පොත ගැන පොඩි විස්තරයක් කරනවා නම්, මේ ගැන ඇති ජනප්‍රිය සහ ප්‍රසිද්ධ මතයෙන් තරමක් වෙනස් මතයක් තමා, ශාස්ත්‍රීය ව පිළිගන්න පුලුවන් වෙන්නෙ. ඒ නම්, මෙහි අන්තර්ගතය සහ වෙනත් කරුණු පිළිබඳ අවධනයෙන් බැලුවිට පේන දේ මෙය ව්‍ය.ව ආරම්භයට පසුව නුමුත් කාලිදාසට සහ ඇතැම් ප්‍රසිද්ධ ජෛන ග්‍රන්ථයන් රචනාවීමට පෙර මේ පවතින තත්ත්වයට පත් වූ බවයි. (ඒක පැහැදිලි කරන්න නීරස පැහැදිලි කිරීමකින් දීර්ඝ ව කළයුතු යි. 😊)
නුමුත් අර්ථශාස්ත්‍ර නම් ශාස්ත්‍රය මින් බොහෝ පැරණි බව දැකිය හැකියි. එය ධර්මශාස්ත්‍ර සමග ගුහ්‍යසූත්‍ර ධර්ම සූත්‍ර කාලයෙ පටන් ඒ තුළ ඇතුළත් ව මනුස්මෘතිය වැනි ස්මෘති ග්‍රන්ථ තුළ ඇතුළත් ව පසු ව වෙනම ම විකාශනය වූ බව පහැදිලි යි.
ඒ නිසා වඩා ශාස්ත්‍රීය නොහොත් සත්‍යයට ආසන්න දෙය වන්නේ, මෙය බොහෝ කලක් භාරතයේ පැවති ගුරු පරම්පරාවක් විසින් ක්‍රමයෙන් සංග්‍රහ කෙරී උක්ත යුගයේ වඩාත් විධිමත් ව සංග්‍රහ වුණු බව යි.
මෙහි අන්තර්ගත විස්තර සාමන්‍යයෙන් කෙනෙක්ට හිතාගන්න බැරි විදිහට මේ පොතේ ඇතුළත්.
පළවැනි අධිකරණයේ දී රජ කෙනෙකු පැවතිය යුතු විධිය සහ ඒ වෙනුවෙන් අවශ්‍ය දැණුම සහ දැණුම ලබා ගන්න පිළිවෙල ගැන් දීර්ඝ විධිමත් විස්තරයක් තියෙනවා. මේකේ වැදගත් ම දේ තමයි රාජාණ්ඩුවක් කියන සංකල්පය පැහැදිලි කිරීම ඒ සමග ම වෙන එක. රජු විශාල බලයක හිමි කරුවා වෙනවා වගේ ම රජු කියන්නේ රාජ්‍ය පාලනය පිණිස ඉන්න එක් යන්ත්‍රයක ප්‍රධන බලප්‍රභවයවිදිහට දක්වනවා. ඒ නම්, රජු සහ රජු ගේ බලය සම්පූර්ණයෙන් ම පවතින්නේ රාජ්‍ය කියන දෙයි ආරක්ෂවට සහ උන්නතියට. ඒ නිසා තමයි හැම විට ම රාජ්‍යයට පස්සේ රජු වැදගත් වෙන විදිහට මෙකේ කරුණු දැක්වෙන්නේ.
පස්සේ විහිලුවට වත් හිතා ගන්න බැරි සංකීර්ණ කරුණු දැක්වීමක් තියෙනවා චරපුරුෂ භාවිතය ගැන. ඉන් පසුව දක්වන්නේ අනෙක් රාජ්‍යයන් සමග සමබ්න්ධතා පවත්වන්න අවශ්‍ය විධිය ගැන. මේක විවිධ විවිධ විෂයන් යටතේ කෘතිය පුරා ම විසිරිලා යන විදිහට සාකච්ඡා කෙරෙන දෙයක්. වැඩි අවධනයක් දෙන්නේ මේකට.
පස්සේ රාජ්‍ය ආරක්ෂාවට භූමියවශයෙන් ගත යුතු පියවර ගැන දක්වනවා. එතන දී මානව සම්පත් ගැනත් දැක්වෙනවා. එ වගේ ම ආර්ථිකයට සමබ්න්ධ බොහෝ කරුණු දැක්වෙනවා. ඒ අතර රාජ්‍ය තුළ ඇති වටිනා ද්‍රව්‍යයන් ගේ පාලන මිලක් පවත්වා ගැනීම, සහ බදු අය කරගැනීම සහ බදු අයකර ගැනීමේ දී ගෙවන්නාට හිරිහැරයක් නෙවෙන විදිහට කරන විදි මේකෙ දැක්වෙනවා. වඩා කපටි විදිහට බදු අයකරගන විදිහ. කාසි නිපදවීම සහ හොර කාසි ගැන අවධනය දීම වගේ දේ ගැනත් දැක්වෙනවා. ඒ වගේ ම සමාජයට බලපැම් කළ හැකි ගණිකානිවාස ආදිය ගැනත් අවධනය දීලා තියෙනවා. ඒකට හේතුව ඒකත් ආදායම් මාර්ගයක් වීම. වරායක් ක්‍රියා කිරීම වැනින්දේත් මේකේ දැක්වෙනවා.
ඊට පස්සෙ තෙවැනි අධිකරණය බොහෝ ම වැදගත් එකක්. ඒකේ දැක්වෙනවා පුද්ගලයන් ලියපදිඤ්චි කිරීමට අදාළ විශාල විස්තරයක්. ඒක රාජ්‍ය පාලනයේ දී යොදාගන්නවිදිහ ගැනත් මේකෙ දැක්වෙනවා. ඒක නිකං දැන් සයිබර් අවකාශයෙන් ගන්න තොරතුරු ලොකු ලොකු රටවල් තමන් ගේ වාසියට භාවිත කරනවා වගේ වැඩක්.
