගේ චරිතයට අදාල වූ ගාථාවන් එක් කැරැ පසු කාලීන වැ වෙන මැ රැපයීමක් ලෙස රැපී යැ යි සිතිය හැකැ.
ථෙරීගාථා පාළිය
මෙය දු ථෙරගාථා සේි මැ වූ බව දරක්ක හැකි වන්නේ මෙහි දී සංග්‍රහ වී ඇත්තේ ථෙරනීන් වහන්සේලා ගේ ජීවිතය පිළිබඳ තොරතුරු ඇතුළත් වූ ගාථාවන් යැ. මෙහි ලා නිපාත දහසයක් දැක්ක හැකි වන්නේ යැ. එහි එන්නා වූ ගාථා ගණනින් පන්සියවිසිදෙකක් වන්නේ යැ. මෙම ථෙරීගාථාවන් හී දු ථෙරගාථාවන් හී දු සාහිත්‍යික සේ මැ ආගමික වටිනාකම ඉහළ අගයක් ගන්නේ යැ. වෙසෙසින් සාහිත්‍යික ඉදිරිපත් කිරීම විෂයෙහි මෙම කොටස් ද්වය පෙළෙන් මැ අග තැනකැ වේ කීම මුසා නfා වන්නේ යැ.
ජාතක පාළිය
බුදුන් වහන්සේ ගේ පූර්වභවෝත්පත්ති කථා දැක්වීම් විෂයෙහි මෙය සංග්‍රහ වී ඇතැ. පසුකාලීන වැ කෘත ජාතක අටුවාව නැති වැ මෙය කියැවීම ගත අඩක් කීවා සේ වන තරමින් මැ අට්ඨකථෘව සහ ගාථා අන්‍යොන්‍ය සබැඳීමක් දක්වන්නේ යැ. මේ වනාහී පූර්වෝක්ත ධම්මපදයට දු පfාදු වූ කලුණක් වව්නේ යැ.
මෙහි ලා නිපාත වශයෙන් කළ බෙදීම් විසිදෙකක් වන අතර වග්ග වශයෙන් පණස්හතක් වන්නේ යැ. එමෙන් මැ ජාතක වශයෙන් පන්සියහතලිස්හතක් වන්නේ යැ.
ඇතැමෙක් මෙය පැරණි කෘති අතරැ තැබීමට කැමති වෙත්. නුමුත් අද වන විට ජාතකයන් ගේ මූලාරම්භය පිළිබඳ ස්ථිර නිගමනයක් දීමට හැකි නො වන්නේ ඒ පිලිබඳ සැලකිය යුතු ප්‍රමාණයන් සහිත වූ විවිධ මත ඉදිරිපත් වීම නිසාවෙන් යැ.
නිද්දෙස පාළිය
මෙය වනාහී ඛුද්දකනිකායේ තබා පෙළෙහි දු එන්නා වූ විශේෂ කෘතියන් වන්නේ යැ. මක්නිසා ද යත් මෙය වනාහී පැහැදිලි අටුවා ලකුණූ දක්වන්නේ යැ. කෙසේ ද යත් චුල්ල නිද්දේස සහ මහානිද්දෙස ලෙස කොටස් දෙකකින් යුතු මෙහි චුල්ල නිද්දේසයේ ලා පාරායන වග්ගයේ සූත්‍ර සහ ඛග්ගවිසාණ සූත්‍රය හට විස්තර කථනයක් දී ඇති අතර මහනිද්දේසයේ දී අට්ටකවග්ගයේ සූත්‍ර විස්තර කෙසේ. ඒ අකාරයෙන් මෙහි එන්නා වූ සූත්‍ර ගණන තිස්තුනක් වන්නේ යැ.
අට්ඨ කථා රචනය පිළිබඳ හමුවන පැරණිම සාධකයක ලසෙ මෙය දැක්විය හැකි වන අකර එය පෙළට මැ බහා තැබීම තවත් විශේෂ වන්නේ යැ. මෙහි කර්තෘත්වය සම්ප්‍රදාය මගින් සැරියුත් හිමියන්ට ආරෝපණය කරන්නේ නුමුත් එය සාධනය කිරීම සඳහා ප්‍රමාණවත් කරුණූ දක්නට නො ලැබෙනනේ යැ.
පටිසම්භිදාමග්ගප්පකරණය
අත්ථ, ධම්ම, නිරුත්ති සහ පටිභාන යන ධර්මකරුණු විග්‍රහ කිරීම පිණිස ගැඹුරු අර්ථ ඇති සූක්‍රයන් විස්කර කරමින් සැරියුත් හිමියන් විසින් දේශිත බව අටුවාව කියා. නුමුත් එය ප්‍රාමාණික ලෙස ගැනීමට අද උගත්හු මැති වෙත්. කෙසේ වුවත් මෙහිලා වග්ගත්‍රයක් එන්නේ ඒ එක් එක් වගැ සුතුරු දහයක් බැගින් එන්නේ යැ.
- මහා වග්ග
- යුගන්ධ වග්ග
- පඤ්ඤා වග්ග
අපදාන පාළිය
මෙහි අපදාන හෙවත් චරිතකථා සංග්‍රහ වී ඇති අතර ථෙර ථෙරී ලෙස කොටස් දෙකකින් යුක්ත යැ. ගාථා මාධයයෙන් ඉදිරිපත් වී ඇති අතර ථෙරාපදානයේ වර්ග පනස්පහක් ද චරිතකථා පන්සියපනස්දෙකක් ද ඇති තඅර ථෙරී අපදානයේ ලා වර්ග හතරක් ද අපදාන හතලිහක් ද ඇතුළත් වේ. ඒ අනුව සියලු වග්ග පනස්නමයක් වන අතර අපදාන ගණනින් පන්සියඅනූදෙකකි.
බුද්ධවංසය
මෙය වනාහී දීපඩ්කර බුදුන් වහන්සේ ගේ පටන් ගෞතම බුදුන් වහන්සේ දක්වා විසිපහක් වූ බුද්ද අපදානයන් ගේ ඉදිරිපත් කිරීමකැ. මෙය බුද්භාෂිතයක් බව අටුවාව දක්වන අතර පෙර පසු ඇති පරිච්ඡෙද අටුවා යුගයෙන් පසු එක් කෙරූ කොටස් යැ යි උගත්හු පිළිගනිති. කෙසේ වවුත් මේ වනාහී බුද්ධකාලීන යැ යි පිළිගැනීම විවාදාපන්න යැ.
චරියාපිටකය
බුදුන් වහන්සේ පෙරභවයන් හී දී පූර්ණය කළා වූ පාරමිතා හතක් රැපයූ බව පෙනේ. මේ වනාහී පසුකාලීන මෙරට භික්ෂූන් වහන්සේ ලා විසින් අයදතන මුහුණුවර දෙන ලද්දක් බව පිළිගැනේ. මෙහි ඇති භාතක ගණන තිස්දෙකක් වන අතර ගාථා ගනන තුන්සියහැතෑදෙකක් වේ. මෙය වග්ග තුනකට බෙදා සංග්‍රහ වී ඇතැ.
1ග අකිත්ති වග්ග
2ග හත්ථිනාග වග්ග
3ග යුධඤ්ජය වග්ග
සුත්තනිපාතය
හැඳින්වීම
සුත්ත නිපාතය වනාහී ඛුද්දක නිකායේ එන්නා වූ පස්වැනි කෘතිය වන්නේ යැ. ඛුද්දකනිකායේ එන්නා වූ ඇතැම් කොටස් සේ නො වැ සුත්ත නිපාතයේ බොහෝ කොටස් වඩාත් පැරණි බවත් අවශ්‍යයෙන් ම යැ. සුත්තනිපාතයේ සැකැස්ම පහත පරිදි දැක්ක හැකැ. බුද්ධදේශනාවක් බවත් පොදු පිළිගැනීම වන්නේ
- උරගවග්ග සූත්‍ර දොලහකැ.
- චුල්ලවග්ග සූත්‍ර දාහකරකැ.
- මහාවග්ග සුත්‍ර දොලහකැ.
- අට්ඨකවග්ග සූත්‍ර දාසයකැ.
- පාරායණවග්ග සූත්‍ර දාසයකැ.
කෙසේ වුවත් සුත්තනිපාතය හඳුන්වන්නා වූ සංඥා නාමය වනාහී විවාදයක් ඇති කීරීමට සමත් වූවකැ. මක්නිසා ද යත් පෙළැ අන් තැනැ ‘නිපාත’ යන්න යෙදී ඇත්තේ යම් පොතකැ කොටසක් දැක්වීම් වශයෙන් යැ. එනම් විසක් පොතකැ එන්නා වූ කොටස් දැක්වීමට නිපාත නාමය යොදා ගෙන ඇති බැව් පෙණෙන අතර ඇතැම් තැනැ එයින් කුඩා වූ කොටස් නිපාතයක් තුළ එන්නේ යැ. එසේ නම් තරමක් ප්‍රමාණයෙන් විසක් කොටස් දැක්වීම පිණිස නිපාත යන්න භාවිත කෙරුණූ බැව් පැහැදිලි යැ. නුමුත් මෙහි දී කෙවල කෘතියක නාමකරණය සඳහා නිපාත යන්න යොදා ඇති බැවින් ඒ කුමක් නිසා යෙදුවේ දැ යන්න පිළිබඳ විවිධ උගත්හු විවිධ මත දිරිපත් කරන්නෝ යැ.
