අද විනවිට රාවණ සංක්ලපය බොහෝ සේ ව්‍යාප්ත වැ ඇති සේ ම විවිධ තර්ක දමමින් රාවණ සත්‍යයක් බවට තහවුරු කිරිමට උත්සාහ කරන පිරිස් දැක්ක හැක. මෙවන් පිරිස් ඒ සඳහා ගන්නා ප්‍රධාන මූලාශ්‍රවර්ගයක් වන්නේ සාහිත්‍ය මූලාශ්‍ර වන අතර එම මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් ආගමික වන අතර ඉතිරි කීපයක් ආයුරුවේදීය මූලාශ්‍ර වන්නේ ය. බහුතරයක් සංස්කෘතයෙන් ලියවී ඇති මෙම මූලාශ්‍ර අනුව රාවණ ගේ කාලය කුමක් විය යුතු ද වයන්න සොයා බැලීම මෙහි දී සිදු වේ.
රාවණ පිළීබඳ හමුවන පැරණී ම සාධය වන්නේ රාමායණ වීරකාව්‍ය යි. එය ලියවී ඇතතේ මුල් කාලීන සරල ලෞකික සංස්කෘතයෙන් නිසාත් එය පශ්චාත් වෛදික ලක්ෂණ ධරණ නිසාත් එහි රචනා කාලය ආරම්භ වී ඇත්තේ ක්‍රි.පූ 400 දී යැ යි පිළිගැනේ. එයින් පසු එයට පසු කලීන වැ එක් වී ඇති ශීව සංක්ලපය ඈ විවිධ නව සංක්ලප සහ විෂ්ණු අවතාර සංක්ලපය නිසා එහි රචනා කාලය අවසන් වී ඇත්තේ ක්‍රි.ව 200 දී යැ යි පිළීගැනේ. මෙහි දී වැදගත් කරුණක් සිහිතබාගත යුතු වන්නේ යැ, එනම් මෙය වාල්මීකි ඍෂීන් විසින් එකලා වැ ලියූවක් නො වැ අවුරුදු හයසීයක් පමණ කාලයක් පුරා භාරතවර්ෂය පුරා සංවර්ධනය වෙමින් පැමිණ අද්‍යතනයේ පවතින් තත්ත්වයට පැමිණි බව යි. එසේ ම මෙහි පැරණී ම භාෂා ලක්ෂණ ක්‍රි.ව 400න් එපිට නො යන්නේ යැ. ඒසේ නම් රාවණ ජීවත් විය යුතු වන්නේ ක්‍රි.පූ 400ට එපිට කාලයක දී යැයි ලෙහෙසියෙන් නිගමනය කළ හැක. නුමුත් එය එසේ කිරීම ඵාසු නැත.
මක් නිසා ද යත්, රාවණ විසින් රචනා කරන ලදැ යි පිළීගන්නා ශීවතාණ්ඩව ස්තෝත්‍රය වනා හී, පැහදිලි ව මැ ක්‍රි.ප 400න් පසු වැ ලියවුණක් වීම යැ. එයට හේතුව වන්නේ එය පැහැදිලි ලෙස මැ ලෞකික සංක්ෘතයෙන් ලියවී තිබීම යැ. ලෞකික සංස්කෘතය ආරම්භ වන්නේ ක්‍රි.පූ 400න් පසු නිසා එම ස්තෝත්‍රය දු එම කාලයෙන් පසු යුගයට අයත් විය යුතු ය. මේ සදහා දිය හැකි සාධනීය යැ යි පෙණෙන පිළීතුර වන්නේ කාලයත් සමග එහි භාෂාව වෙනස් වන්නට ඇති බව යැ. නුමුත් එය එසේ වීම කිසිදු ලෙසකින් අනුමත කළ නො හැක. හේතුව නම් එම යුගයට පෙර පැවතියේ වෛදික සංස්කෘතය යැ. එයින් ලියැවුණු ආගමික සාහිත්‍යය ඉතා සුරක්ෂිත වැ භාෂා ශෛලිය තබා උච්චාරණ ලය පවා වෙනස් නො ව නලෙස ආරක්ෂා කරගැනීමට කටයුතු කර ඇති නිසා ශිවදෙවියන් වෙනුවෙන් ගැයෙන ලියැවුණු මෙම ස්තෝත්‍රය වෙනස් වන්නට දෙන්න ඇතැයි සිතීමට කිසිදු සාධාරණ හේතුවක් නැත. රාවණ නිසා එසේ කළා යැ යි සිතීමට ඉඩක් නැත්තේ මෙම ස්තෝත්‍රය රාවණට පවරන්නේ ම හින්දූන් නිසා වන බැවිනි. එසේ පැවරිය හැකි නම් එය මුල් ස්වරූපයෙන් ඉතා සුරක්ෂීත වැ පවත්වා නො ගැනීමට කිසිදු හේතුවක් නැත.