ඒ වගේ ම දේපල ගැනත් නගරයක නිවාස ඉදිකිරීමේ විධිය ගැනත් ආදිය ගැන මෙකේ දැක්වෙනවා.
ඊට පස්සේ අධිකරණයේ තියෙන විස්තර අපේ ලොකු තැන්වල ඉන කබ්බෝ ටිකට ඇහෙන්න කියවන්න හරි ඕනේ. ඒකේ දී කථා කරනවා රටේ ආර්ථිකයට ආරක්ෂාවට වැදගත් වෙන මානව සම්පත් ආරක්ෂා කර ගැනීම සහ රජු ඒ වෙනුවෙන් ක්‍රියාකළ යුතු ආකාරය. ඒ ඒ පිරිස් සඳහා දිය යුතු සහන ආදිය.
මේ පිරිස තාක්ෂණික අංශයේ ශාස්ත්‍රීය අංශයේ සහ වාණිජ අංශයේ ලෙස බෙදලා මේ විස්තර දක්වා තියෙනවා. ඒ අධිකරණයේ ම නැවත චරපුරුෂයන් ගැන විස්තර වෙනවා. අන්‍ය රාජ්‍යයන් ගේ චරපුරුෂයන් අඳුනාගැනීම ආදිය.
වෙන ම කොටසක රාජසභාවේ පැවැත්ම ස්වභාවයගැන තොරතුරු දක්වා තිබෙනවා.
නැවත ඉන්කම් ටැක්ස් ගැන විස්තර කෙරෙනවා, සහ ඒක සූක්ෂම විදිහට, මිනිස්සු එන එකට බාදා නො වෙන්න කරන විදිහ දක්වා තිබෙනවා.
මේ පොතේ වඩාත් රසවත් කොටසක් වෙන්නේ අනෙක් රාජ්‍ය සමග සම්බන්ධකම් පැවැත්විය යුතු ආකරය ගැන දක්වා තිබෙන කොටස යි. එහි තිබෙන සිද්ධාන්ත අදටත් ලෝක දේශපාලනයේ දකින්න හැකි යි.
ඉන් පසු කොටස්වල ආර්ථිකයට අදාළ පැවතිය යුතු විධි සහ අසීරු සමයන් පසු කිරීම නැවත නැගී සිටීම ආදිය ගැනත් දැක්වෙනවා.
මේ පොතේ සමස්තයක් ලෙස ආර්ථිකය සහ යුධ බලය රාජ්‍යයක පරම අවාශ්‍යතාවන් ලෙස දක්වනවා සෙ ම ඒවා නගා සිටුවීම රජුගේ ඒකායන කර්තව්‍යය ලෙස දැක්වෙනවා. ලාභය අලාභයක් වන ආකාරයත් ලාභයක් තකා අලාභ ඉවසීම ආදිය ගැනත්, යුද්ධයේ දී ක්‍රියාකළ යුතු ආකාරයන් ගැනත්, සාම ගිවිසුම් අතර තුර අනෙක් රාජ්‍යයට හානි කිරීම ගැනත්, ගිවිසුම් මගින් රාජ්‍යයන් කෙටවීම ගැනත් මේකෙ දැක්වෙනවා. ඒ සියල්ලෙන්ම රටේ ආර්ථිකය නැංවීමත් සාමන්‍ය මිනිසා ගෙ ජීවිතය සාමාන්‍ය තත්ත්වයක හෝ පවත්වා ගැනීමට ඒවා උපයෝගී කොටගන්න ආකරයත් මේකේ දැක්වෙනවා. ඒ සඳහා කළ යුතු කපටි නරක වැඩ ගැන සම්පූර්ණ කොටසක් වෙන් කර තිබීමත් වැදගත්.
ආ අනික මේකෙ කරුණු මහා අධිරාජ්‍යයකටවඩා මධ්‍යම රාජ්‍යයක් වෙනුවෙන් සැකසී ඇති බව බොහෝ ම පැහදිලි යි.
අර්ථශාස්ත්‍රය ගැන කෙටි විස්තරයක්
Subscribe to:
Post Comments (Atom)
සංස්කෘත ශතකකාව්‍ය අතර වෛරාග්‍ය ශතකයට හිමි ස්ථානය හා එහි කතුවරයාගේ ජීවනදර්ශනය.
සංස්කෘත ශතකකාව්‍ය නිර්වචනය · පද්‍ය සියයක් හෝ ඊට ආසන්න ගණනක් ඇති පද්‍ය කෘති ශතක නමින් හැඳින්වේ. · කණ්ඩකාව්‍ය ගණයට අ...
-
ජනප්‍රවාද සහ පුරාවෘත්ත යනු ලොක්යේ සෑම තැනක ම වෙසෙන ජනයා අතර ජාතීන් අතර විවිධාකාරයෙන් පවත්නා වූ දේ ය. එම ජනප්‍රවාදයන් සාහිත්‍යාගත තොරතුර...
-
1. 1. සංස්කෘත කියන්නේ මොකක් ද ? සං+කෘ+ත කියන්නේ සම්පූර්ණයෙන් නිමවන ලද හෝ මනා කොට සකසන ලද වැනි අර්ථයක් ඇති ශබ්දයක්. 2. ...
-
හැඳින්වීම අද්‍යතනය වන විට ලොවැ පවතින ආගම් අතරැ වෙනස් මැ දාර්ශනික ප්රවාහයකට හිමිකම් කියන්නා වූ ආගමක් ලෙස බුදුසමය හඳුන්වා දිය හැකැ. මකින්...
No comments:
Post a Comment