ඒ අතරින් එන්.ඒ ජයවික්‍රම මහතා පවසනුයේ නිපාත යන්න යෙදීමෙන් හැඟවෙන්නේ එය වෙනත් විශාල සාහිත්‍යය අංගයක කොටසක් වැ තිබෙන්නට ඇති බව යැ. මෙය වනාහී හුදු නාමයක් මත පදනම වැ කිරීමට තරම් නො වන්නා වූ උපකල්පනයක් සේ පෙනී යන්නේ යැ. එමෙන් මැ ඕල්ඩන් බර්ග් මහාතා විසින් නිපාත යන්නෙන් වරින් වර කරන ලද එකිනෙකට සම්බන්ධයක් නැති භාවය දැක්වෙන බව පැවසී. නුමුත් එය දු ප්‍රාමාණික නො වන්නේ ඛුද්දක නිකායේ මැ එවන් තවත් බොහෝ එවැනි කොටස් ඇති නිසා යැ. මෙසේ පළ වූ විවිධාකාර අදහස් අතරින් වින්ටනිට්ස් පඬිතුමන් විසින් ඉදිරිපත් කළ අදහස පිලිගත හැකි නොහොත් වඩාතක් ආසාන්න අර්ථය බැව් පෙනේ. එනම් ‘නිපාත’ යනු ‘කණ්ඩය’ යන අදහසින් යෙදුණූ බව යැ. මෙය සත්‍යයට ඉතා ආසන්න විය හැකි අර්ථ දැක්වීමක් ව්නනේ යැ. මක්නිසා ද යත් ඛුද්දකනිකායේ මේ හැරැ සූත්‍ර දැක්වෙන්නා වූ කොටස් වන්නේ නම් ඒ ඛුද්දකපාඨ සහ නිද්දෙසපාළිය යැ. මෙයින් දු ඛුද්දකපාඨ යනු බොහෝ පසු කාලයේ ලියැවුණූ කෘතියක් වන්නේ යැ. එනිසා වඩා පැරණි සුත්තනිපාතය සංග්‍රහ වී නම් කිරීමක දී එහි ආභාසයක් ලැබ්බ නො හැකැ. අවශ්‍යයෙන් මැ සුත්නිපාතයට පසු වැ සංග්‍රහ වූ බැව් පෙනෙන්නා වූ නිද්දේසපාළිය දු එසේ ම යැ. ඒ නයින් සුත්තනිපාතය සංග්‍රහ වන විට කුම් වුවත් යටත් එය ඛුද්දකනිකායට එක් වන විට ඛුද්දක නිකායේ තිබූ සූත්‍ර පමණක් රැගත් එකකඳා මැ කෘතිය වන්නේ සුත්තනිපාතය යැ. ඉදින් ඛුද්දකනිකායේ ඇති සූත්‍ර කණ්ඩය නමින් හෙවත් ඛුද්දකනිකායේ ඇති සූත්‍ර කොටස ලෙස මෙය නම් කිරීම වනාහී සිදු විය හැක්කකැ.
කාලය
සුත්තනිපාතයේ එන්නා වූ ඇතැම් කොටස් ඉතා පැරණි කොටස් බැව් ඉහත දැක්වීමු. එය කෙසේ නිශ්චය් කරන්නේ දැ යි විමසනු වටින්නේ යැ. එය සනාත වන්නා වූ මුඛය කාරණයක් වන්නේ පෙළෙහි මැ තැනැ තැනැ සුත්තනිපාතයේ ඒන්නා වූ සූත්‍රධර්මයේ පිළිබඳ උල්ලේඛන හමු වීම යැ.
විනය පිටකයේ මහාවග්ගයේ සොණකුටිකණ්ණ වත්ථුවේලා සොණ හිමි විසින් අට්ඨක වග්ගය මිහිරි හඬින් දේශනා කරන ලද්දේ යැ යි දැක්වේ. එහි දී සූත්‍ර සංඛ්‍යාව දු නිවැරදි වැ දක්වා තිබීම සැලකිය යුතු කරුණක් වව්නේ යැ. සංයුක්ත නිකායේ දී මාගන්ධිය පඤ්හයේ එන ගාථාවකැ යි එයින් ගාථාවක් නම් කැරැ එහි අර්ථ විසර්ජනය කර දෙන මෙන් ඉල්ලීමක් කළ බැවි දැක්වෙන්නේ යැ. මෙයින් පෙනී යන දේ නම් අට්ඨක වග්ගය බුද්ද කාලයේ දී මැ සංග්‍රහ වී තිබුණු බව යැ. එමෙන් මැ එය ශ්‍රාවකයන් විසින් ඉතා උසස් තැනැ සැලකූ බැව් මෙසේ දේශනා කිරීමෙන් සහ එු් පිළිබඳ විමසීමෙන් පෙනී යන්නේ යැ. එසේ මැ සංයුත්තනිකායේ පාරායනයේ අජිතපඤ්හ ලෙස පැහැදිලිආකාරයෙන් දැක්වෙන් අතර අංගුත්තර නිකායේ ලා පුණ්ණපඤ්හ, උදයපඤ්හ සහ මෙත්ත්‍යෙගු පඤ්හය පිළිබඳ පැහැදිලි සටහන් හමු වන්නේ යැ. එමෙන් මැ අංගුත්තරනිකායේ සත්තකනිපාතයේ ලා වේලුකණ්ඨකි නන්දමාතා උපාසිකාව විසින් පාරායණවග්ගය මිහිරි හඬින් ගැයූ බව දු දැක්වෙන්නේ යැ. මෙයින් පෙනී යන්නේ පාරායනවග්ගය දු බුද්ධකාලය දක්වා දිවෙන බවත් එම යුගයේ පවා ප්‍රමාණික වටිනාකමකින් සැලකුණු බවත් යැ. එමෙන් මැ ඛග්ගවිසාන, කසීභාරද්වාජ, මෙත්ත, රතන, මහාමංගල, සුචිලොම, සුන්දරිකභාරද්වාජ සහ වාසෙට්ඨ ඈ සූත්‍රවලැ සුත්තනිපාතයේ එන්නා වූ කොටස් දක්නට ලැබෙන්නේ යැ.
සුත්තනිපාතයේ අට්ටකවග්ගය චීනබසින් ඇති නන්ජියෝ නාමාවලිය සමග ගැලපෙන්නේ ඒ වනාහී ව්‍ය.ව 222- 280 කාලයේ දී පරිවර්තනය කෙරෙන්නට ඇතැයි පැවසේ. එමෙන් මැ සුත්තනිපාතයේ ඇතැම් කොටස් මහාවස්තු සහ දිව්‍යාවදාන වැනි කෘතීන් හී දු එන්නේ යැ. එමෙන් මැ අශෝක ලිපිවලැ එන්නා වූ මුනි ගාථා මෙහි මුනිසුත්ත බව ද උපතිස්සපසින යන්න මෙහි ලා සාරිපුත්තසුත්ත වශයෙන් ද එන බව පිළිගැනේ ඒ අනුව දු සුත්තනිපාතයේ ඇති පැරණි බැව් සනාත වන්නේ යැ. එමෙන් මැ ඇතැම් කොටස් සංස්කෘතයෙන් දු හමුවෙන් අතර එම කොටස් මේ කෘතිය ඛුද්දකනිකායට ඇතුළු කිරීමටත් පූර්වයෙන් මැ පරිවර්තනය කෙරෙන්නට ඇතැයි පිළීගැනේ. විනය පිටකසේ එන්නා වූ කොටස චීන බසින් ඇති මහීසාසක විනයේ දු ඒ ආකාරයෙන් මැ දැක්ක හැකි අතර අභීධර්ම මහා විභාෂාවේ දු පාරායනවග්ගයට සහ අර්ථවර්ගයට අයත් කොටස් එන බව පැවසේ. මෙම කරුණු මගින් පැහැදිලි වන්නේ මෙම වග්ග දෙක එනම් අට්ඨක සහ පාරායන වග්ග දෙක අනෙකුත් වග්ගයන්ට වඩා පැරණි බව යැ. එය එසේ වන්නේ නුමුත් අනෙකුත් වග්ගයන්හී එන්නා වූ ඇතැම් සූත්‍රයන් හී දු පැරණී ලක්ෂණ දක්නට ලැබෙනේනේ යැ. ඒ අතරින් ඛග්ගවිසාන සූත්‍රය වැදගත් වන්නේ ඛුද්දකනිකායේ මැ එන්නා වූ චුල්ලනිද්දේසයේ එම සූත්‍රය දු විස්තර කර තිබීම නිසාවෙන් යැ.