ඒ සමග මැ මේ ස්තෝත්‍රය පිළිබඳ තවත් ප්‍රශ්නයක් මතු වේ ඒ නම්, මෙහි දී වන්දනා කර ඇත්තේ ශිව දෙවියන්ට ය. එය පැහැදිලිව ම ශීව ශබ්දයෙන් නීලකණ්ඨ හෙවත් මහාදේව දක්වන අතර එම දෙවියන් වෙනවෙන් නිර්මාණය කෙරුණකි. ගැටලුව වන්නේ එම දේව සංක්ලපය ඒ දැක්වෙන් ආකාරටයන් ඇති වී තිබෙන්නේ ක්‍රි.පූ 1වැනි සහ ක්‍රි.ව 1වැනි සියවස් අතර කාලයේ වීම යැ. ඉදින් එසේ නම් රාවණ මෙය ලියූ බව පළිගන්නේ නම් රාවණ ගේ කාලය ක්‍රි.පූ. 1වැනි සහ ක්‍රි.ව 1වැනි සියවස් අතරට ඇදගත යුතු යැ.
මෙහි තවත් වැදගත් කරුණත් ඇත. එනම් මෙහි ඇති අද්විතීය භාෂා ලක්ෂණයන් ය. එම භාෂා ලක්ෂණයට ආසන්න තරමින් හෝ යන භාෂාවක් විද්‍යමාන වන්නේ ක්‍රි.ව 7වැනි සියව්සේ ලියූ පශ්චාත්කාලිදාස මහාකාව්‍යයන් ගේ යැ. එයින් එපිට ඇති කාව්‍යයන් ගේ සංස්කෘත සාහිත්‍යයේ එවැනි භාෂා ලක්ෂණ පෙන්වන්නේ නැත. එසේ නම් මෙය රාවණ ගේ රචනයක් සේ පිළිගැනීමෙන් රාවණ ක්‍රි.ව 7වැනි සියවසට ඇදගැනෙන්නේ යැ.
රාවණට පැවරෙන මොනයම් ම හෝ සංස්කෘත කෘතියක කාලය මින් වෙනස් වන්නේ නැත ඒ සියල්ල අයත් වන්නේ ක්‍රි.ව 4වැනි සියවසෙන් තබා 7වැනි සියවසෙන් දු මෙපිටට යැ. ඉදින් ක්‍රි.පූ 400යේ ලියැවුණු වීරකාව්‍යයකැ අනාගතයේ එනම ක්‍රි.ව 7වැනි සියවසෙන් මෙපිට සිටින රාවණ ගැනැ තොරතුරු කෙසේ ආවේ ද? එය විය නො හැක. මේ කිසිවක කාලයන් එකට ගැලපීමක් දන්වන්නේ නැති. අනෙක් නම් ඒ තරම් මෑත කාලයේ වූ එ තරම් බලවත් රජෙක් ගැනැ කිසිදු සාධකයක් හෝ ලිඛිත ඉතිහාස කෘතියක් ඉතිරි නො වීම කිසි සේත් විය නො හැක.