එමෙන් මැ මෙම සුත්තනිපාතයේ ඇති භාෂා ලක්ෂණයන් දු එහි පැරණි බැව් සඳහා දෙස් දෙන්නේ යැ. එනම් එහි බොහෝ කොට වෛදික භාෂා ලක්ෂණ දක්නට ලැබෙන්නේ යැ.අවීතතණභාසේ සිතාසෙ ඈ සද සහ ඇතැම් කිතක පද දු වෛදික හුරුවට සාදාගෙන ඇති බැව් දැක්ක හැකැ. මෙය දු සුත්තනිපාතය විෂයෙහි වැදගත් කරුණක් වන්නේ යැ. මෙම ලක්ෂණ වැඩි වශයෙන් පාරායනවග්ගයේ දක්නට ලැබීම වානහී ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වන්නේ පාරායනවග්ගය එය ඉල්ලා සිටින නිසාවෙන් යැ. ඒ නියන් එය මුල්බුදුසමයට අයත් බව සිතීම පිළිබඳ සැකයක් ඇති වීමට ඉඩක් නො වන්නේ යැ.
උපයෝගීතාව
සුත්තනිපාතකයේ ඇති උපයෝගීතාව පැහැදිලි ලෙස මැ කොටස් දෙකකින් දැක්විය හැකැ. එකක් නම් දාර්ශනික හෙවත් ආගමික වටිනාකම සහ සාහිත්‍ය කෘතියක් වශයෙන් ඇති වැදගත් කම ලෙස යැ. මෙයින් ආගමික හෙවත් දාර්ශනික වටිනාකම තරමක් පසෙකින් තැබුවේ වී කාව්‍යයක් ලෙස ඇති වටිනාකම සහ උපයෝගීතාව පිළීබඳ සැකැවින් කරුණු විමසන්නේ යැ.
උක්ත දැක්වූ ලෙසට මැ මෙහි එන්නා වූ මුනි සුත්ත නාලක සුත්ත සහ සාරිපුත්ත සුත්ත වැනි සූත්‍ර ධර්මයෝ අශෝක රජු විසින් භික්ෂූන් විසින් නිතර මෙනෙහි කළ යුතු සූත්‍ර වශයෙන් දැක්වීමෙන් පෙනී ය්නනේ මෙම කෘතියේ වටිනාකම ඒ යුගය වන විට ද හොඳින් දැණුනු බව යැ. ඉන් පෙර බුද්ධ කාලය පිළිබඳව වුවදු එසේ මැ යි. ඒ කුම් වුවත් මෙහි ඇති ඓතිහාසික, සාමාජීය වටිනාකම ඉහළ තැනැකැ පවතී.
බුද්ධ චරිතය පිළීබඳ හදාරන්නෙකුට සුත්තනිපාතය ඉතාම උපයෝගීතාවක් දක්වන්නේ යැ. ඒ හුදු නාලක, පධාන, පබ්බජ්ජා වැනි සූත්‍ර නිසායෙන් පමණක් මැ නො වන්නේ යැ. මෙහි දැක්ක හැකි වෙසෙසින් පාරායන සහ අට්ටකවග්ගයන් හී දැක්ක හැකි බුදුන් වහන්සේ ගේ චරිත ලක්ෂණ එනම් එහි විද්‍යමාන වන්නා වූ බුදුන් වහන්සේ ගේ ස්වභාවය වුව දු ඓතිහාසික වශයෙන් වැදගත්කමක් උසුලන්නේ යැ. එයට එක් හේතුක් නම් එය ඉතා පැරනි කොටස් බැව් පූර්වොක්ත ආකාරයෙන් පැහැදිලි වීම යැ. අනෙක නම් එහි එන්නා වූ බුදුන් වහන්සේ වනාහී අවශ්‍යයෙන් මැ බුදුසමය වැනි අද්විතීය මානවහිතවාදී සේ මැ ගැඹුරු දැක්මක් ඉදිරිපත් කළ උත්තම ගනයේ මිනිසෙක් ලෙස නිරූපණය වීම යැ.
බුද්ධචරිතය හැරුණු විට තත්කාලීන සමාජය පිළිබඳ දු වඩාත් වටිනා කරුණූ මෙමගින් උකහාගත හැකැ. ධම්මික සූත්‍රයේ දී සිදුකෙරෙන වර්ණවාදය බැහැර කිරීම් මගින් තත්කලීන සමාජයේ පැවති කුලවාදය කුමනාකාරයක් ගන්න ඇති ද සහ එය කුමන මුහුනුවරකින් සමාජයේ පවතින්න ඇති ද යන්න පිළීබඳ අදහසක් ගත හැකැ. එමෙන් මැ භෘරතවර්ෂයේ ඉතිහාසය අතින් ඉතා වැදගත් කරුණක් ලෙස තත්කාලීන බ්‍රාහ්මණ ජනයා ගේ ආර්ථික ස්වභාවය පිළිබඳ අදහසක් ලබාගත හැකි වන්නේ යැ. ධනිය සහ කසීභාරද්වාජ වැනි සූත්‍ර මගින් ඉතා හොඳින් පැහැදිලි වන පරිදි තත්කාලීන බ්‍රාහ්මණයින් පිරිසක් තමා ගේ ස්වධර්මයන් ගෙන් යම් තරමකට ඈත් වැ වෙළඳාම ආදී කෙරෙමින් ධනවාදී වූ ඉතා සුඛොපභොගී ජීවත ගත කළ බව ද එය ඒ වන විට සමාජයේ කතිකාවකට මුල පිරීමට තරම් කරුණක් නො වුණු බව දු පැහැදිලි වන්නේ යැ. එය ඉතිහාසයට වැදගත් වන්නේ බුදුන් කලැ වෙළඳාම් කරමින් සිටි බමුණු පරපුර පසුකාලීන වැ කැත් කුලයේ ස්වධර්මය දු ආත්මාරෝපණය කරගන්නට පෙළඹිම යැ. එනම් පසු කලැ බමුණු සෙන්පතිවරු සේ මැ රජවරු හමුව වන්නේ යැ. මෙයින් පැහැදිලි ව්නf්න මේ වනාහී එක්වර සිදුවූවක් නො වැ බුදුන්කලැ පටන් කෙමෙන් කෙමෙනේ වැඩෙමින් ආවක් බව යැ.
බොහෝ දෙනා විසින් සලකන්නා ලෙසට මැ ආචාරවිද්‍යාත්මක වැ මහගු වටිනාකමකින් හෙබි වසල සහ පරාභව සූත්‍රයන් වනාහී හුදු ආචාරවිද්‍යාත්මක දර්ශනයක ස්නිග්ධකෘත ස්වරූපය පමණක් නො වව්නේ යැ. එය වනාහී තත්කාලීන සමාජයේ සමාජය පිළිබඳ අප ඉදිරියේ ඇති කැඩපතක් වන්නේ යැ. මක්නිසා ද යත් බුදුන් වහන්සේ විසින් එම සුතුරු වදාරා ඇත්තේ එකලැ සමාජයේ භව්‍ය තාත්වික ඡායාවක් සමග යැ. එකලැ පැවති දේශපාලනික සහ ආර්ථික ස්වභාවයන් මගින් නාගරීකෘත සමාජයේ දිවි ගෙවූ ගැහැණුන් මිනිසුන් තම දිවිය කෙසේ ගෙවා දැම්මේ දැ යි යන්න පිළිබඳ එතුළ පැහැදිලි වැ නිරූපණය වන්නේ යැ. පාරායණ වග්ගයේ දී ඇතැම් විට මේ සියල්ලෙන් වෙනස් වූ කරුණක් දක්නට ලැබේනේ යැ. එනම් භාරතයේ පැවති ආරාමික ජීවිතයක් ගත කළ විද්‍යාර්ථීන් ගේ චරිත ස්වභාවය නොහොත් වෙසෙසින් ඔවුන් ගේ චින්තනය කුමනාකාරයකින් ක්‍රියා කළේ ද යන්න පිළිබඳ යම් අදහසක් ඉදිරිපත් කරන්නේ යැ.
කාව්‍යමක වටිකානම දු මෙහි අඩු නො වන්නේ යැ. උපදේශාත්මක කාව්‍ය සේ මැ පද්‍යස්වරූපයෙන් පවතින් සංවාද දු මෙහි දැක්ක හැකැ. එමෙන් මැ පසුකාලීන වැ සකු සාහිත්‍යයේ සහ ප්‍රාකෘත සාහිත්‍යයේ එන්නා වූ කණ්ඩකාව්‍යයන් හී දී බොහෝ කොට භාවිත කෙරුණු ධ්‍රැව පද භෘවිතය මෙහි දී දැක්ක හැකැ. මෙහි ඇති වටිනාකම වන්නේ මෙහි භෘවිත ධ්‍රැව හුදු පුනරුක්තියක් නො වන ආකාරයටත් ධ්‍රැවයක ලක්ෂණ ආරක්ෂා වන ආකාරයෙනුත් සාහිත්‍යික අගයක් ඇති වන ආකාරයෙන් යොදා ගැනීම යැ. කලාත්මක ඉදිරිපිත් කිරීම අතින් සිත්ගන්නාසුලු වූ ධනිය සූත්‍රයේ දී මේ ආකාරයේ ධ්‍රැවයක් ඉතාමත් කාලාත්මක ආකාරයෙන් භාවිත කර ඇතැ. සාහිත්‍යයේ දී මෙය භාවිත කෙරෙන්නේ අදහසක් තීව්‍ර ආකාරයෙන් දැක්වීම පිණිස යැ. ඒ හැරැ ධ්‍රවය භාවිත කරන්නා වූ සූත්‍ර ගණනවාක් එන්නේ යැ. එමෙන් මැ උපමා දැක්වවීට ඉතා පතල වූ පෙළ සාහිත්‍යයේ සුත්ත නිපාතය දු උල්ලෙඛනීය යැ. එහි එන්නා වූ රතන සූත්‍රය, උරග සූත්‍රය ඈ සූත්‍රයන්හී භාවිත කර ඇති උපමා සරල වන්නේ නුමත් එමගින් අරමුණ ඉටු වීම ඉතා සැකැවින් සිදුවන බව දැක්ක හැකැ. පසුකලැ සකුවේ එන්නා වූ ජාගර ගූඪ උපමාවන්ට වඩා ඍග්වේදයේ ඈ දක්නට ලැබෙන සරලත්වය මෙන් මැ අව්‍යාජත්වය දු දැක්ක හැකැ. කුඩා මුත් පරිසර වර්ණනා සේ මැ පුද්ගල වර්ණනා දු පාලියට හුරු වූ ඉතා සරල සුන්දර බසකින් කෙරී ඇති බැව් දැක්ක හැකැ.
අන්තර්ගතය
මෙහි දී එක් එක් වර්ගයේ එන්නා වූ තෝරාගත් සූත්‍ර ධර්මයන් කීපයක් පිළිබඳ විමසන්නේ යැ. එයින් මෙම කෘතියේ එන්නා වූ ඉගැන්වීම හී පරාසය පිළිබඳ සහ දේශනා ශෛලිය පිළිබඳ යම් අවබෝධයක් ලබාගත හැකැ. ඛුද්දක නිකායේ ඇති අනෙකුත් කෘති සහ මෙහි ඇි වෙනස් කම් පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලබා ගැනීමට එය වඩා පිටිවහලක් දු වනු ඇතැ.
සුත්තනිපාතයේ ආරම්භක සූත්‍රය වන උරග සූත්‍රයේ දී නිර්වානාවබෝධය කිරීම සඳහා භික්ෂුව විසින්කුමක් කළ යුතු ද යන්න පිළිබඳ දක්වා ඇති අතර එයින් නිර්වානය ලත් තැනැත්තෙකු ගේ ස්වභාවය පිළිබඳ දු අදහසක් ලැබ්බ හැකැ. එහි දී රාග, තණ්හා, මාන ආදියේ අභාවයක් සහිත භාවය පිළිබඳ දැක්වේ.
“1. යො උප්‌පතිතං විනෙති කොධංල විසටං සප්‌පවිසංව ඔසධෙහිත
සො භික්‌ඛු ජහාති ඔරපාරංල උරගො ජිණ්‌ණමිවත්‌තචං පුරාණංග
2. යො රාගමුදච්‌ඡිදා අසෙසංල භිසපුප්‌ඵංව සරොරුහං විගය්‌හත
සො භික්‌ඛු ජහාති ඔරපාරංල උරගො ජිණ්‌ණමිවත්‌තචංල පුරාණංග
3ග යො තණ්‌හමුදච්‌ඡිදා අසෙසංල සරිතං සීඝසරං විසොසයිත්‌වාත
සො භික්‌ඛු ජහාති ඔරපාරංල උරගො ජිණ්‌ණමිවත්‌තචං පුරාණං.
4ගයො මානමුදබ්‌බධී අසෙසංල නළසෙතුංව සුදුබ්‌බලං මහොඝොත
සො භික්‌ඛු ජහාති ඔරපාරංල උරගො ජිණ්‌ණමිවත්‌තචං පුරාණංග”
එමෙන් මැ රහත් වූ පුද්ගලයෙකු විසින් ලෝකය දකින ආකාරය ද ආනාත්මතාවය ද මෙහි දී විස්තර කෙරී ඇතැ. එනම් එහි දී පැවසෙන්නේ ප්‍රපඤ්චය ඉක්මවා ගිය පුද්ගලයා පවතින සියල්ල යථාර්ථය නො වන බව දැනැ ඒ කෙරෙහි වූ ලෝභය නැති වැ ලෝකය දෙස බලනා බව යැ. රාගය දු එයින් මැ නැති වී යන්නේ යැ. මේ ආකාරයෙන් නිවන පිළිබඳ සැකැවින් කෙරෙන දැක්වීමක් මෙහි ඇතුළත් වන්නේ යැ.
“8. යො නාච්‌චසාරී න පච්‌චසාරීල සබ්‌බං අච්‌චගමා ඉමං පපඤ්‌චංත
සො භික්‌ඛු ජහාති ඔරපාරංල උරගො ජිණ්‌ණමිවත්‌තචං පුරාණංග
9. යො නාච්‌චසාරී න පච්‌චසාරීල සබ්‌බං විතථමිදන්‌ති ඤත්‌වා ලොකෙත
සො භික්‌ඛු ජහාති ඔරපාරංල උරගො ජිණ්‌ණමිවත්‌තචං පුරාණං”
ප්‍රපඤ්චයන් පිළිබඳ නිවැරදි අවබෝධය ලැබීමෙන් ලොවැ පවත්නා සියල්ල පැනවීමක් වන බවක් ආත්මය ලෙස ගත හැකි කිසිවක් එහි දැක්ක නො හැකි බවත් අවබෝධ වන අතර එයින් පසු ආත්මයක් හෙවත් තථ්‍ය පැවැත්මක් නැති යමක් පිළිබඳ ලෝභ කිරීමක් ඈ දු නො වන්නේ යැ. මෙහි දී සැකවින් දැක්වීමට කටයුතු කර ඇත්තේ ලෝකයේ සැබෑ ස්වභාවය සහ අධිගමයට පත්වූවා ගේ ස්වභාවය යැ.
උරග වග්ගයේ මැ එන්න වූ බොහෝ ජනප්‍රිය සූත්‍රයක් වනනේ ධනිය ගෝපාල සූත්‍රය යැ. එහි එන්නා වූ වර්ණනයන් දු එය ජනප්‍රියවීමට හේතුවක් යැ යි සිතිය හැකැ. ඒ කුම් වුවදු සරල සුගම ආකාරයෙන් සේ මැ ඉතාමත් සෞම්‍ය ආකාරයෙන් ගිහි දිවියේ ඇති අනිත්‍ය සේ මැ ශෝකී ස්වභාවය පිළිබඳව දු පෙන්වා දෙන්නේ යැ.