රාමායණය පිළිබඳ පමණක් සිතා අනෙක් සියල්ල ඒ මත පසු ව කළේ යැ යි සිතන්නෙ නම්, රාමායණයට මූලාශ වී ඇත්තේ වෛදික යුගයේ භාරතීය සමාජය බව ඉතා පැහැදිලි වන කරුණි. එසේ නම් ක්‍රි.පූ 500ට පෙර පැවති සමාජය බව පැහැදලි යැ. මෙම යුගයේ රාවණ සහ රාම සිටියේ නම් ඒ ඒ නමින් රාජ්‍ය භාරතයේ සිටියේ නම් එයත් කුරුක්ෂේත්‍රෙය් මැ විණිනම් ඒ පිළිබඳ අදල ප්‍රෙද්ශ ගැන දැක්වෙන බෞද්ධ මූලාශවලැ දැක්විය යුතු යැ. ඒ ගනැ කිසිදු සටහනක් දැක්ක නො හැකැ. මේ සදහා අටානාටිය හෝ මාහායාන ලංකාවතාර සූත්‍රය සාධක යැ යි කියන්නට හැකි සේ පෙණුන ද එය එසේ නො වන්නේ ආටානාටයේ කිසිදු තැනක රාවණ ගැනැ දැක්වීමක් නො වන අතර එහි දැක්වෙන්නේ කරුණ තරුණියන්ට ආවේශ වන අමුනුෂ්‍යයන් පිළීබද වන නිසා යැ. ලංකාවතාර සූත්‍රය වනාහී බොහො පසුකලැ නිර්මාාණය කෙරුණු එකක් බැව් එහි දැක්වෙන් මිශ්‍ර සංස්කෘතය සාධක වන අතර එය කිතුවසින් බොහෝ වසර ගණනක් මෙපිට වැටෙන කෘතියක් වන්නේ ය. එහි වෛදික හෝ අඩුතරමින් වීරකාව්‍යවල එන සංස්කෘතය තරම්වත් පැරණී සංස්කෘතයක් නැත. ඒ නිසා ඒ දෙක මැ සාධක වන්නෙ නැත.
එසේ නම් කෙනෙකුට රාවණ ක්‍රි.පූ 500න් ද එපිට ට ගෙන යා හැක. එවිට වැටෙන්නේ වෛදික යුගයට යැ. එය එසෙ වීන ම් ඍග්වේදයේ ඒ වැනි ප්‍රතාපවත් රාජෙක් ගැනැ වෙසෙසින් අසුරයෙක් ගැනැ සදහන් නො වීමට හේතුවක් ඇත්තේ ම නැත. මක්නිසා ද යත් වේද සාහිත්‍ය යනු දෙවියන් සහ අසුරයන් අතර ඇති යුද්දයන ගැනැ මැ ලියවුණක් වන නිසා යැ. නුමුත් එවන්නත් නැත. එසේ නම් එයින් එපිට ගේනයාමට තැනක් ඉතිරිවන්නේ නැත. තව ද රාවණ ශිව භක්තිකයෙකු බව ද දැක්වේ, එසේ නම් කලින් කී දේ අනුව රාවණ ක්‍රි.පූ 1වැනි සියවසින් එපිට විය නො හැක. එසේ නම් වෛදික සමයට හෝ එයින් පිට කාලයක් සෙවීමත් නිරර්ථක යැ. එසේ මැ ක්‍රි.පූ 1වැනි සියවසෙන් මෙපිට සිටියෙකු ක්‍රි.පූ 400 දී ලිවීමට ඇරඹූණු කෘතියක ප්‍රධාන චරිතය වීම කෙසේ විය හැකි ද?
මේ සියල්ල එක් වැ ගත කල ඇත්තේ එක මැ පැටලවිල්ලකි. එකකට එකක් ගැලපීමක් නැත. රාවණට ඉතිහාසයේ තැනත් ඇත්තේ නැත. එය තවත් එක වීරකාව්‍යයක සිටින වීරයා ගේ බලවත් කම ඉහළ දැමීමට කවියන් ගොඩ නැගූ අභව්‍ය දුෂටයෙක් පමණි.
Subscribe to:
Post Comments (Atom)
සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.
සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය · පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. · කණ්ඩකාව්‍ය ගණයට අ...
-
හැඳින්වීම අද්‍යතනය වන විට ලොවැ පවතින ආගම් අතරැ වෙනස් මැ දාර්ශනික ප්රවාහයකට හිමිකම් කියන්නා වූ ආගමක් ලෙස බුදුසමය හඳුන්වා දිය හැකැ. මකින්...
-
සිංහල භාෂාවේ කර්මකාරක සහ කර්තෘකාරක ලෙස වාක්‍ය වර්ග දෙකක් දක්නට ලැබෙන්නේ යැ. මෙම වෙනස රැඳී ඇත්තේ ක්‍රියාපදය සහ උක්ත පදය අතර ඇති සම්බන්ධය ම...
-
1. 1. සංස්කෘත කියන්නේ මොකක් ද ? සං+කෘ+ත කියන්නේ සම්පූර්ණයෙන් නිමවන ලද හෝ මනා කොට සකසන ලද වැනි අර්ථයක් ඇති ශබ්දයක්. 2. ...
No comments:
Post a Comment