“‘පක්‌කොදනො දුද්‌ධඛීරොහමස්‌මිල ඉති ධනියො ගොපො
අනුතීරෙ මහියා සමානවාසොත
ඡන්‌නා කුටි ආහිතො ගිනිල අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’ග
‘අක්‌කොධනො විගතඛිලොහමස්‌මි ඉති භගවා*
අනුතීරෙ මහියෙකරත්‌තිවාසොත
විවටා කුටි නිබ්‌බුතො ගිනිල අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’’
මෙහි දී ගිහි දිවියෙ සැප සම්පත් පිළිබඳ උදම් වන්නා වූ ධනියට පිළිතුරු රූපයෙන් බුදුන් වහන්සේ විසින් දහංගැටයක ස්වරූපයෙන් තමන් ගේ දැක්ම දක්වනු ලබන්නේ යැ. බැඳීම්වලින් මිදුණූ නිදහස් දිවියක ස්වභාවය ඉතා සරල සදින් නුමුත් සුගම වැ දැකවන්නෝ යැ. එමෙන් මැ
“‘ගොපී මම අස්‌සවා අලොලාල ඉති ධනියො ගොපො
දීඝරත්‌තං සංවාසියා මනාපාත
තස්‌සා න සුණාමි කිඤ්‌චි පාපංල අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’ග
‘චිත්‌තං මම අස්‌සවං විමුත්‌තංල ඉති භගවා
දීඝරත්‌තං පරිභාවිතං සුදන්‌තංත
පාපං පන මෙ න විජ්‌ජතිල අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’
‘අත්‌තවෙතනභතොහමස්‌මි ල ඉති ධනියො ගොපො
පුත්‌තා ච මෙ සමානියා අරොගාත
තෙසං න සුණාමි කිඤ්‌චි පාපංල අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’
‘නාහං භතකොස්‌මි කස්‌සචිල ඉති භගවා
නිබ්‌බිට්‌ඨෙන චරාමි සබ්‌බලොකෙත
අත්‌ථො භතියා න විජ්‌ජතිල අථ චෙ පත්‌ථයසී පවස්‌ස දෙව’’’
ගිහි දිවියේ නිරන්තරයෙන් වෙහෙස විය යුතු දේ පැවිදි දිවියේ නො වන බවත් එවන් සිත වෙහෙසෙන්නා වූ දේ ලෝභය කාමය වැනිදේ නිසා නිසාවෙන් ඇති වන බවත් එයින් මිදුණු නිර්වාණය වනාහී ශාන්තස්වභාවයෙන් යුතු බවත් දැක්වෙන්නේ යැ. තමා කිසිවෙකු මත නො පැවත ස්වාධිනව දිවිගේවීමේ හැකියාව වනාහී බැඳීමෙන් නිසහස් වූ පැවිද්දා සතු වන බව දක්වන්නෝ යැ. මේ වනාහී ගිහිදිවියේ ඇති දුක සහ පැවිදි දිවියේ ඇති නිදහස් ස්වභාවය දැක්වීමක් වන්නේ යැ. අවසනැ සියල්ල කෙටියෙන් දක්වන්නෝ උපධි නිසාවෙන් මිනිසා ගිහි දිවියේ වැටී නිත්‍ය නො වූ මුලාවක් වූ සැප පසුපස යමින් දුකින් මැ දිවි ගවෙන්නේ යන්න දක්වන්නෝ යැ.
“‘සොචති පුත්‌තෙහි පුත්‌තිමාල ඉති භගවා
ගොපියො ගොහි තථෙව සොචතිත
උපධී හි නරස්‌ස සොචනාල න හි සො සොචති යො නිරූපධී’තිග”
උක්ත සූත්‍රයේ සේ මැ අනෙක් බොහෝ සූත්‍රවලැ දු දක්නට ඇති දේශනා ස්වභාවයක් වන්නේ අසන්නා ගේ දැක්මට හෝු විශ්වාසයට අනවශ්‍ය බලපෑමක් නො කැරැ හුදු විධිමත් කරුණූ දැක්වීමක් පමණක් සිදු කිරීම යැ. එමගින් මැ අසන්නා අදාල විෂයෙහි පැහැදීමක් විශ්වාසයක් සේ මැ අවබොධයක් ලබන්නේ යැ. එනිසාවෙන් හුදු භක්තිපූර්වක ශ්‍රද්ධාව මගින් ඇති කළා වූ පිළිගැනීමක් නො වන්නේ යැ.අසන්නා ගේ සිතීමේ හැකියාව නො වසා එයින් මැ කරුණු අවබෝධ කරවීමේ දේශනා විලාසය් බුදන් වහන්සේ විසින් අනුගමනය කළ බව මෙයින් පැහැදිලි වේ.
මෙම සංකල්ප යමැ ගෙනෙන්නා වූ සූත්‍රයක් ලසෙ ඛග්ගවිසාන සූත්‍රය දැක්විය හැකැ. එහි දී වඩාත් හොඳින් පැවිදි දිවියේ නිදහස අවධාරණය කෙරෙනනේ යැ.
“සබ්‌බෙසු භූතෙසු නිධාය දණ්‌ඩංල අවිහෙඨයං අඤ්‌ඤතරම්‌පි තෙසංත
න පුත්‌තමිච්‌ඡෙය්‍ය කුතො සහායංල එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පොග
සංසග්‌ගජාතස්‌ස භවන්‌ති ස්‌නෙහාල ස්‌නෙහන්‌වයං දුක්‌ඛමිදං පහොතිත
ආදීනවං ස්‌නෙහජං පෙක්‌ඛමානොල එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පොග
මිත්‌තෙ සුහජ්‌ජෙ අනුකම්‌පමානොල හාපෙති අත්‌ථං පටිබද්‌ධචිත්‌තොත
එතං භයං සන්‌ථවෙ පෙක්‌ඛමානොල එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පොග
වංසො විසාලොව යථා විසත්‌තොල පුත්‌තෙසු දාරෙසු ච යා අපෙක්‌ඛාත
වංසක්‌කළීරොවල සජ්‌ජමානොල එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පොග
මිගො අරඤ්‌ඤම්‌හි යථා අබද්‌ධො යෙනිච්‌ඡකං ගච්‌ඡති ගොචරායත
විඤ්‌ඤූ නරො සෙරිතං පෙක්‌ඛමානොල එකො චරෙ ඛග්‌ගවිසාණකප්‌පො”
උක්ත කොටසින් ඛග්ගවිසාන සූත්‍රය පිළිබඳ පැහැදිලි අදහසක් ගත යැකැ. එහි ලා පළමුවෙන් ගිහි ගිහි දිවියේ ඇති බැඳීම් පිළිබඳ සහ එම බැඳීම් මගින් දුක ඇති වන ආකාරය පහැදිලි කැරැ එයින් මිදුණූ පැවිද්දා කුමන ආකාරයෙන් තනි වැ හුදකලාවේ හැසිරෙන්නේ ද යන්න පිළිබඳ උපමා සහිත වැ කරුණූ දැක්වෙන්නේ යැ. පුතුන් බිරියන් සහායකයන් සියල්ල බැඳීම් වන්නේ ඒ බැඳීම් මගින් සෙනෙහස ඇති කැරැ එයින් මැ දුකට පත් කෙරෙන්නේ යැ. එයට මැ ඇලී එයින් මැ දුකට පත් වෙමින් වාසය කරන්නේ යැ. නුමුත් පැවිද්දා ඒ සියල්ලෙන් මිදී විමුක්තිය සොයමින් විමුක්තිය පිභිබඳ ගවේෂණය කරමින් එකලා වැ හැසිරෙන්නේ යැ.
ගිහි විනවය දැක්වෙන සූත්‍ර වශයෙන් බොදුදන අතරැ බොහෝ පැතිරුණු සූත්‍රද්වයක් වන්නේ පාරාභව සූත්‍රය සහ වසල සූත්‍රය යැ. මේ වනාහී ගිහි විනය වශයෙන් දැක්වෙනුයේ ගිහියා ගේ පැවැත්ම පිළිබඳ දේශිත නිසා යැ. නුමුත් විනය යන්නෙන් ආගමික ස්වභාවයක් හැඟවෙන බවක් නො සිතීම මැනවැ. මක්නිසා ද යත් මේ වනාහී අදහන්නා වූ දහම කුමක් වුව දු දනන් ගේ යහපත උදෙසා හැසිරිය යුතු අයුරු දක්වන්නා වූ දෙසුමක් වන්නේ යැ.
“නිද්‌දාසීලී සභාසීලීල අනුට්‌ඨාතා ච යො නරොත
අලසො කොධපඤ්‌ඤාණොල තං පරාභවතො මුඛං
යො මාතරං පිතරං වාල ජිණ්‌ණකං ගතයොබ්‌බනංත
පහු සන්‌තො න භරතිල තං පරාභවතො මුඛං’’
මෙහි දී දැක්වෙන ආකාරයෙන් අනවැසි තරමින් නිදීම සේ මැ දෙමවුපියන් නො සැලකීම වනාහී එක් ආගමකට හෝ එක දනමුලකට හෝ සීමා වන්නේ නැතැ. සියලු මිනිස්වග වග කෙරෙහි මෙවැනි දේ අනුගත වීම වැදගත් වන්නේ යැ. එසේ මැ එයින් සැපවත් බවට සේ මැ දියුණු බවට පත් විය හැකි වන්නේ යැ.
“අත්‌තහෙතු පරහෙතුල ධනහෙතු ච යො නරොත
සක්‌ඛිපුට්‌ඨො මුසා බ්‍රූතිල තං ජඤ්‌ඤා වසලො ඉතිග
යො වෙ පරකුලං ගන්‌ත්‌වාල භුත්‌වාන සුචිභොජනංත
ආගතං නප්‌පටිපූජෙතිල තං ජඤ්‌ඤා වසලො ඉතිග”
වසල සූත්‍රයේ දු ඒ අයුරින් මැ බැව් උක්ත ගාථා ද්වයෙන් පැහැදිලි වන්නේ යැ. එනම් එහි දී පැවසෙනුයේ තමා නිසා හෝ අනුන් නිසා හෝ මුදල් ඈ නිසා හෝ සාක්ෂී විමසූ විට බොරු සාක්ෂ්‍ය නො දිය යුතු බව යැ. එමෙන් මැ අනෙකු ගේ නිවසට ගොස් හොඳින් ආහාර ගෙනැ නැවත ඔවුහූ තම නිවසට පැමිණි දැනකැ ඔවුනට සංග්‍රහ නෙ කිරීම නො යුතු බව යැ. එයින් වසලයෙක් වන බව යැ. ඒ අනුව දු පැහැදිලි වන්නේ මේ සූත්‍ර ධර්මයන් වනාහී සමස්ත මානවප්‍රජාව විෂයෙහි දේශිත එක තරා ආකාරයක සදාචාරාත්මක සහ දියුණූවට කෙරෙන්නා වූ මග පෙන්වීමක් වන බව යැ.
චුල්ලවග්ග ආරම්භයේ ඇති රතන සූත්‍රය වනාහී බෞද්ධයා අතර බොහෝ සේ ප්‍රකට වූ දැ බොහෝ සේ භාවිත වන්නා වූ ද සූත්‍රයක් ව්නනේ යැ. එය වනාහී පිරිත් අයුරින් භාවිතයට පැමිණ තිබෙන්නේ මුත් එම සූත්‍රය මගින් බුද්ධ ධම්ම සංඝ යන ත්‍රිවිධ රත්නය පිළිබඳ කෙරෙන කරුණු දැක්වීමක් වව්f්න යැ. ඒ ඒ රත්නය ගනිමින් ගුණයන් දැක්වීමක් වන්නේ යැ. මෙහි දී ත්‍රිවිධ රත්න සංකල්පයේ ඇති වැදගත්කම ඉතා හොඳින් පැහැදිලි වන ආකාරයෙන් ඒ එක් එක් රත්නය පැහැදිලි කෙරෙන්නේ අන්‍යොන්‍ය සම්බන්දය පැහැදිලි වන්නේ යැ. එමෙන් මැ මෙහි එන්නා වූ උපමා ආදිය නිසා සාහිත්‍යමය වූ සුන්දරත්වයක් ද වටිනාකමක් ද මෙයට හිමි වන්නේ යැ. එමෙන් මැ සකු වහරේ එන්නා වූ ආකාරයේ ගූඪ ස්වභාවයක් දක්වමින් ගරුබියක් ඇති කරනු වෙනුවට සරල සහ සැහැල්ලු භාවය සේ මැ අව්‍යාජස්වභාවය දැක්වීම මගින් ජනයා තුළ ප්‍රසාධයක් ඇති කිරීමට කටයුතු කර ඇති ආකාරය දැක්ක හැකැ.
“වනප්‌පගුම්‌බෙ යථ ඵුස්‌සිතග්‌ගෙල ගිම්‌හානමාසෙ පඨමස්‌මිං ගිම්‌හෙ
තථූපමං ධම්‌මවරං අදෙසයි නිබ්‌බානගාමිං පරමං හිතායත
ඉදම්‌පි බුද්‌ධෙ රතනං පණීතංල එතෙන සච්‌චෙන සුවත්‌ථි හොතුග”
බුද්ධරත්නය වණන්නේ ගිම්හානයේ මුල් කාලයේ (මාසයේ) වනගුල්මයකැ පිපි කුසුමකට උපමා කළ හැකි වූ ද නිවණ පිණිස මග වූ ද අත්‍යන්තයෙන් මැ හිති පිනිස වූ දහමක් දේශනා කළ බුදුන් වහන්සේ ලෙස බුදුන් වහන්සේ වර්ණිත යැ. මෙහි දී බුදුන්වහනසේ සේ මැ ධර්මය දු වැණෙන්නේ සරල සහ අව්‍යෘජත්වයට මුල් තැනක් දෙමින් යැ.
මිතුරු කවුරුන් ද යන්න පිළිබඳවත් මිනිසෙකු ගේ දිවිය කෙසේ විය යුතු ද යන්න පිළිබඳවත් ඉතා කෙටියෙන් මුත් හොඳින් දක්වන්නා වූ සූත්‍රයකැ හිරි සූත්‍රය. එහි දී වචනයෙන් පමණක් මිතුරුකම පවත්වනනේ උපකාර නො කරන්නේ යමෙක් වේ ද හේ මිතුරෙක් නො වන බැව් දක්වනනේ යැ. එසේ මැ කිසිවිට ඉටු කළ නො හැකි චාටු කතා කියන්නා ද මිතුරෙක් නො වන බවත් නිතර කලහයට සූදානම් වැ සිටින්නා දු මිතුරෙක් නො වන බැව් පැව්සෙන්නේ යැ.
“හිරිං තරන්‌තං විජිගුච්‌ඡමානං තවාහමස්‌මි ඉති භාසමානං
සය්‌හානි කම්‌මානි අනාදියන්‌තං නෙසො මමන්‌ති ඉති නං විජඤ්‌ඤාග
අනන්‌වයං පියං වාචං යො මිත්‌තෙසු පකුබ්‌බති
අකරොන්‌තං භාසමානං පරිජානන්‌ති පණ්‌ඩිතාග
න සො මිත්‌තො යො සදා අප්‌පමත්‌තො භෙදාසඞ්‌කී රන්‌ධමෙවානුපස්‌සී
යස්‌මිඤ්‌ච සෙති උරසීව පුත්‌තො ස වෙ මිත්‌තො යො පරෙහි අභෙජ්‌ජොග”
එහි මැ පූර්වෝක්ත ලෙස මිනිසා විසින් තමා විසින් දැරිය යුතු වගකීම් දැරීම යහපත් ගතියක් ලසෙ දක්වා ඇතැ.
“පාමුජ්‌ජකරණං ඨානංල පසංසාවහනං සුඛං
ඵලානිසංසො භාවෙතිල වහන්‌තො පොරිසං ධුරං”
බ්‍රාහ්මණධම්මික සූත්‍රයේ දී වැදගත් කරුණු දෙකක් එක මැ කරුණු තුළ අවධාරණය කර ඇති ආකාරය දැක්ක හැකැ. එකක් නම් බ්‍රාහම්ණ සමාජය පිරිහුණූ ආකාරය යැ. අනෙක නම් එම කරුණු මගින් මැ ශ්‍රමණයා ගේ දිවිය කෙසේ විය යුතු ද එය පිරිහෙන්නේ කෙසේ යන්න පිළිබඳ කරුණු යැ.
“න පසූ බ්‍රාහ්‌මණානාසුං න හිරඤ්‌ඤං න ධානියං
සජ්‌ඣායධනධඤ්‌ඤාසුං බ්‍රහ්‌මං නිධිමපාලයුං
අවජ්‌ඣා බ්‍රාහ්‌මණා ආසුං අජෙය්‍යා ධම්‌මරක්‌ඛිතා
න නෙ කොචි නිවාරෙසි කුලද්‌වාරෙසු සබ්‌බසොග”
මෙහි දී පෙර බ්‍රාහ්මණයන් ගේ පැවැත්ම පිළිබඳචව දු ඔවුන් ලැබුවා වූ ගෞරවය පිළීබඳව දු දැක්වීමක් කෙරෙන්f්න යැ. එනම් යමෙක් එසේ සිටින්නේ ද ඔහු හට සමාජයේ ගෞරවය හිමිවන්නේ යැ යන්න මෙයින් ගම්‍ය කෙරෙන්නේ යැ. එමෙන් මැ මෙම සූත්‍රයේ දී දු ඓතිහාසික ආකාරයෙන් තාර්කික කරුණු දකැවීමක් සිදු වන අතර අසන්නා ගේ බුද්ධිය අවධි කිරීම මගින් කරුණූ තෙමේ මැ පැහැදිලි කරගැනීමට ඉඩ සැලසීම දැක්ක හැකැ.
නාවා සූත්‍රයේ දී බුදුන් වහන්සේ විසින් දේශිත නිදහස් චින්තන පිළිබඳ මනා කරුණූ දැක්වීමක් එන්නේ යැ. ඉතා සැකැවින් මුත් නිදහස් චින්තනය නම් කුමක් ද එය කුමනාකාරයෙන් හැසිරවිය යුතු ද යන්න පිළිබඳ මනා දැක්වීමක් කෙරෙන්නේ යැ.
“යථා නරො ආපගමොතරිත්‌වා මහොදකං සලිලං සීඝසොතං
සො වුය්‌හමානො අනුසොතගාමී කිං සො පරෙ සක්‌ඛති තාරයෙතුංග
තථෙව ධම්‌මං අවිභාවයිත්‌වා බහුස්‌සුතානං අනිසාමයත්‌ථං
සයං අජානං අවිතිණ්‌ණකඞ්‌ඛො කිං සො පරෙ සක්‌ඛති නිජ්‌ඣපෙතුංග”
මෙහි පළමු ගාථාවේ උපමානුසාරයෙන් දක්වා ඇත්තේ පඨිසොතගාමී යන්න යැ. එමෙන් මැ ඒ පිණිස තිබිය යුතු නිදහස් චින්තනය අනුව ක්‍රියා කිරීම කෙසේ විය යුතු ද යන්න පිළිබඳ දැක්වෙන්නේ ධර්මය පිළිබඳ අවබෝධය දියුණු කැරැ බහුශ්‍රැතයන් ගෙන් විමසා තමන් ගේ බුද්ධියෙන් අවබෝධයෙන් විමසිය යුතු බවත් යැ. මෙහි දී නිදහස් චින්තනය යනු හුදෙක් තමා ගේ මනෝභ්‍රාන්තියක් නො වන බවත් යමක් පිළිබඳ ඉදිරිපත් වන්නා වූ වී ඇති සංකල්පනා හෝ මතිමතාන්තර තමා ගේ අවබෝධයෙන් විමසීම බවත් දක්වා ඇතැ.
මහාවග්ගයේ දී දු පූර්වවර්ගයන් ගf් සේ මැ විවිධාකාරයෙන් කරුණූ දැක්වෙන්නේ යැ. සුභාසිත සූත්‍රයේ ලා යහපත් වචන යනු කුමක් ද යන්න පිළිබඳ සදාචාර නිර්ණායකයන් අනුව යමින් කරුණු දැක්වෙන්නේ යැ. මෙය දු හුදු ධාර්මික සංකල්පනාවක් ඉදිරිපත් කිරීමෙන් ඔබ්බට ගොස් වඩාත් ව්‍යාපික වූ කරුණු දැක්වීමක් වන්නේ යැ.
“තමෙව වාචං භාසෙය්‍යල යායත්‌තානං න තාපයෙ
පරෙ ච න විහිංසෙය්‍යල සා වෙ වාචා සුභාසිතාග
පියවාචමෙව භාසෙය්‍යල යා වාචා පටිනන්‌දිතා
යං අනාදාය පාපානිල පරෙසං භාසතෙ පියංග
සච්‌චං වෙ අමතා වාචාල එස ධම්‌මො සනන්‌තනො
සච්‌චෙ අත්‌ථෙ ච ධම්‌මෙ චල ආහු සන්‌තො පතිට්‌ඨිතාග
යං බුද්‌ධො භාසති වාචංල ඛෙමං නිබ්‌බානපත්‌තියා
දුක්‌ඛස්‌සන්‌තකිරියායල සා වෙ වාචානමුත්‌තමා’’
තත්කාලීන භෘරතයේ පැවති කුලවාදිය ඉතාමත් තාර්කික ආකාරයෙන් ජීවවිද්‍යාත්මක කරුණු දක්වමින් ඉවත් කිරීම වාසෙට්ට සූත්‍රයෙන් සිදු වන්නේ යැ. සුන්දරීකභාරද්වාජ සූත්‍රයෙන් ද බ්‍රාහ්මණ වර්ණය උසස් ඈ ඉදිරිපත් කළ මත බිඳ දමනු ලැබ ඇති අතර මෙම වාසෙට්ඨ සූත්‍රයේ දී වඩාත් ඉන්ද්‍රායානුභූතී කරුණූ දැක්වීම මගින් කුලවාදය ඉවත දැමීම සිදු කෙරේ. සම්මතය අනුව කළ පැනවීමක් මිස සත්‍ය වශයෙන් ඇති වෙනස් කමක් උස්පහත් බවක් මිනිසා අතර නැතැයි මෙහි දී දැක්වේ.
“යථා එතාසු ජාතීසු ලිඞ්‌ගං ජාතිමයං පුථුත
එවං නත්‌ථි මනුස්‌සෙසු ලිඞ්‌ගං ජාතිමයං පුථු”
මේ ආකාරයේ විද්‍යානුකූල කරුණු දදැක්වීම් සේ මැ බුදුසමයේ එන්නා වූ මූලික ඉගැරන්වීම් දු මෙහි ලා සැකැවින් මුත් සාරභර ලෙස දක්වා ඇති බැව් ජරා සූත්‍රයෙන් පැහැදිලි වේ. එරහි දී මමායනය හෙවත් ආත්මවාදය ඉවත ලමින් එයින් සිදුවන්නේ දුකට පත්වීමක් පමණක් බැව් දැක්වෙනනේ යැ. මරණය තෙක් පමණක් මා ගේ යැ යි ඇලී සිටීම දුකට පමණක් හේතු වන බව දක්වන්නේ යැ.
“සොචන්‌ති ජනා මමායිතෙ න හි සන්‌ති නිච්‌චා පරිග්‌ගහාත
විනාභාවසන්‌තමෙවිදං ඉති දිස්‌වා නාගාරමාවසෙ”
උක්ත සේ මමායනය දුරු කළ, මා ගේ යැ යි සැලකීම අතහැර දැමූ මුනිවරුන් විසින් සුවයෙන් කලරින බැව් දැක්වෙන්නේ යැ. එයින් දැක්වෙන්නේ බාහිර වස්තූන් ගf් නො ඇලී සිටිම මගින් සැපවත් දිවියක් ලැබ්බ හැකි බව යැ. එනම් අනියත වූ දෙයෙහි බැඳීමෙන් ලබන අනියත සතුටට වඩා එහි නො ඇලී සිට සදාතන සතුටක් ලැබිය හැකි බව යැ.
“උදබින්‌දු යථාපි පොක්‌ඛරෙ පදුමෙ වාරි යථා න ලිම්‌පති
එවං මුනි නොපලිම්‌පති යදිදං දිට්‌ඨසුතං මුතෙසු වාග”
දෘෂ්ටිගත වීම පිළිබඳ මාගන්දිය සූත්‍රයේ එනනේ එය වනාහී දෘෂ්ටිගත වීම පිළිබඳ බුදුසමයේ දාර්ශනික විග්‍රය ලෙස දැක්ක හැකැ. එහි දී යසිලු ම ආකාරයේ දෘෂ්ටි ඉවත් කළ යුතු බැව් පැවසෙන්නේ යැ. එහි දී පූර්ව නිගමනයක් ලසෙ දෘෂ්ටිය ග්‍රහණය කිරීම මගින් වැරදි දිසාවකට යොමු වීම සිදුවන බැව් දක්වා ඇති බව පැහැදිලි වේ.
“දිට්‌ඨඤ්‌ච නිස්‌සාය අනුපුච්‌ඡමානො
සමුග්‌ගහීතෙසු පමොහමාගා
ඉතො ච නාද්‌දක්‌ඛි අණුම්‌පි සඤ්‌ඤං
තස්‌මා තුවං මොමුහතො දහාසි”
කලහවිවාද සූත්‍රයේ දී බුදුන් වහන්සේ විසින් නලහය විවාද කිරීම ඈ දේ ඇති වන්නේ කෙසේ ද යන්න ප්‍රතීත්‍යසමුත්පාද න්‍යායට අනුව පෙන්වා දෙති. ප්‍රිය කිරීම නිසා මැ කලහය ඇති වන බවත් එය ආශාව නිසාත් ඈ ලෙස පැහැදිලි කෙරෙන්නේ එයින් පසු වඩාත් දාර්ශනික ලෙස පිළිපන් පුද්ගලයා විෂයෙහි රූපයේ අභාවය සිදුවන ආකාරය පැහැදිලි කරන්නේ යැ. මෙය වනාහී ඉතා දාර්ශනික කරුනු සැකැවින් මුත් විධිමත් ආකාරයෙන් දැක්වීමක් යැ යි කීම අතිශයෝක්තියක් නො වන්නේ යැ.
“පියප්‌පහූතා කලහා විවාදා
පරිදෙවසොකා සහමච්‌ඡරා ච
මානාතිමානා සහපෙසුණා ච
මච්‌ඡෙරයුත්‌තා කලහා විවාදා
විවාදජාතෙසු ච පෙසුණානි”
“න සඤ්‌ඤසඤ්‌ඤී න විසඤ්‌ඤසඤ්‌ඤී නොපි අසඤ්‌ඤී න විභූතසඤ්‌ඤී
එවංසමෙතස්‌ස විභොති රූපං සඤ්‌ඤානිදානා හි පපඤ්‌චසඞ්‌ඛා”
චූලව්‍යුහ සහ යමාව්‍යූහ සූත්‍රද්වයෙන් දෘෂ්ටිගත වූවෝ විසින් තමන් ගf් දෘෂ්ටිය මැ නිවැරදි බවත් අන්‍යන් විසින් අසත්‍ය දේශනා කරන බවත් පවසන්නේ එසේ සියලු ශ්‍රහනයන් විසින් තමන් ගේ දැක්ම නිවැරදි කීමෙන් නිවැරදි වී නම් කිසිවක් අසත්‍ය නො වන බවත් සියල්ල සත්‍ය වන බවත් පැවසේ. නුමුත් තවදුරටත් එසේ නො විය හැකි බවත් සත්‍යනම් එකක් ම පවතින බවත් දෙකක් නො විය හැකි බවත් පැවසෙන්නේ දෘෂ්ටියට නො ඇලී නිදහස් ලෙස තමන් ගේ සිතුවිලි මෙහය වීම මගින් නිවැරදි සත්‍ය දැනගත හැකි බැව් පැවසෙන්නේ යැ. එමෙන් මැ නිවැරදි සත්‍යය දන්නා වූ කෙනා කිසි විටෙක වාද කිරීමට නො යන බැව් සහේතුක වැ පැවසෙන්නේ යැ.
“යමාහු සච්‌චං තථියන්‌ති එකෙඳා තමාහු අඤ්‌ඤෙ තුච්‌ඡං මුසාතිත
එවම්‌පි විගය්‌හ විවාදයන්‌ති කස්‌මා න එකං සමණා වදන්‌තිග”
“න බ්‍රාහ්‌මණො කප්‌පමුපෙති සඞ්‌ඛා න දිට්‌ඨිසාරී නපි ඤාණබන්‌ධු
ඤත්‌වා ච සො සම්‌මුතියො පුථුජ්‌ජා උපෙක්‌ඛතී උග්‌ගහණන්‌ති මඤ්‌ඤෙ”
මේ වනාහී ආගමික ශාස්තෘවරයෙකු විසින් දේශනා කරනු ඇතැයි බලාපොරොත්තු විය නො හැකි තරම් නිදහස් අදහස් හෙවත් චින්තනමය වූ නිදහස අගයන්නා ව මිනිසා නිදහසේ සිතීමට යොමු කරන්නා වූ ප්‍රකාශයක් වන්නේ යැ. ඇවිත් බලන්න යැ යි කීම කාට වුව කිව හැකැ නුමුත් අනෙක් පිරිස ගේ ඉගැන්වීම් දු නිදහස් මනසින් විමසා බලන්න යැ යි කීම කිසිදු ආගමික ශෘස්තෘන් වහන්සේ කෙනෙකුන් විසින් නො කළ දෙයක් වන්නේ යැ.
අවසාන වර්ගය වන පාරායනවග්ගය වනාහී සුත්තනිපාතයේ ඇති වඩාත් දාර්ශනික සේ මැ සංක්ෂිප්ත කොටස වන්නේ යැ. මෙහි බුදුන් වහන්සේ වෙත පැමිණි බාරවී නම් උගත් බ්‍රාහ්මණයා ගේ ශීෂයයන් විසින් නගන පද ප්‍රශ්නයන්ට දෙන පිළිතුරු දක්නට ලැබෙන අතර එම ප්‍රශ්න වනාහී උගතුන් ගf් ස්වභාවය ප්‍රකට කරන්නා වූ බුදුසමයේ එන්නා වූ මූලික ඉගැන්වීම් විෂයේ නැගුවා වූ ප්‍රශ්න වන්නේ යැ. එම ප්‍රශ්නයන් දු ඉතා සැකැවින් පාණ්ඩිත්‍ය ප්‍රකට වන ආකාරයෙන් විමසන ලදුව එයට සරිලන ආකාරයකින් ඉතා සැකැවින් ලබා දෙන්නා වූ පිළිතුරු මෙම වර්ගයේ එන්නේ යැ. මෙය යම් ආකාරයක හින්දූන් ගේ සූත්‍ර සම්ප්‍රදාය සිහිගන්වන්නක් වන්නේ එතරම් සංක්ෂීප්ත වැ කරුණූ දක්වා ඇතැ.
යාග කිරීම තුති ගී ගැයීම ඈ කර්මමාර්ගය මගින් විමුක්තිය ලැබිය නො හැකි බව පුණ්ණමානවක ප්‍රශ්නයේ දී ඉතා කෙටියෙන් මුත් හේතු දක්වමින් පැහැදිලි කරන්නේ යැ. එහි දී පවසනුයේ යමක් ඉල්ලන්නේ මැ ආශාවෙන් යැ ඉදින් ආශාවෙන් සිටින්නෝ කෙසේ නම් සසරින් මිදේ දරෑ යනු සේ යැ.
“ආසීසන්‌ති ථොමයන්‌ති අභිජප්‌පන්‌ති ජුහන්‌තිත පුණ්‌ණකාති භගවා
කාමාභිජප්‌පන්‌ති පටිච්‌ච ලාභං තෙ යාජයොගා භවරාගරත්‌තා
නාතරිංසු ජාතිජරන්‌ති බ්‍රෑමි’’
තමා විසින් ඉන්ද්‍රියලෝචර වූ ලෝකයේ අනුභූතීන් කෙරෙහි නො ගැටී දෘෂ්ටි වශයෙන් ආදානග්‍රාහී නො වී විඤ්ඤානය අත්හැර දමා විමුක්තිය හෙවත් නිර්වාණය අවබෝධ කළ යුතු යැ ඈ ලෙස ඉතාමත් දාර්ශනික කරුණූ දැක්වීම මෙහි දී දැක්ක හැකැ. මෙතතගූමානව ප්‍රශ්නයේ දී එය සාකච්ඡා වන්නේ යැ.
“යං කිඤ්‌චි සම්‌පජානාසි මෙත්‌තගූති භගවා
උද්‌ධං අධො තිරියඤ්‌චාපි මජ්‌ඣෙ
එතෙසු නන්‌දිඤ්‌ච නිවෙසනඤ්‌ච පනුජ්‌ජ විඤ්‌ඤාණං භවෙ න තිට්‌ඨෙ”
තවත් එවැනි මැ දාර්ශනික කරුණු උදයමානවන ප්‍රශ්නයේ එන්නේ යැ. එහි දී ලෝකය කුමකින් බැඳී පවතින්නේ ද හෙවත් මේ ආකාරයෙන් ලෝකය පවතින්නේ කුමක් ආධාරයෙන් ද කුමක් හේතුවෙන් ද යන්න විමසන ලදුව එය නම් කාමය සම්බන්ධ සතුට බැව් ඉතා ිධිමතක් ව පෙන්වා දෙනෝ යැ. මෙම වර්ගයේ එන්නා වූ සියලු සූත්‍ර මේ ආකාරයේ මැ දාර්ශනික විෂයන් කෙරෙහි යොමු වුනා වූ සූත්‍ර ම වන්නේ යැ.
“නන්‌දිසංයොජනො ලොකො විතක්‌කස්‌ස විචාරණං
තණ්‌හාය විප්‌පහානෙන නිබ්‌බානං ඉති වුච්‌චති”
උක්ක කරුණු සැලකීමේ දී පෙනී යන්නේ සුත්තිපාතය තුළැ සමාජ සදාචාරය පිළිබඳ, පුද්ගලයා දියුණුවට පත් වීමට නම් අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ග පිළිබඳ, බුදුසමයේ එන්නා වූ මූලික දාර්ශනික සංකල්ප පිළිබඳ සහ වාද කිරීම, නිදහස් චින්තකනය වැනි දාර්ශනික මත සමග බැඳුණු සංකල්ප පිළිබඳ බෞද්ධ මතය සේ මැ වර්ණ භේදය වැනි දේ පිළිබඳව දු බෞද්ධ අදහස ඉදිරිපත් වී ඇති ආකාරය දැක්ක හැකැ.
ඔමෙන් මැ මේ සියලු ම කරුණූ අතර දැක්ක හැකි විශේෂ මැ ලක්ෂණය වන්නේ ඉතා සැකැවින් කරුණු ගොනුකර ඇති බව යැ. වෙසෙසින් අට්ඨක පාරායන වග්ගයන්හී මෙම ලක්ෂණය දැක්ක හැකැ. ඛූද්දකනිකායේ ඇතකි අනෙකුත් කෘතීන් ගනේ මෙම කෘතිය වෙනස් වන්නේ වෙසෙස් වන්නේ උක්ත කරුණු නිසාවෙන් සහ මෙය මුල් බුදුසමයට අයත් වූ බොහෝ කොටස්වලින් යුත් කෘතියක් බව පැහැදිලි වන නිසා යැ. තචව ද මේ තුළ දැක්ක හැකි වෙසෙසක් වන්නේ ඛූද්දකනිකායේ ඇති කුඩා කෘතියක් වුවදු මෙයින් සමස්ථ බුදුසමයාගත සංකල්පයන් පිළිබඳ පැහැදිලි විධිමත් අවබොධයක් ලැබ්බ හැකි වීම නිසා යැ. දුක්ඛ සංකල්පය, අනිත්‍ය සංකල්පය, අනාත්ම සංකල්පය, සත්ත්වයා පිළිබඳ බෞද්ධ විග්‍රහය, ද්වාදසාංගපටිච්ඡසමුත්පාදය, පටිච්ඡසමුත්පාද සිද්ධාන්තය, බෞද්ධ ඥානසංකල්පය, බෞද්ධ ලෝකදෘෂ්ටිය, බෞද්ධ සමාජ දර්ශනය ඈ බොහෝ සංකල්ප මේ තුළ ඇතුළත් වන්නේ යැ.